~මල්_වගාව~

දැකුම් කලු රෝස මල් ලබා ගැනිමට අත්‍යවශ්‍ය &#350

රෝස වගාවට පොහොර භාවිතා කිරීමේදී කාබනික පොහොර මෙන්ම රසායනික පොහොරද යෙදිය හැකියි. ඒ අනුව වැඩුණු රෝස පඳුර වටා ඇති රෝපණ ද්‍රව්‍ය සහිත පස ඉවත් කර හොඳින් දිරාගිය ගොම පොහොර සහ කොම්පෝස්ට් පොහොර පැළය වටා පැතිර යන පරිදි යොදන්න. ඉන් පසුව කලින් ඉවත් කළ පස්වලින් වසා දැමීම කළ යුතුය.

ඉහත සඳහන් කාබනික පොහොර මාධ්‍යයට අමතරව එන්. පී. කේ.(N. P. K.) අනුපාතයට මූලික පොහොරක් සකසා යෙදීම කළ හැකියි.ඒ සඳහා,* ඇමෝනියම් සල්පේට් කොටස් 2* ටි‍්‍රපල් සුපර් පොස්පේට් කොටස් 2* මියුරේට් ඔෆ් පොටෑෂ් කොටස් 1(2. 2. 1) වශයෙන් ගෙන හොඳින් මිශ‍්‍ර කොට පැල තුනකට අවුන්ස දෙකක් පමණ වැටෙන සේ පැළයට අඟල් 6 - 8 ඈතින් යොදන්න. ඉන්පසුව පස සමඟ හොඳින් මිශ‍්‍ර කොට ජලය වත්කළ යුතු වේවි.

මෙම මිශ‍්‍රණය යෙදීමෙන් පසුව මල් පිපෙන අවස්ථාව වන විට N. P. K.අනුපාතය අනුව පහත මිශ‍්‍රණය (3. 4. 1.) යෙදිය යුතුවේ. ඇමෝනියම් සල්පේට් 3ටි‍්‍රපල් සුපර් පොස්පේට් 4මියුරේට් ඔෆ් පොටෑෂ් 7මෙම පොහොර සැපයීමේ දී පළමු පොහොර නිර්දේශය වූ 2. 2. 1 අනුපාතය යෙදිය යුත්තේ කප්පාදු කිරීමෙන් පසුව දලු එන අවස්ථාවේදීය.

එම පළමු යෙදීමෙන් පසුව මල් පිපීම ආරම්භයේ දී දෙවැනි පොහොර නිර්දේශය වූ 3. 4. 1 අනුපාතය යෙදිය යුතුවේ. මීට අමතරව කාබනික දියර පොහොර ද භාවිතා කළ හැකියි. එහිදී පැළෑටියේ එක් එක් අවධීන් අනුව අවශ්‍ය මූූලද්‍රව්‍ය වැඩි පොහොර භාවිතා කරන්න. රෝස වගාවට පොහොර යොදන අවස්ථාවේදීම රෝස පඳුරු කප්පාදු කිරීමෙන් පොහොර යෙදීම පහසු වන අතර එයින් මාස දෙකක කාලයක් තුළදී මල් ලබා ගැනීමද කළ හැකියි.

මෙම වගාවේ වැවෙන වල් පැලෑටි ඉවත් කිරීම, දැඩි වියළි කාලගුණ තත්ත්ව යටතේ වසුං කිරීම වැනි කි‍්‍රයාකාරකම් තුළින් ජල සංරක්‍ෂණය සහ රෝස පඳුරු නිරෝගීව තබා ගැනීමට හැකියාව ලැබේ.
 
