මරණින් පසු

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මරණයට ලන්වෙන්කොට තුන් ලෝකේ සැම සත්වයන්ට මරණ චිත්ත විධියක් පහල වෙනවා. එක් අනුව ඊලග මොහෙතෙදි භවය තිරණය වෙනවා.

    නමුත් රහතුන්ට, පසේ බුදුන්ට, බුදුන්ට මරණ චිත්ත විතීයේන් අවසන් වෙනවා. තුෂ්ණාව නැති නිසා අල්ලා ගන්න තැනක් නෑ. බිජයක් නෑ (තුෂ්ණාව නැති නිසා) එහෙනම් ගසක් හට ගැනිමක් නැ. නමුත බිජයක් ඇති හැම අවස්ථාවකම ගසක් හට ගන්නවා එයට හේතු සකස් වන්නේ ඔය මරණ චිත්ත විතියේදි තමා.

    අපි මොන කලත් කවුරු උනත් අවසන චිත්ත විතිය අනුව ඊලග භවය තිරණය වෙනවා. භව පච්චයා ජාතී.

    මරණීන් පසු ජිවියේක් ඊලග අත්මයට යන් නැ. හේතුවක් සකස් වෙන්වා ඒ හේතුව නිසා ඵලයක් සකස් වෙනවා, අපි ඒ ඵලයට ජිවියේක් කියල කියනවා. නමුත් ජිවියේක් නැ තියෙන්නේ හේතු සහ ඵල පමනී.

    එය ඇති විට මෙය ඇත, මෙය ඇති විට එය ඇත.
    එය නැති විට මෙය නැත. මෙය නැති විට එය නැත.

    ලොකේ තියෙන්නේ හේතු ඵල විතරයි.

    මරණ චිත්ත වීඨීයක් පහල විමට හේතු ඵල සකස් විම විස්තර කිරිම



    ඇත්තේ හෙතුන් හා ඵලයන් පමනී අපි තමයි ID card හදාගන්නේ.

    Who is the doer of Karma?
    Who reaps the fruit of Karma?
    Does Karma mould a soul?

    In answering these subtle questions, the Venerable Buddhaghosa writes in the Visuddhi Magga:

    "No doer is there who does the deed;
    Nor is there one who feels the fruit;
    Constituent parts alone roll on;
    This indeed! Is right discernment."
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මචෝ නිකමට හිතන්න ඇයි අපි මනුස්සයෝ වෙලා ඉපදෙන්නත් සමහර සත්තු තිරිසන්නු වෙලා ඉපදෙන්නත් හේතුව???? ඇහැට නොපෙනෙන ක්ෂුද්‍ර ජීවිනුත් ඉන්නවා.... අපි මනස අතින් ඉහලම සත්වයා මිනිසා කිව්වට හිතෙන්නේ නැද්ද අපිටත් වඩා දියුණු කොට්ඨාශයක් ඇති තව කොහෙ හර්‍රී.. මොකක් හරි හේතුවක් නිසා නේද එහෙම වෙන්නේ??? මම හිතන්නේ කර්මය තමයි ඕක මෙහෙයවන්නේ...

    හෙතුව ඉතින් හෙතුපල දහමයි ;)
     

    slafbuwa

    Active member
  • Dec 26, 2009
    300
    93
    28
    ඔනැම කෙනෙකුට කැමති අදහසක් පල කල හැකි විය යුතුයි. හැබැයි එකිනිකා මරාගත් යුතු නැහැ නියම කතහ බහක් තිබුනාට කම් නැත





    කිසියම් දෙයක් පිලිගත හැකි ආකාර කිහිපයක් තියෙනවා එනම් ප්‍රයොගිකව, සංකල්ප වශ්යෙන්, එසෙත් නැතිනම් මනොවිකාරයෙන්.

    මොවුන් පිලිගන්නේ Facts මත පිලිගත හැකි දේ පමනයි එ කිව්වේ මේ පංච්න්දියන්ට අසුවන දේ පමනයි. එහිත් ලොකු වරදක් මම නම් දකින්නේ නැහැ




    බුදුදමද කියන්නේ එකම තමයි.




