මර්වින් අසරණ වෙයි !

~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
මර්වින් අසරණ වෙයි !

mervin-silva.jpg


ආණ්ඩුවේ බල මහිමයෙන් මෙතෙක් කල් වැජඹුණු මර්වින් සිල්වා අමාත්‍යවරයා මේ වනවිට අන්ත අසරණ තත්වයකට පත්වී ඇත. එයට හේතුව වන්නේ රාජපක්ෂවරුන් වෙනුවෙන් දිවි දීමට සුදානම් වූ මර්වින්ම රාජ උදහසට ලක්වීම හේතුවෙනි.

මෙහි ආසන්නතම සිදුවීම වාර්තා වන්නේ මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වාට ඔඩෙල් වෙළඳ සැලේ රථ ගාල තුලදී ප්‍රහාරයක් එල්ලවීම සමගය. ප්‍රහාරයට පැමිණ තිබුනේ ආරක්ෂක අංශ වලට අයත් වාහනයකි.

පහර දුන් අය සෙවීමට පොලීසි තමාට අවශ්‍යය නෑ කියූ මර්වින්ට අද ඒ පිලිබඳ හෝඩුවාවක් වත් සොයාගැනීමට නොහැකිව ඇත. පොලිස් පරීක්ෂණ ද මේවනවිට යටගොසිනි. එම ප්‍රහාරය මර්වින්ම දන්නා පරිදි තමන් දිවි දීමට සුදානම් වූ පාර්ශවයේම පුත්‍රයෙකුගේ බලපෑමක් මත එල්ල වුවක් බවට මේවනවිට තොරතුරු හෙළිවී තිබේ. මර්වින්ද පසුගිය කාලේ තම හිතවතුන්ට පවසා තිබුනේ එවන් කතාවකි.

තිරයෙන් පිටුපස මර්වින් අසරණ වුවත් මයිකෆෝනය ඉදිරිපිට ඔහුගේ සුපුරුදු අහංකාරකම පවත්වාගැනීමට මර්වින්ට මේ මොහොත වන විටත් හැකියාව ලැබී ඇත.

රාජ උදහසට ලක්වූ මර්වින් පසුගියදා කියා සිටියේ රාජපක්ෂවරුන්ට තමා එපා වුවත් මැරුණත් විපක්ෂයට නොයන බවය. එසේ වුවහොත් තමා ගෙදර යන බවද මාධ්‍යයට පවසා තිබුණි. ඇතිවී තිබෙන තත්වය අනුව මර්වින්ට දැන් ගෙදරද සිටිය නොහැක. මන්දයත් බුද්ධි අංශ නිලධාරින් මර්වින් හා මාලක පසුපස පන්නන හෙයිනි.

ගෙදර සිටීමට බැරි මර්වින් ඇමරිකාව බලා යාමට සිය පුතු සමගින් වීසා ඉල්ලීමක් කලද එයද පසුගියදා ප්‍රතික්ෂේප වුනි.

අවසානයේ මර්වින් ට සිදුවුයේ විපක්ෂයේ ආරක්ෂාව පැතීමය. ඒ අනුව විපක්ෂයේ ප්‍රභල මන්ත්‍රීවරයෙකුට පසුගියදා දුරකතනයෙන් ඇමතුමක් ලබාදුන් මර්වින් ඔහු මුහුණදුන් ඉරණම එකින් එක විස්තරකොට ඇත. පැයකට ආසන්න කාලයක් මර්වින් එම ඇමතිවරයා සමග සංවාදයේ යෙදී ඇත. එහිදී දෙදෙනා අතර යම් යම් එකඟතාද සිදුවී ඇත. පසුගියදා සිංගප්පුරුවේදී ද විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු සමග මර්වින් රහස් හමුවක් යොදාගෙන තිබුණි.

මේ සියල්ල අතර විපක්ෂයේ අරමුණ වන්නේ 2014 සඳහා අයවැය ඉදිරිපත්වන මෝහතේදී මර්වින් හරහා තීරණාත්මක තීන්දුවක් ලබාදීමටය. එය දයාසිරි ජයසේකර ආණ්ඩුවට එක්වූ මොහොත මෙන් උණුසුම් විය හැක.

අනෙක් පැත්තෙන් පක්ෂ මාරුව මර්වින්ට අලුත් දෙයක් නොවේ. වර්තමානයේ ජනපති වර්ණනා කරන අයුරින් ඔහු එකල විපක්ෂ නායකවරයා වර්ණනා කළේය.

මේ අතර පසුගියදා මර්වින් හා සෝභිත හිමියන් අතර රහස් හමුවක් පැවති අතර එම රහස් හමුව ජනපතිවරයාට රහසක් නොවුයේ අප කලින් සඳහන් කලාක් මෙන් බුද්ධි අංශයේ සාමාජිකයන් මර්වින් සිල්වා පසුපස ලුහුබැඳ තිබු හෙයිනි.

