මල්ලට දාපන් පුතේ.!

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මල්ලට දාපන් පුතේ.!

    ඉරද? හඳද?

    මිතුරන් දෙදෙනකු මැදියම් රැය වනතුරු මත්පැන් හලක රැඳී සිට සිය නිවෙස්‌ බලා යැම සඳහා මහ මගට පැමිණියහ. මේ වනවිට වේලාව කීයට විතර ඇති දැයි කීමට දෙදෙනාගෙන් එක්‌ අයකුවත් දැන සිටියේ නැත.

    එක්‌ මිතුරකු අහස දෙස බලා අර තියෙන්නෙ ඉරද නැත්නම් හඳද? කියා ඇසුවේය.

    "මම දන්නෙ කොහොමද මම ජීවත්වෙන්නෙ මේ පළාතෙ නෙවෙයිනෙ" පදමට සූර්වී සිටි අනෙක්‌ මිතුරා පිළිතුරු දුන්නේය.

    ඒක තමයි!

    එක්‌තරා සෙබළකු අසාමාන්‍ය අන්දමින් හැසිරෙන අයුරු හමුදා ප්‍රධානියා දුටුවේය.

    සෙබළා කඩදාසි කැබලි අහුලා ඒ දෙස බලා යමක්‌ කියවා, යළි ඒ දෙස රවා බලා "ඒක නෙවෙයි" යනුවෙන් පවසා විසි කරනු දුටු හමුදා ප්‍රධානියා ඔහුව මනෝ වෛද්‍යවරයකු වෙත යවා පරීක්‌ෂා කර බැලුවේය.

    ඔහු මානසික රෝගියකු බවත් සේවයට නුසුදුසු බැවින් සේවයෙන් ඉවත් කිරීම සුදුසු බවත් මනෝ වෛද්‍යවරයා වාර්තා කර තිබිණි.
    ඒ අනුව ඔහු සේවයෙන් ඉවත් කෙරෙන බැව් සඳහන් ලිපිය හමුදා ප්‍රධානියා ඔහු අතට පත් කළේය

    බිම වැටුණු එම ලිපිය අහුලා ගත් සෙබළා කලින් කළාක්‌ මෙන්ම ඒ දෙස බලා යමක්‌ කියවා යළි ඒ දෙස බලා රවා බලා "ඒක නොවෙයි" වෙනුවට "ඒක තමයි" යනුවෙන් උස්‌ හඬින් පැවසුවේය.

    ගහට නොගොස්‌ කුරුම්බා බීම

    සිරිසේන හා පියසේන යන දෙදෙනා මානසික රෝහලේ ප්‍රතිකාර ලබන ගජමිතුරන් දෙදෙනෙකි. දිනක්‌ මේ දෙදෙනා මධ්‍යම රාත්‍රියේ වාට්‌ටුවෙන් පිටතට පැමිණ මුර කුටියට පැමිණි අතර ඒ වන විට ගේට්‌ටුව වසා දමා මුරකරුද තද නින්දේ පසුවිය.

    මුරකරුට නොදැනෙන සේ ඔහු ළඟ තිබූ කෑලි පහේ එවරෙඩි ටෝච් එකද ගෙන ගේට්‌ටුවෙන් එළියට පැනගත් සිරිසේන හා පියසේන පාර දිගේ මඳ දුරක්‌ ඉදිරියට පැමිණ ඉතා උස පොල්ගස්‌ කීපයක්‌ ඇති තැනක නතර විය.

    විදුලි පන්දම පොල් ගහේ කරටියට අල්ලා බැලූ ඔවුනට කුරුම්බා බීමට අදහසක්‌ ඇතිවිය. දෙදෙනාම සාකච්ඡා කළ ද ගහ උස බැවින් ගසට නැගීමට කෙනෙක්‌ නැති විය. මඳක්‌ කල්පනා කළ සිරිසේන හොඳ අදහසක් ගෙනාවේය. "මම මේ ටෝච්එක අරගෙන බිම වාඩිවෙලා හැඩේට හිටින්න කුරුම්බා ඉත්ත අල්ලගෙන ඉන්නවා. උඹ එළිය දිගේ දුවගෙන ගිහිල්ල ගෙඩි දෙකක්‌ කඩාගෙන දුවගෙන වරෙන්." මුලින් අදහසට කැමැති වූ පියසේන මඳක්‌ නිහඬව සිට ඊට විරුද්ධ විය. "අනේ පලයං යන්න මම උඹේ ගැට වලට අහුවෙන්නෙ නෑ. මම ගහට දුවල ගෙඩි දෙක කඩාගෙන එනකොටම උඹ ටෝච් එක නිව්වම මට මොකද වෙන්නෙ. දඩස්‌ගාල බිමට වැටිල අතපය කැඩිල යනවනෙ..." යි කීය.