    බුදුදහම උන්ය් දර්ශනයකි උසස් ජිවන දර්ශනය්කි බොහො විට ආගම් යනු මනුස්සයා තමන්ගේ පැවත්මට අදාගත්ත දෙයකි.



    ඔව් මිනිසා යනුත් එක් සත්ව කොටසකි නමුත් මනසින් උසස් ජිවින් කොටසකි ඔවුන් එය පිලිගන්නවා මම කිව්වෙ මනසින් උසස් කියන එක. අද විදාවෙන් මෙය ඔප්පිපු වි ඇත





    තර්කානුකුලයි අනිවා සාදාකාලිකව පවතින ආත්මයක් නොමැත. බුදුන්ගෙ ඉගැන්විමට මා එකගයි. මිනිසාට ඇති සියලුම දාර්ශනික ප්‍රශ්නවලට හෙතුවත් මේ දියුනු වු මනසයි.




    දැනට නම් එය එසෙ තමයි එක එක බොරු නිගමන වලට ආපු පරික්ශන තියෙනවා නමුත් දැනට මරණින් මතු පවතින ආත්මයක් සොයාගෙන නොමැත



    අනිවා ඔවුන්ගෙ වින්තනය හොදයි ඔවුන් නිතරම පරික්ශනය කරනවා දෙවල් හොයාගන්නවා තැතුව නිකන් පොතක තිබුපමනින් එය පිලිගත යුතු නැහැ. පුනුරුපත්ති කතා සහ NDE ගැනත් ස්තායු වේදයවරු අදහස් පලකරා එකවත් කියවලා බලන්න



    කතා තියෙන්නෙ පුලුවන් එවා තිබු පමනින් එය ඇත්තක් කියන්න බැහැ ඔවුන්ට අනුව විදාත්මක ක්‍රිමවෙදයක් යටතේ එය ඔප්පු කරගත හැකිවිය යුතුයි




    මචන් ඔබෙ කෘතුහලය මටත් තිබුනා තාමත් සමහර වෙලාවට හිතනවා නමුත් අවසනයේ අපිට වැදගත් වන්නේ හිතට එකගව ජිවත් වෙන්න සියලු දෙනාගේ යහපත පිනිස. පරිනාමය අසම්පුර්නයි නමුත් පරිනාමය මිනිසාව ගෙනත් තියෙනවා යමක් හිතන්න, පරිසරය ගැන හැගීමක් ඇතිවෙන ආකරයට. එවගෙම සත්තු වගේ "Survival of the fittest" කියන සංකල්ප්යෙනුත් එහාට යන්න අපිට සිතක් ඇතිවෙලා තියෙනවා එකෙන් අපි සමාජයට මෙහෙවරක් කරලා ජිවිතයට සමුදෙමු

    අවසනයේ අපි සියල්ල ක්‍රියාවිරහිතවෙනවා මරනින් මතු ජිවිතයක් තිබුනත් නැත්ත් අපි යහපත්ක් කරලා නම් බියක් ඉතුරුවන්නේ නැහ. සමහර දෙවල් සිදුවෙනකම්ම එය අභිරහසක් එයයි එහි අපුර්වත්වය.


    ඔබටත් ජය වේවා!

    අනර්ඝයි sahodaraya
     

    slafbuwa

    Active member
  • Dec 26, 2009
    300
    93
    28
    අවසනයේ අපි සියල්ල ක්‍රියාවිරහිතවෙනවා මරනින් මතු ජිවිතයක් තිබුනත් නැත්ත් අපි යහපත්ක් කරලා නම් බියක් ඉතුරුවන්නේ නැහ. සමහර දෙවල් සිදුවෙනකම්ම එය අභිරහසක් එයයි එහි අපුර්වත්වය.

