ජින්තුවා;18066867 said:දවසක් වෙඩිමකට ගියා පියතුමා එක්ක. ලොක්ක ඉන්න නිසා බොන්නෙ නෑ කියල හිතාගෙන හිටියට ඔන්න තිබ්බේ JD.. කොහෙද ඉතින් මේ පෙරේත කමත් එක්ක බෑනේ ඉතින් කෙලිය ලෙසටම. පියතුමත් යාලුවෝ එක්ක සෙට් වෙලා හිටියෙ. අන්තිම හරියට යනකොට ටිකක් බඩු වැඩියි වගේ නිසා ශේප් එකේ ආව ගෙදර.. හුට ගෙදර ඇවිත් අම්ම අහනකොට මතක් උනේ පියතුමා තාම වෙඩිමේ කියල. ඔන්න ඉතින් බැනුනුත් අහගෙන ආයේ එලියට බැස්ස ලොක්කව එක්ක එන්න.. එතකොටම මෙන්න පොර එනව ටුක් ටුක් එකක. පොර මට හපන් අද වෙන්න ගහල ගෙට එන ගමන් මට කියනව " කොහෙද යකෝ මේ රෑ තිස්සේ යන්නෙ, යන තැනක උදේට පලයන් කියල" සීන් එක පොරට මටකත් නෑ ගියේ මාත් එක්ක කියල.![]()





ඔකෙන්ම දාපන් අයෙ මොන ෆෙක් ද ඔකත් ෆෙක් එකක් වගෙ තමා![]()
ෆේක් හදාගෙන මැරෙන්න ඕන නැහැ ඔන්න ඕකෙන්ම දානව අයිසේ








මරිසියක් නම් නෙවේ..
මේක මම පොඩි කාලේ මට උන පජාත සීන් එකක්...
මම එතකොට 3 හෝ 4 වසරේ... හරියටම මතක නෑ..
උබලට සිද්දිය තේරුනාද දන් නෑ..
කෝකටත් MS Paint වලින් ඇඳලා දැම්මා...
![]()
ඉතින් ඊට පස්සෙ මම් ශේප් එකේ බස් එකට නැගගත්තා..
අපේ අක්කා ගෙදර අවිත් සීන් එක හැමෝටම කිය කිය මාව චාටර් කලා...
තවමත් නෑදෑයෝ එකතු උනහම මමාව නෝන්ඩි කරනවා..
කෙල්ලන්ගේ ගවුම් අස්සේ රින්ගන්ඩ ගියා කියලා...








මේකත් උනේ උසස් පෙළ කරන කාලේ මයි...
පන්තියට ටීචර් කෙනෙක් එනවා උගන්වන්න...
අපී හරිම ආදරේ ඒ ටීචර්ට..
ඒ නිසාම කැමැත්තෙන් පීරියඩ් එක කට් කරන්නමය් බලන්නේ...
පස්සේ පස්සේ එයා දැනගත්ත කොල්ලෝ ඉන්න පන්තියක ඇවිත් කොහොමද කොල්ලොන්ගේ අවදානේ දිනාගන්නේ කියල.....
ඇවිල්ල හිටගෙන මේසෙට බර වෙලා,
මේසේ එක උලකට එයාගේ එක හිර වෙන්න තද කරගෙන ඉන්නේ....
ඉතින් කොල්ලෝ එක බල බල ක්ලාස් එකේ ඉන්නවා...
කියල දෙන මෙලෝ මගුලක් තේරෙන්නේ නැහැ...
පොතක් ගේනවා මහදැනමුත්තාගේ පොත විතර ලොකු එකක්...
එක ගෙනාපු දවසට පොත කියවනවා...
අපි ලියනවා...
ගෙනාපු නැති දවසට කලින් දවසේ මැච් එකේ විස්තර,
පවුල් වල විස්තර සේරම අහල පීරියඩ් එක ඉවර වෙන්න යද්දී පද්ද පද්ද යනවා...
තරුණ බඩ්ඩක් නම් තව දුක නැහැ...
තරුණ දුවෙකුත් ඉන්න අම්ම කෙනෙක් ඒ ටීචර්...
ඉතින් අපි සුපුරුදු පරිදි කතා කරගත්ත වැඩක් දෙන්න...
අපේ එකෙක් ටීචර් හේත්තු කරගන්නකොටම වතුර එකක් අරගෙන මේසේ ලඟින් තිවුව....
ඒ මොකටද කියල ඇහුවහම,
මේසෙට කලන්තේ හදුනොතින් ඉහිල සිහිය ගන්න කියල අරූ කිවුව....
දැන් ටීචර් බනිනවා කොල්ලොන්ට දෙක වෙන්නම....
