මල්ලි නම් සනීපෙන්, හැබැයි........?????

Jun 3, 2013
659
59
0
මල්ලි නම් සනීපෙන්, හැබැයි........?????


අපේ ගමේ කොල්ලො දෙන්නෙක් ඉන්නව නිමල්, කමල් කියල. නිමල තමා මෙතනින් වැඩිමලා. කමලට වඩා මාස 2ක් විතර වැඩිමාල්. පොඩි කාලෙ ඉඳලම හැදුනෙ වැඩුණෙ එකටමයි. අම්මල දෙන්නෙක්ගෙ ළමයි උනාට එක කුස උපන් සහෝදරයො වගේ.

දැනට මාස 3කට විතර කලින්, ඒ කියන්නෙ වෙසක් මාසෙ, නිමල් ක'පුරේ අව්රුදු දෙකක් තිස්සෙ කබුරල හොයාගත්ත සේසතම නිධං කරල තිබ්බ බැංකුවෙන් අරගෙන ගියා රත්නපුර ඩේවිඩ් පීරිස් එකට. කොහොම හරි පොඩි ගානක් දීල ඉතුරුව මාස කීයෙන්ද මන්ද ගෙවන්නම් කියල අරං ආව අළුත්ම අළුත් පුටාර් එකක්. ගෙනාපු දවසෙ ඉඳන් ඉතිං රාවණාගෙ දඬුමොණරෙ වාගෙම තමයි. වාහනේ එළවන විදිහට ටයර් ගෙවෙන්න අව්රුදු 5ක් වත් යනව. මොකද රෝද පොළවෙ වදින්නෙ නවත්තල තියෙන වෙලාවට විතරයි. ගමෙ එකෙක්වත් මුගෙ බයික් එකට ආසාවට නගින්නෑ. :Pබයකට නෙමෙයි, අපි පොළවෙ පය ගහල ජීවත් වෙන මිනිස්සුනෙ ඒකයි.:P

කොහොම උණත් දවස් දෙක තුනෙන්ම ගමේ මිනිස්සු සහතියක් දීල තිබුණ මූ සතිදෙකෙන් ඇණගන්නවමයි කියල. කිව්ව විදිහටම බයික් එක අරං දවස් 10න් එළඹුණු පුර පසලොස්වක වෙසක් පෝය දිනේ දන්සැල් වඳින්න ගිය වෙලාවෙ ගම්මුන්ගෙ අනාවැකිය ඉශ්ඨ සිද්ධ උණා. අවාසනාවට තනියෙම නෙමෙයි. කමලත් එක්ක. කොහොමත් මුං දෙන්න එකටමනෙ. ඇණගෙන තිබුණෙ පාර අයිනෙ තිබ්බ ගහක. දෙන්නටම සෑහෙන්න තුවාල වෙලා. සිද්දිය වෙච්ච වෙලාවෙ ළඟ හිටපු මිනිස්සු මුං දෙන්නව රෝද 3ක පටෝල ඉස්පිරිතාලෙට යවල. කෝම කෝම හරි පෝය දවසෙ මිනිස්සු ටිකකට පිං අතේ වැඩකුත් මුං දෙන්න සෙට් කළා.

අපිත් ඉතිං ගෙනාපු කෑම බීම ලෙඩා ලඟ ඉන්න නැවතුන එකාට දීල දොස්තරලත් එක්ක ලෙඩා ගැන විස්තර කතා කරල ගෙදර යන්න පිටත් වෙන්න හදනකොටම නිමල කෙඳිරිගාන්න පටන්ගත්තෙ නැතෑ. දැං ඉතිං මුට සිහිය ආපු එකේ තව ටිකක් ඉඳලම යන්න නැවතුනා.

මේ වෙලාවෙ අපි ඇරුණම එතන හිටියෙ නර්ස් අක්ක කෙනෙක් විතරයි. කියන විදිහට නිමලගෙ රහස් ප්‍රදේශයට ටිකක් ඩැමේජ්. ඔන්න දැං නිමලට හොඳටම සිහිය ඇවිත්. ඒත් ඔළුව උස්ස ගන්නවත් පණ නෑ. ඒත් ඉතින් කොහොම හරි අමාරුවෙන් නර්ස් අක්ක දිහාවට ඔළුව හරෝල ඇහූව "මල්ලිට කොහොමද" කියල. බලන්න පිංවතුනි. එක කුස නූපන්නත් සහෝදර ප්‍රේමය කොපමණද කියල.

එතකොට නර්ස් අක්ක කියපි මෙන්න මෙහෙම "මල්ලිනම් සනීපෙන්, හැබැයි මල්ලට නම් ගොඩක් ඩැමේජ්" කියල.

රෙපිකන් දමලා ගැහුවට තරහ නෑ ඔන්...:rofl:
මේ ඉන්නේ මේ පෝස්ට් එක දැකලා කොමෙන්ට් එකක්වකත් නොදමා පැනලා ගිය පිංවතුන්ගෙන් ස්වල්පදෙනෙක්.... තවත් අයගේ නමගම් පසුවට ;)
attachment.php

:rofl::rofl::rofl::rofl:
 

Attachments

  • 119.JPG
    119.JPG
    26.9 KB · Views: 674
Last edited:

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    "මල්ලිනම් සනීපෙන්, හැබැයි මල්ලට නම් ගොඩක් ඩැමේජ්" :lol:
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,508
    5,864
    113
    හෝම් ස්වීට් හෝම්
    රිදිලා™;15549384 said:
    මේ ඉන්නේ මේ පෝස්ට් එක දැකලා කොමෙන්ට් එකක්වකත් නොදමා පැනලා ගිය පිංවතුන්ගෙන් ස්වල්පදෙනෙක්.... තවත් අයගේ නමගම් පසුවට ;)
    attachment.php

    :rofl::rofl::rofl::rofl:

    කැමති උන් comment කරනවා , අකමැති උන් comment නොකර උබේ ගොංකමට හිනා වෙලා යනවා ...
    බලෙන් comment කරගන්නද හිතන්නේ ? :rolleyes:
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    රෙපිකන් දමලා ගැහුවට තරහ නෑ ඔන්...:rofl:
    මේ ඉන්නේ මේ පෝස්ට් එක දැකලා කොමෙන්ට් එකක්වකත් නොදමා පැනලා ගිය පිංවතුන්ගෙන් ස්වල්පදෙනෙක්.... තවත් අයගේ නමගම් පසුවට ;)
    attachment.php

    :rofl::rofl::rofl::rofl:
    [/QUOTE]

    katawa hodai ,habai me wade nam charter .....

    7+
     

    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    රෙපිකන් දමලා ගැහුවට තරහ නෑ ඔන්...:rofl:
    මේ ඉන්නේ මේ පෝස්ට් එක දැකලා කොමෙන්ට් එකක්වකත් නොදමා පැනලා ගිය පිංවතුන්ගෙන් ස්වල්පදෙනෙක්.... තවත් අයගේ නමගම් පසුවට ;)
    attachment.php

    :rofl::rofl::rofl::rofl:

    katawa hodai ,habai me wade nam charter .....

    7+[/QUOTE]

    agreed!