මල්ලිට කරදරයක් :(

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,302
    100,130
    113
    ඉක්මන් සුව මචං

    මෙන්න මෙහෙම එව්ව නවත්තහන් මල්ලිට හොද උනාම . ඔය කැරි ආතල් ගත්තා වගේ නෙවේ පස්සෙන් පන්න පන්න රිටන් එක එන්නෙ බන්. අත්දැකීමෙන් කියන්නෙ. :(
    මේක නන් සිරා
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,777
    18,580
    113
    අදුරන කවුරුත් නෑ මලය ඔහෙට ලගපාත. මේ සම්ජෙක්ට් ගැන දැනුමකුත් නෑ..

    මෙච්චරයි කරන්න පුලුවන්

    ඉක්මන් සුව වේවා!
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,743
    23,423
    113
    ට්‍රයි කරල බලන්න මචන් ගොඩ දාගන්න පුලුවන් වෙයි.

    ගොඩ දාගන්න බැරි උනත් worry වෙන්න එපා. එන විදිහට උපරිමෙන් මුහුණ දෙන්න. ඇවිදින්න බැරි උනා කියල ඌට අනුකම්පා කරන්නයි අබ්බගාතයෙක් වගේ සලකන්නයි ගිහින් උගෙ පර්සනලිටියට කෙලවන්න එපා. ලෝකෙ දැන් ඔය පොඩි පොඩි disabilities තිබ්බ කියල අනුකම්පා කරන කාලෙ ගිහින් තියෙන්නෙ. ඕවා තියෙන උනුත් අනිත් උන් එක්ක තරගෙට වැඩ කරනව. ටික්ටොක් එකේ යූටියුබ් එකේ බලපන් ඔහොම උන් කරන චැනල් තියෙනව උන්ගෙ ස්ටෝරි එක සහ ලයිෆ් එක ගැන කතා කරන. අපි උනත් ඇවිදින්න පුලුවන් උනා කියල දවසට කොච්චර පොඩ්ඩද බන් ඇවිදින්නෙ. වැඩිහරියක් වාඩිවෙලානෙ. අනික දැන් ලෝකෙ හැමතැනම wheelchair එකකින් access කරන්න පුලුවන් විදිහට හැමදේම හදනව. වොෂ් රූම්ස් වාහන හැමදේම. වෙන රටවල නන් බස් වල පවා යන්න පුලුවන් වීල්චෙයා වලින් එන මිනිස්සුන්ටත්. ඒක හින්ද ඇවිදින්න බැරි උනත් ඒක මහලොකු දෙයක් කියල උගෙ ඔලුවට නොදා ඌට ඕන සපෝට් එක දීලා අවශ්‍ය තැනදි අවශ්‍ය වියදම් කරල උගෙ ගමන යන්න path එක හදල දෙන්න. ගොඩක් disabled මිනිස්සු ෆේල් වෙන්නෙ උන් disabled හින්ද නෙමේ disabled වෙච්ච එකෙන් එන personality අවුල් හින්ද.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    Doctorsලා බෑ කියන ගොඩක් දේවල් ප්‍රාතිහාර වගේ හොඳ විදියට සිද්ද වෙනවා මචං. කඩා වැටෙන්න එපා. ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.

    ස්නායු/ සුසුම්නාව සම්බන්ධ දෙයක් නම් Dr Sunil Pereraට පෙන්නන්න. සුපිරිම වැඩ්ඩෙක්.
    බුදු සරණයි
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,352
    6,522
    113
    රෝගියා මේ අවස්ථාවේ ඵහෙ මෙහෙ ගෙනයෑම තත්ත්වය දරුණු වීමට හේතුවනවා. හානිය වූ කොටසට පහල ඉන්ද්‍රියන් අවයව නිසි අයුරින් ක්‍රියාත්මක නොවෙනවා වෙන්න පුළුවන් මේ අවස්ථාවේ රෝහලක් තුලදී පමනයි එය හදුනාගෙන ප්‍රතිකාර්ම යෙදිය හැක්කේ. ශල්‍යකර්මයක් කිරීමට අවශ්‍ය වන්නේ, අනතුර නිසා ස්නායුවලට සිදුවී ඇති හානිය තව දුරටත් ඉදිරියට යාම නැවත්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමටයි.