මරණින් පසු

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඕන කෙහෙම්මලක් කිව්වේ මචන් උබ අදහස් කරේ මෝහනය කරපුවහම කියන්නේ බොරු කියලද?
    මම දැක්ක ඉස්සර පත්තරේක ඔහොම මෝහනය කරලා කිව්ව තැනක් ගැන හොයාගෙන ගිහින් තියනව ඇත්තද දන් නැ

    මට වෙලාවකට හිතෙනවා "හිත" කියන්නේ නිකන් එලියන් කෙනක් වගේ කියලා
    ශරීරය දිරනකම් එකට වෙලා ඉදලා එක ඉවර උනහම වෙන එකකට පනිනවා
    එකත් මරුනහම වෙන එකකට පනිනවා

    ඔව් :yes: උඹව මෝහනය කල්ල උඹේ අතිශය පෞද්ගලික කාරණාවක් ගැන ඇහුවොත් උඹ ඇත්ත වගේ බොරුවක් ගොතල කියනව ඇත්ත කියන්නෑ :yes:

    හිත එහෙම තමා බං :yes: බුදුදහමෙත් කියල තියෙන්නෙ චුති සිත ඇතිවුනාට පස්සෙ ඊලඟට ක්ශනිකව ප්‍රතිසන්දි හිත හැදෙනව කියල :yes: පැන පැන යන එක තමා කරන්නෙ :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හිතිං හදල තමා කියන්නෙ. මෝහනය කලා කියන්නෙ වෙරිටසේරම් පෙව්ව වගේ ඇත්ත කියන්නෑ. තව අවුරුදු දහයකිං වෙන දේ ඇහුවත් බලං ඉන්නව වගේ කියනව. අතීතය ගැනත් දන්නෙ නැති දෙයක් ඇහුවොත් බලං ඉන්නව වගේ කියනව. මෝහණෙන් ඔහොම ඇත්ත එලි කරගන්න පුලුවන්නං උසාවි වල සැක කාරයන්ගෙන් ප්‍රශ්න කරන්න පාවිච්චි කරනවනෙ :D මෝහණේ කලාම තමා අහුවෙන්නැතුව හොඳටම බොරු කියන්න පුලුවන්
    උඹ කියන්නේ අපේ යටි හිත අපිටත් නොදැනී අහන ප්‍රශ්න වලට බොරු කියනවා වගේ සීන් එකක්ද :baffled: අපේ ඇඟේ වෙන එකෙක් රින්ගන් ඉන්නවා වගේ නෙ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹ කියන්නේ අපේ යටි හිත අපිටත් නොදැනී අහන ප්‍රශ්න වලට බොරු කියනවා වගේ සීන් එකක්ද :baffled: අපේ ඇඟේ වෙන එකෙක් රින්ගන් ඉන්නවා වගේ නෙ

    :yes:
    බොරු තමා කියන්නෙ :yes: ලයිට් කනුවක් වෙලා ඉන්දැද්දි මොකද කලේ කියල ඇහුවොත් පොඩි කාලෙ මම ලයිට් කණුවක් වෙමි කියල රචනා ලිව්ව වගේ තඩි කෙප්ප කෙලියි. මෝහණය කල්ල කලිං ආත්මෙ ඇහුවත් ඔච්චර තමා
     
    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    Mithaya mathadariyo ipadenne avichi maha narakadiye, uba eke ipadunoth maithree buduhamuduruwange kale eddiwath ubata minis jiwithekata enna ba.
    aduma gane kalpa winase weddiwath uba abassara brahma loke ibadenne na. e tharamma pawak mithyadushtikayek wena eka.

