මල් ගුඩි දවස

billythekid

Member
May 28, 2015
3,732
481
0
අමුතු ඇටේ
"
මල් ගුඩි දවස" නිමවුම් කරු ආර්. කේ. නාරායන්
picture-5.png
විශ්ව ඥනයේ වර්ධනයට පහන් දැල්වීම යනු පත් පොත් පරිශීලනය කිරීමය. ඥන වර්ධනයට පත පොත නැතිවම බැරි දෙයකි. විශ්ව සාහිත්‍යයේ අමරණීය ලේඛකයන්ගේ තොරතුරු දැනගැනීමට කැමැත්තෙන් සිටින අය බොහෝ වෙති. විශේෂයෙන් පාසල දරු දැරියන්ට විශ්ව සාහිත්‍යකරුවන්ගේ අදහස්‌ උදහස්‌, නිර්මාණ දැනගැනීමට සැලැස්‌වීමෙන් ළමා ජීවිතවලට උසස්‌ තත්ත්වයක්‌ හිමිවෙයි.

උසස්‌ සාහිත්‍ය නිර්මාණකරුවන් අතරින් ඉහළින් කැපී පෙනෙන අයකු ලෙස ආර්. කේ. නාරායන් ඉදිරියෙන් සිටින්නේ ඔහු ළමුන් වෙනුවෙන් ඉමහත් දායාදයක්‌ පිරිනැමීම නිසාය. ළමුන්ගේ සිත් සතන් කථාන්දර මගින් ප්‍රබෝධයට පත්කරවමින් අපූරු ලොවකට රැගෙන ගිය මෙම කෘතහස්‌ත ලේඛකයා "මල් ගුඩි දවස" කථාන්තරයේ නිමවුම් කරු වන්නේය. රූපවාහින ඔස්‌සේ "මල් ගුඩි දවස" අපේ ළමුන් නරඹන්නේ අභිරුචියෙනි.

රාසිපුරම් ක්‍රිෂ්ණසාමී නාරායන් නමැති විශ්ව සාහිත්‍යධරයා, ලේඛකයා උපත ලැබුවේ දකුණු ඉන්දියාවේය. මදුරාසියේ පුරසවලිතාම්හි 1906 ඔක්‌තෝම්බර් 10 දින උපත ලැබූ මෙම සුවිශේෂී පුද්ගලයා තම නිර්මාණ තුළින් විශ්වයට දොරටු විවරකර දුන්නේය. ඔහුගේ කෘති පාසල් දරුවන්ට පමණක්‌ සීමා නොවී පොත්පත් කෙරෙහි වැඩි රුචියක්‌ දක්‌වන සාමාන්‍ය පාඨකයන්ටද ඉතා වැදගත්විය.

ආර්. කේ. නාරායන් බ්‍රාහ්මණ වංශිකයකු වූ අතර මොහු පවුලේ තුන්වැන්නා විය. සිය මිත්තනියගෙන්, මවගෙන්, පියාණන්ගෙන් ළමා වියේදී සිටම රසබර කථා ඇසීමට වඩාත් කැමැති වූයේය. පවුලේ සමීප වැඩිහිටියන්ගේ සිඟිති සේම වැදගත් කථාන්තර අසා ඒවා යළි තම සිහි මිතුරන්ට පොහොර දමා තවත් රසකර කියාදීම පමණක්‌ නොව අලුතින්ද කථා ගොතා කීමටද සහජ හැකියාවක්‌ දැක්‌වීමට මොහුට පුළුවන් විය. තම මිත්තනිය සිහිකරනු වස්‌ "මිත්තනියගේ කථා" නමින් කථා එකතුවක්‌ද නිර්මාණය කළේය.

තමන් ළමා වියේදී ඇසූ දුටු දේවල් පසක්‌ කරමින් "මල් ගුඩි දවස" කථා සම්පාදනය කෙරිණි. තම ප්‍රථම නවකථාව ලෙස 1935 වර්ෂයේදී "ස්‌වාමි සහ යහළුවෝ" එළිදැක්‌වීය. අනතුරුව නව කථා තිස්‌ ගණනක්‌ පමණ ලියා තිබේ. කෙටි කථා මෙන්ම සංචාරක කථාද මොහු නිර්මාණය කර තිබේ.

