මරිසි වැඩ - II

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    OL කාලේ පරන කොට්ටාව paththey සින්හල පන්තියකට ගියෙමි. ඔකට Devi බාලිකා එකෙ කෙල්ලො සෙට් එකක් ආවොය. එක කෙල්ලෙක්ගෙ NICK name එක හාල්මෑස්සිය. මාත් අතල් එකේ පාන්දර පන්තීය පටන් ගන්න කලින් මෙකි එන වෙලවට හාල්මෑස්සී කියා පොත දිහා බලන් හිටියා. මේකි අන්ඩන්න පටන් ගන්තා. ඊට පසු Sinhala ටීචර් කවුද ඔක කලේ කියා කෙල්ලගෙන් අසන ලදි. මෙකි පනපු ගමන් පන්තියෙ හිටපු Royal ගියපු අහින්සක පොරක් පෙන්වන ලදි. පොර ඊට පස්සෙ අන්ඩන්න ගත්ත මුලු class eka issarahama. අපිට full ආතල්. මොකද මම Silent බුවෙක් නිසා නො බොඩි suspect ඔය වගෙ දෙයක් කරයි කියා :rofl:

    අන්ඩන්න ගත්ත :baffled:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    OL කාලේ පරන කොට්ටාව paththey සින්හල පන්තියකට ගියෙමි. ඔකට Devi බාලිකා එකෙ කෙල්ලො සෙට් එකක් ආවොය. එක කෙල්ලෙක්ගෙ NICK name එක හාල්මෑස්සිය. මාත් අතල් එකේ පාන්දර පන්තීය පටන් ගන්න කලින් මෙකි එන වෙලවට හාල්මෑස්සී කියා පොත දිහා බලන් හිටියා. මේකි අන්ඩන්න පටන් ගන්තා. ඊට පසු Sinhala ටීචර් කවුද ඔක කලේ කියා කෙල්ලගෙන් අසන ලදි. මෙකි පනපු ගමන් පන්තියෙ හිටපු Royal ගියපු අහින්සක පොරක් පෙන්වන ලදි. පොර ඊට පස්සෙ අඩන්න ගත්ත මුලු class eka issarahama. අපිට full ආතල්. මොකද මම Silent බුවෙක් නිසා නො බොඩි suspect ඔය වගෙ දෙයක් කරයි කියා :rofl:

    කීය වසරේදීද බන්??? :confused: :oo: :baffled:
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    මේක මම කරපු වැඩක් නම් නෙවෙයි අපේ එකෙක්ට උන අන්තිම පජාත සීන් එකක්.
    ඩයල් එක ටිකක් මොරාල් පිට ඉන්න චරිතයක් ( ගොන් මොරාල් ද මන්ද , දැන් නම් හැදිලා හැබැයි. )
    මේ සිද්දිය උනේ A/L Account class එකේ අන්තිම දවසේ. ඔන්න ඉතින් අවුරුදු දෙකක් class ගිහිල්ල අන්තිම දවසක් ඇවිල්ල . ඒ නිසා පන්තියේ සෙට් එකම එකතු වෙලා පොඩි පාටියක් දැම්ම, පොඩි කිව්වට හිටපු සෙනග නම් පොඩි නෑ 1000 ට කිට්ටු වෙන්න හිටිය . hall class එකක් නේ.
    ඔන්න ඉතින් සර් සමුගැනීමේ කතාව කරා , අපේ එකකුත් කතාවක් කරන්න එපැයි . මෙන්න ඉතින් මූ ගියා කතාව කරන්න.
    පොර ඉතින් පට්ටම හැඟීම්බරව කතාව කරනවා. කෙල්ලොන්ගේ මූණු වල කඳුළු වැටෙන්න ඔන්න මෙන්න. මුළු හෝල් එකම පට්ටම silent මාරම සීරියස් මූඩ් එකේ. ඔහොම ටික වෙලාවක් කතා කරලා දැන් මුගේ හැඟීම් බර කමේ උච්ච ස්ථානයට ඇවිල්ල. ඔන්න ඉතින් කතාව ඉවර කරන්න යනකොට මුට කියවුනා කියහල්ලකෝ

    අපේ xxxx සර්ට නිවන් සැප ලැබේවා කියල

    .(සර් ගේ නම දාන්න බෑ දැම්මොත් මූ මාට්ටු . එච්චරට වැඩේ famous උනා )

    class එකේ එකම විකාරයි . කොල්ලෝ උඩ පැන පැන හිනා වෙනවා , කෙල්ලොත් එක එක විදිහට හිනා වෙනවා , සර් ටත් හිනා, මුට හොල්මන් , ටික වෙලාවකින් තමයි උටත් තේරුනේ. මුළු පන්තියම විනාඩි දහයක් වගේ හිනා උනා , බඩවල් රිදෙනවා අන්තිමට හිනා වෙලා. මුගේ රෙදි නැත.

