මරදාන සමාජ හා සාමයික කේනද්‍රයට එන්න

obama2

Member
Apr 18, 2012
424
30
0
මරදාන සමාජ හා සාමයික කේනද්‍රයට එන්න

සාරය ෆැන්ටසියක් ද? 06 වන හේගල් සම්මණ්ත්‍රනය

Posted on 08 September 2012.
Rating: 0.0/7 (0 votes cast)


ලාංකීය පරමාදර්ශී ට්‍රෙස්කිවාදී පවුල සහ පරමිතුතා වලින් ගහණ ලෙනින්වාදීවාදී පවුල යන පවුල් දෙකක් සම්බන්ධයෙන් අප ඔබට යම් පැහැදිලි කිරීමක් කරන්නට කැමැත්තෙමු. මහාචාර්ය සරත් විජෙසූරිය විසින් මාහාචාර්ය පියසීලී විජෙගුණසිංහ සහ විජෙ ඩයස් සහෝදරයා ගේ පවුල සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුලින් උපුටා දක්වන්නට කැමැත්තෙමු.

‛‛ මා කලක් පිදිංචිව සිටියේ මේ දෙදෙනාගේ නිවස සමීපයෙහිය. එහිදි මා දුටු කරුණු කිහිපයක් කියන්නට කැමැත්තෙමි. මා අවබෝධකර ගත් මාක්ස්වාදී කලා විචාරිකාවක් හැටියට ප්‍රසිද්ධ සම්මණ්ත්‍රන වලදී ආයෝමය හඩකින් ශ්‍රාවකයන් මුසපත් කළ ……….. ……….. මහ හඩ පැතිර වූ ගුරුතුමිය සාමාන්‍ය ගෘහනියක් ලෙස ජීවත් වූ සරල අන්දමයි. උදෑසන පක්ෂ කාර්යාලයට ගොස් වැඩකර දිවා ආහාරය සදහා සිය සැමියා වූ විජෙ ඩයස් සහෝදරයා පැමිණි විට ඉමහත් ගෞරවයෙන් සැලකූ බිරිදයි. නිවසට පැමිණෙන මාළුකාරයා ගෙන් මාළු ටිකක් රැගෙන රසවත් ආකාරයෙන් සිය අතින්ම පිළියෙල කර ඉතා සැහැල්ලුවෙන් ජීවත් වූ සාමාන්‍ය ගැහැණියයි. එතුමිය තුල ස්වාමිපුරුෂයා සම්බන්ධයෙන් වූයේ අති මහත් ගෞරවයෙකි. මා සමග වරක් පවසා තිබෙන්නේ ඇයට ජීවිතයේ සෑම අගනා දෙයක්ම විජෙ සහොදරයාගෙන් උරුම වූ බවයි. සැබැවින්ම ඇය පැවසුවේ භෞතික වශයෙන් උරුම වූ කිසිවක් ගැන නොව අභෞතිකව උරුම වූ දේ ගැනය ’’

සිංහල මහාචාර්ය සරත් විජෙසූරිය-සාහිත්‍ය විචාර-පෙරවදන


සරත් අනුව මේ පවුල යනු මාක්වාදී පරමාදර්ශී පවුලයි. ඒ තුල කිසිදු ප්‍රතිවිරෝධතාවයන් දක්නට නැත. ඒ අතින් මේ පවුල ඇත්තේ සුසන්වාදයක් පමණි. මේ නිසාම මේ පවුල කිසිදු අඩුවක් නැති ෆැසිස්ට් පවුලක් ලෙස අපට නම් කරන්නට පුලුවන.


දැන් අප පසමිතුරුතා ඇති ප්‍රතිවිරෝධතා සහිත හේගලියානු භෞතික පවුලක් ගැන තවත් උදාරිණයක් ගනිමු. ‛‛ දිනක් අදහස් ගේට්ටුව නම් ග්‍රන්ථය එළි දක්වන අවස්ථාවේ දී දීප්ති කුමාර ගුණරත්න විසින් අප සමග පවසා සිටියේ සිය බිරිද අදේශපාලනික,මෝඩ ගැහැනියක් වන බවයි. මෙය නිවරදිව ලියා තැබීම ගැන දීප්ති මට ස්තූතිවන්ත විය යුතුය’’

සෙන්ට් ඇන්තනිස් සමාගමේ පයිප්ප විකුණමින් බිල් ලියූ වාමාශික පාදඩයෙකු වූ පැනියා- ටින් ටින්ගේ විපරිත මධ්‍යස්ථානය


ඔබ ඉහත පවුල් දෙකෙන් වඩාත් කැමති


01- මාක්ස්වාදී ප්‍රතිවිරෝධතා රහිත සුසංවාදී කිසිදු අඩුවක් නැති ෆැසිස්ට් පරමාදර්ශී ට්‍රෙස්කිවාදී පවුලට ද?

02- ප්‍රතිවාරෝධතා ගහන පසමිතුරුතා සහිත හේගලියානු භෞතික ලෙනින්වාදී පවුලට ද? (ලෙනින්ට බිරිද සහ පෙම්වතියක් ද සිටි බව සළකන්න)



ඔබ සිතන්නේ කුමක් ද?



සැප්තැම්බර් මස 09 වන ඉරිදා උදෑසන 10.00 ට මරදාන සමාජ හා සාමයික කේනද්‍රයට එන්න


http://en.wikipedia.org
/wiki/Inessa_Armand
http://www.realussr.com/ussr/the-fearsome-threesome-–-lenin-and-his-lovebirds/

http://en.wikipedia.org/wiki/Frida_Kahlo
 

Similar threads