මලයාල නාග වෛරෝඩිය
මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිතය
19වන සියවසේ මුල් භාගයේ වැල්ලබඩ පත්තුවේ එක්තරා ග්‍රාමයක සිදුවූ සත්‍ය සිදුවීමක් ආශ්‍රයෙනි .
සොහොන් කාලි පූජාව සමථයකට පත්කර අනතුරුව සියාතු සීයාගේ මන්තර පොත් සහිත පෙට්ටගමද රැගෙන මමත් සීයාත් කරත්තයෙන් වලව්වට ආපසු පැමිණියේ දින දෙකක තුනක පමණ ඉබි ගමනකිනි . ඊට හේතුව වූයේ අප ආ අතරවාරයේ පන්සල් දේවාල කීපයක්ම වැඳපුදා ගැනීමට සීයා බලාපොරොත්තු වූ නිසාවෙන් බව කිව යුතුය . ඊටත් වඩා හේතු වූයේ සීයාගේ අයියා , එනම් මාගේ ලොකු සීයා ජීවත් වන්නේ ගම්පහ උඩුගම්පල ප්‍රදේශයේ වූ හෙයිනි . සීයාද මමද ආ කරත්තයෙන්ම උඩුගම්පල ගියෙමු .
ලොකු සීයා මන්තරයට ආදරය කල කෙනෙකු නොවේ . එබැවින් ඔහු තෝරාගන්නා ලද්දේ වෙළඳාමයි එයිනුත් විශේෂයෙන්ම කොප්පරා වෙළඳාමයි . ටිකෙන් ටික තම ව්‍යාපාරය දියුණු කරගත් ලොකු සීයා මේ වනවිට ගම්පහ ප්‍රදේශයේ අක්කර ගණනාවක පොල් වතු වලට හිමිකම් කියන්නෙකි . සීයලාගේ පියාද ඊට විරුද්ධ නොවූ බව දිනක් සීයා මා සමග පැවසීය . ඊට හේතුව වී ඇත්තේ පවුලේ වගකීමක් වන ගුරුකුලය පවත්වාගැනීමට සීයා ඒ වනවිටත් යොමු වී සිටි බැවිනි .
ලොකු සීයා දැන් දුවපැන වෙළඳාම් කිරීමට සමතෙක් නොවේ . ඒ හිතට වඩා ඔහුගේ ගත දුර්වල වීම නිසාය . ඒ හේතුවෙන් මේ වනවිට ලොකු සීයාගේ පුතාලා දෙදෙනා කොප්පරා වෙළඳාම නොකඩවා කරගෙන යයි . ලොකු සීයා විශ්‍රාම සුවයෙන් කල් ගෙවයි . ඔවුන් අපගේ පැමිණීම කලින් බලාපොරොත්තු වී සිටියේ නැත . අපද එහි යෑමට බලාපොරොත්තු වී සිටියේ නැත . ළඟටම පැමිණ පිට පාරේම යාම යුතු නොවන බැවින් උඩුගම්පල යමු යැයි යෝජනා කලේද එම යෝජනාව ස්ථීර කලේද සීයාමය .
මෙම ගමන් අපට මෙන්ම වලව්වේ කරත්තය දක්කන ජෙමිස්ටද වැදගත් විය . ඒ මීට කලකට ඉහත ඔහුගේ ජීවන හුස්ම රැඳුනු ගමද උඩුගම්පල වීමයි . වලව්වේ පුස්කොල පොතක් සොරාගෙන කදිර දෙව් පුරයට පැනගිය වලව්වේ මීට ප්‍රථමව සිටි කරත්ත දක්කන්නාගේ එම අත්තනෝමතික ක්‍රියාව නිසා කාලයක් පුරප්පාඩුවී තිබුණු කරත්ත දක්කන තනතුර වෙනුවෙන් ජේමිස්ව අපට හඳුන්වා දුන්නේද ලොකු සීයා විසිනි . එබැවින් අපි ලොකු සීයා බැලීමට ගිය අතරතුර දරු කැක්කුම අනෙක් සෑම කැක්කුමකටම වඩා වැඩි බව මොනවට පසක් කරමින් තමාව නොසලකා හරින ලද දරුවන් දැක බලා ගැනීමට කරත්තය ලොකු සීයාගේ ගෙදර නවතා දමා ජේමිස් තමන්ගේ මහගෙවල් බලා ගියේය .
