මලගිය_ඇත්තෝ_පුදනවිදී..
අද කියන්න යන්නේ අමුතු දෙයක් ගැන. ඔයාලත් මේ ගැන ටිකක් දන්නවා. හැබැයි සමහරවිට මෙතන තියන ගොඩක් දේවල් අහලා නැතිව ඇති.
මළගිය ඇත්තෝ වෙනුවෙන් කරලා තියන ලෝකයේ වාර්තා වී ඇති අමුතු(සමහර ඒවා විකාර,විහිලු වගේ දැනෙයි) අවස්ථා කිහිපයක් ගැන තමයි මම කියන්ඩ හදන්නේ.
කෙනෙක් මැරුණම අපි එයාලව භූමදානය කරනවා නැතිනම් ආදාහනය කරනවානේ.
අවසන් ගෞරව දක්වන සම්මත ක්‍රමත් තියනවා. මල් වඩමක් යවල මිනිය ගාවට ගිහින් ටික වෙලාවක් බලන් ඉදල ඔලුව නමල එයි, ඔය ටිකනේ අපි දන්නේ.
ඊට අමතරව ඊජිප්තුවේ පිරමිඩ වල මමී ගැනත්, අපේ අසල්වැසි ඉන්දියාවේ ටජ් මහල හදපු කාරණාවත් දන්නවා ඇති.
හරි දැන් අපි බලමු මේ අමුතු අවස්ථා කිහිපයක්..
* Bart Jansen නම් නෙදර්ලන්ත චිත්රශිල්පියාට හිටියා සුරතල් පුසෙක්. මේ පුසාව දවසක් කාර් එකකට යටවෙලා මැරුණා. ඉතින් මෙයාට හිතුනා තමුන් ගොඩක් ආදරය කරන පුසාව හැමදාටම තමුන් ලගින් තියාගන්න.
එයා හැබැයි එකට යොදාගත්තේ අමුතුම ක්‍රමයක්. එයා මේ පුසාව හෙලිකොප්ටරයක් බවට පත් කළා. ඔව් පුස්කොප්ටරයක්. බලන්නකෝ වීඩියෝව.
* අපි ඉන්න ඉන්දියන් සාගරයේම තිබෙන මැඩගස්කරයේ මැලගාසි(Malagasy)ජනතාවගේ අපුරු චාරිත්‍රයක් තිබෙනවා. ඒගොල්ලෝ මේක පවත්වන්නේ අවුරුදු 7කට වතාවක්. මේ චාරිත්‍රයේ නම තමයි ෆැමඩිහනා (Famadihana).
එයාල අවුරුදු 7කට සැරයක් සොහොන් පිටියට යනවා. ගිහින් තම තමන්ගේ ඥාතීන්ගේ මළසිරුරු සොහොනෙන් ගොඩගන්නවා. (ඇටසැකිල්ල තමයි බොහෝ විට තිබෙන්නේ). ඊටපස්සේ මේ මළසිරුරු අලුත් රෙදිවලින් ඔතනවා.
හොදම හරිය පටන් ගන්නේ ඊටපස්සේ තමයි. මෙයාල හැමෝම එකතුවෙලා අර මළසිරුරු ටික ඔසවාගෙන නටන්න පටන් ගන්නවා සොහොන වටේ යමින්.
මේ චාරිත්‍රයට හේතුවෙලා තිබෙන විශ්වාසයක් තිබෙනවා. එයාල විශ්වාසකරනවා මෘතශරීරය කුනුවි අවසන් වූ පසුව සහ වතාවත් ඉටුකිරීමෙන් පසුව මලගියවුන්ගේ ආත්ම තමන්ගේ මුතුන්මිත්තන් සමග එකතු වෙනවා කියලා.
ඉතින් එදාට පරණ නෑදෑයෝ ඔක්කොම එකතුවෙලා මේ අවස්ථාව බොහොම ජයට සමරනවලු.