සූරියකාන්ත වගාව (Sun Flower)

සූරියකාන්ත වගාව (Sun Flower)

sunflower-showdown.jpg

මෙක්සිකෝවේ උපත ලද සුරියකාන්ත ශාකය අද ලෝකයේ රටවල් ගණනාවක ජනප්‍රිය බෝග වගාවකි. ප්‍රධාන වශයෙන් වගා කරන රටවල් ලෙස රුසියාව, රුමේනියාව, තූර්කිය, බල්ගේරියාව වැනි රටවල් ගත හැකිය. මෙහි ඇති ප්‍රධාන ආර්ථික වටිනාකම තෙල් නිෂ්පාදනය කිරීමයි.
කොම්පොසිටේ කුලයට අයත් මෙම ශාකයේ උද්භිද විද්‍යාත්මක නාමය හේලියැන්තස් ඇනාස් (Helianthhus annus) වේ.

ආර්ථික වැදගත්කම

මෙය පුෂ්පිකා විශාල සංඛ්‍යාවක් දරන අලංකාර පුෂ්පයකි. එක් පුෂ්පයකින් බීජ විශාල ප්‍රමාණයක් ලබාගත හැකිය. බීජ මගින් තෙල් ලබාගැනීම සිදු කරයි.
ඉහළ ගුණාත්මයකින් යුත් මෙම තෙල් ආහාර සදහාත්, මාගරින් නිෂ්පාදනයටත් යොදා ගනී. අඩු ගණත්වයක් ඇති නිසා සබන් කර්මාන්තයටද යොදා ගනී.
මෙම තෙල්වල සංයුතිය වගා කරන තත්වය හා ප්‍රභේදය අනුව වෙනස් වේ. සූරියකාන්ත තෙල් ලා කහ පැහැතිය. තීන්ත වර්ග නිෂ්පාදනයටත්, සුවද විලවුන්, වාර්නිෂ් නිෂ්පාදනයටත් යොදා ගනී. ලින්සිඩ් වැනි තෙල් සමග මිශ්‍ර කර දැව ආරක්ෂා කිරීමටත් භාවිතා කරයි.
බීජ රටකජු මෙන් බැද ආහාරයට ගත හැකිය. රුසියාව වැනි රටවල ප්‍රධාන ආහාරයකි. බීජ පිටිකර හෝ පැණි සමග මිශ්‍ර කර ආහාරයට ගත හැකිය.
පුෂ්පිකාවල ඇති දල පත්‍ර කහ පාටයි. කහපාට, දම් පාට ඩයි වර්ග නිෂ්පාදනයට යොදා ගනී. මේවායේ ලවවර්ණික යුෂ අඩංගුය.
තෙල් ලබාගත් පසු ඉතිරිවන අවශේෂ සත්ව ආහාර ලෙසද යොදාගනී.
උදා- කුකුල් ආහාර සදහා (35% ප්‍රෝටින් ඇත)
මුළු ශාකමය සයිලේජ් නිෂ්පාදනයටද ගත හැකිය. මෙයට N 2තිර කිරීමේ හැකියාව ඇත.

දේශගුණික අවශ්‍යතා

මෙය සෞම්‍ය කලාපීය බෝගයකි. එහෙත් ඕනෑම දේශගුණික කලාපයක වගා කළ හැක. මීටර් 2,500 ක උච්චත්වයක් ඇති ප්‍රදේශ දක්වා වගාකළ හැකිය. මීටර් 1,500 ට අඩු ප්‍රදේශ වල වගා කරණ විට වැඩි තෙල් අස්වැන්නක් ලබා ගත හැකි අතර උච්චත්වය වැඩි වන විට මේරීමට ගතවන කාලය වැඩිය. පී.එච්. අගය 8 - 7.5 ක් වේ.
ලවණ ගතිය වැඩි වීමෙන් බෝගයට හානි සිදුවන අතර තෙල් අස්වැන්නද අඩු වේ.