    රුපියල් පහ සෙවීම

    පීටර් මාමා ගමේ සිටින කා අතරත් ජනප්‍රිය චරිතයක්‌ වූයේ ඔහු කරන කියන දේවල් නිසාය. දිනක්‌ රාත්‍රි කාලයේ ටවුමට ගොස්‌ පයින්ම ගෙදර එන සයිමන්ට දක්‌නට ලැබුණේ පාරේ පහන් දැල්වෙන ලයිට් කණුවක්‌ යට මොනවදෝ හොයන පීටර් මාමාවය. පීටර් ළඟට කිට්‌ටු වූ සයිමන් "මොනවද බං පීටර් උඹ ඔතන ඔය කරන්නෙ..."

    "ආ... මේ සයිමන්නෙ... මගේ රුපියල් පහක්‌ වැටුන බං... ඒකයි මම මේ හොයන්නෙ...."
    මඳක්‌ විමසිලිමත්ව පාර දෙස බලමින් සයිමන් පීටර්ගෙන් මෙසේ ඇසීය.

    "ඇත්තටම කොයි හරියෙද බං වැටුනෙ..." ඔවුන් සිටිතැනින් මීටර් 20 ක්‌ පමණ දුරින් වූ අඳුරු තැනක්‌ පෙන්වූ පීටර්,

    "අන්න අතනදි බං වැටුනෙ..."

    මවිතයට පත්වූ සයිමන් "එහෙනං මෙතන හොයන්නෙ මොන කෙංගෙඩියක්‌දැ"යි පැවැසීය.

    "එතන හොයල වැඩක්‌ තියෙනවද බං මෙලෝ හසරක්‌ පේන්නෙ නැතිව... ඉතිං මම මේ ලයිට්‌ එක තියෙන තැනට ඇවිත් හෙව්ව"යි පීටර් ගානකට නැතිව කීය.

    බබාට බිල්ලෙක්‌ ඕනෙවෙලා

    කුසුමාවතී මුණුපුරන් එක්‌ක කඩයට ගියා. පොඩි ළමයි දකින දකින දේ ඉල්ලනවනෙ. එහෙම ඉල්ලපු දෙයක්‌ දෙන්නෙ නැතිව මේ පොඩිඑකා අඬනවා. අඬන දරුවව අතින් ඇදගෙන නලවගන්න නොයෙක්‌ දේ කියමින් කුසුමාවතී ආපහු ගෙදර එනවා. මැගි ආච්චිව හම්බ වුණේ ඔය එන අතරතුරේදී.

    "මොකද බං කුසුමො ඔය දරුව අඬන්නෙ..."

    "දන්නෙ නැද්ද මැගි නැන්දෙ... කඩේට ගිහින් දකින දකින දේ ඉල්ලනවනෙ..."

    දරුවාගේ ඇඬීම නතර කරන අදහසින් මැගි ආච්චි දරුවගෙ ඔළුව අතගාමින් මෙහෙම කිව්වා.

    "අඬන්න එපා මගෙ රත්තරං පුතේ දැන් ඩිංගකට කලිං ගෝනි බිල්ලෙක් මෙතන හිටිය."

    දරුවා තවත් හයියෙන් විලාපදෙමින් හඬන්නට විය. "ඒ සැරේ මොකද මේ බෙරිහං දෙන්නෙ"යි කුසුමාවතී දරුවගෙන් ඇහුව.

    "මට ගෝනිබිල්ලව පෙන්නන්න. මම කවදාවත් දැකල නෑ. මට ඌව පෙන්නන්න" කියමින් දරුව තව තවත් හඬන්නට විය.

