මරිසි වැඩ - II

kash123

Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    ජින්තුවා;18066867 said:
    දවසක් වෙඩිමකට ගියා පියතුමා එක්ක. ලොක්ක ඉන්න නිසා බොන්නෙ නෑ කියල හිතාගෙන හිටියට ඔන්න තිබ්බේ JD.. කොහෙද ඉතින් මේ පෙරේත කමත් එක්ක බෑනේ ඉතින් කෙලිය ලෙසටම. පියතුමත් යාලුවෝ එක්ක සෙට් වෙලා හිටියෙ. අන්තිම හරියට යනකොට ටිකක් බඩු වැඩියි වගේ නිසා ශේප් එකේ ආව ගෙදර.. හුට ගෙදර ඇවිත් අම්ම අහනකොට මතක් උනේ පියතුමා තාම වෙඩිමේ කියල. ඔන්න ඉතින් බැනුනුත් අහගෙන ආයේ එලියට බැස්ස ලොක්කව එක්ක එන්න.. එතකොටම මෙන්න පොර එනව ටුක් ටුක් එකක. පොර මට හපන් අද වෙන්න ගහල ගෙට එන ගමන් මට කියනව " කොහෙද යකෝ මේ රෑ තිස්සේ යන්නෙ, යන තැනක උදේට පලයන් කියල" සීන් එක පොරට මටකත් නෑ ගියේ මාත් එක්ක කියල. :lol:

    :lol::lol::lol::lol::lol:
     
    prasadmanjulago

    Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    ඔකෙන්ම දාපන් අයෙ මොන ෆෙක් ද ඔකත් ෆෙක් එකක් වගෙ තමා:dull:

    ෆේක් හදාගෙන මැරෙන්න ඕන නැහැ ඔන්න ඕකෙන්ම දානව අයිසේ

    හම්මටසිරි දැක්කේ නැද්ද ඉස්කෝලෙකට උදව් කරන්න ගිහින් එකෙක් මගේ පරණ පොස්ට් පිටින් දාල මාව නැති කරලා තිබ්බ.ආයේ අනිවා කවදාහරි මේකේ ඉන්න උන් මේවත් අදිනවා පොඩි දේ උනත් මන් එදානම් හිතාගත්ත ආයේ නම් මේකේ privet කතා කියන්නෑ කියල.