ආර්.කේ. නාරායන් පළමුවරට ලිපිකරුවකු වශයෙන් සේවයට බැඳී, පසුව ගුරු වෘත්තියේ නියෑලුනේය. අනතුරුව පුවත්පත් කලාවටද යොමුවිය. තීරු ලිපි, විචාර ලිපි සහ ගුවන් විදුලි නාට්‍ය රැසක්‌ද නිර්මාණය කර තිබේ. පරිවර්තකයකු ලෙසද කටයුතු කරමින් මහා භාරතය ඉංග්‍රීසි භාෂාවට පෙරළා තිබේ. නාරායන් සාහිත්‍යධරයා විසින් රචිත කථාවල හාස්‍ය රසය මෙන්ම උපහාස රසයද ගැබ්ද තිබේ. අශ්වයා සහ එළුවන් දෙදෙනා මැයින් රචිත කථාව ඉතා ජනප්‍රිය බවට පත්විය. "මල් ගුඩි දවස" ටෙලි නාට්‍ය කථා ලොව පුරා ප්‍රේක්‍ෂක ජනතාවගේ ආදර ගෞරවයට පාත්‍රවී තිබේ. සිත් දිනාගෙන ඇත. මල්ගුඩි දවස කථාවලට අයත් "දූත" නමැති කථාන්තරයද ළමුන්ගේ සිත් ගත් එකක්‌ විය.

1958 දී රචිත "මාර්ගෝපදේශකයා" නමැති කෘතියේ වැඩි ගණනක්‌ ප්‍රථම වරට විකිණී තිබේ. මෙම කථාවට ඇකඩමි සම්මානය ලැබුණි. 1994 දී දකුණු ආසියාවේ විශිෂ්ට සාහිත්‍ය සූරයාට පිරිනැමෙන යාත්‍රා සම්මානයෙන්ද පිදුම් ලැබීය.

නාරායන් විසින් එළිදැක්‌වූ කෘති අතර මල්ගුඩියේ "මිනී මස්‌ කන්නා," "මුදල් විශේෂඥයා," මහත්මා එනතුරු, සම්පත් මහත්තයා, බූන්දි වෙළෙන්දා, මල්ගුඩියේ ව්‍යාඝ්‍රයා, ඉංගී්‍රසි ගුරුවරයා, ආචාර්ය රාන්, සැරිසරන සිත්තරා වැනි කෘතිද වේ. නාරායන් විසින් රචිත කෘති අතුරින් ස්‌වාමි සහ යහළුවෝ, වීදුරු බිත්ති, ආත්තම්මා, මගේ කල දවස, ඉංගී්‍රසි ගුරුවරයා නාගරාඡ්ගේ ලෝකය, සදාකාලික කල්යාන මිත්‍රයා වැනි කෘතීන් සිංහල භාෂාවට පෙරළා තිබේ.

මෙම ශේ්‍රෂ්ඨ ලේඛකයා 2001 මැයි 13 දා මෙලොවින් සමුගත්තේය.


source : දිවයින
 
Last edited:

maraputha

Member
Dec 23, 2014
3,720
409
0
හරිම අාසාවෙන් බලපු ටී.වී. වැඩසටහනක්...:):)
ඒ්ත් අද ළමයි බලන ටී.වී. වැඩසටහන්...:(:(

++Rep
 
Last edited:

billythekid

Member
May 28, 2015
3,732
481
0
අමුතු ඇටේ
හරිම අාසාවෙන් බලපු ටී.වී. වැඩසටහනක්...:):)
ඒ්ත් අද ළමයි බලන ටී.වී. වැඩසටහන්...:(:(

++Rep

ඔවු බන් මමත් හරිම ආසවෙන් බලපු එකක් ඇඬෙනව මතක් වෙන කොටත්:(
 

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    පට්ටම තමයි .. ඕක අපිට බලන්න ලැබීමේ ගෞරවයෙන් කොටසක් යන්න ඕනේ රුපවාහිනියටත් .. මොකද උන් ඒ වගේ හඬ කවල පෙන්නුවේ නැත්තන් , සිරස වගේ එකෙක් ඕක අරන් හඬ කවල පෙන්නුවොත් අපිට ඒ කතාව ගැන අසාවක් හිතෙයි කියල හිතන්න අමාරුයි !
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,355
    1
    4,049
    113
    I do not think this will be rejected by present day children . It is our duty to select the best for our children.
    When we were small this selection was done by Rupawahini as they were controlled by people of caliber , but unfortunately now all the channels including private ones are managed by immature and greedy persons. Their only aim is to make money and not to present a quality programme. Few of them had even joined the politics and I do not want to name them here. Can we expect quality programmes from them. So we should encourage our children to watch the best programmes .
     
    පට්ටම තමයි .. ඕක අපිට බලන්න ලැබීමේ ගෞරවයෙන් කොටසක් යන්න ඕනේ රුපවාහිනියටත් .. මොකද උන් ඒ වගේ හඬ කවල පෙන්නුවේ නැත්තන් , සිරස වගේ එකෙක් ඕක අරන් හඬ කවල පෙන්නුවොත් අපිට ඒ කතාව ගැන අසාවක් හිතෙයි කියල හිතන්න අමාරුයි !

    සිරසෙන් පස්සෙ කරා
    ඒත් ගතියක් නෑ
    රූපවහිනියේ පට්ට මචන්
    ඉස්සර 6ට නැගිටිනවා ඕක බලන්න
    :( :(