* මේක නම් ටිකක් අමානුශිකයි වගේ හිතෙයි. අපේ රටේ නම් භික්ෂුවක් අපවත් උනහම අවමගුල් උත්සවය, සාමාන්‍ය මනුස්සයෙක්ගේ අවමගුල් උත්සවයකට වඩා ඉහලින් ගන්නවනේ.
නමුත් ටිබෙටයේ බෞද්ද ලාමාවරුන්ගේ මළසිරුරු වලට බොහෝවිට වෙන්නේ මේ ටික. මේකට කියන්නේ අහස්දානය(Sky Burial)කියල.
ටිබෙටයේ තිබෙන කටුක දේශගුණය සහ දැඩි ගල් සහිත භුමිය නිසා මළසිරුරක් භූමදානය කරන එක ටිකක් අමාරු දෙයක්.
මෙයාල මියගිය පසු මෘතශරීරයට කිසිදෙයක් නොකර දවස් 3ක් තියනවා. අහස්දානයට පෙර දවසේ මළසිරුර පිරිසිදු කර සුදු රෙදි වලින් ඔතා මියගිය තැනැත්තා උපන් ස්ථානයට ගෙනගොස් එහි තබනවා.
ඉන්පසුව සොහොන් පිටියට මළසිරුර ගෙනගොස් හිරු උදාවට ප්‍රථම අහස්දානය අරඹනවා. ටිබෙටයේ සොහොන්පිටි තිබෙන්නේ ස්වල්පයයි. ඒවා බොහොමයක් තිබෙන්නේ ලාමාවරුන්ගේ ආරාම අසල.
සොහොන් පිටියට ගෙනා මළසිරුර ඔතා තිබෙන රෙදි ඉවත් කරනවා. මන්නා සහ කෙටේරි භාවිතා කරමින් මළසිරුර කැබලි කරනවා. ඉන්පසු ඒවා ධාන්‍ය පිටි සමග මිශ්‍ර කර ගිජුලිහිනියන්ට ආහාරයක් වන ලෙස තබනවා.
* ඉන්දුනීසියාවේ ටොරජා(Toraja)කියලා ජනකොට්ටාශයක් සිටිනවා. මෙයාලට නම් මළගෙයක් උනා කියන්නේ ඉතින් ගොඩක් වියදම් අධික අවස්ථාවක්.
මෙයාල පිළිගන්නේ මරණය කියන්නේ හදිසියේ සිදු නොවන දෙයක් බවයි. මරණය ස්වර්ගය(Puya)වෙත ගමන් කිරීමේ ක්‍රියාවලියේ ආරම්භය කියලයි එයාල විශ්වාස කරන්නේ.
මේක ඇත්තටම කියනවනම් පාටියක් වගේ තමයි. සෙනග සැහෙන පිරිසක් එනවා. විශාල භෝජන සංග්‍රහ,සංගීතය, සින්දු , කවි අස්සේ අඩන වැලපෙන ඒව ටික කරනවා ඥාතියෝ ටික.
මෙයාලට නම් දවස් දෙක තුනකින් මිනිය වලලන්න ඕනේ නැහැ. විශ්වාස කරන්න මෙයාල මේ උත්සවය සතියක්, මාසයක්, නැතිනම් අවුරුද්දක් පමණ පවත්වනවා ඥාතීන්ගේ කැමැත්ත මත.
උත්සවයේ වියදම පියවාගන්න පුළුවන් එයට පැමිණෙන පිරිසගේ ආධාර නිසා. මේ උත්සවය ඉවරවෙනකන් මෘතශරීරය පිරිසිදු රෙදිවලින් ඔතා නිවසේ තබාගෙන ලෙඩෙක්ට වගේ සාත්තු කරනවා.
* තමන් ගොඩක් ආදරය කරන කෙනෙක් උනත්, මිය ගිහාම එයාගේ භෂ්මාවශේෂ ඔයාගේ ලගින්ම තියාගෙන ඉන්න ඔයා කැමතියිද?? ගොඩක් දෙනා බය වෙයි.
