මරා-සිරා_ජුන්ටාව_අනාථයි
මරා -සිරා ජුන්ටාව අනාථයි..! හොර අගමැතිට 121 කගේ විරෝධය අදම පාර්ලිමේන්තුවේ දී පෙන්වයි..!! ටීඑන්ඒ ජවිපෙ එජාපෙරමුණේ පක්ෂ සියල්ල එකම මතයක (Video)
කතානායකතුමාගේ කැඳවීමෙන් අද උදෑසන පාර්ලිමේන්තු පරිශ්‍රයට රැස්වූ පක්ෂ නායකයන් සහ මන්ත්‍රීවරුන් විසින් මරා-සිරා ජුන්ටාවේ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණය නිල නොවන ලෙස පරාජය කෙළේ ජුන්ටාවට 113 පැත්ත පළාතකට පැමිණිය නොහැකි බව සනාථ කරමිනි.
ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ අගමැති ලෙස පත් කිරීම ව්‍යවස්ථා විරෝධී බවත් නීති විරෝධී බවත් 125 දෙනෙකු විසින් ලිඛිතව කතානායකතුමාට ලිපි බාර දී ඇති අතර අද ඉන් 121 දෙනෙකු පාර්ලිමේන්තු පරිශ්‍රයට පැමිණ ප්රජානත්ත්රවාදය සඳහා තම සහාය ඍජුවම පළ කළහ. හොර අගමැතිට විරෝධය පළ කළහ.
මේ රැස්වීමට දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ සහ එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන් සහ මන්ත්‍රීවරුන් 121 දෙනෙකු සහභාගී වූහ.
මන්ත්‍රීවරුන් ඇමැතූ කතානායකතුමා කියා සිටියේ තමන්ට ජනාධිපති සිරිසේන දුරකථනයෙන් අමතා 7 වෙනිදා පාර්ලිමේන්තුව රැස් කිරීමට ක්‍රියා කරන බව පැවසූ බවයි. ජනාධිපතිවරයා එය කළත් නොකළත් තමා සතු බලතල අනුව බහුතර මන්ත්‍රීන්ගේ ඉල්ලීම පරිදි පාර්ලිමේන්තුව 7 වෙනිදා කැඳවන බව කතානායකතුමා පක්ෂ නායකයන්ට දැනුම් දුන්හ.
අද සවස 2.30ට පක්ෂ නියෝජිතයන්ගේ නිල නොවන රැස්වීමක් කැඳවා න්යායපත්රය සකස් කිරීමටත්, පාර්ලිමේන්තුවේ සහාය ලබාගෙන රට ස්ථාවර තත්ත්වයකට පත් කිරීමටත් තමාට සහාය දෙන ලෙසත් කතානායකතුමා සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටියේ ය.
‘‘තවමත් අපේ ආණ්ඩුව. 123ක් අපිට ඉන්නවා. නිලධාරීන්ට කියන්නේ නීති විරෝධී නියෝග ගන්න අය අපි එළවනවා.‘‘ යැයි මංගල සමරවීර මහතා කීවේය.
රැස්වීමේ වීඩියෝවක් පහතින්

අගමැති ඔයතරන් නහින්නේ මොකටද පාර්ලිමේන්තුව විසුරුවලා කෙලින්ම මහ මැතිවරනයක් තියලා ජනතා මතය ඇහුවා නම් මිනිස්සු හරි උත්තරය දෙයි මහින්ද ලොක්ක කොන්ද කෙලින් තියන් මැතිවරනයකට තරග කරන්න සූදානම් නේ 