බුදු හාමුදුරුවන් වෙනුවෙන් මල් පහන් පූජා කරන එක හැම බෞද්ධ නිවසකම සිදුකරන දෙයක්. නමුත් සමහර විට ඔබගේ නොදැනුවත් කමින් සිදුවන මේ දේවල් නිසා ඔබට කුසල් වෙනුවට අකුසල් ලැබෙන්න පුළුවන්. ඒ නිසා මේ ගැන දැනගෙනම ගෙදර බුදු පහන දල්වන්න.
නිවසේ බුදු පහන ඔබ කොපමණ තබා ඇතිද? උදේ සවස මේ බුදු පහනේ ආලෝකයෙන් ඔබගේ නිවෙස එළිය වෙන්නට ඇති. නමුත් සමහර අය බුදු පහන තබන ගමන් එහි ගුණයක් නොමැති බව හා නිතරම කරදරමයි කියන වාර අනන්තවත් ඇත. එහි වරද ඔබගේම ය.නිවැරදිව සෙත් ලැබෙන අයුරින් බුදු පහන මෙසේ අලුත් කරගන්න.
ඔබ තබන පහන පිරිසිදු විය යුතුයි. මාළු හෝ මස් වැනි දේ හෝ වෙනත් පිළි වර්ගයක් අතගා බුදු පහන අල්ලන්නට එපා.
හිත පිරිසිදු කරගන්න. ඔබ දුප්පත් වුවත් පෝසත් වුවත් එයින් ප්‍රශ්නයක් නැත.මුහුණ ඇඟ පිරිසිදු වගේම හිත ද පිරිසිදු කර ගන්න.
බුදු පහනට පිරිසිදුම තෙල් දමා ගන්න.මේ පහන තව භාජනයක් මත තබා ගන්න.
වෙන් කරන ලද බන්දේසියක හෝ ලොකු පීරිසි භාජනයක පැන් පෙරා තබා ගන්න.සුදු කහ මල් තබන්න.
බුද්ධ පූජාව තබනවා නම් එම භාජන වෙනම තබන්න. පිරිසිදුව තබා ගන්න. බුද්ධ පූජාවට වෙන් කළ යමක් තිබේ නම් බත් – පාන් හෝ ඉදිආප්ප ආදී කෑම වර්ගයක් තමාට හැකි අයුරු තබා ගන්න.
බුද්ධ පූජාව තබන විට කිසිම විට කෑම පමණක් තබන්නට එපා. පලතුරක් අතුරුපසට යමක් තබා ගන්න.
මේ ගැන මෙතෙක් සිතුණේ නැහැ නේද? ගෙදරට ගේන කෙසෙල් ඇවරියෙන් ගෙඩි 2ක් වෙන් කර ගන්න. මී කිරි හෝ අයිස් ක්‍රීම් කෑමට පෙර වෙන් කරන ලද පොඩි වීදුරු හෝ කප් එකකට දමා ගන්න. ඔබ සතුටින්ම මෙය කරන්න.
මේ මුළු ලොවම සනසාලූ උතුම් ගෞතම බුදුරජාණන් වහන්සේට මේ අතුරු පස වෙන් කරන බව සිතන්න.
නිවෙසට ගෙනෙන පැණි රස කැවිලි,තල කැරලි හෝ වෙනත් කැවිලි වර්ගයක් නම් පොඩි කොටසක් හිතේ සතුටින් වෙනම භාජනයක අයින් කර තබන්න. දැන් බලන්න බුද්ධ පූජාවට අතුරු පස වෙන් වූ හැටි. අමතර වියදමක් ගියේ නැහැ නේද?
මේ විශ්වයේ එකම එක විශේෂ බලයක් පවතිනවා , එනම් සත්‍යයේ බලයයි. විශ්වයේ කොපමණ බලයක් තිබෙනවාද ඒ බලවලට සමාන කළ හැකි විශේෂ බලය පරම සත්‍යයේ බලයයි. ලොව්තුරා බුදුරජාණන් වහන්සේද බුද්ධත්වය ලබන්නට පෙර අධිෂ්ඨානයක් කළහ. එය අධිෂ්ඨානයක් වුවත් අධිෂ්ඨාන කරන්නට නම් තමා තුළ සත්‍ය තිබෙන්නට අවශ්‍ය වෙයි. බුද්ධත්වය ලබන්නට පෙර දන් වැළඳූ පාත්‍රය උඩු ගම් බලා යේවායි අධිෂ්ඨාන කළෝ ය. අපට ද ප්‍රාර්ථනා අධිෂ්ඨාන අනන්තවත් තිබේ. නමුත් විශ්වයේ බලය ලබන්නට නම් අපට සත්‍යයේ බලය අවශ්‍යම වෙයි.
බුදු පහන තබන විට පළමුව පන්සිල් ගෙන ඉතිපිසෝ ගාථාව 7 වරක් කියන්න.
ඉතිපිසෝ ගාථාව නව අරහාදී බුදුගුණ සත්‍ය පවතිනවා.
සබ්බ පාපස්ස ගාථාව 7 වරක් කියන්න.
සබ්බ පාපස්ස ගාථාවේ කුසලයෙහි පිහිටීම තිබෙනවා.
මේ ලෙස කාලයක්ම කරන විට දින සති මාස ගෙවෙන විට ඔබට තිබෙන කරදර බාධා ටික ටික ගෙවී යහපත උදා වන බව තමාටම අත්දැක ගන්න ලැබේවි.