ප්‍රභේද

තූර්කි - 251993
තුර්කි - 170420
උරුගුවේ - 162454
ස්පාඤ්ඤ

බිම් සැකසීම හා බීජ සිටුවීම

පළමුවෙන්ම සෙන්ටි මීටර් 15 - 20 ගැඹුරට සීසෑම සිදු කරයි. බීජ සිටුවන ගැඹුර සෙන්ටි මීටර් 2 1/2 - 3 1/2 පමණ විය යුතුය. බීජ සිටුවීමට පෙර කැප්ටාන්, තිරාම් වැනි දිලීර නාශක වලින් ප්‍රතිකාර කිරීම යෝග්‍ය වේ.
පේලි අතර පරතරය සෙන්ටි මීටර් 60 කි. පැල අතර පරතරය සෙන්ටි මීටර් 25 කි. බීජ අවශ්‍යතාවය 13- 16 Kg/ha කට වන අතර සති 2 ක් වනවිට එක තැනක එක් පැලයක් වන ආකාරයට වැඩි පැල ගලවා දමන්න.
වියළි කලාපයේ මහ කන්නයේ වර්ෂා ජලයෙන් වගාව කරයි. මෙහිදී ඔක්තෝම්බර් අග, නොවැම්බර් මුල වන ආකාරයට බීජ සිටුවයි. මල් පිපෙන අවස්ථාව වන විට වර්ෂාව අඩු වන ආකාරයට වගාව කරයි.
වියළි කලාපයේ යල කන්නයේ ජල සම්පාදන සහිතව මාර්තු - අප්‍රේල් සිටුවීම කරයි.

වල් මර්ධනය

පැළ කුඩා කාලයේදී වල් පැලෑටි සමග තරග කිරීමේ හැකියාව අඩු නිසා වල් පැලෑටි වලින් තොරව ක්ෂේත්‍රය තබා ගැනීම වැදගත් වේ. සති දෙකකට වරක් වල් පැල මර්ධනය කළ යුතුය.

ජල සම්පාදනය

හොද අස්වැන්නක් ලබා ගැනීමට නම් හොද ජල සම්පාදනයක් කළ යුතුයි. ජල හිග තත්ව වලට ඔරොත්තු දීමේ හැකියාවද ඇත. ජල සම්පාදනය කරණ විට බෝගයේ ප්‍රෝටීන හා තෙල් ප්‍රතිශතය වැඩි වේ.
සූරියකාන්ත ශාකයේ මූල පද්ධතිය පසේ මතුපිට ස්ථරවල විහිදී ඇත. මේ නිසා ශාකය පහසුවෙන් ඇවැටීම සිදු වේ. අධික තෙතමනය ශාකයට අහිතකර වේ. ලාබාල පැල වලට හානිය වැඩිය.
බීජ ප්‍රරෝහණය වී සති 7 - 8 ක් යනතුරු වේගවත් වර්ධනයක් පවතින නිසා වැඩිපුර ජලය අවශ්‍ය වේ. මේ කාලයේ වර්ෂාව නොලැබුනහොත් ජල සම්පාදනය සතියකට වරක් කල යුතුය.

පොහොර යෙදීම

ඉතා වැදගත් ශාක පෝෂකය වන නට්‍රිජන් කදේ ගබඩා කර පසුව ප්‍රයෝජනයට ගනී. පොස්පරස් හා පොටෑසියම් වලින් උපරිම ප්‍රයෝජනයක් ලබාගත හැක්කේ නට්‍රිජන් (N) ඇති විටදී පමණි.
යුරියා හෙ./කි.ග්‍රෑම්ත්‍රිත්ව සුපර් පොස්පේට් හෙ./කි.ග්‍රෑම්මියුරියේට් ඔෆ් පොටෑෂ් හෙ./කි.ග්‍රෑම් මූලික පොහොර 120120601 වන මතුපිට සිටුවා සති 4 න් 50- -2 වන මතුපිට සිටුවා සති 8 න් 50--අස්වනු නෙලීම

මේරීමේ කාලය ප්‍රභේදය අනුවත්, තෙතමන ප්‍රමාණය, උෂ්ණත්වය අනුව වෙනස් වේ. උස් ප්‍රභේද දින 120 දීත්, මිටි ප්‍රභේද දින 70 කදීත් මේරීම සිදුවේ.
කුඩා පරිමාණ වගාවකදී නම් අතින් අස්වනු නෙලීම සිදු කරන අතර, විශාල ප්‍රමාණ වගාවලදී යාන්ත්‍රික ක්‍රම (Combing harvesters) උපයේගී කරගනී.