    (මෙම පුද්ගලයා විශිෂ්ට ප්‍රතිඵල සහිතව A/L පාස් උන අතර දැනට මා සමගම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබයි. තවමත් කෙල්ලන් පවා මොහු ගැන කතා කරන විට ආ අර xxxx සර් ට නිවන් සුව පතපු කෙනා නේද ? යයි ඇසීම සාමාන්‍ය දෙයකි)
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ

    :rofl::lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    attachment.php
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ඉංගිරිස් පන්තියේදී තමයි මේ කියන කතන්දරේ උනේ...තුන වසරේ තමයි එතකොට හිටියේ මම(කොට කලිසම් ඇඳගෙන හොටු පෙරාගෙන ඉන්න කාලේ නෙව).මට මතක හැටියට මිස්ගේ නම "අනෝමා".
    දවසක් දැන් ඔන්න පන්තියේ එවුන්ට මිස් කිව්වා ඉංග්‍රීසි කවියක් එහෙමත් නැත්තන් poem එකක් කියන්නෙයි කියල. පන්තියේ සම සමව හොටු කෙල්ලෝ සහ හොටු කොල්ලෝ හිටියා. දැන් මිස් අරක කියන්න කිව්වා විතරයි එක එකා මූණට මූණ බලං කුටු කුටු ගාන්න පටන් ගත්ත.
    ක්ලාස් එකේ හිටියා "ෂෙහාරි" කියල ගෑල්ලමයෙක්. මෙයා ඉතිං ටිකක් විතර පොස් එක්කෙනෙක් ඈ.එලොකියුසන් ක්ලාස් එහෙමත් ගියා ඒ කාලේ.
    මේකි දැන් විහාර මහා දේවිය වගේ නැගිටලා ගිහිං ක්ලාස් එක ඉස්සරහා කිව්වා ඉංගිරිස් කයියක්,එහෙමත් නැත්තන් English Rhyme එකක්.

    "roly poly pudding..........."

    (මට ඒකෙ වචන මතක නෑ[ඒ කාලේ තේරුනේ නැහැනේ,ඒ හින්ද වැරදිලාවත් මතක හිටියේ නෑ])
    දැන් මේක කියල මහා ආඩම්බර ලුක් එකක් දාගෙන ක්ලාස් එකේ එවුන්ට මේකි ගිහින් වාඩි උනා. අනෝමා මිසුත් කියාපි
    "See now Shehari has sung a nice song,Why others cant sing??? " කියල
    මොන!!! ඔක්කොම එවුන් බිරාන්ත වෙලා පුටු වලට තියල දෙපරංශ මල්ටි බොන්ඩ් වලින් අලවලා තිබ්බ වගේ හිටියේ. ඔන්න මිස් ඒ පාර කියන්න ගත්තා, "ගෑනු ළමයෙක් නම් කිව්වා,කෝ ඉතින් මේ පිරිමි ළමයින්ට බැරිද?" කියල.
    අනේ ඉතින් අන්ත අසරණ අපි මොනවා කරන්නද. එතකොටම අපේ පන්තියේ අන්දරේ හෙවත් "ගයියා" නැගිට්ටා. නැගිටලා මිස්ට කිව්වා,
    "මිස් මම එකක් කියන්නම් " කියල. අම්මට හුඩු!!! මිස්ට හෙනම සන්තෝසයි දැන් අන්තිමේදී හරි එකෙක් ඉදිරිපත් උන එක ගැන.
    ඒත් ඉතින් ගයියා ගැන දන්නා හින්දාමදෝ හෝ අපේ හිත් වල කොනක පුංචි කහටක් තිබ්බ( "මොකාටද මූ එන්න හදන්නේ " වගේ එකක්.)
    කමක් නෑ මොකද වෙන්නේ කියල ඉතින් කටවල් බලියාගෙන ඉන්නවා කොල්ලෝ බලාගෙන දැන්.(කෙල්ලෝ ටිකත් එහෙම්මමයි හරිය!)
    ගයියත් සිංහ සෙයියාවෙන් පන්තිය ඉස්සරහට ගිහින් උගුරේ රැල් බුරුල් හෙම ඇරලා පටන් ගත්තා උගේ සින්දුව.................

    "Roly poly pudding
    ෂෙහාරි කිව්වේ කටිං....
    "

    පද දෙකයි කියන්න හම්බුනේ ඉන් පස්සේ අපි දැක්කේ ඔලුව බේරගන්න පන්තිය වටේ දුවන අපේ කතා නායක තුමා එහෙම නැත්තන් අපේ ආදරණීය ගයියා සහ උගේ මාංශ අනුභව කරන රිස්සෙන් ඌ පසුපස හඹා යන අපේ ආදරණීය ගුරුතුමී,අනෝමා මිස්වයි, හොටු පෙරාගෙන අඬන ෂෙහාරිවයි විතරයි.

    කොහොමින් කොහොම හරි ආයෙම ඉංග්‍රීසි පන්තියේදී අපි poem හෝ rhyme කිව්වේ නැහැල්ලු ඈ.......
    අදටත් ගයියා ඕක මතක් කරලා ඒ පාදඩ අතීතය ගැන හිනා වෙනවා බඩ පැලෙනකල්!!!!

    Last edited:
    • Like
    Reactions: Roxxx

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    තව කතාවක් මතක් උනා, මේක උනෙත් මීට අවුරුදු සෑහෙන කාලෙකට කලින් ඒ කියන්නේ මම ඕ ලෙවල් කරන කාලේ.
    අපි එතකොට එකොළහ වසරේ හිටියේ.
    ඉස්කෝලේ ට්‍රිප් එක යන්න සෙට් උනා දවස් 2ක් කතරගමට.
    අනේ ඉතින් නමෝ විත්තියෙන් කොලොන්තොට ඉඳල ගාලු පුරවරය එහෙම පහු කරලා මාතරට කිට්ටු වෙනකොට දවල් දොළහ,එක විතර වෙන්නැති මයේ හිතේ.
    අපේ පන්ති භාර මිස්ගේ මහ ගෙවල් තිබ්බේ මාතර.
    ඉතින් එහෙ තමයි අපිට දවල් කෑම සෙට් කරලා තිබුනේ.
    ඉතින් කොහොමින් කොහොම හරි අපි කට්ටිය දවල්ට එහෙන් කාල, (ඒ වගේ අපිට ආදරේ කරපු ගුරුවරු අපිට හිටියා,තාමත් ඇස් වලට කඳුළු එනවා මතක් වෙනකොට) දැන් කෑවට පස්සේ ඉතින් ශරීර කෘත්‍ය කරන්න අවශ්‍යතාව එනවනේ කස්ටියට.
    ඉතිං ඔක්කොම එවුන් දුවන් ගියේ පම්ප් කරන්න තැන් හොයාගෙන.
    ගෙදර තිබුනෙත් ඇතුලේ බාත්රූම් එකයි පිට වෙනම හදපු ටොයිලට් එකකුයි විතරයි. අපි කොල්ලෝ හතළිහක් විතර ඉන්නවා දැන් චූ කරන්න බලාන.
    දැන් මොකෝ කරන්නේ ඉතින් ඉවසනවා කියල ඔහොමට ඉවසන්න පුළුවන්යැ, ගේ පිටිපස්සේ වත්තේ සෑහෙන තරමක් තිබුනා ඉඩකඩ. ඒ පැතිවල ඉතින් ගේ වටේට අක්කර පහ හයක් තියෙනවනේ වත්ත. ඔන්න දැන් කස්ටිය ගෙරදට නොපෙනෙන්න, තැන් තැන් වල ස්ථානගත උනා සුළුදිය පහ කිරීමේ මහා කර්තව්‍ය සඳහා.
    ඔහොම දැන් වැඩේ කෙරීගෙන යන අතරේ අර මම කලින් කියපු එළියේ තිබ්බ ටොයිලට් එක පිටිපස්සට එකෙක් ගියා පම්ප් කරන්න.(ඒ වෙනකොටත් ඒක ඇතුලේ එකෙකුයි,යන්න බලාගෙන තව තුන් හතර දෙනෙකුයි වටවෙලා අරූව අලියට ගන්න කෑ ගහන ගමන් හිටියේ.)
    ඉතින් ඔය ටොයිලට් එක අස්සට රිංගපු එකාගේ කාඩ් එක තමයි "සාලයා".
    අර ටොයිලට් එක ඇතුලේ හිටි එකාගේ අම්මවත් මතක් කරගෙන,වටවෙලා හිටපු එවුන්ටත් කෝචොක් එකක් දාන ගමන් දැන් ඔන්න සාලයා සුළුදිය දහර මුදා හරිනවා වියලි පොලෝ තලය තෙමාලන්න. එකපාරටම අපිට ඇහුනා
    බ්රාරාරාරාරා.................ස්!
    දොහ්!

    ගාල සද්දයක් මහා හයියෙන්.
    කට්ටිය දැන් වටපිට බලනවා එකපාරටම මොකද්ද මේ උනේ කියල.
    අර ටොයිලට් එක පිටිපස්සේ මුත්තරා කරමින් හිටි සාලය අර සද්දෙත් එක්ක අතුරුදන් වෙලා.
    පට්ට පුදුමයි.
    ඒ අස්සේ මේකා කෑ ගහන සද්දෙත් ඇහෙනවා.
    යකෝ මේ හොඳට හිටි එකා එකපාරටම අන්තරස්ධාන වෙලා.
    ඒ උනාට උගේ කටහඬ ඇහෙනවා.
    මේ මොන හුට්ටප්පරයක්ද කියල බලන්න කට්ටිය වට උණා.
    අනේ සාලයාගේ චූ කිරිල්ලට පොලෝ තලය කම්පිත වෙලා ඉන් විශාල පැල්මක් හටගෙන,අපෙ සාලයාව ඒක ඇතුලට ඇදගෙන ගිහිං.
    සාලයාගේ ඇඟේ මොනවද මංදා රතු දුඹුරු- කළු දුඹුරු පැහැයට හුරු පල්පයක් වගේ ද්‍රව්‍යයක් තැනින් තැන ගෑවිලා තිබුණා. ඒ මදිවට ඒවායින් සුමධුර, නාස් පුට පොපියවාලන ආශාවෙන් මන්මත් කරන මනරම් සුගන්ධයක් නික්මෙන්න උණා.
    අනේ සාලයාව ලැට් වල කඩාගෙන ඇතුලට වැටිලා.
    කොහොමහරි එහෙන් පිටත් උනේ සාලයාව හාපික් දාල නෑව්වයින් පස්සෙයි.
    එදා ඉඳන් නිකං සාලය සක බෝලයා හෙවත් බොක සාලයා නමින් බෞතීස්ම කරා.

