මරිසි වැඩ - II

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අපේ පැත්තේ ඉස්කෝල ගොඩක් තියෙනවා...
    ඒ අතරින් ගොඩක් සිහියට එන්නේ පන්සල ළඟ ඉස්කෝලේ....
    හේතුව ඒ ඉස්කෝලෙට ගේට්ටුවක් තාප්පයක් නැති නිසා...
    ලොකු ඉස්කෝල වත්තක් තියෙනවා...
    වටේට කුඹුරු නිසා වතුර එහෙමත් ගලනවා ඇල පාරක් තියෙනවා...
    සාමාන්‍ය වාහන ඒ පාරේ යනවා ලොකු වාහන එහෙම යන්නේ නැහැ...
    ඉස්කෝලේ මිදුලෙන් තමයි වාහන යන්නේ...
    ඉස්කෝල වත්තේ කොස්, පොල් එහෙම තියෙනවා..
    මේ සීන් එක උනේ මම 10 වසරේ ඉන්නකොට...
    අපි පුරුදු පරිදි හවස අපේ ගෙවල් පහල කොල්ලෝ එක්ක කතා කර කර ඉන්නවා...
    එකෙක් ඇහුව අදවත් කුරුම්බා බොමුද බං..
    මුරකාරය 6.30 ෆිල්ම් එක බලන්න ගිහිං...
    ඌ එන්නේ රෑට අඩියකුත් ගහල,
    අපි ඊට කලින් මාරු වෙමු කියලා...
    අරුන් ටික ගියා..
    මම ගෙදර ආව...
    ඒත් ටිකකින් මටත් කුරුම්බා වල රස දැනෙන්න ගත්තු නිසා මමත් යන්න ගියා...
    පහලට ඇවිත් බලද්දී මගේ ෆුට් බයික් එකත් අරුන් අරගෙන ගිහිං...
    ඒ පාර මම ඒ ළඟ තිබුන කාගේද මන්ද එකක් අරගෙන පැදගෙන හෙමින් හෙමින් ගියා..
    ඒ පැත්තේ ඒ දවස් වල පාරවල් වල ලයිට් නැහැ...
    හඳ එලිය වැටිලා යන්තම් පාර පේනවා...
    තනියම යන්න බයත් වගේ...
    ඒත් කට්ටිය ඉන්නවා කිවුව නිසා හෙමින් හෙමින් සිවුරුහන් කර කර ගියා...
    එක පාරටම පඳුරු පොඩි වෙනව් ඇහුනා...
    මම බයිසිකලෙන් බැහැල වට පිට බැලුව...
    මොකෙක්වත් නැහැ...
    යන්තම් අස්සකින් එකෙක් ඉන්නව වගේ දැක්ක...
    මම ඌට කතා කරා..
    දැන් මූ එනවා බයෙන් බයේ...
    මම ඇහුව මොකෝ මෙතන කරන්නේ කියලා..
    මූ බය වෙලා..
    මූ හිතල තියෙන්නේ මුර කාරය කියල...
    චූ බර නිසා අස්සට ගියාලු චූ කරන්න....
    මම ඇහුව කෝ අනිත් එවුන් කියලා...
    එතකොට තමයි දැනගෙන තියෙන්නේ මම කියල....
    අරූ මට බනිනවා කතා කරන්න තිබුනනේ බං, අපි බය උන කියලා...
    උඩ බලද්දී ගහට නැගපු එකා,
    ගහ බදාගෙන ඉන්නවා රිලවෙක් වගේ...
    අන්තිමට අපි කුරුම්බා බිවුව...
    එන්න හදද්දී මම ඇහුව ආපු එකේ ෆන් එකක් අරගෙන යමුද කියලා....
    මොකක්ද කරන්න ඕන කියල ඇහුවම,
    මම පන්තියකට ගිහිං පුටුවක් ගෙනත් පාර කවර වෙන්න තිබ්බ....
    දැන් අරුන් පෝලිමට පුටු ගෙනත් තියලා,
    එතන කළුවර නිසා පිටින් බැලුවම පේන්නෙත් නැහැ....
    ඒ මදිවට එකෙක් වැටිච්ච පොල් අතු ටිකකුත් උඩින් දැම්ම...
    ටිකකින් බයිසිකල් සද්දයක් ආව...
    අපි හැඟුනා...
    ආව වේගෙන් දඩාන් ගාල ඇහුනා...
    බුදු අම්මෝ....
    කියල එකෙක් යටි ගිරියෙන් කෑ ගහ ගහ දුවනවා ඇහුනා...
    අපිට හිනා....
    එකෙක්ට ඒ වෙලාවේම වාතයක් ගියා...
    හිනාවත් එක්ක යද්දී ප්රුක් ප්රුක් ප්රුක් ප්රුප්රුක් වගේ සද්දයක් ආව....
    එදා නම් අපිට පැලෙන්න හිනා...
    කොහොම හරි අපි ආවට පස්සේ තව සෙට් එකක් බැහැලා.... අනිත් පාරෙන් ඇවිත්...
    කරුමෙට උන් එද්දී මුරකාරය අර අපේ උගුලේ හැපිලා....
    අරුන් ටික උදවු කරන්න ඇවිල්ල,
    හොඳටම බැනුම් අහලා...
    කලින් බය වෙච්ච එකාගේ කට්ටියත් ඇවිත් මුන්ට බැනලා..
    සේරගේම හිතේ මුන් මේ ටික කරලා කියලා..
    එයින් පස්සේ මම ඒ පැත්තේ ගියේවත් නැහැ...
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    This thread already has the maximum number of tags and you are not allowed to edit any existing tags.