එත් දැන් LifeGem කියන ඇමරිකානු සමාගම අපේ මියගිය ආදරණීයයන්ව කෘතීම දියමන්ති බවට පත්කරලා දෙන්න සුදානම්.
පළමුවෙන්ම මියගිය පුද්ගලයාගේ ශරීරයෙන් හෝ භෂ්මාවශේෂ වලින් කාබන් ලබාගෙන ඒවා මිනිරන් බවට පත් කරනවා. පසුව ඒවා කෘතීම දියමන්ති තුලට ඇතුල් කරනවා.
ඉන්පසු දියමන්තියෙන් මුදුවක් සාදා ළගතබා ගතහැකියි. වියදම නම් ටිකක් සැරයි. ඇමරිකානු ඩොලර් 3500යේ සිට 20,000 දක්වා වියදමක් දරන්නට සිදුවෙනවා භාවිතාකරන කැරට් ප්‍රමාණය අනුව.
* මේකත් ටජ්-මහලේ කතාව වගේම ආදර කතාවක්. 1977 දී ආජන්ටිනාවේ හිටපු Pedro Uretaගේ බිරිද Graciela අවරුදු 25දි මියගියා. Pedroට මේක දරාගන්න ගොඩක් අමාරු උනා.
හිතේ දුක තුනී කරගන්න එයා තමන්ගේ බිරිදව සිහිවෙන්න ගිටාරයක හැඩයට කැලයක් වැව්වා. ඒ Gracielaගේ ප්‍රියතම භාණ්ඩය ගිටාරයක් උන නිසා. ගස් 7000ක් පමණ මේ කැලයේ තිබෙනවා.
තව මේ වගේ කතා ගොඩක් තියනවා. එත් ලිපිය දිග වෙනකොට කියවන්න කම්මැලි හිතෙනවනෙ. ඒ හින්දා කෙටියෙන් තව පොඩි දෙයක් කියලා ලිපිය අවසන් කරන්නම්.
* ජනප්‍රිය පොප් ගායිකා රිහානා තමන්ගේ ආච්චිඅම්මාව සිහිවෙන්න පපුවේ පච්චයක් සිතුවම් කරගෙන තිබෙනවා.
* Flying Wallendas කියන්නේ ලෝ සුපතල සර්කස් කණ්ඩායමක්. Karl Wallenda කියන්නේ එහි සිටි පැරණිම සාමාජිකයෙක්.ඔහු ලනුව මත සමබරව යාමේ අංගය ඉදිරිපත් කරන අවස්තාවක අවාසනාවන්ත ලෙස මියගියා.
ඒ 1978 දී. 2011 දී ඔහුගේ මුනුබුරෙකු විසින් තම මව සමග එක්වී සීයා මියයාමට හේතු වූ අන්ගයම ඉදිරිපත් කළා. ඒ ඔහුට ගරන ගෞරවයක් වශයෙන්. අඩි 100ක් උසින් අඩි 300ක දුරක් ලනුවක් මත සමබරව යාමෙන් ඔවුන් මෙම හපන්කම සිදුකලා.
මේ හපන් කම කරද්දී ලනුව යටින් ආරක්ෂිත දැලක්වත් භාවිතා කලේ නැහැ.
Karl Wallenda ගේ අවසන් ඉදිරිපත් කිරීම.
Nik Wallenda තම මව සමග ඉදිරිපත් කල අංගය
* ඝානාවේදී මිය ගියොත් ඔබට අවසන් ගමන් යන්නට සිදුවෙන්නේ අමුතුම හැඩයකින් නිමකරන ලද මිනි පෙට්ටියක. එක සපත්තුවක්, මිරිස් කරලක්, කොකාකෝලා බෝතලයක් වගේ වෙන්නත් පුළුවන්.

පට්ටා