මර්වින් සිල්වා

laksiri_abe

Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    මර්වින් සිල්වා

    Sri-Lankas-Kumar-Sangakkara-quits-captaincy-Cricket-news-61410.jpg
    හිටපු ශ්‍රීලංකා ක්‍රිකට් නායක වත්මන් ක්‍රීඩක කුමාර් සංගක්කාරට විස්ඩන් සඟරාවට සම්මුඛ සාකච්චාවක් දීම මෙරට ක්‍රිකට් බලධරයන් විසින් තහනම් කර තිබේ.හේතුව නොකිව්වත් සියල්ලෝම දනිති. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ගිවිසුමක සිටින නිසා ඔහුට එම අණ පිලිපැදීමට සිදු වී තිබේ.

    මාස කීපයකට කලින් ලෝර්ඩ්ස් හිදි දේශනයක් කල කුමාර් සංගක්කාර ශ්‍රී ලංකාව තුල ක්‍රීඩාව දේශපාලනීකරණය වී තිබීම දැඩි ලෙස විවේචනයට ලක් කලේය. ඒ නිසා ඔහු මෙරට දේශප්‍රේමින්ගේ දැඩි වෛරයට භාජනය වූ අතර එතෙක් වීරයෙක් වී සිටි සංගා එක ‍රැයින් දේශද්‍රෝහියෙක්, පාවා දෙන්නෙක් බවට පත් විය.

    තත්වය එසේ තිබියදී 2011 වසරේ විස්ඩන් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ‍තෝරාගත්තේ සංගාය. වසරේ ක්‍රීඩකයා සමග කල සම්මුඛ සාකච්ඡාවක් පල කිරීම සාමාන්‍ය සිරිතයි.

    අපේ ලොක්කන් තම බලය යොදවා නතර කලේ එම සාකච්ඡාවයි.