මර්වින්ට විනය පරීක්ෂණයක්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කැළණිය සංවිධායක නියෝජ්‍ය අමාත්‍ය මර්වින් සිල්වා මහතාට විරුද්ධව විනය පරීක්ෂණයක් පැවැත්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විනය කමිටුව අද තීරණය කර තිබෙනවා.
ඒ පසුගිය දා කැළණිය ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමා ඇතුළු සියළුම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුවයි.
සති පොළට අයිති කඩ කාමර බදු දීමට අදාලව දෙපාර්ශවය අතර ඇතිවූ මත ගැටුමත් සමඟම මෙම කරුණු මාධ්‍ය හරහා හෙළි වුනා.
කැළණිය ප්‍රාදේශීය සභාවේ සභාපති තුමා ඇතුළු සියළුම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් චෝදනා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මර්වින් සිල්වා මහතාද වරින් වර මාධ්‍ය හරහා අනිත් පාර්ශවයට චෝදනා එල්ල කළා.
මෛත්‍රීපාල සිරිසේන ඩලස් අලහප්පෙරුම සහ සුසිල් ප්‍රේමජයන්ත යන අමාත්‍යවරුන් මෙම විනය කමිටුව මෙහෙය වනු ලබනවා.කැළණිය ප්‍රාදේශීය සභාවේ සභාපති තුමා ඇතුළු මන්ත්‍රී කණ්ඩායම මෙම විනය කමිටුව හමුවේ ඊයේ අදහස් ඉදිරිපත් කර තිබුණා.
මීට පෙරද අමාත්‍ය මර්වින් සිල්වා මහතාට විරුද්ධව විනය සම්බන්ද චෝදනා එල්ල වූ නමුදු එම චෝදනා ක්‍රමයෙන් යට ගැසී ගියා.මෙවර කුමකින් කුමක් සිදු වනනේ දැයි කවුරුත් බලා සිටිනවා.
උපුටා ගැනීමhttp://www.aluthnews.com/