    sihi nuwanin wimasa bala weda karapan machan, jayawewa !!!
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :yes:
    බොරු තමා කියන්නෙ :yes: ලයිට් කනුවක් වෙලා ඉන්දැද්දි මොකද කලේ කියල ඇහුවොත් පොඩි කාලෙ මම ලයිට් කණුවක් වෙමි කියල රචනා ලිව්ව වගේ තඩි කෙප්ප කෙලියි. මෝහණය කල්ල කලිං ආත්මෙ ඇහුවත් ඔච්චර තමා
    පොලිසියට ගිහින් සිහි නැතිවෙන්න දෙකක් ඇන්නමත් මිනිස්සු බොරුවට ඔව් කරා ආයුද තියෙන්නේ අතන යන් පෙන්නන්න කියන්නේ එහෙමද දන්නේ නෑ :D
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,824
    3,853
    113
    Delaware
    :yes:
    බොරු තමා කියන්නෙ :yes: ලයිට් කනුවක් වෙලා ඉන්දැද්දි මොකද කලේ කියල ඇහුවොත් පොඩි කාලෙ මම ලයිට් කණුවක් වෙමි කියල රචනා ලිව්ව වගේ තඩි කෙප්ප කෙලියි. මෝහණය කල්ල කලිං ආත්මෙ ඇහුවත් ඔච්චර තමා
    උබ කියන එකත් ඇත්ත මේක ගැන පොඩ්ඩක් හොයලා බලන්ඩ ඕන මම අද වෙනකම් හිතන් හිටියේ මෝහනය කරන සීන් එක ඇත්ත කියලා
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පොලිසියට ගිහින් සිහි නැතිවෙන්න දෙකක් ඇන්නමත් මිනිස්සු බොරුවට ඔව් කරා ආයුද තියෙන්නේ අතන යන් පෙන්නන්න කියන්නේ එහෙමද දන්නේ නෑ :D

    :yes:

    උබ කියන එකත් ඇත්ත මේක ගැන පොඩ්ඩක් හොයලා බලන්ඩ ඕන මම අද වෙනකම් හිතන් හිටියේ මෝහනය කරන සීන් එක ඇත්ත කියලා

    :yes: මෝහණය කරන උන්ගෙන් අහල බලපංකො. ලංකාවෙම සෝම හාමුදුරුවොද කොහෙද මතක විදිහට මැදිහත් වෙලා මෝහණේ කරල කලිං ආත්ම ගැන අහන පරීක්ශණයක් කලා. අනාගතේ ගැනත් අහල තිබ්බ. 2000 කිට්ටුව කාලෙක මතක විදිහට. මිනිස්සු කියල තිබ්බ 2007 ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියලත් :lol: තව එක්කෙනෙක් DS සේනානායකගෙ කාලෙ පාරෙ දුවපු ලංගම බස් ගැනත් කියල තිබ්බ. උඹ කවදාවත් සත්තු වත්ත බලන්න ගිහිං නැත්තං, ඒත් සත්තු වත්ත බලන්න පොඩීම කාලෙ එක්ක ගියා මතක නෑ විතරයි කියල හිතං ඉන්නවනං, උඹව මෝහණේ කරල සත්තු වත්ත බලන්න ගිය දවස ගැන ඇහුවොත් උඹ ඇත්තටම ගියා වගේ විස්තර කරනව :yes:
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83

    :D:yes: true
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මෙහෙමයි මොහනය ඇත්තක්ද කියලා බලන්න පුලුවන් වන්නේ මොහනය කරපු පුද්ගලයා කියන දෙවල් ඇත්තක්ද කියලා කරුණු සොයා බැලීමෙන්.

    Ian Stevenson මෙ ගැන පරික්ශන කරා ගොඩක් කරුණු ඇත්තක් කියලයි ඔහු නම් කියන්නෙ.

    https://en.wikipedia.org/wiki/Ian_Stevenson

    හෙතුවාදින්ගෙන් අපි අහන්න කැමති ඔවුන් දරන මතය මේ පිලිබදව
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    Science cannot identify what causes cancer:confused:.Science cannot realize how universe came into existence.:confused:Science cannot realize totally how the brain really functions.:confused: How can science answer the reality after death:sorry:
    :yes::yes::yes::yes::love::love::love:
    හැබැයි කවදමහරි මේවට උත්තර සොයාගන්නත් ඉඩ තියෙනවා SCIENCE වලින්ම. අද SCIENCE වලින් බොරුයි කියන දේ තව අවුරුදු 100 කින් හරියි කියන්න පුළුවන් SCIENCE වලින්ම.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මෙහෙමයි මොහනය ඇත්තක්ද කියලා බලන්න පුලුවන් වන්නේ මොහනය කරපු පුද්ගලයා කියන දෙවල් ඇත්තක්ද කියලා කරුණු සොයා බැලීමෙන්.

    Ian Stevenson මෙ ගැන පරික්ශන කරා ගොඩක් කරුණු ඇත්තක් කියලයි ඔහු නම් කියන්නෙ.

    https://en.wikipedia.org/wiki/Ian_Stevenson

    හෙතුවාදින්ගෙන් අපි අහන්න කැමති ඔවුන් දරන මතය මේ පිලිබදව

    ඉයන් ස්ටීවන්සන් ලියපු පොත කියෝල නෑනෙ උඹ. නෙට් එකේ තියෙනව pdf එක නිකං ඉන්න වෙලාවක බාගෙන කියවන්න. ඒ මනුස්සය විද්‍යාඥයෙක් වුනේ කොහොමද කියල හිතෙනව. විස්තර මදි වෙද්දි අතිං දාල බොරු එකතු කරල පොත ලියල තියෙන්නෙ. සමහර තැන් වල ලමයි මෝහණේ කරලත් නෑ, කලිං මෙහෙම තැනක හිටිය කියල කියන්නෙත් නෑ මේ මනුස්සය නිකං කියනව ලමයගෙ පවුලෙ කලිං හිටපු නෑදෑයෙක් ගාව මේ මේ ලක්ශණ තිබ්බ ඒ නිසා මේ ලමය එයා මැරිල ඉපදිලා කියල. හේතුවාදී නොවෙමි. ඒ වුනාට බෞද්ධයො ඉයන් ස්ටීවන්සන්ගෙ පරීක්ශණ ඉදිරිපත් කරන්න ගියොත් නං වෙන්නෙ හත්පොලේ ගාගන්න. :sorry:
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    කවුරු කොහොම කිව්වත් අපි ඇවිල්ලා සම්පුර්ණයෙන්ම ශක්තිය විතරයි. කොටින්ම කිව්වොත් කම්පන, භෞතිකත්වය කියලා දෙයක් නෑ, මේ ඔක්කොම අපි හිතින් හදාගත්තු දේවල්. මේ විශ්වය කියන්නේ තනිකර ශක්තියම පමණයි, අපි මැරුණම මේ ශක්තිය නැවත මුදාහරෙනවා. මම කියන්නේ සිතුවිලිමය ශක්තිය.එකට බුද්දාගමේ කියන්නේ චුති සිත කියලා, මේ ශක්තියම තමයි නැවත ජීවියෙක් වශයෙන් පහල වෙන්නේ, ඒ කියන්නේ ප්‍රතිසන්ධියක් තුලින් නව ජීවියෙක් බිහි වීම. අපි නිකන් ගලන ශක්ති ධාරාවක් පමණයි. මේ නිසා මම මාගේය කියලා කියන්න දෙයක් නෑ. මොකද මම කියන්නේ මේ ශක්ති ධාරාවේ එක තැනක් අල්ලන් අපි කියන දෙයක්. ඒකයි බුදු දහමේ කියන්නේ විශ්වය ගැන සෙවීමට වඩා තමා ගැන සෙවීම වැදගත්, මොකද අපි තුල නැති කිසි දෙයක් විශ්වය තුලත් නෑ. මේ විශ්වය තියෙන්නේ අපේ මනස තුල, මේ භෞතිකය අපේ මනස තුල තියෙන දෙයක්. අපි යමක් ඇල්ලුවා කියන්නේ සිතේ ඇතිවන හැඟීමක් විතරයි. විශ්වයක් විශ්වයක් වෙන්නේ නෑ මනසක් ඒ තුලට ඇතුල් නොවන තාක්කල්.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පුනරුත්පත්තිය ඇත්ත නම් ගිය ආත්මේ කතා කරපු බාෂාව ඇයි මතක නැත්තේ ?

    ජාන වලිං අම්මගෙයි තාත්තගෙයි ලක්ශණ උරුම වෙනවනං ඇයි ඇස් පේන අම්මලටයි තාත්තලටයි ඇස් පේන්නැති අන්ධ ලමයි ඉපදෙන්නෙ ?
    පුනරුප්පත්තිය කියන්නෙ හැම මඟුලක්ම අරං එන එකක් නෙමේ. මතකෙ එනවද දන්නෙත් නෑ මතකෙ එනව කියල තියෙන්නෙ බුදුහාමුදුරුවොවත් ත්‍රිපිඨකේ කොහෙවත් නෙමේනෙ. පොඩි ලමයි ගිය ආත්මෙ ගැන කියනව කියල කියන පත්තර කාරයොනෙ. බුදු හාමුදුරුවො කියල තියෙන්නෙ පෙර ආත්ම දැනගන්න වෙනම ඥානයක් පහල කරගන්න ඕනෙ කියල. පත්තර කාරයන්ගෙ ආටිකල් වල හැටියට හැප්පිලා මැරිච්චි ගමං ඊලඟ ආත්මෙ පෙර කඳ පිලිවෙල දක්නා නුවණ පහල වෙනව. මොකක් හරි අවුලක් තියෙනවනෙ.
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    පුනරුත්පත්තිය ඇත්ත නම් ගිය ආත්මේ කතා කරපු බාෂාව ඇයි මතක නැත්තේ ?