    ප.ලි.- ලස්සනම ටික මෙන්න මේකයි. අපේ එවුන් වත්ත පිටිපස්සට දිරාමාර් වෙනකොට මිස්ගේ මහත්තය කියල තියෙනවා "පුතාල,පිටිපස්සේ ටොයිලට් එක පිටිපස්සේ ඒකෙ වල තියෙනවා,හොඳටම දිරල තියෙන්නේ,ඒ හින්ද ඒ පැත්තට පම්ප් කරන්න යන්න එපා කියල"
    කොහොමහරි මේක අහගත්තු එකා ඒ ගැන අපිට අනතුරු ඇගෙව්වේ සාලයාව ගොඩ ගත්තායින් පස්සේ. මොකද කියල ඇහුවාම මූ කියාපි. "මම දන්නවනේ බං ඕක අස්සේ අපේ එකෙක් අනිවා රිංගනවා කියලත්,ඒ මම නෙවෙයි කියලත්.":rofl:
     
    • Like
    Reactions: supaa

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    අපේ කොන්සට් එකක් තිබුනා අඳුරන මොන්ටිසෝරියක...
    අපි ඉතින් ගිහිං බැහැගෙන වැඩ...
    පට්ට කෑලි ටිකක් හිටපු නිසා බලෙන් වැඩ කරලා දෙනවා...
    උන්ට මහන්සි වෙන්න දෙන්නෙම නැහැ...
    උදේ කොන්සට් ඒකට කට්ටිය එහෙම ඇවිත් වාඩි වෙලා ඉන්නවා...
    උදේ තමයි සවුන්ඩ් චෙක් කලේ...
    ඒ වෙලාවේ සවුන්ඩ් අරගෙන අපේ එකෙක් පැනල දෙනවා...
    අපි කලින් ඉඳල මහන්සි උනත්,
    ඌ සේරම ඌ කරපුව වගේ පේන්න කරනවා...
    වයර් අදිනවා, ලයිට් සෙට් කරනවා, ඒ මදිවට අපිට අන දෙනවා මේක කරන්න මේක කරන්න කියලා...
    දැන් මෙතනින් යන්නයි හිත....
    ඒ තරම් එපා වෙලා....
    ඒ මදිවට අර කෙල්ලෝ ටිකත් මූට සපෝර්ට් එක දෙනවා...
    මොකක්ද මේකට කරන්නේ කියල හිතද්දී ටිකිරි මොලේට ආව අයිඩියා එකක්...
    බඩ පිරෙන්න උතුරන්න වතුර බීල මම ආව...
    ඇවිත් අපේ එකෙක්ට කිවුව මයික් වල සවුන්ඩ් ඕෆ් කරන්න කියලා...
    පොර වෙච්ච එකා මයික් ඒකට තට්ටු කරනවා...
    ඒත් ඇහෙන්නේ නැහැ...
    මට කිවුවා මයික් එක අල්ලගනින් කියලා....
    මම කිවුව කලිසමේ එල්ලගනින් කියලා...
    දැන් අරූ කලිසමේ පස්ස පැත්තේ එල්ලගෙන වයර් චෙක් කරනවා...
    මූ දන්නේ නැහැ මගේ අතේ මයික් එකක් තියෙනවා කියලා..
    මගේ මයික් එක ඕෆ් කරලා තිබුනේ...
    එකේ සද්දේ ෆුල් තියෙනවා....
    දැන් අරූ ස්ටේජ් එකේ ඉදගෙන මිනිස්සු ඉන්න පැත්තට පස්ස හරවාගෙන වයර් චෙක් කරනව...
    මම හෙමින් පැත්තකට ගිහිං...
    මගේ බඩ මිරිකල මිරිකලා හෙන වාතයක් ඇරියා මයික් එක පස්ස පැත්තට තද කරලා.....
    හිතල බලන්න ඉන්න මිනිස්සුන්ගේ ප්‍රතිචාර මොකක් වෙන්න ඇත්ද කියලා...
    ඒත් එක්කම මම මයික් එක ඕෆ් කළා...
    අර කෙල්ලොත් හිනා වෙනවා..
    සේරගේම හිතේ මූ තමයි පඩේ ඇරියේ කියලා...
    ඒ මදිවට අපේ එකෙක් සවුන්ඩ් අයිත් ඔන් කරලා...
    අරූ මයික් එක අතට අරගෙන කියනවා නැහැ නැහැ මම නෙවෙයි මම නෙවෙයි කියලා...
    පොඩි එවුන්ටත් හිනා...
    මූ එනවා දාඩිය දාගෙන...
    ඒ අතරේ පොඩි එකෙක් අහනවා,
    "අම්මේ මේ මාම නේද පඩයක් ඇරියේ" කියලා...
    අපි හිනා උනා මැරෙන්නම...
    අරූට අඩන්න වගේ....
    අපේ මල්ලිත් හිටියා,
    මල්ලි කියනවා "උදේ ඉඳල බඩේ අමාරුව කිවුවනේ, ගිහිං කක්ක කරලා වරෙන්" කියලා...
    අරුගේ කරුමෙට ඌ අරගෙන ආව මයික් එක ඔන් වෙලා...
    පවු වැඩේ..
    ඌ ගියා ගියාමයි කාලයක් අපිට මුහුණ දෙන්න ආවේ නැහැ...
    ප්ර්රුක් ගෑවත් ඇති මිනිහට...

    patta ban
     
    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    තව කතාවක් මතක් උනා, මේක උනෙත් මීට අවුරුදු සෑහෙන කාලෙකට කලින් ඒ කියන්නේ මම ඕ ලෙවල් කරන කාලේ.
    අපි එතකොට එකොළහ වසරේ හිටියේ
    .