    මේ ටික තමයි උඹේ පෝස්ට් එකේ මට වැඩියම හිත ඇදිලා ගිය පේලි ටික. ආගමික උනත් නිරාගමික උනත් සියලුම දෙනාට මේක නම් සිරාවටම වැදගත් වෙනවා. අනර්ඝයි sahodaraya
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,892
    2
    115,940
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මැරුණට පස්සේ ආය ඉපදෙනවමයි කියමුකෝ :yes:

    හැබැයි අපිට කලින් සැරේ කරපුව කියපුව කිසි දෙයක් මතක නෑ, දැන් උනත් කාටවත් එහෙම මතක නෑ නෙ ගිය ආත්මයක් ගැන :no: කලින් ආත්මේ ඉගෙනගත්තුව මතකත් නෑ ආය මුල ඉඳන් ඉගෙනගන්න ඕනේ. කලින් සැරේ අයිතිවෙලා තිබුන සල්ලි දේපල අයිතිත් නෑ. නිකමට මතක් වෙලා ඉල්ලගෙන ගියොත් ගුටි කන්නයි වෙන්නේ :baffled: ඒ කියන්නේ හරියට අලුතින්ම ඉපදුනා වගේ තමා කිසි වෙනසක් නෑ :yes: පින් පව් උනත් ඉතින් කොච්චර එද්දී අරන් ආවද කියල දන්නේ නෑ නෙ.

    ඕක තමා අවුල,පෙර ජීවිත ගැන මතකයක් තියෙනවනම්,බුද්ධාගමේ කියන්නෙ ඇත්තක් නම් මිනිස්සු හැම වැඩක්ම අතහැරල නිවන් දකින එක ගැනම හිතයි.

    මම නම් හිතන්නෙ පව් පින් කියල දෙයක් තියෙනව,නොනැසී ඉදිරියට යන ආත්මයක් නොවුනත් මොකක් හරි සියුම් ශක්තියක් තියෙනව කියල ආය ඉපදීමක් වෙන.

    මේ ලෝකෙ සත්තු,ගස් වැල්,පරිසරය ගැන හිතුවම ඒව අති සංකීර්ණ perfect විදියට හැදිල තියෙන්න,මේක එකම ජීවිතේ නම් එකෙක් මිනිහෙක් වෙලා සැප විඳින්ඩයි තව කෙනෙක් හරකෙක් වෙලා බර ඇදල අන්තිමට මස් කඩේට යන එකයි වගේ දේවල් ගැන හිතුවම පව් පින්,දිගටම ඉපදෙමින් යන සත්වයෙක් නැත්නම් ඔය උඩින් කිව්ව ස්වභාවධර්මය අති සංකීර්ණ perfect උනත් පට්ටම අසාධාරණයි කියල හිතෙනව(හැමෝටම 1 ජීවිතයයි ආය ඉපදෙන්නෙ නැති random සිස්ටම් එකක් නම්).
     

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Paw weda karala salli hamba karana ewunuth hithan inne me athme witharai kiyala. Me dostharala hithanneth ehmai wage. Samajawadeen hithanneth me athmen okkoma iwarai kiyala :lol::)
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    අවසනයේ අපි සියල්ල ක්‍රියාවිරහිතවෙනවා මරනින් මතු ජිවිතයක් තිබුනත් නැත්ත් අපි යහපත්ක් කරලා නම් බියක් ඉතුරුවන්නේ නැහ. සමහර දෙවල් සිදුවෙනකම්ම එය අභිරහසක් එයයි එහි අපුර්වත්වය.

    මේ ටික තමයි උඹේ පෝස්ට් එකේ මට වැඩියම හිත ඇදිලා ගිය පේලි ටික. ආගමික උනත් නිරාගමික උනත් සියලුම දෙනාට මේක නම් සිරාවටම වැදගත් වෙනවා. අනර්ඝයි sahodaraya

    මචන් උබ වගේම මමත් මෙගැන හෙව්වා අපි මනසින් පරිනහවෙනකොට ඔය අපේ ඔලුවලට දාපු මනස්ගාත අපිටම තෙරුම් යනවා එයට බුදු දහම විශාල රුකුලක් වුනා නමුත් දහම වුනත් ඔලුව උඩ තියාගත යුතු නැහැ.

    හොද මතෘකාවක් මචන් ඔය උබ කියලා තියෙන තර්ක දෙක තවමත් ස්තිර වශ්යෙන් බොරු වෙලාත් නැහැ ඔප්පු වෙලත් නැහැ එ කිව්වේ Near Death Experience සහ පුනර්භවයේ සිද්ධින්. ඒ ගැනත් අපි ඉදිරියෙදි කතාකරමු.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    අද මේ කතා කරන්න යන්නේ සමාජයේ මතභේදයට තුඩු දෙන මාතෘකාවක් පිලිබඳවයි.
    ඒ කියන්නේ අද සමාජයේ සමහර තරුණ පිරිස් නිරාගමික මතයක පිහිටලා ඉන්නවා.
    මම පාසල් ගියේ ලංකාවේ ප්‍රධාන පෙළේ බෞද්ධ පාසලකටයි. ඒ පාසලේ මා සමග සිටි මගේ යහළුවෙක් ද මුහුණුපොතේ දිගට හරහට මේ පිළිබඳව අදහස් පළ කරනු ලබනවා.

