මරණ දඬුවම

pubudu lakmal

Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    :shocked::lol::shocked::lol::shocked::lol::shocked::lol::shocked::lol:



    ඔන්න එකමත් එක රටක කැරැල්ලක් මැඩ පවත්වන්න UN army එකට යන්න උනාලු. (කට්ටිය දන්නවා නොව මේ army එක සමන්විත වෙන්නේ UN එකට අඉති විවිධ රටවල පුද්ගලයන්ගෙන් කියල.) ඉතින් මේ army එකේ හිටපු ඇමෙරිකන් පොරකුය් , රුසියාවේ පොරකුය් , එංගලන්තේ එකෙකුය් ලංකාවේ ලංකාවේ ඩයල් එකකුය් සතුරු හමුදාවට කොටු උනාලු. දැන් මේ එක එක්කෙනා ගෙන්නලා වෙඩි තියල මරන්නලු හදන්නේ. ඉස්සෙලම ගෙන්නුවලු ඇමෙරිකන් කාරයා. දැන් ඌව එළිමහනක හිටවල තියෙනවලු. ඉස්සරහ ඉන්නවලු තුවක්කු මානාගෙන 10 ක්, අණ ලැබුණු ගමන් වෙඩි තියන්න. ලොක්ක අණ දෙනවලු.

    “වන්” ” ටු” “ත්‍රී” කියනකොටම ඇමෙරිකන් කාරය කෑ ගැහුවලු ”tornado , tornado ” කියල. ( ඒ කියන්නේ සුළි සුලන් වර්ගයක්). ඉතින් කට්ටිය කලබල උනාලු. ඒ අතරේ මේක පැනල ගියාලු.

    දැන් ඉතින් කොරන්ට දෙයක් නෑ නොවැ. ඊ ලඟට ගෙන්නුවා රුසියන් කාරය. ඌවත් දැන් හිටවල තියෙනවා. ලොක්ක අණ දෙනවා.
    “වන්” “ටු” “ත්‍රී” කියනකොටම රුසියන් කාරය කෑගැහුවලු “earthquake …earthquake ” කියල. කට්ටිය කලබල උණු අතෙරේ මේකත් පැන්නලු.
    වෙච්චි දෙයක්. ඊළඟට ගෙන්නුවලු ඉන්ග්ලිෂ් පොර. දැන් ඌටත් වෙඩි තියන්න අණ දෙනවලු.
    “වන්” ටු’ “ත්‍රී” කියනකොටම මූ කෑගැහුවලු “tsunami tsunami ” කියල. කට්ටිය අයෙත් කලබල උනාලු. ඒ අතරේ මේකත් පැන ගත්තලු.
    දැන් ඉතින් අන්තිමට ගෙන්නුවලු ලංකාවේ ඩයල් එක. මූ ඔක්කොම සීන් එක බලගේනලු හිටියේ. දැන් මේකවත් හිටවල ලොක්ක අණ දෙනවලු.
    “වන්” “ටු” “ත්‍රී” කියනකොටම මූ කෑ ගැහුවලු. “fire … ” කියල…………… දෙපාරක් කියන්න උනෙත් නෑ මයෙ හිතේ.
    දැන් ඔන්න දේශප්‍රේමී විධියට හිතන්න ගිහින් කතාවේ ආතල් එක නැති කරගන්නවා නෙමෙය් ඕන්. හුදු විනෝදය සඳහා පමණි.


    උපුටාගැනීමකි 
     
    • Like
    Reactions: KPZ