    අප්පට සිරි උබ 11 වසරේද ඕ ලෙවල් කරේ?:P:P:P:P:P:P
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,863
    6,497
    113
    ගග අද්දර
    ඉංගිරිස් පන්තියේදී තමයි මේ කියන කතන්දරේ උනේ...තුන වසරේ තමයි එතකොට හිටියේ මම(කොට කලිසම් ඇඳගෙන හොටු පෙරාගෙන ඉන්න කාලේ නෙව).මට මතක හැටියට මිස්ගේ නම "අනෝමා".
    දවසක් දැන් ඔන්න පන්තියේ එවුන්ට මිස් කිව්වා ඉංග්‍රීසි කවියක් එහෙමත් නැත්තන් poem එකක් කියන්නෙයි කියල. පන්තියේ සම සමව හොටු කෙල්ලෝ සහ හොටු කොල්ලෝ හිටියා. දැන් මිස් අරක කියන්න කිව්වා විතරයි එක එකා මූණට මූණ බලං කුටු කුටු ගාන්න පටන් ගත්ත.
    ක්ලාස් එකේ හිටියා "ෂෙහාරි" කියල ගෑල්ලමයෙක්. මෙයා ඉතිං ටිකක් විතර පොස් එක්කෙනෙක් ඈ.එලොකියුසන් ක්ලාස් එහෙමත් ගියා ඒ කාලේ.
    මේකි දැන් විහාර මහා දේවිය වගේ නැගිටලා ගිහිං ක්ලාස් එක ඉස්සරහා කිව්වා ඉංගිරිස් කයියක්,එහෙමත් නැත්තන් English Rhyme එකක්.

    "roly poly pudding..........."

    (මට ඒකෙ වචන මතක නෑ[ඒ කාලේ තේරුනේ නැහැනේ,ඒ හින්ද වැරදිලාවත් මතක හිටියේ නෑ])
    දැන් මේක කියල මහා ආඩම්බර ලුක් එකක් දාගෙන ක්ලාස් එකේ එවුන්ට මේකි ගිහින් වාඩි උනා. අනෝමා මිසුත් කියාපි
    "See now Shehari has sung a nice song,Why others cant sing??? " කියල
    මොන!!! ඔක්කොම එවුන් බිරාන්ත වෙලා පුටු වලට තියල දෙපරංශ මල්ටි බොන්ඩ් වලින් අලවලා තිබ්බ වගේ හිටියේ. ඔන්න මිස් ඒ පාර කියන්න ගත්තා, "ගෑනු ළමයෙක් නම් කිව්වා,කෝ ඉතින් මේ පිරිමි ළමයින්ට බැරිද?" කියල.
    අනේ ඉතින් අන්ත අසරණ අපි මොනවා කරන්නද. එතකොටම අපේ පන්තියේ අන්දරේ හෙවත් "ගයියා" නැගිට්ටා. නැගිටලා මිස්ට කිව්වා,
    "මිස් මම එකක් කියන්නම් " කියල. අම්මට හුඩු!!! මිස්ට හෙනම සන්තෝසයි දැන් අන්තිමේදී හරි එකෙක් ඉදිරිපත් උන එක ගැන.
    ඒත් ඉතින් ගයියා ගැන දන්නා හින්දාමදෝ හෝ අපේ හිත් වල කොනක පුංචි කහටක් තිබ්බ( "මොකාටද මූ එන්න හදන්නේ " වගේ එකක්.)
    කමක් නෑ මොකද වෙන්නේ කියල ඉතින් කටවල් බලියාගෙන ඉන්නවා කොල්ලෝ බලාගෙන දැන්.(කෙල්ලෝ ටිකත් එහෙම්මමයි හරිය!)
    ගයියත් සිංහ සෙයියාවෙන් පන්තිය ඉස්සරහට ගිහින් උගුරේ රැල් බුරුල් හෙම ඇරලා පටන් ගත්තා උගේ සින්දුව.................

    "Roly poly pudding
    ෂෙහාරි කිව්වේ කටිං....
    "

    පද දෙකයි කියන්න හම්බුනේ ඉන් පස්සේ අපි දැක්කේ ඔලුව බේරගන්න පන්තිය වටේ දුවන අපේ කතා නායක තුමා එහෙම නැත්තන් අපේ ආදරණීය ගයියා සහ උගේ මාංශ අනුභව කරන රිස්සෙන් ඌ පසුපස හඹා යන අපේ ආදරණීය ගුරුතුමී,අනෝමා මිස්වයි, හොටු පෙරාගෙන අඬන ෂෙහාරිවයි විතරයි.

    කොහොමින් කොහොම හරි ආයෙම ඉංග්‍රීසි පන්තියේදී අපි poem හෝ rhyme කිව්වේ නැහැල්ලු ඈ.......
    අදටත් ගයියා ඕක මතක් කරලා ඒ පාදඩ අතීතය ගැන හිනා වෙනවා බඩ පැලෙනකල්!!!!