ඒ අස්සේ මම පිටිපස්සෙන් ගිහිං එයාගේ පොත අරගෙන මේසේ ලාච්චුවට දාල වහල මට නෙවි වගේ ආව....
වටයක් ගියා දෙකක් ගියා...
ඔලුව කැහුවා...
සුපුරුදු පරිදි
ඊයේ මැච් එක දිනන්න තිබ්බ නේද කියල දවසේ පාඩම පටන් ගත්ත...
බෙල් එක ගහන්න කිට්ටුව
අපි එහෙනම් හෙටම පාඩම කරමු නේද ,
විභාගෙට තව කල් තියෙනවනේ,
කියල යන්න හදද්දී,
මම ගිහිං මේ පොතත් අරගෙනම යන්න කියල පොත ගිහින් දුන්න....
මට බැන්න පලු යන්න....
ආආආආඅ ඈ ඈ..................
ගාගෙන දිවුව පිනාගේ ඔෆිස් එක පැත්තට...
හරි මට බඩු තමයි...
ගත්ත පොත් ටික දිවුවා තාප්පේ පැත්තට....
සුපුරුදු පරිදි හැම පන්තියකම උඩ දාගෙන දෙන එකෙක් ඉන්නවනේ..
අන්න ස...ර් අරූ තාප්පෙන් පනින්න යනවෝඕ...
කියල අරූ කෑගහද්දී..
මට සපෝර්ට් කරපු එවුන් දෙන්න තුන් දෙනාත් ආව...
කොහොම හරි අන්තිමට පනින්න සෙට් උනේ මට....
තාප්පෙට අමාරුවෙන් නැගල එක කකුලක් දාල,
අනිත් කකුල ගන්න යද්දී එකෙක් අදිනවා,
බලද්දී පිනා...
මම පයින් උගේ මුහුණට ඇනල දිවුව....
කොහොම හරි දවස් 4 කට පස්සේ තමයි අපි ඉස්කෝලේ ගියේ...
එදා ඔෆිස් එක ඉස්සරහට ගෙනත් මාව ගොඩක් නොන්ඩි කළා....
අරුන් ටිකත් ආව..
කෙලම්බා තමයි සේරම කියල තියෙන්නේ ගියපු එවුන්ගේ...
සුපුරුදු පරිදි පන්තියට ගිහිං උගේ දීමනාව දුන්න කොල්ලෝ එකතු වෙලා...
අඩන්න දුන්න දෙන දේ..
එයින් පස්සේ බැහැර යාම් පොතක් දුන්න...
පිනා අත්සන් කරනවා අපිට යන්න ඕන උනාම....
අපි ගේට්ටුවට පෙන්නලා යනවා....
කොහොම හරි ඒ අත්සනත් අපි ගහන්න පුරුදු උනා...
පිනාට කරදර කරන්නේ පවුනේ කියල හිතල,
අපිම අත්සන ගහගෙන නම්බු පිටම,
ගේට්ටුවෙන් ගියා....
අන්තිමට උදේ 11 වෙද්දී අපේ ක්ලාස් එකම ගිහිං....
බොරු නෙවි බං...
තව තියෙනවා...
දාන්න බයයි බෑන් කලෝතින් කියලා..
ඒ තරම් දරුණු ඒවා තියෙනව....



හම්මටසිරි දැක්කේ නැද්ද ඉස්කෝලෙකට උදව් කරන්න ගිහින් එකෙක් මගේ පරණ පොස්ට් පිටින් දාල මාව නැති කරලා තිබ්බ.ආයේ අනිවා කවදාහරි මේකේ ඉන්න උන් මේවත් අදිනවා පොඩි දේ උනත් මන් එදානම් හිතාගත්ත ආයේ නම් මේකේ privet කතා කියන්නෑ කියල.
http://www.elakiri.com/forum/showthread.php?t=1646003
![]()











මේක නවය වසරේදී කරපු හපන්කමක්.
අපේ ඉස්කෝලේ ළඟ ඉන්නවා නාකි අංකල් කෙනෙක්(ඉන්නවා කිව්වේ ඒ කාලේ,දැන් නම් පොර කජ්ජ ගහල ඇත්තේ බොහෝවිට)
සුකුරුත්තං කියල කියන්නේ පොරට.
මිනිහ ගාව එක එක ටොයිස් අයිටම් තියෙනවා එක එක කාලෙට.
රුපියල් පහට,දහයට ගන්න පුළුවන් එව්වා.