    http://www.elakiri.com/forum/showthread.php?t=1646003

    :no::no::no::no::no:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    කට්ටියට මතකද දන්නේ නැහැ ඉස්සර ආව කැප්රි ස්ප්‍රේ බෝතලේ....
    අල්ලෙන් වහල උනත් ගෙනියන්න පුළුවන්නේ..
    ඉතින් මම උසස් පෙළ කරන කාලේ මේක උනේ...
    මට හම්බ උනා ඒ වගේ බෝතලයක්...
    දවස් දෙක තුනක් හොඳට පල් කරලා සුවඳ අයින් කළා...
    ඊට පස්සේ සබන් කුඩු දාල හොඳට පෙන එනකන් කරලා,
    බෝතලේට දැම්ම පෙරලා...
    නැත්නම් ස්ප්‍රේ කරද්දී බටේ හිර වෙනවනේ....
    ඊට පස්සේ ලේන්සුවක් එහෙම අරගෙන නහය පිහිදාන විදියට ලේන්සුවෙන් වහගෙන බෝතලේ අරගෙන ගියා...
    කොල්ලෙක් මාව පාස් කරගෙන යද්දී බොරුවට හා චින් කියල ස්ප්‍රේ එක ගහනවා අරුගේ බෙල්ලට වදින්න.. ඊට පස්සේ අනේ මචං සොරි කියනවා...
    හචිං යන්නේ කියා කියා නෙවි නිසා අරුන් බැන බැන ගිහිං මුහුණ හෝදනවා...
    මොකෙක් හරි යද්දී හචිං කියනවා...
    වැඩේ නැගල යද්දී කොල්ලෝ හොයාගත්ත සිස්ටම් එක...
    පස්සේ අපි හවස ක්ලාස් ගියා...
    පන්තියේ කෙල්ලෝ එන වෙලාවේ මම දොර ළඟ ඉඳගෙන කිඹුහුම් වැලක් ඇරියා...
    එක කෙල්ලෙක් බෙල්ල අත ගෑවා ...
    ඊයා...
    අත ලිස්සනවා බං..
    ශික් බං...
    හොටු මගේ බෙල්ලේ බං....
    උඹෙත් තියෙනවද කොහෙද බං..
    කෙල්ලෝ එක එකා බෙලි බලනවා...
    මම කිට්ටු වෙලා අනේ සොරි අනේ හිතල කරා නෙවි..
    කියල එක කෙල්ලෙක්ගෙ මුහුණට දුන්න වැඩේ...
    දැන් අපේ කොල්ලෝ කියනවා නංගි, ඕයි යකාට කාසේ හැදිලා බෙහෙත් ගන්නවා කියලා...
    අර කෙල්ල පවු ඕයි...
    අඩ අඩ ටැප් එක ලඟට වෙලා මුළු මුහුණම හෝදනවා.....
    ඒ අස්සේ තව එකෙක් ලඟින් යන්න ආව...
    සුපුරුදු වැඩේ කළා...
    පොර බෙල්ල අල්ලලා බලල,
    තෝ මේකට ගත්තු මටයි ගහන්න ඕන කිවුවා..
    කෙලපි තාප්පෙට ක්ලාස් එකේ සර්.....
    සේරටම කට උත්තර නැහැ..
    අන්තිමට සර්ට කියල කියල වැඳලා වගේ අපේ සෙල්ලම කිවුව....
    සර් හොඳ නිසා ගොඩින් බේරුනා...
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මේකත් උනේ උසස් පෙළ කරන කාලේ මයි...
    පන්තියට ටීචර් කෙනෙක් එනවා උගන්වන්න...
    අපී හරිම ආදරේ ඒ ටීචර්ට..
    ඒ නිසාම කැමැත්තෙන් පීරියඩ් එක කට් කරන්නමය් බලන්නේ...
    පස්සේ පස්සේ එයා දැනගත්ත කොල්ලෝ ඉන්න පන්තියක ඇවිත් කොහොමද කොල්ලොන්ගේ අවදානේ දිනාගන්නේ කියල.....
    ඇවිල්ල හිටගෙන මේසෙට බර වෙලා,
    මේසේ එක උලකට එයාගේ එක හිර වෙන්න තද කරගෙන ඉන්නේ....
    ඉතින් කොල්ලෝ එක බල බල ක්ලාස් එකේ ඉන්නවා...
    කියල දෙන මෙලෝ මගුලක් තේරෙන්නේ නැහැ...
    පොතක් ගේනවා මහදැනමුත්තාගේ පොත විතර ලොකු එකක්...
    එක ගෙනාපු දවසට පොත කියවනවා...
    අපි ලියනවා...
    ගෙනාපු නැති දවසට කලින් දවසේ මැච් එකේ විස්තර,
    පවුල් වල විස්තර සේරම අහල පීරියඩ් එක ඉවර වෙන්න යද්දී පද්ද පද්ද යනවා...
    තරුණ බඩ්ඩක් නම් තව දුක නැහැ...
    තරුණ දුවෙකුත් ඉන්න අම්ම කෙනෙක් ඒ ටීචර්...
    ඉතින් අපි සුපුරුදු පරිදි කතා කරගත්ත වැඩක් දෙන්න...
    අපේ එකෙක් ටීචර් හේත්තු කරගන්නකොටම වතුර එකක් අරගෙන මේසේ ලඟින් තිවුව....
    ඒ මොකටද කියල ඇහුවහම,
    මේසෙට කලන්තේ හදුනොතින් ඉහිල සිහිය ගන්න කියල අරූ කිවුව....
    දැන් ටීචර් බනිනවා කොල්ලොන්ට දෙක වෙන්නම....
    ඒ අස්සේ මම පිටිපස්සෙන් ගිහිං එයාගේ පොත අරගෙන මේසේ ලාච්චුවට දාල වහල මට නෙවි වගේ ආව....
    වටයක් ගියා දෙකක් ගියා...
    ඔලුව කැහුවා...
    සුපුරුදු පරිදි
    ඊයේ මැච් එක දිනන්න තිබ්බ නේද කියල දවසේ පාඩම පටන් ගත්ත...
    බෙල් එක ගහන්න කිට්ටුව
    අපි එහෙනම් හෙටම පාඩම කරමු නේද ,
    විභාගෙට තව කල් තියෙනවනේ,
    කියල යන්න හදද්දී,
    මම ගිහිං මේ පොතත් අරගෙනම යන්න කියල පොත ගිහින් දුන්න....
    මට බැන්න පලු යන්න....
    ආආආආඅ ඈ ඈ..................
    ගාගෙන දිවුව පිනාගේ ඔෆිස් එක පැත්තට...
    හරි මට බඩු තමයි...
    ගත්ත පොත් ටික දිවුවා තාප්පේ පැත්තට....
    සුපුරුදු පරිදි හැම පන්තියකම උඩ දාගෙන දෙන එකෙක් ඉන්නවනේ..
    අන්න ස...ර් අරූ තාප්පෙන් පනින්න යනවෝඕ...
    කියල අරූ කෑගහද්දී..
    මට සපෝර්ට් කරපු එවුන් දෙන්න තුන් දෙනාත් ආව...
    කොහොම හරි අන්තිමට පනින්න සෙට් උනේ මට....
    තාප්පෙට අමාරුවෙන් නැගල එක කකුලක් දාල,
    අනිත් කකුල ගන්න යද්දී එකෙක් අදිනවා,
    බලද්දී පිනා...
    මම පයින් උගේ මුහුණට ඇනල දිවුව....
    කොහොම හරි දවස් 4 කට පස්සේ තමයි අපි ඉස්කෝලේ ගියේ...
    එදා ඔෆිස් එක ඉස්සරහට ගෙනත් මාව ගොඩක් නොන්ඩි කළා....
    අරුන් ටිකත් ආව..
    කෙලම්බා තමයි සේරම කියල තියෙන්නේ ගියපු එවුන්ගේ...
    සුපුරුදු පරිදි පන්තියට ගිහිං උගේ දීමනාව දුන්න කොල්ලෝ එකතු වෙලා...
    අඩන්න දුන්න දෙන දේ..
    එයින් පස්සේ බැහැර යාම් පොතක් දුන්න...
    පිනා අත්සන් කරනවා අපිට යන්න ඕන උනාම....
    අපි ගේට්ටුවට පෙන්නලා යනවා....
    කොහොම හරි ඒ අත්සනත් අපි ගහන්න පුරුදු උනා...
    පිනාට කරදර කරන්නේ පවුනේ කියල හිතල,
    අපිම අත්සන ගහගෙන නම්බු පිටම,
    ගේට්ටුවෙන් ගියා....
    අන්තිමට උදේ 11 වෙද්දී අපේ ක්ලාස් එකම ගිහිං....:lol::lol::lol:
     
    dina84

    Well-known member
  • Aug 12, 2013
    1,077
    265
    83
    Kurunegala
    මරිසියක් නම් නෙවේ..
    මේක මම පොඩි කාලේ මට උන පජාත සීන් එකක්... :(
    මම එතකොට 3 හෝ 4 වසරේ... හරියටම මතක නෑ..

    උබලට සිද්දිය තේරුනාද දන් නෑ..
    කෝකටත් MS Paint වලින් ඇඳලා දැම්මා...

    UHIpRct.jpg

    ඉතින් ඊට පස්සෙ මම් ශේප් එකේ බස් එකට නැගගත්තා.. :eek:

    අපේ අක්කා ගෙදර අවිත් සීන් එක හැමෝටම කිය කිය මාව චාටර් කලා...:angry:
    තවමත් නෑදෑයෝ එකතු උනහම මමාව නෝන්ඩි කරනවා..
    කෙල්ලන්ගේ ගවුම් අස්සේ රින්ගන්ඩ ගියා කියලා... :(

    :D:D:D:lol::lol::lol::lol::lol:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    මේකත් උනේ උසස් පෙළ කරන කාලේ මයි...
    පන්තියට ටීචර් කෙනෙක් එනවා උගන්වන්න...
    අපී හරිම ආදරේ ඒ ටීචර්ට..
    ඒ නිසාම කැමැත්තෙන් පීරියඩ් එක කට් කරන්නමය් බලන්නේ...
    පස්සේ පස්සේ එයා දැනගත්ත කොල්ලෝ ඉන්න පන්තියක ඇවිත් කොහොමද කොල්ලොන්ගේ අවදානේ දිනාගන්නේ කියල.....
    ඇවිල්ල හිටගෙන මේසෙට බර වෙලා,
    මේසේ එක උලකට එයාගේ එක හිර වෙන්න තද කරගෙන ඉන්නේ....
    ඉතින් කොල්ලෝ එක බල බල ක්ලාස් එකේ ඉන්නවා...
    කියල දෙන මෙලෝ මගුලක් තේරෙන්නේ නැහැ...
    පොතක් ගේනවා මහදැනමුත්තාගේ පොත විතර ලොකු එකක්...
    එක ගෙනාපු දවසට පොත කියවනවා...
    අපි ලියනවා...
    ගෙනාපු නැති දවසට කලින් දවසේ මැච් එකේ විස්තර,
    පවුල් වල විස්තර සේරම අහල පීරියඩ් එක ඉවර වෙන්න යද්දී පද්ද පද්ද යනවා...
    තරුණ බඩ්ඩක් නම් තව දුක නැහැ...
    තරුණ දුවෙකුත් ඉන්න අම්ම කෙනෙක් ඒ ටීචර්...
    ඉතින් අපි සුපුරුදු පරිදි කතා කරගත්ත වැඩක් දෙන්න...
    අපේ එකෙක් ටීචර් හේත්තු කරගන්නකොටම වතුර එකක් අරගෙන මේසේ ලඟින් තිවුව....
    ඒ මොකටද කියල ඇහුවහම,
    මේසෙට කලන්තේ හදුනොතින් ඉහිල සිහිය ගන්න කියල අරූ කිවුව....
    දැන් ටීචර් බනිනවා කොල්ලොන්ට දෙක වෙන්නම....
    ඒ අස්සේ මම පිටිපස්සෙන් ගිහිං එයාගේ පොත අරගෙන මේසේ ලාච්චුවට දාල වහල මට නෙවි වගේ ආව....
    වටයක් ගියා දෙකක් ගියා...
    ඔලුව කැහුවා...
    සුපුරුදු පරිදි
    ඊයේ මැච් එක දිනන්න තිබ්බ නේද කියල දවසේ පාඩම පටන් ගත්ත...
    බෙල් එක ගහන්න කිට්ටුව
    අපි එහෙනම් හෙටම පාඩම කරමු නේද ,
    විභාගෙට තව කල් තියෙනවනේ,
    කියල යන්න හදද්දී,
    මම ගිහිං මේ පොතත් අරගෙනම යන්න කියල පොත ගිහින් දුන්න....
    මට බැන්න පලු යන්න....
    ආආආආඅ ඈ ඈ..................
    ගාගෙන දිවුව පිනාගේ ඔෆිස් එක පැත්තට...
    හරි මට බඩු තමයි...
    ගත්ත පොත් ටික දිවුවා තාප්පේ පැත්තට....
    සුපුරුදු පරිදි හැම පන්තියකම උඩ දාගෙන දෙන එකෙක් ඉන්නවනේ..
    අන්න ස...ර් අරූ තාප්පෙන් පනින්න යනවෝඕ...
    කියල අරූ කෑගහද්දී..
    මට සපෝර්ට් කරපු එවුන් දෙන්න තුන් දෙනාත් ආව...
    කොහොම හරි අන්තිමට පනින්න සෙට් උනේ මට....
    තාප්පෙට අමාරුවෙන් නැගල එක කකුලක් දාල,
    අනිත් කකුල ගන්න යද්දී එකෙක් අදිනවා,
    බලද්දී පිනා...
    මම පයින් උගේ මුහුණට ඇනල දිවුව....
    කොහොම හරි දවස් 4 කට පස්සේ තමයි අපි ඉස්කෝලේ ගියේ...
    එදා ඔෆිස් එක ඉස්සරහට ගෙනත් මාව ගොඩක් නොන්ඩි කළා....
    අරුන් ටිකත් ආව..
    කෙලම්බා තමයි සේරම කියල තියෙන්නේ ගියපු එවුන්ගේ...
    සුපුරුදු පරිදි පන්තියට ගිහිං උගේ දීමනාව දුන්න කොල්ලෝ එකතු වෙලා...
    අඩන්න දුන්න දෙන දේ..
    එයින් පස්සේ බැහැර යාම් පොතක් දුන්න...
    පිනා අත්සන් කරනවා අපිට යන්න ඕන උනාම....
    අපි ගේට්ටුවට පෙන්නලා යනවා....
    කොහොම හරි ඒ අත්සනත් අපි ගහන්න පුරුදු උනා...
    පිනාට කරදර කරන්නේ පවුනේ කියල හිතල,
    අපිම අත්සන ගහගෙන නම්බු පිටම,
    ගේට්ටුවෙන් ගියා....
    අන්තිමට උදේ 11 වෙද්දී අපේ ක්ලාස් එකම ගිහිං....:lol::lol::lol:

    අපෙත් හිටියා බන් ඉංග්‍රීසි උගන්නපු ගෑනි
    එපා වෙනවා බන්
    පස්සේ අපි 13 වසරට ගියාම ක්ලාස් එක තියෙන්නේ 3 වෙනි තට්ටුවේ
    මේකිට දණහිස් අමාරු කියල පස්සේ අවේ නැහැ
    හිහිහිඉහැ
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    ඔන්න නැවතත් මගේන් තවත් මරිසියක්
    මේකේ මරිසි දාල සැහෙන්න මහන්සි බන්
    ලොල්

    ඔන්න ඉතින් අවරුදු 17.18 වෙච්චි ගමන් ඇග හදාගන්න කව්රුත් ජිම් යනවනේ..
    දැන් ඉතින් මාත් යන්න පටන් ගෙන අවරුදු 4,5 වෙනවා..
    අපි ඉන්න ජිම් එක දැම්මේ අපේ පැත්තේම බුවාලා ටිකක් දැනට හොදම ප්ලේස් එක මාතර තියෙන අපේ ජිම් එක තමා..
    ඉතින් ඕකට ඔල්වෙල එලේවල් එක්සෑම් ඉවර වෙච්චි ගමන් එනවා ඒමක් පිස්සු හැදෙන්න..
    95%ම එන්නේ අර ටිකේ කරන්න වැඩක් නැති නිසා..එක නිසා ඔය එන උන්ව බය්ට් කරන එක තමා අපි කරන්නේ සෙල්ලන් කරන ගමන්..එක පාරක් එනවා කන්නාඩි දාපු රිලා මොටෙක්..මු ගිනි කුරක් සය්ස් මු අහනවා අය්යේ යුකේ ඉන්න එකෙක්ට කියලා පිටි එකක් ගෙන්න ගත්තා මේක බොන්නේ කොහොමද කියලා..
    අපෙ එකෙක් ඉන්නවා මිරිස්සේ පොරක්..මු පැනපු ගමන් කියපි මල්ලි බිලා වැරදිලාවත් බොක නං දාන්නෙපා දවස් 4,5 බොක තද කරන ඉන්න තරමට තමා අගට අල්ලන්නේ කියලා පිටි එක නැත්තන් බීපු ටික ඔක්කොම ලැට් එකේ කිවා...

    අරුත් ෆුල් සීරියස් අරගෙන එක....
    දවසක් අර දවසක් නේ තියෙන්නේ
    මු කොම හරි දවස් එක හමාරක් වගේ ඇදලා...ජිම් එකේ නම්බර් එකට කෝල් එකක් දීලා අහල..බුවා දැනගෙන අපි තමා මුට මරුසියා දාල තියෙන්නේ කියල වැඩේ ශේප් කරලා

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    හම්මටසිරි දැක්කේ නැද්ද ඉස්කෝලෙකට උදව් කරන්න ගිහින් එකෙක් මගේ පරණ පොස්ට් පිටින් දාල මාව නැති කරලා තිබ්බ.ආයේ අනිවා කවදාහරි මේකේ ඉන්න උන් මේවත් අදිනවා පොඩි දේ උනත් මන් එදානම් හිතාගත්ත ආයේ නම් මේකේ privet කතා කියන්නෑ කියල.