    තව කතාවක් මතක් උනා, මේක උනෙත් මීට අවුරුදු සෑහෙන කාලෙකට කලින් ඒ කියන්නේ මම ඕ ලෙවල් කරන කාලේ.
    අපි එතකොට එකොළහ වසරේ හිටියේ.
    ඉස්කෝලේ ට්‍රිප් එක යන්න සෙට් උනා දවස් 2ක් කතරගමට.
    අනේ ඉතින් නමෝ විත්තියෙන් කොලොන්තොට ඉඳල ගාලු පුරවරය එහෙම පහු කරලා මාතරට කිට්ටු වෙනකොට දවල් දොළහ,එක විතර වෙන්නැති මයේ හිතේ.
    අපේ පන්ති භාර මිස්ගේ මහ ගෙවල් තිබ්බේ මාතර.
    ඉතින් එහෙ තමයි අපිට දවල් කෑම සෙට් කරලා තිබුනේ.
    ඉතින් කොහොමින් කොහොම හරි අපි කට්ටිය දවල්ට එහෙන් කාල, (ඒ වගේ අපිට ආදරේ කරපු ගුරුවරු අපිට හිටියා,තාමත් ඇස් වලට කඳුළු එනවා මතක් වෙනකොට) දැන් කෑවට පස්සේ ඉතින් ශරීර කෘත්‍ය කරන්න අවශ්‍යතාව එනවනේ කස්ටියට.
    ඉතිං ඔක්කොම එවුන් දුවන් ගියේ පම්ප් කරන්න තැන් හොයාගෙන.
    ගෙදර තිබුනෙත් ඇතුලේ බාත්රූම් එකයි පිට වෙනම හදපු ටොයිලට් එකකුයි විතරයි. අපි කොල්ලෝ හතළිහක් විතර ඉන්නවා දැන් චූ කරන්න බලාන.
    දැන් මොකෝ කරන්නේ ඉතින් ඉවසනවා කියල ඔහොමට ඉවසන්න පුළුවන්යැ, ගේ පිටිපස්සේ වත්තේ සෑහෙන තරමක් තිබුනා ඉඩකඩ. ඒ පැතිවල ඉතින් ගේ වටේට අක්කර පහ හයක් තියෙනවනේ වත්ත. ඔන්න දැන් කස්ටිය ගෙරදට නොපෙනෙන්න, තැන් තැන් වල ස්ථානගත උනා සුළුදිය පහ කිරීමේ මහා කර්තව්‍ය සඳහා.
    ඔහොම දැන් වැඩේ කෙරීගෙන යන අතරේ අර මම කලින් කියපු එළියේ තිබ්බ ටොයිලට් එක පිටිපස්සට එකෙක් ගියා පම්ප් කරන්න.(ඒ වෙනකොටත් ඒක ඇතුලේ එකෙකුයි,යන්න බලාගෙන තව තුන් හතර දෙනෙකුයි වටවෙලා අරූව අලියට ගන්න කෑ ගහන ගමන් හිටියේ.)
    ඉතින් ඔය ටොයිලට් එක අස්සට රිංගපු එකාගේ කාඩ් එක තමයි "සාලයා".
    අර ටොයිලට් එක ඇතුලේ හිටි එකාගේ අම්මවත් මතක් කරගෙන,වටවෙලා හිටපු එවුන්ටත් කෝචොක් එකක් දාන ගමන් දැන් ඔන්න සාලයා සුළුදිය දහර මුදා හරිනවා වියලි පොලෝ තලය තෙමාලන්න. එකපාරටම අපිට ඇහුනා
    බ්රාරාරාරාරා.................ස්!
    දොහ්!

    ගාල සද්දයක් මහා හයියෙන්.
    කට්ටිය දැන් වටපිට බලනවා එකපාරටම මොකද්ද මේ උනේ කියල.
    අර ටොයිලට් එක පිටිපස්සේ මුත්තරා කරමින් හිටි සාලය අර සද්දෙත් එක්ක අතුරුදන් වෙලා.
    පට්ට පුදුමයි.
    ඒ අස්සේ මේකා කෑ ගහන සද්දෙත් ඇහෙනවා.
    යකෝ මේ හොඳට හිටි එකා එකපාරටම අන්තරස්ධාන වෙලා.
    ඒ උනාට උගේ කටහඬ ඇහෙනවා.
    මේ මොන හුට්ටප්පරයක්ද කියල බලන්න කට්ටිය වට උණා.
    අනේ සාලයාගේ චූ කිරිල්ලට පොලෝ තලය කම්පිත වෙලා ඉන් විශාල පැල්මක් හටගෙන,අපෙ සාලයාව ඒක ඇතුලට ඇදගෙන ගිහිං.
    සාලයාගේ ඇඟේ මොනවද මංදා රතු දුඹුරු- කළු දුඹුරු පැහැයට හුරු පල්පයක් වගේ ද්‍රව්‍යයක් තැනින් තැන ගෑවිලා තිබුණා. ඒ මදිවට ඒවායින් සුමධුර, නාස් පුට පොපියවාලන ආශාවෙන් මන්මත් කරන මනරම් සුගන්ධයක් නික්මෙන්න උණා.
    අනේ සාලයාව ලැට් වල කඩාගෙන ඇතුලට වැටිලා.
    කොහොමහරි එහෙන් පිටත් උනේ සාලයාව හාපික් දාල නෑව්වයින් පස්සෙයි.
    එදා ඉඳන් නිකං සාලය සක බෝලයා හෙවත් බොක සාලයා නමින් බෞතීස්ම කරා.

