මගේ පුතාට කුඩුකාරයෙක් කියනවා… මං ඒකට පොල් ගහනවා – මර්වින්
June 27, 2013 at 10:46 am | lanka C news
මගේ පුතාට කුඩුකාරයෙක් කියනවා… මං ඒකට පොල් ගහනවා – මර්වින්
එච්. ආර්. ජෝතිපාල ගුණ සැමරුම් උලෙළේ ගීත ගායනා කළ හැකි වන්නේ ගායකයන්ට පමණක් බවත් මෙය පිබිදෙන ගායක පරපුරක් නොවන බවත් මහජන සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්‍ය මර්වින් සිල්වා මහතා සදහන් කරයි.
ඒ මහතා මේ අදහස් පළ කළේ එච්.ආර්. ජෝතිපාල කලාකරුවාගේ 26 වැනි ගුණ සැමරුම් උළෙල වෙනුවෙන් පැවති මාධ්‍ය දැනුවත් කිරීමේදීය. එය මර්වින් සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ප්‍රවීණ කලා ශිල්පීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. එච්. ආර්. ජෝතිපාල ගුණ සැමරුම් උලෙළ ජුලි 07 වෙනිදා සුගතදාස ගෘහස්ත ක්රීඩාංගානයේදී පැවැත්වීමට නියමිතය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
‘කෙනෙක් ජනප්‍රිය කරන්නත් විනාශ කරන්නත් මාධ්‍යයට පුළුවන් එක් පුවත්පතක් හරහා මගේ පුතාට කුඩු කාරයෙක් කියලා හංවඩු ගහලා තියෙනවා. මාධ්‍යයට තියෙන ආදරය හින්දම මේ වගේ වැඩ කරන්න එපා කියලා ඉල්ලනවා. නුදුරු දිනයකදී මම මේ ගැන දෙවියන්ට කන්නලව් කරලා පොල් ගහනවා යැයි කීය’