ඒ අනුව සෝභිත හිමියන් හමුවී අවසාන වනවාත් සමග ජනපතිවරයා ගෙන් මර්වින්ට දුරකථන ඇමතුමක් ලැබී තිබුණු අතර ජනපතිවරයා මර්වින්ට සිනාමුසු කටහඩින් පැවසු වදන්වල අරුත වුයේ "මර්වින්ගේ ගමන ගැන ජනපති දන්නවා" යන අදහසකි.

Source - 33000
කරන කලට පව් මිහිරියි මී සේ විදින කලට දුක් දැඩි වෙයි ගිනිසේ
 
Last edited:

Toy Boy

Member
Aug 25, 2013
1,371
43
0
කරපු බලු වැඩ වලට බලු වෙලාම නවතින්න ඔනේ .කිසිම රටක ආරක්ෂාවක් ලැබුනේ නැත්තම් හොදයි .
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ඇත්තටම යෝෂිතයි ,මාලකයි අතර ඇති වුන හුටපටය මොකක්ද? දන්න එකෙක් කියපන්කො.රහස් තියාගෙන ඉන්න එපා.මගේනම් රහස් .
 

Vampire

Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    මර්වින් කියන්නේ මෝඩයෙක් නෙවේ බං ඌ කවදාවත් මහින්දව දාලා යන්නේ නැහැ ඊට වඩා සැපයි කට වහගෙන ගෙදර ඉන්නවා. , ආණ්ඩුපෙරලන්න මර්වින් නෙවේ ඊටවඩා ලොකු එකෙක් ගියත් 80ක්වත් අරන් යන්න ඕනා මොකද ගැප් එක එච්චරට වැඩියි ඒ විතරක් නෙවේ රජාගේ ඉත්තෝ 10ක් 15ක් විතර විපක්ෂයේ ස්ථානගත කරලා තියෙන්නේ ඔත්තුගන්න. අනික කුණුගොඩක් අරන් මැරිච්ච විපක්ෂේ තව ගදගහනවා මිසක් සුවද හමන්නේ නැහැ.

    මාත් කැමතියි මරැවින්ට කෙළවෙනවානම්, ඒත් ලංකාවේ සම+හරක් කැමති වෙන්නේ නැනේ ඒකාව ප්‍රයෝජනයට ගත්ත එකාට කෙලවෙනවාට.
     
    Last edited:

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    බුද්ධි අංශ නම් මගේ පස්සෙත් ඉන්නවා.මම යන පස්සෙන් අමුතුම ජාතියේ ප්ලේන් හතරක් උඩින් යනවා.
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මර්වින් කියන්නේ මෝඩයෙක් නෙවේ බං ඌ කවදාවත් මහින්දව දාලා යන්නේ නැහැ ඊට වඩා සැපයි කට වහගෙන ගෙදර ඉන්නවා. , ආණ්ඩුපෙරලන්න මර්වින් නෙවේ ඊටවඩා ලොකු එකෙක් ගියත් 80ක්වත් අරන් යන්න ඕනා මොකද ගැප් එක එච්චරට වැඩියි ඒ විතරක් නෙවේ රජාගේ ඉත්තෝ 10ක් 15ක් විතර විපක්ෂයේ ස්ථානගත කරලා තියෙන්නේ ඔත්තුගන්න. අනික කුණුගොඩක් අරන් මැරිච්ච විපක්ෂේ තව ගදගහනවා මිසක් සුවද හමන්නේ නැහැ.

    මාත් කැමතියි මරැවින්ට කෙළවෙනවානම්, ඒත් ලංකාවේ සම+හරක් කැමති වෙන්නේ නැනේ ඒකාව ප්‍රයෝජනයට ගත්ත එකාට කෙලවෙනවාට.

    මහින්දටත් එච්චර කාලයක් බලේ ඉන්න බෑ.දැනටමත් මිනිසුන්ට නහුතෙට එපා වෙලා ඉන්නේ:D
     

    H@suri

    Member
    Sep 17, 2006
    2,518
    349
    0
    වියට්නාමයේ
    බුද්ධි අංශ නම් මගේ පස්සෙත් ඉන්නවා.මම යන පස්සෙන් අමුතුම ජාතියේ ප්ලේන් හතරක් උඩින් යනවා.

    උබේ පස්සේ එන්නේ කෙවින් ලොල්ලා වෙන්නැති

    :lol::lol::lol::lol::lol:
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    කොට මොඩල් ලඟ පිකප් - කවුද ඇමති කෙනෙක් ලගකදී මෙතුමා ගැන මෙහෙම කියලා තිබුනා:P
     

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    තව දේවල් දන්නවා. කියන්න බැ. මේ කියල තියන දේවල් බාගයක් විතර ඇත්ත. ඉතුරු ටික sure නැ. එකක් ලියන්නම්. මර්වින් යන්නේ නැ, එලවන්නෙත් නැ. ඉස්සර කට්ටිය එකට game දීපුවා ලීක් කරනව නේ.
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මර්වින්ට දැන් වැඳලවත් සමාව ගන්න බෑ වගේ.