අස්වැන්න

හෙද පාලන තත්ව යටතේ දී හෙක්ටයාර එකකට කිලෝග්‍රෑම් 1000 - 1500 ක් පමණ ලබාගත හැකි අතර සාමාන්‍ය අස්වැන්න හෙක්ටයාරයකට කිලෝ ග්‍රෑම් 750 - 1050 පමණ වේ.

පසු අස්වනු කටයුතු

පුන්නක්කු වැනි උසස් සත්ව ආහාරයක් ලෙස භාවිතා කළ හැකි පරිදි තෙල් නිස්සාරණය කරන අවස්ථාවේදී බීජාවරණය ඉවත් කර ගනු ලැබේ.

පළිබෝධකයින්

කියත් පනුවා, මයිටාවන් සහ කූඩිත්තන්ගේ හානියත් සූරියකාන්ත සළඹයා සහ කුරුල්ලන්ගේ හානියත් ඇති වේ.

රෝග

Brown mildew
Head rot
Root rot
ඇති විය හැක.
මෙම රෝග පාලනය සදහා හොද පාලන තත්ව පවත්වාගැනීමෙන් සිදු කර ගත හැකිය.
 
samanale

Member
Oct 3, 2010
2,314
205
0
in my garden
රෝස වගාවට පොහොර භාවිතා කිරීමේදී කාබනික පොහොර මෙන්ම රසායනික පොහොරද යෙදිය හැකියි. ඒ අනුව වැඩුණු රෝස පඳුර වටා ඇති රෝපණ ද්‍රව්‍ය සහිත පස ඉවත් කර හොඳින් දිරාගිය ගොම පොහොර සහ කොම්පෝස්ට් පොහොර පැළය වටා පැතිර යන පරිදි යොදන්න. ඉන් පසුව කලින් ඉවත් කළ පස්වලින් වසා දැමීම කළ යුතුය.

ඉහත සඳහන් කාබනික පොහොර මාධ්‍යයට අමතරව එන්. පී. කේ.(N. P. K.) අනුපාතයට මූලික පොහොරක් සකසා යෙදීම කළ හැකියි.ඒ සඳහා,* ඇමෝනියම් සල්පේට් කොටස් 2* ටි‍්‍රපල් සුපර් පොස්පේට් කොටස් 2* මියුරේට් ඔෆ් පොටෑෂ් කොටස් 1(2. 2. 1) වශයෙන් ගෙන හොඳින් මිශ‍්‍ර කොට පැල තුනකට අවුන්ස දෙකක් පමණ වැටෙන සේ පැළයට අඟල් 6 - 8 ඈතින් යොදන්න. ඉන්පසුව පස සමඟ හොඳින් මිශ‍්‍ර කොට ජලය වත්කළ යුතු වේවි.

මෙම මිශ‍්‍රණය යෙදීමෙන් පසුව මල් පිපෙන අවස්ථාව වන විට N. P. K.අනුපාතය අනුව පහත මිශ‍්‍රණය (3. 4. 1.) යෙදිය යුතුවේ. ඇමෝනියම් සල්පේට් 3ටි‍්‍රපල් සුපර් පොස්පේට් 4මියුරේට් ඔෆ් පොටෑෂ් 7මෙම පොහොර සැපයීමේ දී පළමු පොහොර නිර්දේශය වූ 2. 2. 1 අනුපාතය යෙදිය යුත්තේ කප්පාදු කිරීමෙන් පසුව දලු එන අවස්ථාවේදීය.

