මරිසි වැඩ - II

gayendra9*9

Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    තව රෂ කතා ගොඩ්ඩක් තමා තීනවා සිංහලු.
    ටික්ක ටික්ක තමා දාන්නම්.

    රාජකීය ඩයල් එකක්නේ බන් උබත් බලන් යනකොට :cool::rofl::baffled:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    රාජකීය ඩයල් එකක්නේ බන් උබත් බලන් යනකොට :cool::rofl::baffled:
    ;)
    උබේ මරිසි තමා බං පට්ටම. හිනා කාලා මැරෙනවා බොරු සීන් නෙමෙයි කියලත් තේරෙනවා. අනික උබට හොදට ලියන්න පුලුවන්

    ස්තුතියි සහෝ කොමෙන්ටු වලට
    තව මරිසි ඉදිරියට........
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මලිත රොක්ස් වගේ එකෙක් දෙන්නෙක් හිටියනං ඇති...

    මුව ජනාදිපති කරොත් මොකෝ

    ලබ්බව දාමු අගමැති ට

    නෑ, එක්කෝ ඔන්න ඔහේ ලබ්බව ජනාධිපති කරවලා මාව අගමැති කරහල්ල බං.
    මොකෝ දැන් ටැම්පල් ට්‍රීයත් ආපහු අගමැතිට නෙහ්:cool::cool:
     
    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    අපි කොළඹ වැඩ කරන කාලේ එහෙ ඉන්න යාලුවෙක්ගෙ මාම කෙනෙක්ගේ ගෙදර යන්න උනා පොඩි වැඩකට....
    ඒ අන්කල් කාරය හොස්පිටල් එකේ ඇටෙන්ඩන්ට් කෙනෙක්...
    එදා අපි එන නිසාම ගෙදර හිටියේ...
    ඉතින් අපිත් සුපුරුදු පරිදි ගිහිං කතා කර කර ඉන්න ගමන්,
    අන්කල් කාරය ඇඳ යටින් බෝතලයක් ඇදල ගත්තා...
    මමයි යාළුවයි දෙන්නත් ටිකක් සපෝට් එකක් දුන්න..
    නැත්නම් හරි නැහැනේ...
    අන්කල්ගේ නම සුසා කියල හඳුන්වන්නම්...
    කොහොම හරි අපි දෙන්න එකතු වෙලා සුසා ට හොඳටම පෙවුව..
    දැන් සුසා බුදි බීම පෙරලිලා..
    අරූ අහනවා සුසාගේ මුහුණේ රූප අඳිමුද කියලා..
    පොඩි එවුන් කරන වැඩ කරන්නේ නැතිව අපී ඉතින් කොලු ෆන් එකක් ගන්න හිතාගෙන,
    මම වැඩේට බැස්ස..
    මම සුසාගේ පිටිපස්සේ ඉඳගෙන..
    සුසා සුසා ඔන්න ලෙඩෙක් ගෙනාව, කියලා කලබලෙන් කිවුවා...
    සුසා දඩ බඩ ගාල නැගිටලා
    සරම හද හදා කෝ කෝ කියා කියා වට පිට බලනවා...
    එතකොට යාළුවා කියනවා සුසා නිදාගන්න මම ලෙඩා ගෙනියන්නම් කියලා...
    දැන් සුසා අයිත් නිදි...
    ගොරවන ටයිප් එකට ආවම මම අයිත් කියනවා ලෙඩෙක් ගෙනාව කියලා....
    සුසා නැගිට්ට උඩ පැනල..
    හරි පුතා මේ වතාවේ මම ගෙනියන්නම්..
    එහෙම කියලා කෝ හූ#තෝ මෙතන තිබුන රෝද පුටුව කියල මගෙන් අහනවා...
    මූට අමතකයි ඉන්නේ උගේ ගේ ඇතුලේ කියලා...
    අරුටයි මටයි හිනා..
    හරි පුතා අපි නියම විදියට වැඩ කරන මිනිස්සු,
    කෑවට බිවුවට රාජකාරිය අකුරට කරන මිනිස්සු ,
    රෝද පුටු ඕන නැහැ මම පුතාව කරෙන් එක්කන් යන්නම් කියලා,
    අන්කල් කාරය අපේ යාළුවා උස්සල ගත්ත..
    දැන් දෙන්න එක්ක යනවා අන්කල්ගේ කාමරේට...
    ගිහිං ඇඳෙන් තිබ්බා..
    අන්කල් වට පිට බැලුව...
    යකෝ ඉස්පිරිතාලෙත් මගේ කාමරේ වගේමයිනේ කියලා කිවුවා....
    එතකොටම ඇන්ටි ආව...
    මේ ඔයත් ආවද ලෙඩ්ඩු බලන්න කියල අන්කල් ඇහුව..
    තමුසෙට පයිත්තියන්ද ඕයි, මොන ලෙඩ්ඩුද කියල ඇන්ටි ඇහුව...
    එහෙම කියල ඇන්ටි ඇතුලට ගියා..
    මම අන්කල්ට කිවුව අන්කල් පොඩ්ඩක් අද වැඩි වෙලා නේද,
    ඒ අන්කල්ගේ නෝනා නෙවි,
    නර්ස් කෙනෙක් ආවේ.
    අන්කල් එහෙම කතා කරපු එක වැරදියි කියල කනට කරලා කිවුව...
    එතකොට අයිත් ඇන්ටි ආව...
    අනේ මැඩම් සමාවෙන්න ඕන,
    අපේ ගෑණිගේ වගේ වලතු කටක් තිබුන නිසා මම හිතුවේ ගෑණි කියලමයි...
    කියලා අන්කල් කියවනවා...
    කාගේද යකෝ වලතු කට කියල ඇන්ටි කොන්ඩේ එහෙම ගැට ගහද්දි මම ශේප් එකේ අරූවත් හලලා හෙමින් මාරු වෙලා ආව...