    http://www.elakiri.com/forum/showthread.php?t=1646003

    :no::no::no::no::no:

    ඔව්ව ඔහොම තමයි මචං,ගණන් ගන්නෙපා.
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මේක නවය වසරේදී කරපු හපන්කමක්.
    අපේ ඉස්කෝලේ ළඟ ඉන්නවා නාකි අංකල් කෙනෙක්(ඉන්නවා කිව්වේ ඒ කාලේ,දැන් නම් පොර කජ්ජ ගහල ඇත්තේ බොහෝවිට)
    සුකුරුත්තං කියල කියන්නේ පොරට.
    මිනිහ ගාව එක එක ටොයිස් අයිටම් තියෙනවා එක එක කාලෙට.
    රුපියල් පහට,දහයට ගන්න පුළුවන් එව්වා.
    මිනිහ ගාව ඒ කාලේ තිබ්බ එව්වා ලිස්ට් එකක් මම කියන්නම්,
    ස්ටිකර් කාඩ්
    ඩේ කාඩ්
    වීදුරු වල ඇලවෙන සිලිකන් ජෙලි බෝල
    මැජික් බෝල
    ඇටබෝල පිස්තෝල
    ඇටබෝල පැකට්
    අතේ ගහන පච්ච ඉස්ටිකර් කාඩ්:lol:
    රෙස්ලින් සීඩී
    රෙස්ලින් ගහන එවුන්ගේ පෝස්ටර්

    එකී මෙකි නා නා ප්‍රකාර සුකුරුත්තං අයිටම් විකුනනවා පොර ඉස්කෝලේ කිට්ටුව පේමන්ට් එකේ ගහක් යට හෙවනක ඉඳන්.
    ලොකු ඉටිකොලයක් බිම එලාගෙන තමයි මේවා දාගෙන විකුනන්නේ.
    ඉස්සර ඉතින් 6,7,8,9 වසර වල කොල්ලෝ මිනිහගේ වටේ පිරිලා ඉස්කෝලේ ඇරෙන වෙලාවට.
    පොරට හොඳ බිස්නස් තිබ්බ ඒ කාලේ.
    කාලෙන් කාලෙට අලුත් අලුත් සුකුරුත්තං ගැජට් කෑලි බස්සනවා මෑන්ස්.
    නාකිය උනාට හෙන කපටිය.
    දැන් ඌ ගැන විස්තර ඇති නේද???
    ඔන්න ඉතින් එක කාලෙක,අපි නවය වසරේ ඉන්නකොට ආව මූ ගාවට ගැජට් එකක් majic ink කියල, මේක ප්ලාස්ටික් කුප්පියක් එන්නේ.
    මේ තියෙන්නේ ඒ අයිටම් එක.
    30018673_i3.jpg

