මර්වින් සිල්වා රටින් පනියි

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,279
    12,338
    113
    Ohio, USA
    මර්වින් සිල්වා රටින් පනියි

    2110Mervin_Gasbenda_J.jpg


    1209350971marvin%20silwa.jpg


    කොලොන්නාවේ තත්ත්වය ගැන සෝදිසියෙන් සිටින ලෙසත්, භාරතගේ අනුගාමිකයන්ගෙන් එල්ලවිය හැකි ඕනෑම අභියෝගයකට මුහුණදීම සඳහා ගෝලබාලයින් සමඟ සූදානමින් සිටින ලෙසත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අමාත්‍ය මර්වින් සිල්වා මහතාගෙන් කළ ඉල්ලීම ප‍්‍රතික්ෂේප කරමින් අමාත්‍යවරයා ඔහුගේ ගෝලයින් කිහිප දෙනෙකු සමඟ ඊයේ රාත‍්‍රියේ සිංගප්පූරුව බලා පිටව ගොස් තිබේ.

    විදේශ සංචාරය අවලංගු කොට මේ මොහොතේ තමා සමඟ සිටින ලෙස ජනාධිපතිවරයා කිහිප වරක්ම මර්වින් සිල්වා අමාත්‍යවරයාගෙන් ඉල්ලා ඇතත්, මීට මාස කිහිපයකට පෙර අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා අනිවාර්යයෙන්ම විදේශගත විය යුතු බව කියමින් ඔහු ජනාධිපතිවරයා මඟහැර ගොස් තිබේ. තමා ඉක්මනින් නැවත එන බවද ඔහු කටුනායක ගුවන් තොටුපලේ සිට දුරකතනය ඔස්සේ ජනාධිපතිවරයාට දැනුම් දී තිබේ.

    ජනාධිපති උපදේශක භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතා ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට හා ආරක්ෂක ලේකම්වරයාට මෙන්ම මර්වින් සිල්වා අමාත්‍යවරයාට ද ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින්ගෙන් දැඩි විවේචනයක් එල්ල වී තිබේ.

    කොළඹ සිලෝන් ඉන්ටකොන්ටිනල් හෝටලයේ ඊයේ පැවති ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සේවක සංගමයේ ප‍්‍රථම සංවත්සර රැුස්වීම ඇමතූ එම පක්ෂයේ වෘත්තීය සමිති නායක ලෙස්ලි දේවේන්ද්‍ර මහතා මර්වින් සිල්වා අමාත්‍යවරයා අසුන් ගෙන සිටියදීම බරපතළ ලෙස ඔහුව විවේචනය කරනු ලැබීය. වෘත්තීය සමිති නායක භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතාගේ මරණයට තමන් මර්වින් සිල්වා දෙසටද ඇඟිල්ල දිගු කරන බවද දේවේන්ද්‍ර මහතා එහිදී පැවසීය. මේ අවස්ථාවේ ඔවුන් දෙදෙනා අතර බහින් බස්වීමක් සිදු වුවද දේවේන්ද්‍ර මහතා දිගින් දිගටම මර්වින් සිල්වා අමාත්‍යවරයාව බරපතළ ලෙස විවේචනය කරනු ලැබීය.

    භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතාගේ දේහය ජාවත්ත මහල් නිවාසයට රැගෙන ආ අවස්ථාවේදී ලෙස්ලි දේවේන්ද්‍ර මහතා ආණ්ඩුවේ නායකයින් මෙම ඝාතනයට වගකිව යුතු බවට ප‍්‍රකාශ කළ බව අපගේ වෙබ් අඩවිය එදින වාර්තා කළෙමු.

    Code:
    http://www.lankanewsweb.com/sinhala/index.php?option=com_content&view=article&id=352:2011-10-11-12-01-23&catid=1:general&Itemid=53
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මර්වින් ගෙ චන්ඩි පාට් කැමරා ඉස්සරහ විතරයි.. ඌ දන්නවා ගානට ඇඟ බේරාගෙන ඉන්න හැටි :lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ලොල් සීන් එක තවත් ඊ නිව්ස් අඩවියක්වත්ද මචෝ මේ
    අහෝ ඉරකි තිතකි අඩෝ අම්බානෙක බොරු ඇද බාන සයිට් එකක් නෙ බන් ඒක ඉදල හිටල ඇත්තක් කියල තියෙනවා හෙන ගහනව ඕයි කාට උනත් මෙහෙම බොරු ප්‍රචාරය කරනවට
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    ලොල් සීන් එක තවත් ඊ නිව්ස් අඩවියක්වත්ද මචෝ මේ
    අහෝ ඉරකි තිතකි අඩෝ අම්බානෙක බොරු ඇද බාන සයිට් එකක් නෙ බන් ඒක ඉදල හිටල ඇත්තක් කියල තියෙනවා හෙන ගහනව ඕයි කාට උනත් මෙහෙම බොරු ප්‍රචාරය කරනවට

    :(