    මචන් භාශාකතාකර්පු cases තියෙනවා, එක අතකින් යම් ප්‍රබල සිද්ධින් තමයි ගොඩාක්ම මතකයට එන්නේ සුලු සිද්දින් නෙමෙයි.
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ඉයන් ස්ටීවන්සන් ලියපු පොත කියෝල නෑනෙ උඹ. නෙට් එකේ තියෙනව pdf එක නිකං ඉන්න වෙලාවක බාගෙන කියවන්න. ඒ මනුස්සය විද්‍යාඥයෙක් වුනේ කොහොමද කියල හිතෙනව. විස්තර මදි වෙද්දි අතිං දාල බොරු එකතු කරල පොත ලියල තියෙන්නෙ. සමහර තැන් වල ලමයි මෝහණේ කරලත් නෑ, කලිං මෙහෙම තැනක හිටිය කියල කියන්නෙත් නෑ මේ මනුස්සය නිකං කියනව ලමයගෙ පවුලෙ කලිං හිටපු නෑදෑයෙක් ගාව මේ මේ ලක්ශණ තිබ්බ ඒ නිසා මේ ලමය එයා මැරිල ඉපදිලා කියල. හේතුවාදී නොවෙමි. ඒ වුනාට බෞද්ධයො ඉයන් ස්ටීවන්සන්ගෙ පරීක්ශණ ඉදිරිපත් කරන්න ගියොත් නං වෙන්නෙ හත්පොලේ ගාගන්න. :sorry:

    මම මෙක පිලිගන්නෙත් නැහැ සම්පුර්නයෙන් බැහැර කරන්නෙත් නැහැ. ඔවුහෙ පරික්ශනවල ගැටලු තියෙනවා.

    මම පෞද්ගලිකව දැකලා නැතිවුනාට සමහර Rebirth Cases වලදි ලමයි කිය්පු කරුනු ඇත්තක් වෙලා තියෙනවාලු. එය එසෙ නම් අපි බලන්න ඔනැ කොහොමද එය එසෙ වුනෙ කියලා
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    :yes:
    බොරු තමා කියන්නෙ :yes: ලයිට් කනුවක් වෙලා ඉන්දැද්දි මොකද කලේ කියල ඇහුවොත් පොඩි කාලෙ මම ලයිට් කණුවක් වෙමි කියල රචනා ලිව්ව වගේ තඩි කෙප්ප කෙලියි. මෝහණය කල්ල කලිං ආත්මෙ ඇහුවත් ඔච්චර තමා

    එහෙම තර්කයකුත් තියෙනවා.

    මචන් NDE වලදි සමහර අය කියනවා ඔහු තම ශරිරයෙන් ඉවත්ව තම ශෞලයකර්මය බලාගෙන හිටියා කියලා

    කර්පු හැටිත් කියනවා නම් එහෙම වෙන්න පුලුවන්ද?
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    පුරුනුප්පත්තිය එහෙම නැති නම් පෙර භවයන් පිලිබද දැනගන්න බුදුන් කිව්වේ ජාතිසනුස්මරනය මහල කරගත් යුතුයි කියලා. මම හිතන්නෙ නැහැ බුදුන් කොහොවත් කියලා තියෙනවා කියලා පුනුරුපත්තිය ගැන එක පාරටම මතක් වුනු සිද්ධින්

    මා වැරදි නම් නිවැරදි කරන්න
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මම මෙක පිලිගන්නෙත් නැහැ සම්පුර්නයෙන් බැහැර කරන්නෙත් නැහැ. ඔවුහෙ පරික්ශනවල ගැටලු තියෙනවා.