    kebba kelinawa kiyala ohomath kelinawada :lol::lol:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මම එතකොට ඉස්කෝලේ හතේ නැත්තන් අටේ.
    අපේ නෑදෑ පවුල් වල කට්ටිය ගියා දවසක් බෝපත් ඇල්ලේ පොඩි ට්‍රිපක්.
    වෑන් එකක් හයර් එකට අරන් ගියේ.
    අපේ පවුලේ අයයි, අපේ අම්මගේ අක්කා සහ නංගී ගේ පවුල් වල කස්ටිය එක්ක(හෝව් හෝව්, අපේ කරටි දෙහි නැටි කැඩෙන්න ගසන විදානේලාගේ ලොකු මාමා සහ එම පුත්‍ර රත්නයත් මේකට සහභාගී උණා)
    බෝපත් ඇල්ල තියෙන්නේ රත්නපුර දිස්තිරික්කයේ නේ.
    දැන් අපි රත්නපුරටත් ආව කොහොමින් කොහොම හරි උදේ නවය විතර වෙත්දී.
    අපේ පුංචි අම්මගේ යාලුවෙක් ඉන්නවා රත්නපුරේ.
    දැන් ඉස් ඉස්සෙල්ලම එහෙ යන්න කතාව.
    ඔන්න ඉතින් අපි එහෙටත් සේන්දු උනායි කියමුකෝ.
    ගෙදර බවලත් උදවිය සාලේ ඉඳගත්ත.
    කොල්ලෝ සමග කොල්ලන්ගේ තාත්තල ආව ඔන්න ඉස්තෝප්පුවට.
    දැන් ඔන්න ආපි හොඳම වෙලාව.
    ඒ කියන්නේ ආගන්තුක සන්ගිරහ කොරන වෙලාව ආයිබෝං!
    බිස්කට් එක්ක ඉදිලා ඉදිමිලා සුවඳ හමායන කෙසෙල් ඇවරි දෙකක් හරි හරියට කරලියට බැහැපි.
    මුලින්ම ඇල්ලුවේ ගේ ඇතුලේ හිටපු අම්මලාට.
    ඊටපස්සේ පුංචි අම්මගේ යාළුවා ඇවිත් අපේ තාත්තටයි,මහප්පටයි,මාමටයි කිව්වා.
    "අයියේ එන්නකෝ ගේ ඇතුලට තේ ටිකක් බොන්න"
    අපේ මහප්ප කිව්වා
    "මෙහෙම හොඳයි නංගි,එලි මහනෙ ලස්සනත් බල බල තේ බොන්න පුළුවන් නිදහසේ, අනික ඔය අක්කලාගේ කච බචේ මෙච්චර වෙලාවක් බොහොම අමාරුවෙන් ඉවසාගෙන ආවේ" කියල.
    හා කමක් නෑ ඔන්න කියල ඉතිං අර ඇන්ටි බිස්කට් පුරෝපු තසිමකුයි තඩි කෙහෙල් ඇවරියකුයි ඉස්තෝප්පුවේ තිබ්බ කනප්පුව උඩින් තියල ගියා.
    (ඒක පරණ ටයිප් එකේ ගෙයක්,ඉස්තෝප්පුවට ආවම පට්ට ලස්සනට වටේම පේනවා.එකයි අපි එළියේ හිටියේ.)
    ඔන්න දැන් මල්ලි කාරය මග දිහා බලල සුපුරුදු කුපාඩි හිනාව දැම්ම.
    මම දන්නවා දැන් මොකද්ද වෙන්න යන්නේ ඊළඟට කියල.:sorry::sorry::sorry::sorry:
    බිස්කට් තසිමයි කහ පාටට බෝල බෝල වගේ තිබ්බ කෙහෙල් ඇවරියයි දැකල මට තනි ඇහැට ඇඩුනා.මොකද ඊළඟ මොහොතේ ඒකට අත් වෙන්න යන භයානක ඉරණම මතක් වෙලා.
    සුපුරුදු පරිදි ආරම්භය මම දුන්න, අපේ මල්ලි මාව අනුගමනය කරා.
    ලොකු අම්මගේ ලොකු පුතා {ඒ කියන්නේ අපේ කොල්ලෝ සෙට් එකේ සභාපති හෙවත් මහ එකා} ලජ්ජාවෙන් වගේ එකක් ගත්ත. අපේ මයිලනුවන් ගේ පුතණුවන් පිත්ත අතට අරන් හරඹයේ යෙදෙන්න ගත්ත ඉන් පස්සේ.
    අපේ මහප්පාත් ගේම අතෑරියේ නෑ.....:lol:
    ඔහොම විනාඩි හයක් හතක් යන්නැති උපරිම,ඊට අඩු මිසක් වැඩි නම් නෑ.:no::no:
    කෙහෙල් අවරියේ අවශේෂ වෙලා තිබ්බේ නාරටිය සහ ලෙලි කන්දක් විතරයි.:lol::lol::lol::lol:
    බිස්කට් දාල තිබ්බ තසිමේ තිබ්බේ පුංචිම පුංචි බිස්කට් කුඩු ටිකක් විතරයි.:sorry::sorry::sorry:
    ඒ අස්සේ....
    "පුතාල තව අරන් කන්නකෝ" කියාගෙන අර ඇන්ටිගේ අම්ම ආපි ඉස්තෝප්පුවට.:sorry::sorry::sorry::sorry:
    නයි කයිද උම්බලකඩ වැඩේ කියන්නාහේ ඒ වයසක උන්දැ බිරාන්ත උනා අර අවසෙස් කොටස් දැකල.:shocked::shocked::shocked::shocked::shocked:
    එකපාරටම ගැස්සිලා යනවා මම දැක්ක. කොහොමහරි වයසක උන්දැට ලජ්ජා හිතෙන්නැති.
    නිකම් එයාට ගානක් නෑ වගේ,ඒ එයා නෙවෙයි වගේ ලුක් එකක් දාගෙන ගිහිං අර හිස් තසිම් දෙක ගෙනිච්ච ගේ ඇතුලට.
    දැන් ඉතින් කියපු ලජ්ජාවට ආයේ ගෙනත් තියන්නත් වෙනවනේ.
    ගෑණි අපි දිහා නොබලාම ආයේ තව කෙහෙල් ඇවරියකුයි(මේ සැරේ ආවේ බාල කොලිටියක්,මුලින්ම ගෙනත් තිබ්බේ කෝලිකුට්ටු, මේ පාර සීනි කෙහෙලක් ආවේ:lol::lol:) තියල ගියා.
    ඒ උන්දැ යනකොටම අපේ තාත්ත කිව්වා
    "දැන් ඕකට එහෙම වැඩේ දෙන්න ලැස්ති වෙන්න එපා " කියල
    අනේ එතකොටම අපේ පුන්චිඅම්මගේ යාළුවා ආව.
    අයියෝ මේ තාම එහෙම්මමයි කන්න කන්න අනේ කියල දැන් ලඟට ගෙනත් අල්ලනවා බිස්කටුයි කෙහෙලුයි.
    මම අපේ තාත්ත දිහා බැලුව අසරණ ලීලාවෙන්.
    හරියට නිකං"අපි වැරදි නොකර ඉන්න හදනකොට සමාජය විසින් අපිව නොමගට යවනවා" වගේ හැගීමක් මට එවෙලේ දැනුණා.
    තාත්තටත් ඉතින් හිනා.
    මලයාගේ ඇස් දෙක ටීක් බෝල දෙකක් වගේ දිලිසෙනවා.
    ඒ කියන්නේ වැඩේ ok කියන එකනේ.
    ආයෙම ඔන්න ඉතින් ලජ්ජා බය පැත්තක තියල කොල්ලෝ ටික වැඩ අල්ලපි.
    කොහොමහරි ආයේ අර ඇන්ටි ගිහිං විනාඩි පහක් යනකොට අර තසිම් දෙකත් ඉවරයි.
    ඔන්න එතකොටම ආයෙම අර තලත්තෑනි ගෑනු මනුස්පය හෙවත් ඇන්ටිගේ අම්ම ආව තේ බන්දේසියක් අරගෙන.
    හිස් තසිම් දෙක දැක්ක ගෑණි නිකන් තක්බීර් උනා වගේ.
    අයි යකෝ මේ දෙවෙනි එකනේ.
    ගෑණි බලන්නැති මුන් යකෝ මේ සෝමාලියානු නැවක් මුහුදුබත් වෙලා ලංකාවට පාවෙලා ආපු එවුන් ටිකක්ද කොහෙද කියල.
    තේ එක දඩස් ගාල අල්ලපු ගෑනි එතනින් දිරාමාර් උනා අසුරු සැණින්.
    කොහොමහරි ඔහොම ඉඳල අන්තිමට යන්න ලැස්ති වෙලා අපේ අම්මල කිව්වා.
    "පුතා වඳින්න මේ ආච්චිට කියල"
    අනේ මමයි අයියයි,මල්ලිලා දෙන්නයි පෙළ හදල වඳිනකොට අර ගෑනි අහක බලන් තමයි ඔලුවත් අත ගෑවේ.:lol::lol::lol::lol:
    පස්සේ ආපහු යන ගමන් වාහනේදී මේ වීර වික්‍රමය ගැන අපේ මහප්ප ලොකු අම්මට කියත්දී තමයි වැඩේ පත්තු උනේ.
    "ඕගොල්ලෝ මොනවාද කරන්නේ අනේ, මේ ළමයින්වත් නරක් කරනවා,දැන් ඒ මිනිස්සු මොනවා හිතුවද දන්නේ නෑ අපි ගැන. මුනුත් ඒකටම හරියන ඇට්ටර කොල්ලෝ ටික නේ" කියල දැන් අපේ ගුණ වරුණේ ගජරාමෙට අවුරුද්දට රබන් ගහන්න වගේ.
    ඒ අස්සේ මලය හෙමීට මගේ කනට කිට්ටු කරලා කියනව.
    "උන් මොනවා හිතුවහම මොකද බං අපේ බඩවල් ටික හරි පිරුනනෙ" කියල.
    අපි ගියාට පස්සේ අර ගෙදර එවුන් අපි ගැන සෑහෙන ගුණ වයන්න ඇති කියල මම දන්නවා.
    අනේ ඒ උත්තමයින්ට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනේ ලබන ආත්මෙත්.
    එතකොට ලබන ආත්මෙත් මේ විදියට ගිහින් කාපාළු කරලා එන්න පුළුවන් නේ අපිට.:lol::lol::lol::lol::lol:
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere

    :lol::lol::lol: perethayoo
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඉතින් වෙනසක් තියෙනවාද බොල කලින් හිටි එවුන්ගෙයි අපෙයි.
    උන් කරෙත් ඒකමනේ.:lol::lol::lol::lol:

    එකනේ බං.. අඩුම තරමේ යාලු ෆිට් එකට මුන්ට ඇමති කමක් වත් අරගෙන දෙන්න පුළුවන්නේ අපිට...:lol::lol::lol:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අපි ඉස්සර යනවා බං මුහුදේ නාන්න...
    අපේ පැත්තේ තියෙනවා කළු කන්ද කියල පැත්තක්...
    නාන්න කියාපු පොට් එක....
    පොල්හේන වගේ තමයි...
    එල පොට් එක...
    ඉතින් අපි නාන්න යන්නේ උදේ පාන්දර 7 ට විතර...
    ඉස්සෙල්ලම කරන්නේ බෝල ගහනවා...
    9 ට විතර වතුරට බහිනවා....
    වතුරෙත් නිකන් ඉන්නේ නැහැ...
    හුස්ම තද කරන් එකෙක් යටට ගිහිං වැල්ලේ බෝලේ හංගනවා....
    අනිත් එවුන් හොයනවා...
    ගොඩක් දෙනෙක් හිටිය වතුර යට ඉන්න බැහැ....
    මමත් වතුරට පට්ට බයයි....
    අපේ සෙට් එක දන්නවා මම බයයි කියලා....
    ඒ නිසා බලෙන් වතුරට එක්කන් ගියේ නැහැ...
    අන්තිමට ගණන් කරලා ඉතුරු වෙන එකා තමයි බෝලේ හංගන්න ඕන..
    ඒ වගේම 100ට ගණන් කරන්න කලින් බෝලේ හොයන්නත් ඕන...
    ඊට කලින් හෙවුවෝතින් මම අයිත් හංගන්න ඕන..
    හොයන්න බැරි උනොතින් මම ගොඩ ඉන්නවා අරුන් ටික බෝලේ හොයන එන්නම ඕන...
    ඊට පස්සේ මට කලින් ඉඳපු කෙනා හංගන්න ඕන...
    ඉතින් මට වතුර යට ඉන්න එක ටිකක් අමාරු වැඩක්...
    නහය අතින් තද කරගන තමයි ඉන්නේ....
    පපුවට 10 දෙනෙක් නැගල ඉන්නවා වගේ ප්‍රෙෂර් එකක් එනවා..
    බෝල් අමාරුවෙන් හංගනවා...
    අරුන් ටික කොහොම හරි හොයාගන්නවා...
    මම හන්ගනකන් උන් ඉන්නේ ගොඩ....
    එතන හිටිපු 4 දෙනෙක්ට කිමිදෙන්න පුළුවන් නිසා ලෙහෙශියෙන් හොයනවා...
    බලන් හිටිය මේ වැඩේ හරි යන්නේ නැහැ වගේ...
    මම වතුර යටට හුස්ම තද කරන් ගිහිං, බෝලේ හෙමින් මගේ සාක්කුවේ දාගෙන හරි කියල ගොඩට ආව...
    අරුන් ටික උඩ දාගෙන හොයනවා...
    මම හෙමින් ඇවිත් පොඩි වලක් හාරලා බෝලේ වලදැම්ම...
    අරුන් ඉන්න තැන හරියට වතුර හිඳුන පොඩි අගලක ඉන්න කාවයියෝ වගේ...
    එකෙක් ඇවිත් මාව එහෙ මෙහෙ පෙරලලා බලනවා...
    ඒ පාර මුගේ ළඟ නැහැ අයිත් බලමු කියල උන් හෙවුව...
    එදා කොහොම හරි මට ගෙදර එද්දී මතක් උනේ බෝලේ වල දැම්ම කියල...
    අරුන් ටික පුදුම කරන්න හිතාගෙන ශේප් එකේ ගිහිං බැලුව යකෝ වල දාපු තැන හොයාගන්නවත් නැහැ...
    ඒ නිසා කට රැකගෙන එදා ආව....