    ගැහැනු පිරිමි වෙනස

    තම නිවෙසේ මැසි උවදුර දැරීමට නොහැකි තරම් උත්සන්න වූයෙන් හැකි තරම් මැස්සන් මරා දැමීමට කරු සහ අමිතා කතිකා කර ගත්හ.
    “මේ කරූ, ඔයා දැන් කී දෙනෙක් මැරුවද?” අමිතා ඇසුවේ ‘රාජකාරිය’ අරඹා පැය භාගයකට ආසන්න වෙද්දී ය.
    “ඔක්කොම හතයි, හතර දෙනෙක් පිරිමි. තුන් දෙනෙක් ගෑනු” කරු කීවේය.
    “මොනවා...? ඔයා කොහොමද අනේ දන්නෙ උන් ගෑනු සත්තු ද පිරිමි සත්තු ද කියලා?” අම්තා ඇසුවේ විශ්මයෙනි.
    “අපොයි ඒක සුළු දෙයක් නෙ. හතර දෙනෙක් සීනි බෝතලේ උඩ වහල හිටියා. තුන් දෙනෙක් හිටියෙ කණ්ණාඩිය ඉස්සරහ” කරු පිළිතුරු දුන්නේ ය.

    එපා වීම

    “මට නං මේ ටෙලිනාට්‍ය කෙරුවාව එක ටෙලි නාට්‍යයෙන් ම එපා වුණා” කලක් ඒකාංගික ටෙලිනාට්‍ය මාලාවක එක දිගට රඟපෑ පුවත්පත් කලාවේදියකු වූ කුමාර, සහෝදර පුවත්පත් කලාවේදියකු වූ ගාමිණීට කීවේ අලුත් ටෙලිනාට්‍යයක මුහුරත් උළෙලේදී ය.
    “ඇත්තද, තමුසෙ රඟපාපු එකෙන් දෙකෙන් ම අපිටත් ඒක එපා වුණා” ගාමිණී ඇඟට පතට නොදැනී කීවේය.

    එකමුතුවේ තරම

    ‘එකමුතුවේ’ මාසික රැස්වීම සහ පි‍්‍රය සම්භාෂණය මෙවර පැවැත්වීමට නියමිත වූයේ සභාපති නිහාල් ගේ නිවෙසේ දී ය. එහිදී නිහාල් ගේ හුරුබුහුටි කුඩා පුතු ළංකරගත් එකමුතුවේ කාන්තාවෝ කීප දෙනෙක් පොඩි එකා හුරතල් කරමින් සිටියෝ ය.
    “ඔයා ගෙදර වැඩ වලදී අම්මිට උදව් කරනවද පුතා?” ශ්‍රියානි කොලු පැටියාගේ හිස අතගාමින් ඇසුවේ අනෝමා දෙස බලා සිනා වෙමිනි.
    “ඔව් අදත් අම්මා මට ලොකු වැඩක් භාරදීලයි තියෙන්නෙ.”
    “මොකක්ද පැටියෝ ඒ ලොකු වැඩේ” පුංචිලා ඇසුවා ය.
    “ඇන්ටිලා අන්කල්ලා ඔක්කොම ගියායින් පස්සෙ මේසෙ හැඳි ඔක්කොම හරියට තියෙනවා ද කියල ගණන් කරල බලන්ඩයි කියල අම්මි මට කිව්වා” පොඩි එකා ගිරවකු මෙන් කිව්වේ ය.

