මලගිය-ඇගේ කථාව (18+ ද මන්දා)

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මලගිය-ඇගේ කථාව (18+ ද මන්දා)

    වැහි බර දිනකි හැන්දෑවත් පසු ...................................වෙන්නේ.....
    වැඩ නිම කරන් නිවසට නොවැ මා .............................යන්නේ.....
    සයිකල් කටුව පිටිපස්සෙන් ......................................ඇඹරෙන්නේ....
    වැහි දා විතරමද පැච් මට සෙට් ...................................වෙන්නේ........

    ටයර් කඩ සොයා මාවත .........................................පීරන්නේ.......
    එනමුත් එකදු කඩයක් නෑ සෙට් ..................................වෙන්නේ.....
    වෙනදා ඇති කඩත් වැස්සට ......................................වසමින්නේ......
    මුදලාලිලා ගෙයි ඇදවල් .........................................පෙරලන්නේ.....

    මීටර් සියය පන්සීයට වැඩි ....................................වෙනවා..........
    හති දම දමා තල්ලුව දාගෙන ...................................යනවා.....
    පල්ලම් තියෙනකොට ආතල් එක .............................එනවා...
    කන්දක් පේනකොට මෝලට වද .............................දෙනවා.....

    කිලෝ මීටරේ දෙක තුන ....................................ඇවිදින්නේ.....
    දැන් නම් හොද ගනං පපුවත් ................................නවතින්නේ....
    අයියෝ ඔයා තව මොනවද මග ..............................ඉන්නේ....
    නෝනා කියයි කොහොමද ගෙදරට ..........................යන්නේ....

    තවනම් බැරිය මේ තල්ලුව............................. දමන්නට.....
    තව දැම්මොතින් හැක කොන්දත් .....................කැඩෙන්නට....
    සැප ඇති බෙන්ලියේ සැප ............................වැක්කෙරෙන්නට....
    පැච් එක ගියාමයි හිතුනේ .............................දුවන්නට..........

    වැහි පොද ටිකෙන් ටික ගානට වැඩි ......................වෙන්නේ....
    වැහි රෙදි ඇතත් මම ගානට............................. පෙගවෙන්නේ........
    අහලින් පහලකින් ගෙදරක් ..............................සොයමින්නේ......
    යමි මම මෙය දමා හෙට උදයේ ........................එන්නේ.........

    මග ලග තිබුනු ගෙදරක සයිකලෙ...................... දමලා.....
    ඒ පොඩි ගෙදර නංගිට සිද්ධිය .........................කියලා........
    යතුරත් ඇයට දී යලි එන්නම්......................... කියලා....
    බැස්සා යලිත් ගෙදරට යන්නට ......................පිඹලා......

    ඇගටත් අමාරුයි ඇවිදින්නට ......................බැරිය.....
    තෙමිලත් ඉන්නෙ දැන් අසනීපෙට ................බරය...
    නෝනත් ඉන්නෙ මග බලමින් දොර .............ලගය...
    තව රෑ උනොත් වැහි ආතල් අද ..................කුඩුය...

    හැම රියකටම වැඩියෙන් අද අපේ .....................රටේ....
    ඇති ටුක් ටුක් එකක්වත් නැත වටේ .................පිටේ....
    ජාතිය අමතමින් මුන්ටම ...............................හතරවටේ......
    සොයලා ඇදෙන්නෙමි මාගේ .......................උම්මාකොටේ.....

    ටික ටික ගෙවල් පාරට මං .......................හැරවෙන්නේ....
    එතනින් එහාටයි බය වැඩි තැන් .................එන්නේ...
    පෙර හිටි එවුන් සදහට බිම...................... නිදියන්නේ....
    පාලු සුසානය නොවැ මේ ලං.................... වන්නේ...........

    ඇදහූ සියළු දෙවියන් හිස් මුදුනෙ ..................තියා.....
    මතකෙන් පොත් ගනං ධර්මය සිතින් .............කියා...
    හොරැහින් බල බලා ඒ හිස් සොහොන් ............දිහා...
    බයටම කෙලින් වූ මයිලෙන් පහු කරන් ...........ගියා...

    සිහින් මිහිදුමකි අවටින් ................................ඇදෙන්නේ.........
    ගණදුරු පරිසරයෙ සුදුවට .............................දැනෙන්නේ...
    මගේ හිතම මටමයි වද ..............................දෙවන්නේ........
    මේ සියණෑවේ කොහි මීදුම් .........................තියෙන්නේ.....

    සුදු මීදුමේ ඇතුළුට ඇවිදන් .........................යන්න.....
    වෙර වීරියක් අවැසියි මා හට....................... ඔන්න.....
    කොයි මල යකාටත් වැඩියෙන් වැඩ ................ඉන්න...
    නෝනී ඔයා ඇමතූවේ බල ..........................ගන්න.......

    උම්මා මැණික මං දැං ගෙදරට .....................එනවා.....
    ඇයි මල වදේ මං තනියම .........................ලතැවෙනවා...
    ඉවසා ඉන්න දැං කනත්ත පහු .....................වෙනවා.....
    තොප්පිය නැතිව හොද සර්කස් .....................පෙන්වනවා....

    සැනෙකින් ඇමතුමෙන් මා ඉවතට ...............යන්නේ....
    දුරකථනයේ ඩිස්ප්ලේ එක සුදු ...................වෙන්නේ.....
    නැත කිසි අංකයක් ඒකෙන් දිස් ..................වෙන්නේ...
    මේ මොන හත්තිලව්වක් දෝ සිදු .................වෙන්නේ....

    සුදු මීදුමේ දිලිසෙන එළියක් .......................එනවා....
    ටික ටික ඒ එළියෙ දිස්නය වැඩි ..................වෙනවා....
    ආපසු හැරෙන්නත් බෑ ගේ සිහි................... වෙනවා...
    කිසියම් රුවක් ඒ එළියෙන් .......................මතුවෙනවා....

    සුදු සාරියක් නොවෙදෝ මා ....................නරඹන්නේ....
    සාරිය ඇදි කතත් ඉදිරියටයි ....................එන්නේ......
    මීදුම් වලාවෙන් ඇය මට ලං ...................වෙන්නේ....
    මා පණ බයෙන් හුන් තැනකම ................නවතින්නේ...

    කිටි කිටි ගතිය මගෙ දෑතට මුසු .............වෙනවා......
    ටික ටික ඒක මුළු සිරුරෙම .................දගලනවා........
    දත් ටික පවා ඒ රිද්මෙට ....................කෙටවෙනවා...
    දෑසින් දකින දේ කෙලෙසින් ................පවසනවා........

    සුන්දර වත දිගේ පිනි බිදු..................... වෑහෙනවා.....
    නා දළු දෙතොල් රතු පැහැයෙන් .............බබලනවා....
    නිල් ඇස් යොමා මොනවද මට ..............පවසනවා...
    නංගී ඔයා දුටු මගෙ බය නැති ...............වෙනවා.....

    සුදුමුදු තිසර පට දෑසට පෙනෙනු............... වැනී.....
    නාඹිය පෙනෙන ලෙස සාරිය ඉවත් ...........වුනී....
    ඒ දැක සිහින් ලැජ්ජාවක් මට .................හිතුනී...
    යස හැඩකාර පෙනුමක් ඇය හට ..............තිබුනී...

    මද සුලගකින් අප දෙදෙනා පිනා ...............ගියේ...
    ඇගෙ සාරියත් තව පොඩ්ඩක් ඇදී .............ගියේ...
    සුදු කිරිගරුඩ ගල් දමලා සුනිල් ................දියේ....
    ඇගෙ කකුලකට ගින්නක් ඇවිලුනා ...........ලයේ...

    අයියේ ඔයා කොහෙදෝ මේ රෑ ..............යන්නේ....
    පොඩි වැස්සකුත් දැන් දැන් වැඩිවී........... එන්නේ...
    කින්කිනි නදින් ඇය මා හට .................අමතන්නේ...
    සන්සුන් අංග දැන් ඇතුලෙන් රග............ දෙන්නේ....

    පිළිතුරු සොයා හිත එහෙ මෙහෙ ..........ඇවිදින්නේ...
    කිව යුතු කිසිත් තවමත් නෑ ...............හමුවෙන්නේ....
    කට කෙල පැනි වෙලා හරහට ...........බේරෙන්නේ...
    නංගී ඔයා හින්දා දිව ගල් ...............වෙන්නේ....

    අයියේ කළුවරේ යන්නට බැහැ ...........නේද....
    මේ ගුරුපාරේ තව වාහන ................යනවාද...?
    රෑ බෝ වෙලා ගෙදරින් හොයනවා ......නේද..
    මං එක්කලා යන්නට ඔබ............... එනවාද...

    දරුවෙක් අතින් ගෙන රාත්‍රී ගමන් .......යන....
    තනිකඩ දනන් බිය කරමින් ලුහු .......බදින...
    සුරූපිනිය සුදු ඇදුමින් පිය............... මනින....
    මෝහිනි සිහිවුනා මට ජනවහරෙ ..........එන....

    එනමුත් ළමෙක් නෑ ඉන්නේ ...............දරාගෙන.....
    මේ නංගියා මට හිනැහෙයි ................බලාගෙන...
    දරුවෙක් අපට දෙන ඉන්නැයි ..............වඩාගෙන....
    මෝහිනි ඉන්නෙ ඇගෙ සාරිය .............කඩාගෙන...

    ඇගෙ රූ සොභාවට හිත ගිය .............වෙලාවට....
    යන්නට අඩගහයි නංගී ..................කැලෑවට.....
    යම්දෝ නොයම්දෝ කියලා සිතුනි ...........මට....
    එනමුත් කෙසේ පවසම් අදහස ..............ඇයට......

    අයියෝ ඔයා තව මොනවද ..................ලතැවෙන්නේ...
    එන්නකො මෙහෙට මට නං දැං ඇති .......වෙන්නේ....
    කජු ගහ යටින් ඇති නව සොහොනක් ......වෙන්නේ...
    ඒ කොත දිහිටයි ඇය මා .....................කැදවන්නේ.........

    කොහොමින් ගියාදැයි එතනට නොම .......තේරේ.....
    ඉදගත්තා කොතේ පිටතින් වූ ................පාරේ........
    නංගී ලං උනා පෙන්වා ලැම .................දාරේ..........
    දෙතොලට තියා ලැබුවා ඇයගේ .............සාරේ.........

    සුළු මොහොතකින් ඇදි වත ඇගෙ .........ගැලවෙන්නේ....
    මගෙ ලැජ්ජාව කොහෙ හරි පැනලා ..........යන්නේ.........
    ඇය මා දෙස බලා හොරැහින් ................හිනැහෙන්නේ....
    සොහොනේ උඩට එන්නට ඇරයුම් .........දෙන්නේ.......

    නිවසේ ඉන්නකොට කළුවර ඇති ........රෑට...
    ගෙට ආ නරුමයෙක් මා හට කල ......දේට...
    අයියේ මෙතන ඉන්නේ මා ...........හැමදාට.....
    සතියක් වෙන්නෙ මරනෙට එන .........ඉරිදාට.....

    සුවයක් සොයමි කිසිවෙකුගේ ලග ..........ඉන්න....
    පිහිටක් පතමි හැකිනම් සරණක් ...........වෙන්න....
    මා කෙලෙසමින් මරනෙට යන වස...... ...දුන්න..
    නීතිය දෙසට ඒ ජඩයා .......................පමුණන්න.............

    උගෙ විස්තරද ලිපිනය ඇය මට ..........කීවේ....
    කෙටි සටහනක් මගෙ දිනපොත ගෙන ....පෑවේ...
    යලි කෙලෙසදෝ මගෙ බෑගය වෙත ....ආවේ...
    පෑනත් පොතත් දමලා බෑගය ............වැසුවේ.....

    කිසිවක් කියන්නට මුව නෑ ඉඩ .........දෙන්නේ...
    සිහිසුන් වෙන්න නොවැ මා නම් .......සැරසෙන්නේ...
    පැන දිවුමටත් නෑ දෙකකුල් පණ ......එන්නේ...
    ඇය දෙස බලා මා තව දත්මිටි .........කන්නේ......

    හූ හඩ නගා බිහිසුනු හඩකින් ............ආවේ....
    ඒ නංගිගේ නද දුනි මරහඩ ...............රාවේ.......
    සැනෙකින් නැති වුනා ඇයගේ ...........ඡායාවේ....
    සුදු මීදුමත් ඇය සමගින් පා ...............වූවේ.............