    තවදුරටත් විස්තර හොයාගෙන යද්දි මට හම්බවුනා ලංකාවේ සමහර ප්‍රසිද්ධ පුද්ගලයන් පවා මේ මතයේ පිහිටා සිටින බව. ළඟදී අප අතරින් වෙන් වී ගිය වෛද්‍ය ආරියසේන යූ ගමගේ මහතා මෙන්ම වෛද්‍ය සෙනරත් වේරගම යන වෛද්‍ය තුමා ද මේ මතයේ පිහිටා සිටින බවට සඳහන් වෙනවා.

    ඒ වගේම මෑතක දී මෙලොවින් වෙන් වූ විද්‍යාඥ ස්ටීවන් හෝකින්ස් පවා මේ මතයේ පිහිටා සිටින බවට කරුණු දැක් වෙනවා.

    සරලව ගත්තොත් ඔවුන්ගේ මතය වන්නේ මරණින් පසු තවත් කිසිම ජීවිතයක් හෝ ආත්මයක් වෙන් වී යාමක් සිදු නොවන බවයි.

    එමෙන්ම ඔවුන් කිසිම ආගමක් අදහන්නේ හෝ පිළිගන්නේ නැත. ඔවුන් සලකන්නේ සියලුම ආගම් මිත්‍යා බවටයි.

    ඔවුන්ගේ මතය අනුව මිනිසා ද මෙම පෘථිවිය මත වෙසෙන තවත් ජීවියෙකු වන අතර එම භවය පෘථිවියේ පවතින සතුන් බෝ ගස් වැල් හා සමානම වන බවයි.

    එක් අවස්ථාවකදී වේරගම වෛද්‍යවරයා පවසනවා ගසක් මියගිය විට එය තවත් තැනක ඔහු තම ආත්මයක නැවත ඉපදීමක් නොවනවා සේම මිනිසකු මියගිය විට ද ඔහුගේ එම ජීවිත කාලය එතනින් සම්පූර්ණයෙන්ම නැවතී එම ශරීර ශක්තිය ස්වභාව දහමට එකතු වන බවයි.

    ඔවුන් පවසන්නේ මිනිසාගේ මරණින් පසු සිදුවන දේ පිළිබඳව කිසිම කතාවක් විද්‍යාත්මකව ඔප්පු වී නොමැති බවයි.

    මේ ගැන හිතනකොට මට සමහර වෙලාවට මෙය ඇත්තක්ද නැත්නම් මෙය බොරුවක්ද කියලා තීරණයකට එන්න බැරි තත්ත්වයකට පත්වනවා. භෞතික විද්‍යානුකූලව මෙම කියන කතාවේ යම් කිසි පදනමක් ඇති බව විටෙක හැඟී යනවා. නමුත් සමහර අවස්ථා වලදී අප අසා ඇති පුනරුත්පත්ති සම්බන්ධ කතා වල දී මෙම මතයට පටහැනි දේ සිදුවී ඇති බවක් හැඟෙනවා. විශේෂයෙන්ම සමහර පුද්ගලයින් ශල්‍යාගාර තුරදී යම්කිසි කෙටි කාලයකට මරණයට පත්වී ජීවය ලැබුණු අවස්ථාවලදී ඔවුන්ගේ අත්දැකීම් විස්තර කිරීම් වලට සවන් දීමේ දී සමහරුන් පවසන්නේ ඔවුන්ව ඔවුන්ගේ ශරීරයෙන් පිටතට පැමිණ එම ශල්‍යාගාර කුටිය තුල ඉහල කෙළවරක සිට තම ශරීරය දිහා බලාගෙන සිටි බවත් ක්ෂණිකයෙන් ශරීරය තුලට ඇදී ගිය බවත්ය.

