කොස්වත්ත, තලංගම ප්රදේශයේදී අත්බෝම්බයක් පුපුරා පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලබා තිබේ.
කාන්තාවන් දෙදෙනෙකු හා පිරිමි පුද්ගලයෙකු එම ප්රහාරයෙන් මියගොස් ඇති අතර 9 හැවිරිදි දැරියකට ද තුවාල සිදුවී ඇත.
මෙම සිද්ධියෙන් මියගිය පිරිමි පුද්ගලයා දේවාලයක කපු මහතෙකු ලෙස සේවය කරන්නෙකු බව සඳහන්ය.
කාන්තාව සිය මව හා දියණිය ද සමග ඔහුගෙන් සේවය ලබා ගැනීමට ගොස් යම් ගැටලුවක් හටගෙන ඇති බව සඳහන්ය.
මේ සම්බන්ධයෙන් කාන්තාව පොලීසියට පැමිණිලි කිරීමට ගොස් තිබේ.
එම ස්ථානයට පැමිණි අදාළ පුද්ගලයා අත්බෝම්බ්යක් පුපුරවාගෙන ඇති බව වාර්තා වේ.
ඒ අසළ කාන්තාව, ඇයගේ මව හා 9 හැවිරිදි දියණිය සිට ඇති අතර එහිදී බෝම්බ ප්රහාරයෙන් පිරිමි පුද්ගලයා හා කාන්තාව එම ස්ථානයේදීම මියගොස් ඇත.
තුවාල ලැබූ කාන්තාවගේ මව සහ දියණිය කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එහිදී කාන්තාවගේ මව මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග පැවසුවේය.
adaderana