අපේ ඔෆිස් එකෙන් annual trip එක යන්න දාගෙන තිබ්බ දවසක්. මාඉ වයිෆුයි ඕක යන්න ඇදුම් ලැඑස්ති කර කර හිටියෙ.
කට්ටිය සෑහෙන්න සෙට් වෙන්න ගෘප් එහෙමත් හදාගෙන හිටියෙ. වෙනදට ට්‍රිප් වලට බැහැල වැඩ කරන එකෙක් මන්. හැබැයි මොන හේතුවකටද මන්ද මන් ඒ එකකටවත් සෙට් උනේ නෑ, හිත කිවුවෙම මේක මට යන්න බැරි වෙයි කියලමයි. වයිෆ්ටත් මන් කිව්ව අපිට මේ ට්‍රිප් එක යන්න බැරිවෙයි කියල හිතෙනව කියලත්, එදා හවස ඔෆිස් ඇරිල ගෙදර එද්දි. කිසිම හේතුවක් නැතුවම.
කොහොමහරි ඇදුම් ටික බෑග් එකට දාන්න උනේ නෑ, අම්ම කෝල් කල තත්තට පපුව රිදෙනව කියනව කියල. තාත්ත heart patient කෙනෙක්, හැබැයි එදා දවලුත් හොදටම ඉදල.
කොහොමහරි අපි එවලෙම හොස්පිටල් අරන් ගියා, එයාම car එකෙන් බැහල හොස්පිටල් එක ඇතුලටත් ඇවිදගෙන ගිය. ඒත් විනඩි 10ක් වත් හිටියෙ නෑ, ETU එකේදිම නැති උනා.