    මෙච්චර පෝස්ට් දාන මට කෝ ටැග්...
     
    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    This thread already has the maximum number of tags and you are not allowed to edit any existing tags.

    මෙච්චර පෝස්ට් දාන මට කෝ ටැග්...

    ලබු අය්යාට කවුරු හරි ටැග් එකක් දියව්
     
    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    වෙනම නුලක් අරින්න ඕනි ලබුගේ කුපාඩි වැඩ කියලා. ඒ තරමට කුපාඩි වැඩ නේ මු කරලා තියෙන්නේ
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    This thread already has the maximum number of tags and you are not allowed to edit any existing tags.

    මෙච්චර පෝස්ට් දාන මට කෝ ටැග්...

    :D මම මගෙ ටැග් උඹට දෙන්නම් (ටැග් දෙකක් දාගත්තා මුලීන්ම). :cool: උඹ තමයි මේ ත්‍රේඩ් එකේ නියමම මරුසියා. ටැග දාන්න දැන් නෙවෙයි මම උඹට PM එකක් දාන්නම් උඹ online ඉන්න වෙලාවක් බලලා දැන් ටැග් දෙක දාගනින් කියලා. :yes:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    මගෙ ටැග් දෙක.

    ජාතික මරුසියෝ
    copyrighted©

    මොන පොන්නයොද බං මේ ත්‍රේඩ් වලට 123, 132, 22222, 111, 22222, aass, bkuf, ddgfsgsdg, mmme, mage1, mage2, sgwggrg වගෙ ටැග් දාන්නෙ? දාන උට වැඩකුත් නෑ ත්‍රේඩ් එකට වැඩකුත් නෑ, ත්‍රේඩ් එක බලන උන්ට වැඩකුත් නෑ, අනික් ත්‍රේඩ් හරියට මේ ටැග් වලට ටැග් වෙන්නෙත් නෑ. මේ ටැග් හුඟක් ත්‍රේඩ් වල දාලා. මොන මඟුලට දානවද මංදා.
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මෙකත් මම කරපු පොඩි මරිසි වැඩක්
    පොඩි කාලෙ මට පිස්සුවක් තිබුනා බොරු වලවල් කපන එක:rolleyes: එක පාරක් හවසක මම කාටත් හොරෙන් අපෙ වත්ත මැද්දෙන් යන පාරෙ
    බොරු වලක් කැපුවා සතෙක් අල්ලගන්න හිතාගන :rofl:ගොනෙක් මුවෙක් වගෙ වැටුනොත් ලෙසි නැනෙ.:baffled:
    කපලා උඩින් කොටුයි කොල අතුයි දාලා ඉට උඩින් පස් දාලා වැහුවා පහුවදා උදෙ මට බොරු වල බලන්නත් අමතක වෙලා ඉස්කොලෙ ගියා
    උදෙ 10 ට විතර මාලු කාරයා ඇවිත් අම්මා මාලුත් අරගන වත්ත මැද්දෙන් එන්න ඇවිත් කරුමෙ කියන්නෙ අම්ම වැටිලා කියහන්කො බොරුවලට:eek::shocked:
    මාලු ටිකත් වත්ත පුරාම විසි වෙලා.කොහොමහරි අම්මටත් සීන් එකට පට්ට හිනා මට බැන්නෙත් නැ
     
    අම්ම කොහොමද ගොඩ ඇවිත් තියෙන්නේ...පවු බං....
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට

    ඒකාලේ ඉදලම සත්තු ගැන සැහෙන්ට හිතලා :rolleyes::baffled:
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    ඔය කතා අස්සේ මටත් ඔන්න නමෝ විත්තියෙන් කතාවක් දාන්න හිතුනා.