    ප.ලි.- ලස්සනම ටික මෙන්න මේකයි. අපේ එවුන් වත්ත පිටිපස්සට දිරාමාර් වෙනකොට මිස්ගේ මහත්තය කියල තියෙනවා "පුතාල,පිටිපස්සේ ටොයිලට් එක පිටිපස්සේ ඒකෙ වල තියෙනවා,හොඳටම දිරල තියෙන්නේ,ඒ හින්ද ඒ පැත්තට පම්ප් කරන්න යන්න එපා කියල"
    කොහොමහරි මේක අහගත්තු එකා ඒ ගැන අපිට අනතුරු ඇගෙව්වේ සාලයාව ගොඩ ගත්තායින් පස්සේ. මොකද කියල ඇහුවාම මූ කියාපි. "මම දන්නවනේ බං ඕක අස්සේ අපේ එකෙක් අනිවා රිංගනවා කියලත්,ඒ මම නෙවෙයි කියලත්.":rofl:

    දෙකම පට්ට ඈ.. දෙවෙනි එක තමයි පට්ටම.... :rofl::rofl::rofl::rofl::rofl:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    අප්පට සිරි උබ 11 වසරේද ඕ ලෙවල් කරේ?:P:P:P:P:P:P
    ඔව් බං ඇයි උඹ හත වසරේදී කරාද?
    premature ejaculation ද බොට?
    දෙකම පට්ට ඈ.. දෙවෙනි එක තමයි පට්ටම.... :rofl::rofl::rofl::rofl::rofl:

    තව තියෙනවා බං මේකේ දාන්න පුලුවන් ඒවා දාන්නම් ඉස්සරහට.:rofl:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මේක උනේ අපි ගියපු එක්තරා පන්තියක...
    කොහෙද කියල අවශ්‍ය නැහැ...
    අපි ෆුල් ෆන් එකේ හිටියේ...
    ඉන්න අතරේ අපේ මිස් කෙනෙක් කිවුව කවුද ලොකු මහත්වරු වගයක් එනවා කියල මට කම්පියුටර් එකක් ඇරගෙන ගිහින් ප්‍රොජෙක්ටර් එක ගහල සෙට් කරලා තියන්න කියල...
    ඉතින් මමත් සුපුරුදු පරිදි අපේ කොල්ලෝ ටිකකුත් ඇරගෙන ගිහින් ප්‍රොජෙක්ටර් එක සෙට් කළා..
    ඊට පස්සේ අපේ එවුන් කිවුව මොනවා හරි තියේනම් බලමු කියලා..
    මමත් වැල ගෙඩියක් දැම්ම බලන්න.
    ඊට කලින් දොර ලොක් කරල,
    තිර රෙදි දාල ලයිට් නිවල සද්දේ ටිකකුත් දාල බැලුව...
    හිතල බලන්න ප්‍රොජෙක්ටර් එකකින් බලද්දී කොහොම ගතියක් තියෙන්න ඇත්ද කියලා...
    ඔහොම ඉන්න අතරේ...
    හපෝ ඔයාල මොනවද මේ බලන්නේ ..
    කියල අහනවා ඇහුන හීනෙන් වගේ..
    බලද්දී අනුෂා කියල කෙල්ලක් ඉන්නවා පිටිපස්සේ...
    අපි උඩ ගියා..
    මේකි අපේ පස්සෙන් ඇවිත් එහාට වෙලා ඉඳල තියෙන්නේ..
    දැන් අපි ගැහෙනවා..
    හිටපල්ලා තොපි බ්ලු බැලුව කියල මම මිස්ට කියන්නම් කියල මේකි දුවගෙන ගියා..
    ඉස්සරහ දොර වහල...
    යතුර දියන් කියල කිවුව...
    අපේ එකෙක් යන්න හදද්දී තව එකෙක් කකුල් මට්ටුවක් දැම්ම...
    අරූ වැටුනා..
    වැටුනේ අනුගේ පපුව අතගාගෙන...
    අපි කිවුව ඕකා අමාරුව හැදිලා ඇල්ලුවේ කියලා...
    කෙල්ල බය වෙලා අපි පෝලිමක් දැම්මොතින් කියලා...
    ඒ පාර මම දොර ඇරලා දුන්න...
    කෙල්ලව ශේප් කරලා ක්ලාස් එකට යැවුවා...
    ඒ අස්සේ එකෙක් එනවා මට මිස් එන්න කිවුව කියල...
    මම උඩ ඉන්න දෙවියෝ සිහි කර කර ගියා..
    මිස් අහනවා සේරම හදල ඉවරනම් ලැබ් එකේ කම්පියුටර් ටික පොඩ්ඩක් බලන්න කියලා..
    අරකි කියල නැහැ...
    මිස් ඒ වෙලාවේ වෙන ක්ලාස් එකකට උගන්වනවා...
    මම දුවල දුවලා ගිහින් අර කොල්ලට කිවුව මචං මාර අවුල,
    උඹ ඕන කමින් කුක්කු ඇල්ලුවා කියල අනූ මිස්ට කියල,
    අන්න උඹ හෙඩ් ලඟට ගෙනියන්න හදන්නේ දුෂණය කරන්න හැදුව කියල චෝදනා කරලා,
    ඒ නිසා මිස් ඉන්නවා පන්තියේ,
    ගිහින් පැහැදිලි කරලා දීපන්,
    පුළුවන් නම් වැඳපන් කියල කිවුව...
    ඒ පාර අරූ ගැහි ගැහි දුවනවා...
    දුවල ගිහින් ක්ලාස් එක ඇතුලට ගිහින්
    අනේ බුදු මිස් මම ඕන කමින් අනුෂාගේ කුක්කු ඇල්ලුවේ නැහැ,
    වැටෙන්න යද්දී අත වැදුනේ කියලා මිස්ට වැන්දා...
    මිස් බය වෙලා...
    අනේ මිස් මාව හෙඩ් ලඟට නම් එක්කන් යන්න එපා..
    ගෙදරට කියන්නත් එපා...
    මිස් කියන ඕනෑම දෙයක් කරන්නම් කිවුව...
    මිස් දන්නවා මූ මගේ ලනුවක් කාල තමයි කියලා...
    ක්ලාස් එකේ සේරටම හිනා..
    අනූ කට තද කරගෙන ඉන්නවා...
    ඒ පාර මිස් අරූ එක්කන් ගිහින් දුන්න හෙන පත කාපට් එකක් හෝදන්න කියලා..
    මට එන්න කියලා ක්ලාස් එකට
    කන ඇබරුවා අනිත් පැත්තටම...
    ඒත් මට හිනා අරූ කියපු විදිය මතක් වෙලා..
    ඌ අදටත් දන්නේ නැහැ මම දුන්නේ ලනුවක් කියලා..
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට

    අනේ වාසනාවන් තෝ වගේ එකෙක් අපේ සෙට් එකේ හිටපු නැති එක :baffled::rofl::rofl::rofl::rofl:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මේක උනේ වෘත්තීය පුහුනු එකේ ඉන්න කාලේ..
    දන්නවනේ කම්පියුටර් එකේ පවර් බටන් එක එබුවම ඕෆ් වෙනවා කියලා..
    ඉතින් මම කලේ පවර් සෙටින් ගිහින් මගේ වගේම ළඟ තියෙන කම්පියුටර් වල නතින් කළා...
    පන්තියේ ඉන්නවා පිස්සු පොරක්...
    මම මිනිහට කතා කරලා කිවුව පුළුවන් නම් මගේ කම්පියුටර් එක ඕෆ් කරල පෙන්වපන් කියලා..
    අරූ පැන්න ගමන් පවර් බටන් එක එබුවා...
    ඒත් ඕෆ් උනේ නැහැ...
    ඒ මොකද බං කියල ඇහුවම මම කිවුව සේරම කම්පියුටර් එහෙම හදල තියෙන්නේ,
    බොරුනම් මුගේ එකත් ඔබල බලපන් කියලා අල්ලපු කම්පියුටර් එක පෙන්නුවා...
    ඒ පාර අරූට මාර ජොලි...
    මගේ දකුණු පැත්තේ එකත් ඔබල බැලුවා....
    ඒකේ හිටපු කෙල්ල බය උනා..
    ඒත් ඕෆ් උනේ නැහැ...
    පන්තියේ ඉන්න චුට්ටක් ඇත්තන් මල පනින එකෙක් ඉන්නවා...
    ඌ උදේ ඉඳල ලොකු ප්‍රොජෙක්ට් එකක් කරනවා...
    කරන්ට් යාවි කියල බයේ UPS එකකුත් ගහගෙන...
    මම දැක්ක පැය 1/2 කිං විතර සේව් කලෙත් නැහැ...
    මමත් ඉතින් ඒ පැත්ත බැලුව..
    අර යකා හිනා වේවි යන ගමන් කියනවා,
    අරුවත් බය කරමු,
    එහෙම කියල ගිහින් පවර් බටන් එක එබුවා...
    වින්ඩෝස් එක්ස් පී දාල තිබුනේ...
    බලන් ඉන්දැද්දී මැෂිම ඕෆ් වෙනවා...
    අරූ මගේ දිහා බැලුවත් මම මට නෙවි වගේ මගේ වැඩක් කළා..
    මොකක්ද හූ@තෝ ඒ කරපු කැ$ වැඩේ...
    බලපන් උදේ ඉඳල කරපු මහන්සිය අපතේ ගියානේ,
    අරුගේ බෙල්ලෙන් අල්ලලා නවල ගැහුවා පිට මැද්දට පාරක්,
    ඒ පාර නැහැ බං පවර් බටන් එක එබුවම ඕෆ් වෙන්නේ නැහැ,
    මෙන්න බලාපන් කියලා අල්ලපු එකේ කෙල්ලෙක් ෆොටෝෂොප් වලින් ලොකු කොටසක් කප කප ඉන්නවා,
    එකේ පවර් බටන් එක එබුවා....
    එකටත් බඩු හරි...
    අනේ ටීචර්..
    බලන්නකෝඕ...
    හයියෝ මොකක්ද මුසලයෝ ඒ කරපු වැඩේ කියලා සෙරෙප්පුව ගත්ත ගහන්න...
    අරූ දුවනව පන්තිය පුරාම...
    කොහොම හරි ටීචර් ඇවිත් රණ්ඩුව බේරුවා....
    ඒ පාර අරූ එක්කන් ගිහිං ටීචර් මොකක්ද ඇහුව...
    ඌ කතා නැතිව ඉන්නවා..
    මගේ දිහා බලනකන් ඉඳල මම පෙන්නුවා ටීචර් ගේ මැෂිම,
    මම කිවුව එකෙත් හදල තියෙන්නේ කියලා...
    අරූ පෙන්නුවා මෙන්න බලන්න මිස් මෙහෙම කලේ කියලා..
    එකත් ඕෆ්....
    මිස් බනිනවා හොඳටම...
    අපිට දෙන්න හදපු පේපර් එක සේව් කරලත් නැහැ...
    අරුගේ කනෙන් ඇදගෙන ගිහිං දැම්ම එලියට...
    හැරෙන තැපෑලෙන් ආවේ මගේ ලඟට..
    දැන්වත් ලනු දෙන එක නවත්තනවා කියල ඇන්න මට ටොක්කක්..