    ඒ විතරක් නෙමෙයි

    මගුල් කපුවකු ගෙනා යෝජනාවක් අනුව ලසිත, ඔහුත් සමඟ මනාලියක් බලන්නට ගියේ ය. මනාලියගේ මව සහ පියා මනාලයා සාදරයෙන් පිළිගෙන සාලයේ හිඳුවා, ආගන්තුක සත්කාර කොට ආගිය තොරතුරු කතා කරන්නට වූහ.
    මනාලයාගේ වතගොත තවදුරටත් දැනගැනීමේ අටියෙන් මනාලියගේ පියා මනාලයා දෙස බලා සිනාසී මෙසේ ඇසීය.
    “මේ මහත්තයාට අයිති කඩයක් පිටකොටුවේ තියෙනවා කිව්වා නේද?”
    මනාලයා කට හරින්නට පෙර කපුවා ඉදිරියට පැන්නේ ය.
    “එක කඩයක් නෙමෙයි. මේ මහත්තයාට පිටකොටුවේ කඩ පේළියක්ම තියෙනවා.”
    “එහෙම නං ඉතින් බැංකුවෙත් සල්ලි ගොඩක් නැතැයි” මනාලියගේ පියා කීවේ සතුටිනි.
    “එක බැංකුවක නෙමෙයි බැංකු හත අටකම මේ මහත්තයා ගෙ සල්ලි ගොඩ ගහල තියෙන්නෙ.” කපුවා පිළිතුරු දුන්නේ ආඩම්බරයෙනි.
    කපුවා කටේ තොලේ නොගැවී ඇද බාන බේගල් අසා සිටිය නොහැකිව ලසිත මඳක් උගුර පාදා කැස්සේ ය.
    ‘මොකෝ මහත්තයට කැස්ස හෙම්බිරිස්සාවද?” පියා ඇසීය.
    “කැස්ස හෙම්බිරිස්සාව විතරක් නෙමෙයි අපේ මහත්තයට කාසෙත් තියෙනවා” කපුවා ආඩම්බරයෙන් කීය.

    වෙන මොනවා කියන්නද?

    හරමානිස් කරත්තය දක්කාගෙන මහ පාරේ යද්දී පිටුපසින් වේගයෙන් පැමිණි රියක් කරත්තයේ පැත්තක තදින් ගැටුණි. කරත්තයේ ඇන්දක් තදින් අල්ලාගෙන සිටි බැවින් බිම නොවැටී බේරුණු හරමානිස් බිමට පැන්නේ කෝපයෙනි. චප්ප වී ගිය කරත්තය දෙස බැලූ හරමානිස් මෝටර් රථයේ රියාදුරු වෙත ගොස් මෙසේ ඇසීය.
    “මහත්තයා තමුසෙ මගෙ කරත්තෙට මොකද කියන්නෙ?”
    “මොනවා කියන්නඩද ලොකු උන්නැහේ, කරත්තෙට කරත්තෙ නොකියා.” රියැදුරා කීවේ සෝපහාසයෙනි

    බතුත් තියෙනවා!

    මැදිවියේ තැනැත්තෙක්‌ හෝටලයකට ගොස්‌ දිවා ආහාරය ගනිමින් සිටියේය.
    එවිට "කටස්‌" යන හඬින් ඔහුට ගලක්‌ හැපිණි.
    "මහත්තයා ගල්ද?" හෝටලේ අයිතිකරු ඔහුගෙන් ඇසුවේය.
    "නෑ බත් ඇටත් එහෙන් මෙහෙන් තියෙනවා" ඔහු ඇඟට පතට නොදැනී කීවේය.

    භාෂා විශාරද ගිරවා!

    එක්‌තරා තරුණයෙක්‌ සුරතල් පක්‌ෂීන් අලෙවි කරන ස්‌ථානයකට ගියේය.
    එහිදී එක්‌ පාදයක කොළ පැහැති නූලක්‌ද, අනෙක්‌ පාදයේ රතුපැහැති නූලක්‌ද ගැට ගසා තිබුණු ගිරවෙකු ඔහු දුටුවේය.
    "මේ ගිරවාගේ කොළපාට නූලෙන් ඇද්දහම ඌ ප්‍රංශ භාෂාවෙන් කතා කරනවා. රතුපාට නූලෙන් ඇද්දහම ස්‌පාඤ්ඤ භාෂාවෙන් කතා කරනවා."
    වෙළෙඳ සේවකයා ගිරවා පිළිබඳ විස්‌තරයක්‌ කරමින් එසේ පැවසීය.
    "එතකොට නූල් දෙකෙන්ම ඇද්දොත්" තරුණයා ඔහුගෙන් විමසුවේය.
    "එතකොට මම බිමට ඇද වැටෙන බව දන්නෙ නැද්ද මෝඩ යෝ?" ගිරවා උස්‌ හඬින් කියාගෙන ගියේය.

    පෙම්වතිය!

    සුනිල්: මම ඊයේ සවස දැක්‌කා මං බඳින්න ඉන්න ගැහැණු ළමයා මගේ හොඳම යාළුවත් එක්‌ක චිත්‍රපටියක්‌ බලන්න යනවා.

    පියල්: ඉතින් ඔබ පසු පස්‌සේ ගියාද?

