මල් යහනේ තනිවම

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    මල් යහනේ තනිවම

    ඇඳි ප්‍රේම සිත්තම
    බොඳවී ගියා මගෙ
    අහසින් කඩා හල
    අකල් මහ වැස්සට

    ප්‍රේම කල නෙත් යුග
    පියාගෙන කුරිරු‍ ලෙස
    එකම එක මොහොතකට
    නොබලාවි මා දෙස

    රෝස මල් සයනයක
    වැතිර ඔබ තනිවම
    තෙත බරිත වී මගෙ
    කඳුලින් ඔබේ වත

    සියල්ල ආදරෙන්
    බෙදාගත් ඔබට මට
    කිමද බැරි නිදනට
    එක මල් සයනයක

    නැගෙන හිරු බසිනවා
    පෙණ බුබුල බිඳෙනවා
    ඒත් මගෙ දෙවියනේ
    මෙච්චර ඉක්මනට...

    - Hima ($hine)


    Funeral-Planning.jpg


    for more
    Visit >
    ගල් දම්වැල්