මරාගෙන මැරෙන දැලිපිහි ඩ්‍රෝන යානාව ....

mic

Member
Nov 24, 2006
1,333
553
0
මරාගෙන මැරෙන දැලිපිහි ඩ්‍රෝන යානාව ....

මරාගෙන මැරෙන දැලිපිහි ඩ්‍රෝන යානාව - "Switchblade" Kamikaze Drone
729switchblade-drone-420x0.jpg


ඇෆ්ඝනිස්ථානයේ සටන්වදින අමෙරිකානු හමුදා ඇෆ්ඝන් භූමිය විවිධ වර්ගයේ ඩ්‍රෝන යානා අත්හදා බලමින් ඒවායේ හැකියාවන් හා ක්‍රියාකාරිත්වයන් තහවුරු කිරීමේ භූමියක් (proving ground) ලෙස භාවිතාකරයි. අමෙරිකානු විශේෂ බළඇණිවලට ලබාදී ඇති අලුත්ම ආයුධය වන්නේ ස්විච්-බ්ලේඩ් හෙවත් දැළිපිහිය ලෙස නම් තබා ඇති ස්වයං-නාශක (සියදිවිනසා ගන්නා - kamikaze) වර්ගයේ කුඩා ඩ්‍රෝන යානයකි. මෙයට ස්විච්-බ්ලේඩ් ලෙස නම් තබා ඇත්තේ දැළිපිහියක පිහිතලය දිගහැරෙන්නාසේ යානය ගුවන්ගත කිරීමේදී එහි පියාපත් දිගහැරෙන බැවිනි.

කැලිෆෝනියාවේ ඒරෝවිරොන්මන්ට් (AeroVironment Corporation ) නම් සමාගමක් මගින් නිර්මාණය කොට ඇති මෙය කිලෝ 2.7ක් පමණ බරකින් යුතු පහසුවෙන් උරහිසෙහි එල්ලාගෙන යා හැකි යානයකි. දිගින් අඩි දෙකක් පමණ වන මෙය ඉතා කඩිනමින් ගුවන්ගත කල හැකි අතර බැටරියකින් බලගැන්වෙන ඉතා නිහඬ මෝටරයකින් ක්‍රියාත්මක වෙයි. ගුවන්ගත වුනු පසු විනාඩි 10-15ක් පමණ කාළයක් ගුවන්ගේ රැඳී සිටිමින් මෙහෙයවන්නාට වර්ණ හා අධෝරක්ත වීඩියෝ දර්ශණ සජීවීව ලබාදිය හැකි මෙය නිර්මාණය කොට ඇත්තේ කුඩා භට කණ්ඩායම් වලට තමන් හට සැඟවී ප්‍රහාර එල්ල කරන සතුරු සෙබළුන් අහසේ සිට නිරීක්ශණය කොට ඉතා ඉක්මණින් විනාශකාරී ප්‍රහාරයක් එල්ල ක්‍රීමේ පහසුකම ලබාදීම සඳහාය.


Untitled.png


මෝටාර් විදිනයක් හා සමාන විදිනයක් මගින් ගුවන්ගත කලහැකි ලෙස නිර්මාණය කොට ඇති මෙය තනි සෙබළෙකුට ඉතා පහසුවෙන් ගුවන්ගත කොට ක්‍රියාත්මක කල හැකිය. සතුරු හමුදා සමග කෙරෙන මුහුණට මුහුණ සටන් (close combat) වලදී ඉතාමත් සාර්ථක ප්‍රථිපල ලබාදුන් බව මෙය මුලින්ම භාවිතා කල ඇෆ්ඝනිස්ථානයේ මෙහෙයුම්වල නිරත අමෙරිකානු විශේෂ බළකා ඒකක ප්‍රධානීන් (unit commanders) පවසති.

Untitled.png


යම් තැනක සැඟවී ප්‍රහාර එල්ල කරන සතුරු හමුදා භටයින් ඉතා ඉක්මණින් සොයාගෙන විනාශ කිරීම සඳහා මෙම ඩ්‍රෝන යානය විනාඩි කිහිපයක් තුල ගුවන්ගත කොට ප්‍රහාරය එල්ල වන දිශාවට යැවිය හැකි අතර ඉතා නිහඬව පියාසර කරන නිසාත්, පහතින් ගමන් කරන නිසා සතුරාට නිරීක්ශණය කිරීම ඉතා අපහසුය. අහසේ සිට සතුරු සෙබළුන් සිටින ප්‍රදේශයේ වීඩියෝ දර්ශණ ක්‍රියාකරුවාට එවන යානය අවශ්‍ය මොහොතකදී සතුරු සෙබළුන් සිටින ස්ථානය වෙත යවා පුපුරවා හැරීමට එය මෙහෙයවන්නාට පුලුවන.


source
Code:
http://vidya-gaweshana.blogspot.com/2013/02/switchblade-kamikaze-drone.html