එම පළමු යෙදීමෙන් පසුව මල් පිපීම ආරම්භයේ දී දෙවැනි පොහොර නිර්දේශය වූ 3. 4. 1 අනුපාතය යෙදිය යුතුවේ. මීට අමතරව කාබනික දියර පොහොර ද භාවිතා කළ හැකියි. එහිදී පැළෑටියේ එක් එක් අවධීන් අනුව අවශ්‍ය මූූලද්‍රව්‍ය වැඩි පොහොර භාවිතා කරන්න. රෝස වගාවට පොහොර යොදන අවස්ථාවේදීම රෝස පඳුරු කප්පාදු කිරීමෙන් පොහොර යෙදීම පහසු වන අතර එයින් මාස දෙකක කාලයක් තුළදී මල් ලබා ගැනීමද කළ හැකියි.

මෙම වගාවේ වැවෙන වල් පැලෑටි ඉවත් කිරීම, දැඩි වියළි කාලගුණ තත්ත්ව යටතේ වසුං කිරීම වැනි කි‍්‍රයාකාරකම් තුළින් ජල සංරක්‍ෂණය සහ රෝස පඳුරු නිරෝගීව තබා ගැනීමට හැකියාව ලැබේ.

thanks....:)
 
පැලනොප්සිස්

phalaenopsis.jpg

පැලනොප්සිස්

පැලනොප්සිස් ශාකය තනි අංකුරයකින් යුත් මාංශලමය පත්‍ර සහිත අපි ශාකයකි. ලා පැහැති වර්ණයන් සහිත මල් සලබයකුගේ හැඩයෙන් යුක්ත වේ. මල් කිනිත්තක මල් 10 - 12 ක් පමණ හට ගනී. මල් වල හොද කල්පැවැත්මක් ඇති අතර මල් පිපීම සදහා අඩු රාත්‍රී උෂ්ණත්වයක් පැවතීම අත්‍යවශ්‍ය වේ. මෙය කැපුම් මල් වගාවක් සදහා සුදුසු වන අතර බදුන් ගත පැල ලෙස අලෙවි කිරීමටත් සුදුසුය.

ආලෝකය

උදෑසන හිරුඑළිය ශාක මතට වැටීමට සැලැස්වීමෙන් හොද වර්ධනයක් ඇති වේ. එමෙන්ම දවස පුරාම ඒකාකාරී ආලෝක තත්ත්වයක් ශාකවලට සැපයිය යුතුය. මෙම ශාක සදහා 30% - 40% ක පමණ හිරුඑළය ප්‍රමාණවත් වේ.

උෂ්ණත්වය

දිවා උෂ්ණත්වය 25 - 30 oC ක් අතර පැවතිය යුතුය. දිවා කාලයේ වැඩි උෂ්ණත්වයක් හා වැඩි ආර්ද්‍රතාවයක් සහිත වීම නිසා ශාක වර්ධනය වේගවත් වේ. රාත්‍රී උෂ්ණත්වය 13 - 15 oC වන විට මල් හටගැනීම ආරම්භ වේ.

ආර්ද්‍රතාවය

පැලනොප්සිස් ශාක සදහා 60% - 80% අතර ආර්ද්‍රතාවයක් පැවතිය යුතුය. ආර්ද්‍රතාවය අඩුවන විට ශාක පත්‍රවල තාම්පත්ව ඇති ජලය ඉවත්වීම නිසා ඉක්මනින් වියළි තත්වයට පත්වේ. එබැවින් වියළි කාල වලදී නිතර තවාන අවට පරිසරය තෙත්ව තබාගැනීමෙන් ආර්ද්‍රතාවය වැඩිකර ගත හැක.

ජලය යෙදීම

ක්ලෝරීන් රහිත පිරිසිදු ජලය යෙදිය යුතුය. බදුන් මාධ්‍යය වියළි අවස්ථාවේදී උදෑසන ජලය යෙදිය යුතුය. රාත්‍රී කාලයේ ශාක තෙත්ව තිබීම සුදුසු නොවේ. එය පත්‍ර කුණුවීම් වලට හේතු වේ.