    මේක උනේ 11 වසරෙදි.

    අපේ ඉස්කෝලෙට යන්න බස් දෙකක යන්න ඕනේ. ගෙදර ඉඳන් ඇවිත් නුවර ටවුමෙන් තව එකක්.

    ඒ දවස් වල එක්තරා කාන්තා පාර්ශවයක් ගැන පොඩි හිතේ මෙව්වා එකක් පහළ වෙලා තිබුනා. හැබැයි මුුකුත් අනන් මනන් සිීන් නෑ. හැමදාම ඒ දැරිවි යන බස් එකට නැගලා යන එක විතරයි. මොකද අම්මයි නන්ගියි එක්ක තුන්පත් රෑන වගේ එන්නේ... අනික දැන් ඉන්න කොල්ලෝ කෙල්ලෝ වගේ එච්චර ඇඩ්වාන්ස් නෑ අපි....:P

    මෙයාලා නගින්නේ හැමදාම එකම බස් එකකට. ඒක අදින්නේ නුවර ඔරලෝසු කණුව ගාවින්.

    සමහර දවස් වලට ගෙදර ඉඳන් එන බස් එක පරක්කු උනොත් මේක අල්ල ගන්න බෑ.

    ඔන්න එදත් මේ වගේ පරක්කු උන දවසක්. ඔරලෝසු කණුව ගාවට දාඩිය පෙරාගෙන එනකොට බස් එක ඈතින් අදිනවා පේනවා. එහෙම කියලා කොහොමද? පාර කොහොම පැන්නද මතක නෑ. දුවගෙන ගිහින් එල්ලුනා අදින බස් එකේ.

    මේක අර මැදින් දොර තියෙන ටාටා කොටයක්. දොරේ එල්ලෙනකොටම කකුල ලිස්සලා කොල්ල බිම. දකුණු කකුලෙ ඇඟිලි ටිකට පොඩ්ඩක් උඩින් ගියා පිටිපස්සේ රෝදේ. :baffled:

    ඒ මදිවට වහකන සීන් එක. නුවර ටවුම මැද. මොනා කරන්නද...කොල්ලා දඩ බඩ ගාලා නැගිටලා ඒ බස් එකේම එල්ලුනා. ඇඩ්‍රිනලීන් පවර් එක වෙන්න ඇති. වෙලාවට බස් එකේ කීප දෙනෙක්ට ඇරෙන්න සීන් එක නෝනඩි නෑ.

    කකුලත් අවුලක් නෑ. හිරිවැටිලා වගේ. කරුමෙට කෙල්ලත් බස් එකේ නෑ. :angry:

    බහින්න යනකොට යකෝ කකුල බිම තිබ්බට තියවෙන්නනේ නෑ. කොහොම හරි ඉතින් හෙන අමාරුවෙන් වෙඩි වැදිච්ච එකා වගේ ඉස්කෝලෙට ගියා. මොකෝ වෙලා තියෙන්නේ කියලා බලන්න සපත්තුව ගලවන්න හැදුවා. මලා... ගලවන්න බැරි වෙන සයිස් එකට හිරවෙන්න ඉදිමිලා :baffled:

    අන්තිමට ගෙදර ගිහින් සපත්තුව තැන් දෙක තුනකින් කපලයි ගැලෙව්වේ. සති දෙකක් විතර යනකම් බේත් කරා. එදානම් මචංලා මාර බේරිල්ලක් බේරුණේ.

    ඒ දවස් වලට කොලුකමට කරන දේවල්. ඒත් කෙස් ගහක් එහෙ මෙහෙ උනානම් ඉඳලා වැඩක් නෑ.

    හැබැයි එහෙම පිස්සු වැඩ කරපු නිසා තමයි දැන් පොඩ්ඩක් මතක් කරලා හිනාවෙන්නවත් තියෙන්නේ....