    සුනිල්: නැහැ. මම ඒ චිත්‍රපටිය කලින් බලල තියෙනවා.

    ඉංග්‍රීසි දැනුම!

    මිතුරන් තිදෙනෙක්‌ ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගැනීමට සිතා එක්‌තරා පංතියකට සහභාගි වූහ.
    මාස හතරක්‌ ඉගෙන ගත්තද ඔවුන් තිදෙනා ඉගෙන ගෙන තිබුණේ වචන කොටස්‌ කිහිපයක්‌ පමණි.

    පළමුවැන්නා දැන සිටියේ "වී ත්‍රී" යන්න පමණකි. දෙවැන්නා ඉගෙන ගෙන තිබුණේ "ෆො ෆිෆ්ටි රුපීස්‌" යන්නය. තුන් වැන්නා දැන සිටියේ "යර්ස්‌" යන පදය පමණකි.

    දිනක්‌ මේ තිදෙනා තමන් දන්නා වචන කිහිපය කතා කරමින් පාරක්‌ දිගේ එන විට එක්‌ ස්‌ථානයක මිනිසෙකුගේ මළ සිරුරක්‌ දක්‌නට ලැබුණි. ඒ අසල පොලිස්‌ නිලධාරින් දෙදෙනෙකුද සිටියහ.

    එක්‌ පොලිස්‌ නිලධාරියෙක්‌ මේ තිදෙනාගෙන් එක්‌ අයෙකුගෙන් මෙසේ ඇසුවේය. "හූ කිල්ඩ් දිස්‌ මෑන්?" එවිට එක්‌වරම ඔහු තමා උගත් දෙය කියාගෙන ගියේය. "වී ත්‍රී"

    "වට්‌ ෆොa?" පොලිස්‌ නිලධාරියා දෙවැන්නාගෙන් ඇසුවේය.
    "ෆො ෆිෆ්ටි රුපීස්‌" යනුවෙන් ඔහු පිළිතුරු දුන්නේය.

    "ඉස්‌ දැට්‌ ටෲ" පොලිස්‌ නිලධාරියා තුන් වැන්නාගෙන් ඇසුවේය.
    එවිට ඔහු "යර්ස්‌" යනුවෙන් තමන් දන්නා වචනය කීවේය.

    පොලිස්‌ නිලධාරියා විසින් මිතුරන් තිදෙනාම අත්අඩංගුවට ගනු ලැබිණ.

    මල්ලට දාපන් පුතේ!

    මගීන්ගෙන් පිරී ගිය බස්‌රථයකට ගොඩ වූ මහළු කාන්තාවක්‌ රියෑදුරු අසුන අසල සිය පන් මල්ල තැබුවාය.
    "අම්මෙ... ඔතන මල්ල තිබ්බහම මම ජියර් එක දාන්නේ කොහොමද?" රියෑදුරා වයසක කාන්තාවගෙන් ඇසුවේය.
    "ඕකත් මේ මල්ලටම දාපන් පුතේ... මේක හිස්‌ මල්ලනේ...
    මද සිනහවක්‌ පාමින් ඇය එසේ පැවසුවාය.​

    :D:D:D
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    ඉරද? හඳද?

    මිතුරන් දෙදෙනකු මැදියම් රැය වනතුරු මත්පැන් හලක රැඳී සිට සිය නිවෙස්‌ බලා යැම සඳහා මහ මගට පැමිණියහ. මේ වනවිට වේලාව කීයට විතර ඇති දැයි කීමට දෙදෙනාගෙන් එක්‌ අයකුවත් දැන සිටියේ නැත.

    එක්‌ මිතුරකු අහස දෙස බලා අර තියෙන්නෙ ඉරද නැත්නම් හඳද? කියා ඇසුවේය.

    "මම දන්නෙ කොහොමද මම ජීවත්වෙන්නෙ මේ පළාතෙ නෙවෙයිනෙ" පදමට සූර්වී සිටි අනෙක්‌ මිතුරා පිළිතුරු දුන්නේය.