පොහොර යෙදීම

දියරමය පොහොර පමණක් යෙදිය යුතුය. සමතුලිත N: P: K: (20.20.20) පොහොර මිශ්‍රණය තේ හැදි 1/2 ක් වතුර ගැලුමක මිශ්‍රකර දිනක් හැර දිනක් යෙදිය යුතුය. පොහොර යෙදීම හොදින් හිරුඑළිය ඇති විට උදෑසන සිදුකළ යුතුය. සතියකට එක් වරක් කාබනික දියර පොහොර යෙදීම සුදුසුය.

බදුන් ගත කිරීම

බදුන් ලෙස නොගැඹුරු මැටි බදුන් භාවිතා කළ හැක.
බදුන් මාධ්‍යය ලෙස දැව අගුරු භාවිතා කළ යුතුය.
බදුන් භාවිතා නොකර සිමෙන්ති ආලේපිත සෘජුපෝම් කැබලි මත හෝ වෙනත් කොට කැබලි මත පළ රැදවීම සිදුකළ හැක.

රෝග හා පලිබෝධ මර්ධනය

බැකිටීරියානු කුණු වීම
ශාකයේ විවිධ කොටස් වලට හානි කරයි. පළමුව තෙත් බවින් යුත් පැල්ලම් ඇතිවන අතර මෘදු ස්වභාවයක් ගනී. දුඹුරු පැල්ලම් ඇති කරයි. සැර ගදක් ඇත.
මර්ධනය
රෝගී කොටස් කපා ඉවත් කිරීම, සනීපාරක්ෂක ක්‍රම භාවිතාය හා ජලය යෙදීම පාලනය කිරීම.
මයිටාවන්ගේ හානිය
ඉතා කුඩා ජීවී විශේෂයකි. පත්‍රවල යටි පැත්ත සුදුපාට වීමත් පත්‍ර රෝල් කිරීමත් සිදු කරයි.
මර්ධනය
සති 2 කට වරක් මර්ධනය කළයුතු අතර පත්‍ර වල යටි පැත්තට 80% ගෙන්දගම් අඩංගු මයිටා නාශකයක් යෙදිය යුතුය.
දළඹුවාගේ හානිය
පත්‍ර සූරාකෑම හෝ සම්පූර්ණයෙන්ම පත්‍ර ආහාරයට ගැනීම සිදු කරයි. මල් පොහොට්ටු හා අංකුර වලට හානි කරන අවස්ථාද පවතී.
මර්ධනය
මෙතොමිල් වැනි සුදුසු කෘමිනාශකයක් යෙදීමෙන්

පැල නඩත්තුව සදහා උපදෙස් දහයක්

සෑම විටම රෝගවලින් තොර පැල, බීජ හෝ වෙනත් වර්ධක කොටස් භාවිතා කරන්න.
හැකි හැම විටම රෝගවලට ඔරොත්තු දෙන ප්‍රභේද තෝරා ගන්න.
පිටතින් ගෙනෙනු ලබන පැල අවම වශයෙන් මාස 03 ක් පමණ යනතුරු වෙනම ස්ථානයක තබා එම පැලෑටි වල සෞඛ්‍ය ත්ත්වය පිළබදව අවධානයකින් සිටින්න.
පැල තවාන් අවට පිරිසිදු බවින් තොර හොද පරිසරයක් තබා ගන්න.‍
කෘමි හා මයිටා ගහනයන් පිළබදව දිනපතා පරීක්ෂා කරන්න.
වාතනය, ජලය සැපයීම, ආර්ද්‍රතාව පාලනය කරමින් රෝග මර්ධනය කරන්න.
ජලය හා පෝෂක ඌණතා ඇති නොවීමට වග බලාගන්න.
දිනාපතා පැලෑටි පරීක්ෂාවට භාජනය කරන්න.
අනවශ්‍ය පුද්ගලයින්ට නිතර පැළ තවානේ ගැවසීමට ඉඩ නොතබන්න.
රසායනික නාශක භාවිතය අවසාන ප්‍රතිකර්මයක් ලෙස පමණක් යොදා ගන්න.
 