    මේක සමහරු දැකලත් ඇති. මේක නිල්පාට තීන්ත එකක් උනාට ටිකක් වෙලා යත්දී වේලෙනවා.
    ඉතින් කොල්ලෝ මේවා අරගෙන බස් වල එහෙම යනකොට කෙල්ලන්ගේ ඇඟට ගහනවා.
    සුදු යුනිෆෝම් එකට මේක වැදුනාම හරියට තීන්ත පෑනකින් ඉස්සා වගේ තීන්ත පාර හිටිනවා.
    ඒ උනාට විනාඩි පහකින් දහයකින් ආයේ මේක වේලිලා ගියාම කිසිම සලකුණක් හිටින්නේ නැහැ.
    දැන් ඔන්න අපේ පන්තියේ එකෙක් දවසක් ඔයින් එකක් අරන් ඇවිත් උදේ ඉඳන් ආතල් ගන්නවා. කොහොමහරි මුගේ කුප්පිය ඉන්ටර්වල් එක වෙනකොට බාගයක් විතර ඉවරවෙලා තිබ්බේ.
    දවල්ට කන්න යන්න මූ ඕක බෑග් එකේ දාල කැන්ටිම පැත්තට ගියා.
    කැන්ටිම තියෙන්නේ ඉස්කෝලේ එක කෙළවරක හින්ද මූ ගිහින් එන්න ටිකක් වෙලා යනවා ඉතිං.
    සුපුරුදු පරිදි ඔය වගේ ඒවා දැක්කාම මගේ හිත අදහස් වලින් පිරිලා ඉතිරිලා පොපියන්න ගන්නවා හරියට නිකන් යෞවනයේ පොපියන චමත්කාරය වගේ.
    මොකද කරේ මගේ එහාපැත්තෙ හිටි එකාට මගේ අයිඩියාව දැම්ම.
    උගේ ඇස් දෙක කුප්ප කමින් දිලිසෙමින් පැවතුනා ඒ වෙලාවේ.
    දෙන්නත් එක්ක ගත්ත අරූගේ මැජික් කුප්පිය.
    ඒකෙ තිබ්බ තීන්ත බාගේ හැලුව එලියට.
    ගත්ත තව එකෙක්ගේ තීන්ත පෑනක්.
    දැම්ම අරකෙ තිබ්බ ලෙවල් එකටම ඔරිජිනල් හීරෝ තීන්ත.
    එබුවා අරූගේ ජිල්මාට් කුප්පිය බෑග් එකේ තිබ්බ තැනටම.
    එලියට ගියා පන්තියෙන් ඉන්ටර්වල් එකට කාල එන්න.
    ඔන්න දැන් ඉන්ටර්වල් ඉවර උනා.
    පීරියඩ් එක පටන් ගත්ත මිස් ආවේ නෑ පන්තියට.
    අරුත් ඉතිං උගේ තියෙන කුප්ප කමට ගත්ත ජිල්මාට් කුප්පිය අරන් කාටහරි වැඩක් දෙන්න කියල හිතාගෙන.
    කොහොමහරි උදේ උගෙන් බයිට් වෙච්චි එකෙක් එකපාරටම කුප්පිය උදුරලා අරගෙන,
    ඉතිරි බාගෙම අරූගේ ඇඟට ඉස්සා.(උගේ හිතෙත් මේක දැන් මැජික් තීන්ත කියල)
    ඌ දැන් පිහි පාරක් කාපු ගෝනුස්සෙක් වගේ සුදු ෂර්ට් එක පුරාවටම නිල පාට තීන්ත පැල්ලම්.
    දැන් මූටත් හිනා, මොකද ඌ දන්නවනේ මැජික් තීන්ත එක විනාඩි පහෙන් දහයෙන් වේලෙනවා කියල.(දන්නෝ දනිති මොනවද ඇතුලේ තිබ්බේ කියල)
    දැන් කොහොමහරි පැය බාගයක් විතර හිටියා....................
    ම්හු!!! අරූගේ කමිසේ තාමත් එහෙම්මමයි.
    දැන් මූ බලන් ඉන්නවා තීන්ත වේලෙනකන්:lol::lol::lol::lol:
    කොහොමින් කොහොමහරි ඒ පීරියඩ් එක ඉවර උණා.
    ඊළඟ පීරියඩ් එකේ ආවේ මහා කළු සිංහලය(මම කලින් කතාවක් කියල ඇති කළු සිංහලයා ගැන)
    කළු සිංහලය දැක්ක දැන් මූ නිල් වෙලා ඉන්නවා.
    ගෙන්නුවා අරූව
    "තොපි ළමයි නෙවෙයි කුපාඩි හැත්ත. තීන්ත පෑන් තියෙන්නේ යකෝ ලියන්න මිසක් තොපේ කමිස බතික් කරගන්න නෙවෙයි කියල දැන් අරූට කනට දෙකක් කෙළියා."
    ඊටපස්සේ කොල්ලා පන්තිය ඉස්සරහ දණ ගහගෙන,(උගේම කරුමෙට උගේ පෙර වැරදි තිබ්බ හින්ද ඌ කළු සිංහලයාගේ wanted ලයිස්තුවේ හිටි එකෙක්)
    මූ දැන් තරහෙන් පුපුරනවා.
    කොහොමහරි කළු සිංහලය පන්තියෙන් ගියා විතරයි මූ අර තීන්ත ගහපු එකා ලඟට ගිහින් ව බිම පෙරලගෙන ගුටි කෙලිනවා.
    ඌ මුට ගහනව
    මූ උට ගහනවා
    මුට ඌ ගහනව
    උට මූ ගහනව