මිනිහ ගාව ඒ කාලේ තිබ්බ එව්වා ලිස්ට් එකක් මම කියන්නම්,
ස්ටිකර් කාඩ්
ඩේ කාඩ්
වීදුරු වල ඇලවෙන සිලිකන් ජෙලි බෝල
මැජික් බෝල
ඇටබෝල පිස්තෝල
ඇටබෝල පැකට්
අතේ ගහන පච්ච ඉස්ටිකර් කාඩ්
රෙස්ලින් සීඩී
රෙස්ලින් ගහන එවුන්ගේ පෝස්ටර්
එකී මෙකි නා නා ප්‍රකාර සුකුරුත්තං අයිටම් විකුනනවා පොර ඉස්කෝලේ කිට්ටුව පේමන්ට් එකේ ගහක් යට හෙවනක ඉඳන්.
ලොකු ඉටිකොලයක් බිම එලාගෙන තමයි මේවා දාගෙන විකුනන්නේ.
ඉස්සර ඉතින් 6,7,8,9 වසර වල කොල්ලෝ මිනිහගේ වටේ පිරිලා ඉස්කෝලේ ඇරෙන වෙලාවට.
පොරට හොඳ බිස්නස් තිබ්බ ඒ කාලේ.
කාලෙන් කාලෙට අලුත් අලුත් සුකුරුත්තං ගැජට් කෑලි බස්සනවා මෑන්ස්.
නාකිය උනාට හෙන කපටිය.
දැන් ඌ ගැන විස්තර ඇති නේද???
ඔන්න ඉතින් එක කාලෙක,අපි නවය වසරේ ඉන්නකොට ආව මූ ගාවට ගැජට් එකක් majic ink කියල, මේක ප්ලාස්ටික් කුප්පියක් එන්නේ.
මේ තියෙන්නේ ඒ අයිටම් එක.
![]()
මේක සමහරු දැකලත් ඇති. මේක නිල්පාට තීන්ත එකක් උනාට ටිකක් වෙලා යත්දී වේලෙනවා.
ඉතින් කොල්ලෝ මේවා අරගෙන බස් වල එහෙම යනකොට කෙල්ලන්ගේ ඇඟට ගහනවා.
සුදු යුනිෆෝම් එකට මේක වැදුනාම හරියට තීන්ත පෑනකින් ඉස්සා වගේ තීන්ත පාර හිටිනවා.
ඒ උනාට විනාඩි පහකින් දහයකින් ආයේ මේක වේලිලා ගියාම කිසිම සලකුණක් හිටින්නේ නැහැ.
දැන් ඔන්න අපේ පන්තියේ එකෙක් දවසක් ඔයින් එකක් අරන් ඇවිත් උදේ ඉඳන් ආතල් ගන්නවා. කොහොමහරි මුගේ කුප්පිය ඉන්ටර්වල් එක වෙනකොට බාගයක් විතර ඉවරවෙලා තිබ්බේ.
දවල්ට කන්න යන්න මූ ඕක බෑග් එකේ දාල කැන්ටිම පැත්තට ගියා.
කැන්ටිම තියෙන්නේ ඉස්කෝලේ එක කෙළවරක හින්ද මූ ගිහින් එන්න ටිකක් වෙලා යනවා ඉතිං.
සුපුරුදු පරිදි ඔය වගේ ඒවා දැක්කාම මගේ හිත අදහස් වලින් පිරිලා ඉතිරිලා පොපියන්න ගන්නවා හරියට නිකන් යෞවනයේ පොපියන චමත්කාරය වගේ.
මොකද කරේ මගේ එහාපැත්තෙ හිටි එකාට මගේ අයිඩියාව දැම්ම.
උගේ ඇස් දෙක කුප්ප කමින් දිලිසෙමින් පැවතුනා ඒ වෙලාවේ.
දෙන්නත් එක්ක ගත්ත අරූගේ මැජික් කුප්පිය.
ඒකෙ තිබ්බ තීන්ත බාගේ හැලුව එලියට.
ගත්ත තව එකෙක්ගේ තීන්ත පෑනක්.
දැම්ම අරකෙ තිබ්බ ලෙවල් එකටම ඔරිජිනල් හීරෝ තීන්ත.
එබුවා අරූගේ ජිල්මාට් කුප්පිය බෑග් එකේ තිබ්බ තැනටම.
එලියට ගියා පන්තියෙන් ඉන්ටර්වල් එකට කාල එන්න.
ඔන්න දැන් ඉන්ටර්වල් ඉවර උනා.
පීරියඩ් එක පටන් ගත්ත මිස් ආවේ නෑ පන්තියට.
අරුත් ඉතිං උගේ තියෙන කුප්ප කමට ගත්ත ජිල්මාට් කුප්පිය අරන් කාටහරි වැඩක් දෙන්න කියල හිතාගෙන.