උඩුගම්පල එක දිනකට වඩා රැදී සිටීමට සීයා බලාපොරොත්තු වූයේ නැත . එබැවින් පසුදාම අපි උඩුගම්පලින් පිටත්ව නැවත වලව්ව බලා ඒමට පිටත් වීමු . වලව්වට එන අතරතුර දෙවිනුවර විෂ්ණු දේවාලය වැඳ පුදා ගැනීමට සීයා අමතක කලේ නැත . එය යම් සලකුණක් අනුව කරන ලද්දක් බව මම සිහිපත් කරමි . වෙනත් පවුලක වෙනත් ගුරු කුලයක මන්තර ශාස්ත්‍රයක් ඒ වනවිට අපගේ වලව්වේ තැම්පත් වීමට නියමිතව තිබිණි . සීයා විශේෂයෙන් දෙවිනුවර යන්නේ මෙවැනි සංක්‍රාන්ති අවස්ථා වෙනුවෙන් දේව ආශිර්වාදය ලබාගැනීමට බව මා හොඳාකාරව දනිමි . ඒ අපගේ මන්ත්‍ර ශාස්ත්‍රය මා අත තැබීමට පළමුව මාද දෙවිනුවර කැඳවාගෙන ගිය හෙයිනි .
ගමන් බිමන් වන්දනාමාන සියල්ල අවසානයේ අපි වලව්වට පැමිණියෙමු . සියාතු සීයාගේ මන්තර පොත් පුරවන ලද පෙට්ටගමද මගේ කාමරයට එකතු විය . ඉන් පසු අපගේ මන්තර පොත් කියවීම අතරතුරේ මා වැඩිමනත් කාලය ගත කලේ සියාතු සීයාගේ මන්තර පොත් කියවා බැලීමටය . ඒවා පාඩම් කිරීමට මා තවමත් සූදානම් නැත . ඒ එම පොත් සියල්ල සීයාගේද අවධානයට ලක්වීමට නියමිතව ඇති බැවිණි .
මලයාලි ගුරුකම් මගින් භූතාත්ම බැඳ වසර හාරසියයකට ආසන්න කාලයක් තිස්සේ කිසිවෙකුගේ අතට පත් නොවී කළුගල් තලාවක අප්‍රකටව ආරක්ෂා වූ , ටිකිරි කුමරු ලෙස හඳුන්වන ලද සීතාවක රාජසිංහ මහ රජුගේ ගෙල බැඳී , වෛරෝඩි ගල් විශාල ප්‍රමාණයක් අමුණන ලද නයි පෙනයක හැඩය ඇති රත්තරන් පෙත්තක් සවිකරන ලද , මලයාලි ඇදුරන්ගේ ශාපලත් , නාග වෛරෝඩිය නමැති ගෙල පළඳනාව වටා පෙළ ගැසුණු මෙම සිදුවීම් මාලාව සිදුවන විට ගම්පහ ගොස් වලව්වට පැමිණ මාසයකට අධික කාලයක් ගතවී ඇතැයි මා අනුමාන කරමි .
වස් කාලය අවසාන වී චීවර මාසය ආරම්භ වී තිබිණි . ගමේ පන්සලේ කඨින පූජාවට ඇත්තේ තවත් එක් දිනයකි . චීවර පූජාව සිදුවීමට මත්තෙන් කලින් දින රාත්‍රියේ පන්සලේ සර්වරාත්‍රික පරිත්‍රාන ධර්ම දේශනයක් පැවැත්වීම සාමාන්‍ය සිරිතකි . පිරිත පුරනවාත් සමගම පිටත්වන කඨින චීවරය රැගත් පෙරහැර ගමේ සෑම අස්සක් මුල්ලක් නෑර ගමන් කර අවසානයේ අළුයම් කාලයේ පන්සලට පැමිණේ . චීවර පූජාව සිදුවන්නේ ඉන් අනතුරුවය .
මෙවර කඨින පූජාව පැවැත්වීමට භාරවී තිබුණේ වෙද ගෙදරටය . වෙද ගෙදර අපට දක්වන නෑදෑකම් පරයා ගමේ කටයුතු වෙනුවෙන් ගුරුන්නාන්සේ වලව්ව නියෝජනය විය යුතු බැවින් සීයා මෙම කටයුතු වලට අවවාද අනුශාසනා ලබාදීමට දින දෙක තුනක් තිස්සේ පන්සලේ කාලය ගත කළේය . පිරිත් මණ්ඩපය සාදන කටයුතු වෙනුවෙන් මමද සහභාගී වීමි . එබැවින් සීයාද මමද සිටියේ පන්සලේය . පිරිත් මණ්ඩපය සාදන්නේ වෙනදා පන්සලේ බණ මඩුවේ ධර්මාසනය පනවා තබන ස්ථානයේය . සැලකිය යුතු දුරක් වලව්ව සහ පන්සල අතර නොපවතින හෙයින් සීයාද මමද වලව්වේ සිට පන්සලට ආවේ පයින්ය .
මද්දහන පසුවී හිරු අවරට ගියේය . පිරිත් මණ්ඩපයේ කටයුතු කඩිනම් වූයේ හිරු අවරට ගිය බව කාගේ කාගේත් ඇස්පනාපිටම පෙනෙන්නට වූ පසුවය . සියල්ලෝම ගොක්කොල කපා හැඩ වැඩ දමති , කෙසෙල් පතුරු රාමු වලට තබා බඳිති , සල් මල් පෙති ඉරටු කැබලිවල අමුණා කෙසෙල් පතුරුවලට සවි කරති . මමද වඩාත් ප්‍රියජනක කාර්යයක් වූයේ මෙම සල්මල් අමුණන රාජකාරියටය . සල් මලේ හැඩයට පැහැයට වඩා මා ආශා කලේ එහි සුවඳටය . දෙවියන් වඩින්නේ මෙම සුවඳවත් බව නිසා ඇතිවන පවිත්‍ර භූමි වලටය . සීයා පසෙක වූ බංකුවක හිඳගෙන වෙද සීයා සමග චීවර පූජාවේ ඉදිරි කටයුතු පිළිබඳව සාකච්චා කරමින් සිටී . තාත්තා පන්සලට පැමිණියේ මේ අතරේය . තාත්තා පැමිණ සීයාට කුමක්දෝ කියා නික්ම ගියේය . සල් මල් පෙති සවි කිරීමේ කටයුත්ත වැඩිප්‍රමාණයක් අවසාන කරන ලද හෙයින් මම එය නවතා සීයා අසලට ගියෙමි .
" සීයේ , තාත්තා ආවා නේද ? "
" ඔන්න කවුද කෙනෙක් මාව හොයාගෙන සීතාවක පළාතේ ඉඳලා ඇවිල්ල ඉන්නවලු වලව්වේ . මණ්ඩපේ වැඩ කටයුතු තව ටිකක් අහවර වෙනකල් ඉඳලා පුතත් යමු මාත් එක්කම . රෑ වෙලා පිරිත් අහන්න එන්න බැරිය . වෙද සීයා ඉන්න නිසා දැනමුතුකම් දේවි ඒ රාජකාරි වලට . අපි තව ටිකකින් යමු "
" සීතාවක කියන්නේ කොහෙද සීයේ ? "
" අවිස්සාවේල්ල පැත්තටනේ පුතේ "
පිරිත් මණ්ඩපයේ සැරසිලි කටයුතු අවසන්ය . දැන් තිබෙන්නේ ආසන පනවා රාජ ගහ බැඳ නා දළු ආදිය එල්ලීමයි . වෙද සීයාගේ අනුමැතිය අනුව ඒවා සිදුවන්නට ඉඩදී මමද සීයාද වලව්ව බලා පිටත් වීමු . ආ වේගයට වඩා වැඩි වේගයකින් අපි වලව්වට ගියෙමු . ඒ අපගේ අමුත්තා පිළිගැනීමටය .
වලව්වේ කඩුල්ල පනිනවිටම සීයා තම හඬ අවධි කලේය .
" අද උදේ කපුටෙක් වලව්ව ඉස්සරහා අඹ ගහේ ඉඳලා හඬ ලෑවා . මම නිකමට වගේ ගණන් කරලා බැලුවා . හොඳ ආරංචියක් එයි කියලා තමයි සාත්තරේ තිබුණේ . මේ ඒ හොඳ ආරංචිය වෙන්න ඇති නේද පුතේ "
සීයාද සිනාසුනේය . මමද ඔහුගේ අඩිපාරේම සිනාසුනා මිස ඉන් එහා කිසිවක් විමසුවේ හෝ කීවේ නැත .
වලව්වට ඇතුල්වන විට අප හමුවීමට ආ අමුත්තා වලව්වේ ඉදිරිපස පිටත කාමරේ සිට එළියට ආවේය . ඔහු ශාන්ත පෙනුමකින් යුතු වැදගත් පාටක් සහිත පුද්ගලයෙක් බව ඔහුගේ මුහුණින් පෙනිණි .
" මේ ගුරුන්නාන්සේ වෙන්න ඇති නේද ? "
" ඔව් මම තමයි අරනෝලිස් ගුරුන්නාන්සේ . මේ ළමයා ...............? "
ඔහු පිළිතුරු දීමට මත්තෙන් සීයාට දණගසා වැන්දේය .