    මෙසේ අනන්ත අප්‍රමාණ කතා තිබියදීත් මෙම සෙනරත් වේරගම යන වෛද්‍යවරයා මෙම ආකාරයේ සිදුවීම් වෛද්‍ය විද්‍යාත්මකව හෝ වෙනත් විද්‍යාත්මක ක්‍රමයක් යටතේ ඔප්පු වී නොමැති බව පවසන්නේ සාධාරණව ද යන්න පිළිබඳ මා තුළ පැන හටගෙන ඇත.

    ඉතින් යම්කිසි ආගමක අපහට උගන්වා ඇති රාමුවක් තුළට කොටු නොවී ස්වාධීනව සිතා බැලීමේදී මෙම මතය ගැන ඔබලාට දැනෙන අදහස කුමක්ද යන්න අපි ටිකක් කතාබහ කළොත් කාලීන වෙයි කියලා සිතුනා.

    ඉතින් මේ සම්බන්ධව දැනුවත් වෙලා ඉන්න එහෙමත් නැත්නම් මට වගේ මරණින් මතු ජීවිතය කුමක් වේද යන්න පිළිබඳ සිතන අය ඉන්නවනම් තමන්ගෙ අදහස දක්වලා අනිත් අයවත් දැනුවත් කරමු කියල මම ඉල්ලනවා

    ජය වේවා

    ාාාා
    science vala mea fact eka gana deeply consider karanna. ENERGY CAN NOT BE DESTROYED. BUT ENERGY CAN BE CHANGED FROM ONE FORM TO ANOTHER FORM.
     

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    මැරුණට පස්සේ ජිවිතයක් නෑ, එක ජිවිතයක මියයාම නව ජිවිතයකට පදනම වෙනවා කියලා තමයි බුදු දහමේ තියෙන්නේ. වේරගම කියන්නේ තනිකර භෞතික වාදියෙක්. උන් විස්වාස කරන්නේ සුදු මහත්තුරු කියපුවා විතරයි. මමත් අවුරුදු 2ක් තනි භෞතිකවාදියා. ඒත් විද්‍යාව කියන්නේ හරි ප්‍රාථමික දෙයක් බන්. උඹ දන්නවද කැන්සර් එකක් හොඳ කරන්න මිනිස්සුන්ට නිකන් විටමින් පෙති දෙනවා කියලා? ඒ පෙති වලින් මුකුත් උනේ නැතත් මිනිස්සුන්ගේ හිතේ ඇති වෙනවා පිළිකාව හොඳ වෙයි කියන හැඟීම. ඒක නිසාම පිළිකා ගොඩක් හොඳ වෙලා තියෙනවා. එකට කියන්නේ placebo effect කියලා. එතකොට හිතපන් මනසක තියෙන බලය. වෙරගමලට ඕවා පැහැදිලි කරන්න බෑ. ඕකුන් ඔක්කොම ඔය කොවුර්ගෙන් ඉතුරු වෙච්චි කෑලි තමයි. අනිත් උන් සෙට් එක ආගම අබින් කියපු මාක්ස්ගේ දේසපාලන බච්චෝ.:lol::lol::lol:
    http://irelease.org/scientists-found-that-the-soul-doesnt-die-it-goes-back-to-the-universe/
     
    Last edited:

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මැරුණට පස්සේ ජිවිතයක් නෑ, එක ජිවිතයක මියයාම නව ජිවිතයකට පදනම වෙනවා කියලා තමයි බුදු දහමේ තියෙන්නේ. වේරගම කියන්නේ තනිකර භෞතික වාදියෙක්. උන් විස්වාස කරන්නේ සුදු මහත්තුරු කියපුවා විතරයි. මමත් අවුරුදු 2ක් තනි භෞතිකවාදියා. ඒත් විද්‍යාව කියන්නේ හරි ප්‍රාථමික දෙයක් බන්. උඹ දන්නවද කැන්සර් එකක් හොඳ කරන්න මිනිස්සුන්ට නිකන් විටමින් පෙති දෙනවා කියලා? ඒ පෙති වලින් මුකුත් උනේ නැතත් මිනිස්සුන්ගේ හිතේ ඇති වෙනවා පිළිකාව හොඳ වෙයි කියන හැඟීම. ඒක නිසාම පිළිකා ගොඩක් හොඳ වෙලා තියෙනවා. එකට කියන්නේ placebo effect කියලා. එතකොට හිතපන් මනසක තියෙන බලය. වෙරගමලට ඕවා පැහැදිලි කරන්න බෑ. ඕකුන් ඔක්කොම ඔය කොවුර්ගෙන් ඉතුරු වෙච්චි කෑලි තමයි. අනිත් උන් සෙට් එක ආගම අබින් කියපු මාක්ස්ගේ දේසපාලන බච්චෝ.:lol::lol::lol:
    http://irelease.org/scientists-found-that-the-soul-doesnt-die-it-goes-back-to-the-universe/