කොහොමහරි උදේ උගෙන් බයිට් වෙච්චි එකෙක් එකපාරටම කුප්පිය උදුරලා අරගෙන,
ඉතිරි බාගෙම අරූගේ ඇඟට ඉස්සා.(උගේ හිතෙත් මේක දැන් මැජික් තීන්ත කියල)
ඌ දැන් පිහි පාරක් කාපු ගෝනුස්සෙක් වගේ සුදු ෂර්ට් එක පුරාවටම නිල පාට තීන්ත පැල්ලම්.
දැන් මූටත් හිනා, මොකද ඌ දන්නවනේ මැජික් තීන්ත එක විනාඩි පහෙන් දහයෙන් වේලෙනවා කියල.(දන්නෝ දනිති මොනවද ඇතුලේ තිබ්බේ කියල)
දැන් කොහොමහරි පැය බාගයක් විතර හිටියා....................
ම්හු!!! අරූගේ කමිසේ තාමත් එහෙම්මමයි.
දැන් මූ බලන් ඉන්නවා තීන්ත වේලෙනකන්
කොහොමින් කොහොමහරි ඒ පීරියඩ් එක ඉවර උණා.
ඊළඟ පීරියඩ් එකේ ආවේ මහා කළු සිංහලය(මම කලින් කතාවක් කියල ඇති කළු සිංහලයා ගැන)
කළු සිංහලය දැක්ක දැන් මූ නිල් වෙලා ඉන්නවා.
ගෙන්නුවා අරූව
"තොපි ළමයි නෙවෙයි කුපාඩි හැත්ත. තීන්ත පෑන් තියෙන්නේ යකෝ ලියන්න මිසක් තොපේ කමිස බතික් කරගන්න නෙවෙයි කියල දැන් අරූට කනට දෙකක් කෙළියා."
ඊටපස්සේ කොල්ලා පන්තිය ඉස්සරහ දණ ගහගෙන,(උගේම කරුමෙට උගේ පෙර වැරදි තිබ්බ හින්ද ඌ කළු සිංහලයාගේ wanted ලයිස්තුවේ හිටි එකෙක්)
මූ දැන් තරහෙන් පුපුරනවා.
කොහොමහරි කළු සිංහලය පන්තියෙන් ගියා විතරයි මූ අර තීන්ත ගහපු එකා ලඟට ගිහින් ව බිම පෙරලගෙන ගුටි කෙලිනවා.
ඌ මුට ගහනව
මූ උට ගහනවා
මුට ඌ ගහනව
උට මූ ගහනව
මගේ යාළුවයි මමයි බඩ අල්ලන් හිනා වෙනවා.
කොහොමහරි අපි දෙන්නම ගිහින් මැදිහත් වෙලා වලිය බේරුවා.
ඒ උනාට තීන්ත විජ්ජාව නම් අරූ එක්ක කිව්වේ නැහැ.
මම එතකොට ඉස්කෝලේ හතේ නැත්තන් අටේ.
අපේ නෑදෑ පවුල් වල කට්ටිය ගියා දවසක් බෝපත් ඇල්ලේ පොඩි ට්‍රිපක්.
වෑන් එකක් හයර් එකට අරන් ගියේ.
අපේ පවුලේ අයයි, අපේ අම්මගේ අක්කා සහ නංගී ගේ පවුල් වල කස්ටිය එක්ක(හෝව් හෝව්, අපේ කරටි දෙහි නැටි කැඩෙන්න ගසන විදානේලාගේ ලොකු මාමා සහ එම පුත්‍ර රත්නයත් මේකට සහභාගී උණා)
මේක නවය වසරේදී කරපු හපන්කමක්.
අපේ ඉස්කෝලේ ළඟ ඉන්නවා නාකි අංකල් කෙනෙක්(ඉන්නවා කිව්වේ ඒ කාලේ,දැන් නම් පොර කජ්ජ ගහල ඇත්තේ බොහෝවිට)
සුකුරුත්තං කියල කියන්නේ පොරට.
මිනිහ ගාව එක එක ටොයිස් අයිටම් තියෙනවා එක එක කාලෙට.




rep denna baa lu
You have given out too much Reputation in the last 24 hours, try again later.මේක නවය වසරේදී කරපු හපන්කමක්.
........................
ඌ මුට ගහනව
මූ උට ගහනවා
මුට ඌ ගහනව
උට මූ ගහනව
මගේ යාළුවයි මමයි බඩ අල්ලන් හිනා වෙනවා.
කොහොමහරි අපි දෙන්නම ගිහින් මැදිහත් වෙලා වලිය බේරුවා.
ඒ උනාට තීන්ත විජ්ජාව නම් අරූ එක්ක කිව්වේ නැහැ.