    රුපියල් පහ සෙවීම

    පීටර් මාමා ගමේ සිටින කා අතරත් ජනප්‍රිය චරිතයක්‌ වූයේ ඔහු කරන කියන දේවල් නිසාය. දිනක්‌ රාත්‍රි කාලයේ ටවුමට ගොස්‌ පයින්ම ගෙදර එන සයිමන්ට දක්‌නට ලැබුණේ පාරේ පහන් දැල්වෙන ලයිට් කණුවක්‌ යට මොනවදෝ හොයන පීටර් මාමාවය. පීටර් ළඟට කිට්‌ටු වූ සයිමන් "මොනවද බං පීටර් උඹ ඔතන ඔය කරන්නෙ..."

    "ආ... මේ සයිමන්නෙ... මගේ රුපියල් පහක්‌ වැටුන බං... ඒකයි මම මේ හොයන්නෙ...."
    මඳක්‌ විමසිලිමත්ව පාර දෙස බලමින් සයිමන් පීටර්ගෙන් මෙසේ ඇසීය.

    "ඇත්තටම කොයි හරියෙද බං වැටුනෙ..." ඔවුන් සිටිතැනින් මීටර් 20 ක්‌ පමණ දුරින් වූ අඳුරු තැනක්‌ පෙන්වූ පීටර්,

    "අන්න අතනදි බං වැටුනෙ..."

    මවිතයට පත්වූ සයිමන් "එහෙනං මෙතන හොයන්නෙ මොන කෙංගෙඩියක්‌දැ"යි පැවැසීය.

    "එතන හොයල වැඩක්‌ තියෙනවද බං මෙලෝ හසරක්‌ පේන්නෙ නැතිව... ඉතිං මම මේ ලයිට්‌ එක තියෙන තැනට ඇවිත් හෙව්ව"යි පීටර් ගානකට නැතිව කීය.

    ඒ විතරක් නෙමෙයි

    මගුල් කපුවකු ගෙනා යෝජනාවක් අනුව ලසිත, ඔහුත් සමඟ මනාලියක් බලන්නට ගියේ ය. මනාලියගේ මව සහ පියා මනාලයා සාදරයෙන් පිළිගෙන සාලයේ හිඳුවා, ආගන්තුක සත්කාර කොට ආගිය තොරතුරු කතා කරන්නට වූහ.
    මනාලයාගේ වතගොත තවදුරටත් දැනගැනීමේ අටියෙන් මනාලියගේ පියා මනාලයා දෙස බලා සිනාසී මෙසේ ඇසීය.
    “මේ මහත්තයාට අයිති කඩයක් පිටකොටුවේ තියෙනවා කිව්වා නේද?”
    මනාලයා කට හරින්නට පෙර කපුවා ඉදිරියට පැන්නේ ය.
    “එක කඩයක් නෙමෙයි. මේ මහත්තයාට පිටකොටුවේ කඩ පේළියක්ම තියෙනවා.”
    “එහෙම නං ඉතින් බැංකුවෙත් සල්ලි ගොඩක් නැතැයි” මනාලියගේ පියා කීවේ සතුටිනි.
    “එක බැංකුවක නෙමෙයි බැංකු හත අටකම මේ මහත්තයා ගෙ සල්ලි ගොඩ ගහල තියෙන්නෙ.” කපුවා පිළිතුරු දුන්නේ ආඩම්බරයෙනි.
    කපුවා කටේ තොලේ නොගැවී ඇද බාන බේගල් අසා සිටිය නොහැකිව ලසිත මඳක් උගුර පාදා කැස්සේ ය.
    ‘මොකෝ මහත්තයට කැස්ස හෙම්බිරිස්සාවද?” පියා ඇසීය.
    “කැස්ස හෙම්බිරිස්සාව විතරක් නෙමෙයි අපේ මහත්තයට කාසෙත් තියෙනවා” කපුවා ආඩම්බරයෙන් කීය.

    බතුත් තියෙනවා!

    මැදිවියේ තැනැත්තෙක්‌ හෝටලයකට ගොස්‌ දිවා ආහාරය ගනිමින් සිටියේය.
    එවිට "කටස්‌" යන හඬින් ඔහුට ගලක්‌ හැපිණි.
    "මහත්තයා ගල්ද?" හෝටලේ අයිතිකරු ඔහුගෙන් ඇසුවේය.
    "නෑ බත් ඇටත් එහෙන් මෙහෙන් තියෙනවා" ඔහු ඇඟට පතට නොදැනී කීවේය.

    :D:D:D

    pattai aaa :lol::lol::lol::lol:
    rep +5
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