    මගේ යාළුවයි මමයි බඩ අල්ලන් හිනා වෙනවා.
    කොහොමහරි අපි දෙන්නම ගිහින් මැදිහත් වෙලා වලිය බේරුවා.
    ඒ උනාට තීන්ත විජ්ජාව නම් අරූ එක්ක කිව්වේ නැහැ.:lol::lol::lol::lol::lol::lol:

    ඔවු බං එක පාරක් රතු තීන්ත ගහල බස් එකේදී ගුටි නොකා බේරුනේ 99න්... මෙහෙත් තිබුන ඔයි තීන්ත අයිටම් එක...
     
    • Like
    Reactions: dmtx

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    මම එතකොට ඉස්කෝලේ හතේ නැත්තන් අටේ.
    අපේ නෑදෑ පවුල් වල කට්ටිය ගියා දවසක් බෝපත් ඇල්ලේ පොඩි ට්‍රිපක්.
    වෑන් එකක් හයර් එකට අරන් ගියේ.
    අපේ පවුලේ අයයි, අපේ අම්මගේ අක්කා සහ නංගී ගේ පවුල් වල කස්ටිය එක්ක(හෝව් හෝව්, අපේ කරටි දෙහි නැටි කැඩෙන්න ගසන විදානේලාගේ ලොකු මාමා සහ එම පුත්‍ර රත්නයත් මේකට සහභාගී උණා)

    මේක නවය වසරේදී කරපු හපන්කමක්.
    අපේ ඉස්කෝලේ ළඟ ඉන්නවා නාකි අංකල් කෙනෙක්(ඉන්නවා කිව්වේ ඒ කාලේ,දැන් නම් පොර කජ්ජ ගහල ඇත්තේ බොහෝවිට)
    සුකුරුත්තං කියල කියන්නේ පොරට.
    මිනිහ ගාව එක එක ටොයිස් අයිටම් තියෙනවා එක එක කාලෙට.

    patta machan...:lol::lol::lol::lol::lol: rep denna baa lu​
    :no: You have given out too much Reputation in the last 24 hours, try again later.
     
    dina84

    Well-known member
  • Aug 12, 2013
    1,077
    265
    83
    Kurunegala
    මේක නවය වසරේදී කරපු හපන්කමක්.
    ........................
    ඌ මුට ගහනව
    මූ උට ගහනවා
    මුට ඌ ගහනව
    උට මූ ගහනව

    මගේ යාළුවයි මමයි බඩ අල්ලන් හිනා වෙනවා.
    කොහොමහරි අපි දෙන්නම ගිහින් මැදිහත් වෙලා වලිය බේරුවා.
    ඒ උනාට තීන්ත විජ්ජාව නම් අරූ එක්ක කිව්වේ නැහැ.:lol::lol::lol::lol::lol::lol:

    Patta...:lol::lol::lol::lol::lol:
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    කෑලි නම් ටෝක් කරලා තියෙනවා. එකෙක්වත් කැමති වෙන්නේ නෑ බන්. කැමති වෙන්නෙත් දෙලොවට නැති අමුතු කෙල්ලෙක් බන්. ලස්සන නෙවෙයි. චරිතය බං :dull:
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මගේ ගාව වැඩිය සල්ලි ගැවසෙන්නේ නෑ බන් හම්බ වෙන තුට්ටු දෙකෙනුත් කනවා මොනවා හරි. ඉතින් කෙල්ලෙක් හිටියොත් බඩු බං. උඹලා කොහොමද කෙල්ලෙක්ව එහෙම දාගන්නේ. කෙල්ලෝ ගොඩක් කැමති උන්ව එහෙ මෙහෙ එක්කන් යනවා නම්. එක්කන් ගියොත් දවසකට අඩුම 1000කට බඩු තමයි..ඉතින් කොහොමද උඹලා සල්ලි හොයාගන්නේ? එකතු කරලා? නයට ඉල්ලල? කෙල්ලගේ දත ගලවලා? අම්මගෙන් ඉල්ලගෙන? බැංකු පොතෙන් අරගෙන? හම්බ කරන සල්ලි? අදහස් බෙදාගමු ;)