අපි දවසක් ගිය යාලුවෙක්ගෙ ගෙදර....
එදා වැස්ස දවසක්...
එහෙ ගිහිං ඉන්න අතරේ අපේ එකෙක් දැකල ටිකක් උස පොල් ගහක්.....
වැස්ස අඩු උනාම ඉනිමගක් අරගෙන කට්ටියම ගිහිං කැඩුව වෑවර....
මගේ එක කලින්ම බිවුව...
අනිත් එවුනුත් බිවුව....
පිහි නැතිව ගහටම ගහල බිවුවේ...
ගහට නැග්ගේ ඒ ගෙදර හිටපු යාළුවා...
ඌට ඕන කිවුවේ ලස්සනට ගෙඩිය කපලා...
මම බාරගත්ත ඒ වැඩේ කරන්න...
පිහියක් අරගෙන උන්ගේ කුස්සිය පැත්තේ ගිහිං, ගෙඩිය කපද්දී එකත බොන්න හිතුන...
දෙපාරක් හිතන්නේ නැතිව මම එක බිලා,
ටැප් වතුර පිරෙවුව...
පුරවල, අරුට ගිහිං දුන්න....
ශික් බං, බලපන්කො පායන කාලෙට බිවුවනම් හරිනේ, මේ හු#@# වතුර වගේ කියලා අරූ ටිකක් බිල විසි කළා...
මම කාටවත් කිවුවේත් නැහැ...
අරූ තවම දන්නෙත් නැහැ....