    කුමකින් කුමක් වූවාදැයි මා ................නොදනී....
    ජලයෙන් බිදක් මගෙ මුහුනට පතිත ......වුනී...
    මිනිසුන් රැසක් මා අවටින් සිටි ...........පෙනුනී....
    දහවල් වෙලා මං කොහෙදෝ මට ........සිතුනී....

    අයියෝ මගේ පණ මොනවද ඔබට .......උනේ....
    කෙලෙසද ඔයා මේ පාරේ බිම ..........වැටුනේ....
    ඔබ නැති සොවින් පෙර දිනා නෑ සිහි ...තිබුනේ...
    සිදුවූ දෙයක් මේ අපටත් කියනු ........මැනේ......

    වට පිට බලා ඇස් හැර මං ............නැගිටින්නේ.....
    අත පය හතර හොදැටි දැයි ............බලමින්නේ....
    සිදුවූ සැවොම පිට හැමටම .............පවසන්නේ....
    එනමුදු එකෙක්වත් නෑ නොවැ........ පිලිගන්නේ....

    පිස්සුද අනේ එහෙමත් අය ...........ඉන්නවද....
    හිටියත් ඔයා හමුවී යලි ...............එවනවද......
    පොඩ්ඩක් බිව්ව කියලා මං ...........බනිනවද....
    පිස්සු කතා නොකියා ඔහෙ ...........ඉන්නවද.....

    කෙලෙසින් කුමක් කීවත් නෑ ............පිළිගන්නේ....
    එනමුත් මගේ දිනපොත සිහියට .........එන්නේ.....
    සැකකරු සොයා පොලිසියෙ වැඩ...... ඇරඹෙන්නේ...
    එදිනයි හැමෝගෙම ඇස් කන් ...........ඇරවෙන්නේ.....

    වරදට හවුල් පුද්ගලයා .................සොයාගෙන.....
    පොලිසිය ගියා හැම අහුමුලු ............පීරගෙන....
    අසුවූ දින පටන් වද දී .................අසාගෙන.....
    පහදා ගත්තා සිද්ධිය ඌ ...............වමාරන.........

    සිරුරක් නැතත් මනසින් ලොව සැරි ......සරනා....
    සුවයක් නොලත් පීඩිත දස දහස් ..........දෙනා.....
    ඉද හිට මෙවන් සැන්දෑවක මුන ............ගැසෙනා.....
    ඇයගේ පුවත අවසන් කරනෙමි ..............දුකිනා......

    260663_100003143944343_142082905_n.jpg

     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    සිරාවටම මචො කියන්නෙ ඇගකීරි ගැහෙන්න ලියල තියනව. උබෙ අදහස් ගැලපීම නම් හරිම අපූරුයි. ආයෙ මෙ වගෙම හොද නිර්මාණ කරන්න... ජය වේවා....
     
    • Like
    Reactions: Dinushasankalpa

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    මුදලාලිලා ගෙයි ඇදවල් .........................................පෙරලන්නේ. ....

    සොයලා ඇදෙන්නෙමි මාගේ .......................උම්මාකොටේ.....

    :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: Dinushasankalpa

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    සිරාවටම මචො කියන්නෙ ඇගකීරි ගැහෙන්න ලියල තියනව. උබෙ අදහස් ගැලපීම නම් හරිම අපූරුයි. ආයෙ මෙ වගෙම හොද නිර්මාණ කරන්න... ජය වේවා....
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ඇඩෙනවා.......! උඹ මේක හිතින් මවාගෙන ටෙන්ට් ගහගෙන නේද කවි ටික ලිව්වේ.....! :lol::lol::rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සිරාවටම මචො කියන්නෙ ඇගකීරි ගැහෙන්න ලියල තියනව. උබෙ අදහස් ගැලපීම නම් හරිම අපූරුයි. ආයෙ මෙ වගෙම හොද නිර්මාණ කරන්න... ජය වේවා....
    :) බොහොම ස්තූතියි අයියෙ :cool:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සිරාවටම මචො කියන්නෙ ඇගකීරි ගැහෙන්න ලියල තියනව. උබෙ අදහස් ගැලපීම නම් හරිම අපූරුයි. ආයෙ මෙ වගෙම හොද නිර්මාණ කරන්න... ජය වේවා....
    :eek: ඕකේ... ෂ්ටූටී