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    එකනේ බං.. අඩුම තරමේ යාලු ෆිට් එකට මුන්ට ඇමති කමක් වත් අරගෙන දෙන්න පුළුවන්නේ අපිට...:lol::lol::lol:

    නැතුව නැතුව,කව්ද බං අකමැති වෙන්නේ සිරි ලංකාවේ ඇමති කෙනෙක් වෙන්න???:lol::lol::lol::lol:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    බොරු නෙවි බං...
    තව තියෙනවා...
    දාන්න බයයි බෑන් කලෝතින් කියලා..
    ඒ තරම් දරුණු ඒවා තියෙනව....:lol::lol:

    ඔව් බං දානවනං එමට තියෙනවා මරිසි,
    ඒත් මුන් දාපන් දාපං කියල අන්තිමට ඔව්ව දාල මේකෙන් බෑන් වෙන්න උනොත් කව්ද බෑන් කී මූන් වත් එනවද අපිව බේරගන්න?:lol::lol::lol::lol:
     
    prasadmanjulago

    Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    මුළු ත්‍රෙඩ් එකම එක go එකට කියෙව්වෙමි...දැනුයි ඉවර උනේ...මාත් දාන්නම්කො හෙට අනිද්දා fake එකකින් :lol::lol::lol::lol::lol::lol::lol:
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    මුළු ත්‍රෙඩ් එකම එක go එකට කියෙව්වෙමි...දැනුයි ඉවර උනේ...මාත් දාන්නම්කො හෙට අනිද්දා fake එකකින් :lol::lol::lol::lol::lol::lol::lol:
    ඔකෙන්ම දාපන් අයෙ මොන ෆෙක් ද ඔකත් ෆෙක් එකක් වගෙ තමා:dull:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මුළු ත්‍රෙඩ් එකම එක go එකට කියෙව්වෙමි...දැනුයි ඉවර උනේ...මාත් දාන්නම්කො හෙට අනිද්දා fake එකකින් :lol::lol::lol::lol::lol::lol::lol:

    ෆේක් හදාගෙන මැරෙන්න ඕන නැහැ ඔන්න ඕකෙන්ම දානව අයිසේ