    මම පෞද්ගලිකව දැකලා නැතිවුනාට සමහර Rebirth Cases වලදි ලමයි කිය්පු කරුනු ඇත්තක් වෙලා තියෙනවාලු. එය එසෙ නම් අපි බලන්න ඔනැ කොහොමද එය එසෙ වුනෙ කියලා

    ඉයන් ස්ටීවන්සන් ලියල තියෙන විදිහ අනුව ඇත්ත වෙච්ච ඒවත් ඒ මනුස්සය අතිං දාල කිව්ව වෙන්න ගොඩක් ඉඩ තියෙනව. අනික අපිට වුන දේවල් මතක නැති වෙනව වගේ වුන්නැති දේවල් වුනා වගේ මතක හිටීමත් සුලභ දෙයක්. හරියන ගොඩක් අවස්ථා වල එහෙම වෙනව වෙන්න තියෙන ඉඩ වැඩියි. ඕව ගොඩක් හරියන්නෙත් ලමයින්ට. ලමයි නාට්ටි වලිං වගේ ඇහෙන දේවල් කිව්වාම කලිං ආත්මෙ කියනව කියල හොයාගෙන ගියාම මොන මොනා හරි ඇත්ත වෙන්න තියෙන ඉඩ වැඩියි. ඉයන් ස්ටීවන්සන්ගෙ පොත කියෝල බලන්න ටීවී රේඩියෝ එන්න කලිං වාර්තා වුන සිදුවීම් හැම එකකම වගේ ලමයි කලිං ආත්මෙ කියල කියල තියෙන්නෙ ගෙවල් ගාව මැරුණ කෙනෙක්ව නැත්තං නෑදෑ කෙනෙක්ව. නැත්තං තමන් ඉපදෙන්න කලිං මැරුණ තමන්ගෙන සහෝදරයෙක්ව. ටීවී රේඩියෝ ආවට පස්සෙ තමා හැතැම්ම ගනං ඈත පැති වලිං බස් වලට යට වෙච්චි අයයි කෝච්චි වලට යට වෙච්චි අයයි ඉපදෙන්න ගත්තෙ. රටාව පැහැදිලියිනෙ.

    එහෙම තර්කයකුත් තියෙනවා.

    මචන් NDE වලදි සමහර අය කියනවා ඔහු තම ශරිරයෙන් ඉවත්ව තම ශෞලයකර්මය බලාගෙන හිටියා කියලා

    කර්පු හැටිත් කියනවා නම් එහෙම වෙන්න පුලුවන්ද?

    සමහරක් සිදුවීම් වල ඇත්තත් ඇති. ඒත් මේ මෑතකදි අවුරුදු ගානක් දත්ත එකතු කරල කරපු පරීක්ශෙණේකිං හෙලි වෙලා තියෙන විදිහට නං ඒවගෙත් ගොඩක් බොරු තියෙන්නෙ. දොස්තරල සැත්කමට මුහුණ දෙන කෙනාට පේන්නැති වෙන්න උඩින් එක එක සෙල්ලම් බඩු වගේ දේවල් තියල එහෙම උඩ ඉඳන් බලාගෙන ඉඳපු අයගෙන් අහල තියෙනව මොනාද තිබුණ සෙල්ලම් බඩු එහෙම කියල. කාටවත් ඒව පෙනිල නෑ. ඒවත් බොහෝ විට හීන වෙන්න තියෙන ඉඩ වැඩියි

    පුරුනුප්පත්තිය එහෙම නැති නම් පෙර භවයන් පිලිබද දැනගන්න බුදුන් කිව්වේ ජාතිසනුස්මරනය මහල කරගත් යුතුයි කියලා. මම හිතන්නෙ නැහැ බුදුන් කොහොවත් කියලා තියෙනවා කියලා පුනුරුපත්තිය ගැන එක පාරටම මතක් වුනු සිද්ධින්

    මා වැරදි නම් නිවැරදි කරන්න

    :yes:
    මතක් වෙන සිද්දි ගැන කියන්න ගත්තෙ පත්තර කාරයො :yes: ජාතක කතා වල වගේ වුනත් තියෙන්නෙ පෙර කරන ලද පින් නිසා හෙනම කලාතුරකිං එහෙම බලන්න පුලුවන් විදිහට බෝසතානන් වහන්සෙ ඉපදුනා කියල‍. ඒ වුනාට දැන් පත්තර කාරයන්ගෙ හැටියට නං පෙර විසූ කඳ පිලිවෙල දක්නා නුවන පහල වෙන්න කරන්න තියෙන්නෙ වාහනේකට හැප්පිලා මැරෙන එක.