    මේ දැන් කියනකම් මේ සීන් එක සිද්ධ වුනේ මෙහෙම කියලා ගෙදර මිනිස්සු දන්නේ නෑ... ;)
     
    • Like
    Reactions: DemonAkalanka

    :rofl::rofl::rofl:
    addres එක දියන් කතාව
    පොස් කාඩ් එක්ක ලියලා ගෙදරට එවන්න :baffled::baffled:
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    සිරාවට... දැන් මතක් උනේ.. අඳුනන එකෙක් දෙන්නෙකුත් ඉන්නවා මේකේ..:yes::rofl:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    සිරාවට... දැන් මතක් උනේ.. අඳුනන එකෙක් දෙන්නෙකුත් ඉන්නවා මේකේ..:yes::rofl:

    එහෙනම් කියන්න එපා... නිකන් බලල යන්න... නැත්නම් මෙහෙම කරගත්ත වගේ තියේවි

    avatar452091_49.gif
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අඳුරන කෙල්ලෙක්ගෙ ගෙදර බඩු අස් කරන්න ගියා...
    ඒකි ගෙවල් මාරු කරනවා...
    පරණ ගෙයින් අලුත් කුලී ගෙට බඩු අදිනවා...
    අපිත් ගියා...
    බඩු ටිකක් ඇදලා ඉන්නකොට නිකන් අපි දෙන්නෙක් ගියා ගේ වටේ පොඩ්ඩක් වට පිට බලන්න...
    එහෙම යද්දී අල්ලපු ගෙදර පොඩි එකෙක් ඉන්නවා මුහුණ දෙක කරගෙන...
    අපි හිනා උනත් ඌ ඉන්නවා රුපියල් දෙකක් උගුරේ හිර කරගෙන වගේ කටත් හදාගෙන අඩ අඩ...
    ෂුවර් එකට මොකක් හරි එකකට මූ ගුටි කාල..
    අවුරුදු 4ක් විතර ඇති...
    මාත් එක්ක ගියපු එකා,
    පොඩි සැමන් ටින් එකක් හොයාගෙන පොඩි එකාට පේන්න දුර තියාගෙන ඒකට පොඩි ගල් වලින් ගහනවා..
    දැන් අරුත් ගේමට එන්ටර් වෙලා,
    පොඩි එකා එල්ලෙට ගහනවා...
    අපේ එකාට ගහගන්න බැහැ...
    පොඩ්ඩා හිනත් වෙනවා..
    ඒ පාර අපේ එකා පොඩි ගල් කට අරගෙන ගේට්ටුවට හෙමින් හෙමින් ගහනවා...
    පොඩි එකත් පොඩි ගල් ගෙනත් ගහනව...
    අපි හිටපු ගෙදර තිබුනේ යකඩ ගේට්ටුවක්...
    පොඩි එකාලගේ ගෙදර තිබුනේ ලී ගේට්ටුවක්...
    ඒ නිසා සද්දේ ඇහෙන්නේ නැහැ...
    දැන් මගේ යාළුවා ලොකු ගල් අරගෙන පන දාගෙන ගහන්න වගේ බොරුවට ගහනවා...
    අරුත් පත ගල් ගෙනත් ගහනවා,
    ඒත් සද්දේ ඇහෙන්නේ නැහැ...
    ඒ පාර මට නිකන් ඉන්න බැරි නිසා පොඩි එකාට පෙන්නුවා උන්ගේ ගෙදර තියෙන විදුරු ජනේලේ...
    අරූ කට පුරා හිනා වෙලා හෙමින් හෙමින් යද්දී,
    මගේ යාළුවා,
    "මොකක්ද යකෝ ඒ කරපු අසමත්ජාති වැඩේ " කියල මවත් ඇදගෙන ගියා...
    ටිකක් දුර යද්දී සලාං ගාල සද්දයක් ඇහුනා...
    ටිකකින් පොඩි එකෙක් යටි ගිරියෙන් කෑ ගහ ගහ අඩන සද්දේ ඇහෙද්දී,
    යාළුවයි මමයි දවල්ට කෑවෙත් නැතිව හෙමින් මග ඇරලා ගිය...
    අයිත් නම් එකේ ගියේ නැහැ..
    මේක උනේ 1999...
    දැන් ඒ පොඩි එකාට අවුරුදු 20ක් විතර ඇති...
    ඒ නිසා කොහොමටවත් ඒ පැත්තේ නම් යන්නේ නැහැ...