    අන්නත දෙකම හොද නැහැ මම නම් නියම බුදුදහම සහ දැනට සොයාගෙන ඇති විදාත්මක සොයාගැනිම් අතර ගැටලුවක් දකින්නේ නැහැ.


    නැවත අයෙත් අද මේ සිටින කෙනා අයෙත් බිහිවෙන්නේ නැහැ යම් ශක්තියක් ප්‍රවනතාවයක් තමයි ඉදිරියට යන්නේ ඔක පැහැදිලි කරන්න ගිහින් තමයි වැඩ වැරෙදෙන්නේ....

    Placibo effect එක හැම එකකටම හරියන්නෙ නැහැ හිත හා බැදිච්ච රොග අතලොස්සකට තමයි හරියන්නේ... විදාව පිලිගන්නවා භෞතික ශරිරය සහ සිත අතර ඇති අන්තර් සම්බන්දතාවය.

    මම නම් හෙතුවාදින්ගෙ ලොකු වරදක් දැන්නම් දැකින්නේ නැහැ මොකද ඔවුන් පිලිගන්නේ ඔවුනට ගොචර වෙන දේ පමණයි. නමුත් නියම සාධක නැතිව අනෙක් එවා බොරුයි කියන්නත් බැහැ හරි කෙනෙක් එහෙම කියන්නෙ නැහැ මොකද එය ඔප්පු කිරිමට හො සනාත කිරිමට සාදක නොමැති නිසා.
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    හෙතුවාදින් පවසනවා විදාව හැම විටම ඉදිරියට යන බවක්, එ වගේම සමහර දෙවල් බිද්වැටිලා අලුත් දෙවල් සොයාගන්නවා

    බුදුදහම එහෙම වෙන්න බැහැ මොකද බුදුන් කියන්න සියල්ල දැකපු කෙනෙක් අපෙ සිතෙ සහ ලොක සොබාවය පිලිබදව වංගු ගැහුවත් දැන් දැන් බුදුන් කියපු දෙවල් සනාත වෙමින් පවතිනවා නමුත් මරනින් මතු ජිවිතය වැනි කරුණු කෙසෙද විදා උප්කරනයට අසු කරගන්නේ කියන එක ප්‍රශ්නයක්

    හෙතුවාදින් දැනගත් යුතුයි ඔවුන්ගේ විදාවට අසු නොවුන දැත් නොවෙන දැත් තිබිය හැකි බවත්, එ මගින් අපිට සෘජුව හො වක්‍රව බලපැම් කල හැකිබවත්.

    අනෙක තමයි බුදුන්ගෙ අරමුණ එහෙම නැතිනම් සොයාගැනිම අපෙගේ සිතේ හැසිරමයි මුලික වශයෙන්ම. විදාව සොයන්න බලන්නේ සිත කොහොමද ඇතිවෙන්නේ කොහෙද තියෙන්නේ වගේ ප්‍රශ්න . අපි දන්නවා බුදු ඇසකට මිසක් එය අනාවරණය කරගන්න බැහැ කිසිම මිනිසෙකුට කුමන හො උපකරනයකින් පවා ඉතින් බුදුදහම ගොඩක්ම යොදාගත යුත්තෙ අපි අපේ මෙ සිතෙ ස්භාවය අදුන ගෙන දුක නැතිකරගැනිමයි.
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,824
    3,853
    113
    Delaware
    මැරුණට පස්සේ ආය ඉපදෙනවමයි කියමුකෝ :yes:

    හැබැයි අපිට කලින් සැරේ කරපුව කියපුව කිසි දෙයක් මතක නෑ, දැන් උනත් කාටවත් එහෙම මතක නෑ නෙ ගිය ආත්මයක් ගැන :no: කලින් ආත්මේ ඉගෙනගත්තුව මතකත් නෑ ආය මුල ඉඳන් ඉගෙනගන්න ඕනේ. කලින් සැරේ අයිතිවෙලා තිබුන සල්ලි දේපල අයිතිත් නෑ. නිකමට මතක් වෙලා ඉල්ලගෙන ගියොත් ගුටි කන්නයි වෙන්නේ :baffled: ඒ කියන්නේ හරියට අලුතින්ම ඉපදුනා වගේ තමා කිසි වෙනසක් නෑ :yes: පින් පව් උනත් ඉතින් කොච්චර එද්දී අරන් ආවද කියල දන්නේ නෑ නෙ.
    සිරාවට අලුතින් ඉපදුනා වගේ තමා ඉතින්
    ඔය මෝහනය කරලා පෙර ආත්මේ කියන එක ඇත්තද දන්නෑ

    :baffled::baffled::baffled:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සිරාවට අලුතින් ඉපදුනා වගේ තමා ඉතින්
    ඔය මෝහනය කරලා පෙර ආත්මේ කියන එක ඇත්තද දන්නෑ

    :baffled::baffled::baffled:

    ඒව බොරු බං මෝහනය කලාම ඕනෙ කෙහෙම්මලක් කියනව :sorry:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සිරාවට අලුතින් ඉපදුනා වගේ තමා ඉතින්
    ඔය මෝහනය කරලා පෙර ආත්මේ කියන එක ඇත්තද දන්නෑ

    :baffled::baffled::baffled:
    දන්නේ නෑ ඒකනං :baffled: එහෙම නිකන් එක එක තුන ඉලක්කන් ගණන් කරලා සුටුස් ගාල ලේසියෙන් ඕක පුළුවන් නං ලෝකේ මීට වඩා ඔය ගැන කතා වෙන්න ඕනේ.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඌ සිහියෙන් නෙවේ නෙ ඉන්නේ ඉතින් හදල කියනවා කියන්නත් බෑ නේද :baffled:

    හිතිං හදල තමා කියන්නෙ. මෝහනය කලා කියන්නෙ වෙරිටසේරම් පෙව්ව වගේ ඇත්ත කියන්නෑ. තව අවුරුදු දහයකිං වෙන දේ ඇහුවත් බලං ඉන්නව වගේ කියනව. අතීතය ගැනත් දන්නෙ නැති දෙයක් ඇහුවොත් බලං ඉන්නව වගේ කියනව. මෝහණෙන් ඔහොම ඇත්ත එලි කරගන්න පුලුවන්නං උසාවි වල සැක කාරයන්ගෙන් ප්‍රශ්න කරන්න පාවිච්චි කරනවනෙ :D මෝහණේ කලාම තමා අහුවෙන්නැතුව හොඳටම බොරු කියන්න පුලුවන්
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Manokaya gana supirma english film ekak thibuna. dan mata name eka mathaka nane.
    2016 / 2017 hari film eka awe. Patta.

    Habai e Film eke hatiya e medical students la pili gannawa manokayak thiyenawa kiyala.
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,824
    3,853
    113
    Delaware
    ඒව බොරු බං මෝහනය කලාම ඕනෙ කෙහෙම්මලක් කියනව :sorry:
    ඕන කෙහෙම්මලක් කිව්වේ මචන් උබ අදහස් කරේ මෝහනය කරපුවහම කියන්නේ බොරු කියලද?
    මම දැක්ක ඉස්සර පත්තරේක ඔහොම මෝහනය කරලා කිව්ව තැනක් ගැන හොයාගෙන ගිහින් තියනව ඇත්තද දන් නැ

    මට වෙලාවකට හිතෙනවා "හිත" කියන්නේ නිකන් එලියන් කෙනක් වගේ කියලා
    ශරීරය දිරනකම් එකට වෙලා ඉදලා එක ඉවර උනහම වෙන එකකට පනිනවා
    එකත් මරුනහම වෙන එකකට පනිනවා