Peperomia%20Mini%20Melons.jpg

පෙපරෝමියා (Peperomia)

බදුන්ගත පැලයක් ලෙස ගෘහ අලංකරණයේදී යොදාගැනේ. වර්ධන විලාශය අනුව මෙම පැලෑටියේ ආකාර තුනක් දක්නට ලැබේ.
වැල් ආකාරය
පදුරු ආකාරය
ගස් ආකාරය

ලංකාවේ දක්නට ලැබෙන වැල් ආකාරයේ විශේෂ කිහිපයක්

Peperomia scandens variegata
Peperomia rotundifolia
Peperomia prostrata

ලංකාවේ දක්නට ලැබෙන පදුරු ආකාරයේ විශේෂ කිහිපයක්

Peperomia caperata
Peperomia caperata variegata
Peperomia argreia

ලංකාවේ දක්නට ලැබෙන
ගස් ආකාරයේ විශේෂ කිහිපයක්

Peperomia magnoliaefolia varigata
Peperomia clusiifolia

සාර්ථක වගාවක් සදහා

මද උණුසුම් දේශගුණය සුදුසුයි.
හොදින් ආලෝකය ඇති හෝ මද සෙවණ ඇති ස්ථාන වල හොදින් වැඩේ.
තද හිරු රැස් නොලැබෙන අයුරින් තබන්න.
මාධ්‍යය වියලෙන විට ජලය දමන්න. නමුත් ශාකයට ජල හිගයක් ඇති වීමට ඉඩ නොතබන්න.
නිතර නිතර බදුන් මාරු කිරීම නොකරන්න.
ප්‍රචාරණය
කද කැබලි හා පත්‍ර මගින් ප්‍රචාරණය කරගත හැක.
පදුරු ගලවා වෙන්කර සිටුවීමද බහුලව සිදු කරයි.
ප්‍රචාරණ මාධ්‍යයක් ලෙස
කොහුබත් කොටස් 1
වැලි කොටස් 1 මාධ්‍යය හෝ
කොම්පෝස්ට් හෝ කොළ පොහොර කොටස් 1
වැල් කොටස් 1
මාධ්‍යය හෝ
මතුපිට පස් කොටස් 4
කොම්පෝස්ට් කොටස් 2
ගොම පොහොර කොටස් 1
වැලි කොටස් 1/2
මාධ්‍යය භාවිතා කළ හැක.

පොහොර යෙදීම

පත්‍රමතට ඉසින දියර පොහොර, පෝෂක මූලද්‍රව්‍ය හෙමින් නිදහස් කරන කැට පොහොර හෝ කාබනික පොහොර පහත සදහන් අනුපාත වල පරිදි භාවිතා කළ හැක.
N: P: K: (30.10.10)
N: P: K: (20.30.20)

වගාවේදී මුහුණදෙන ගැටළු

ජලය වැඩිපර යෙදීම නිසා හෝ අඩු උෂ්ණත්වය නිසා කද කුණුවීම සිදුවේ.
හානිය මද වශයෙන් ඇතිනම් රෝගී කොටස් කපා ඉවත් කරන්න. දරුණු හානියකදී ශාකය විනාශ කරන්න.
කොරපොතු කෘමීන් මගින් හානි සිදුවී ඇත්නම් ඩයිමිතොඒට් හෝ ඩයිසිනෝන් යොදන්න.
ශීත වාතය ගැටීම නිසා හෝ මාධ්‍යයේ වැඩිපුර ජලය රැදීම නිසා පත්‍ර දාර දුඹරු පැහැ වේ.
අඩු උෂ්ණත්වයේදී පහළ පත්‍ර කහ පැහැ වීම හා වියළිම සිදු වේ.
කෙලින්ම දීප්තිමත් හිරුඑළියට නිරාවරණය වීම නිසා පත්‍ර වල පැහැය අඩු වේ.
වියළි වාතය හා අඩු උණුසුමේදී පත්‍ර හැලීම සිදුවේ.

පැල නඩත්තුව සදහා උපදෙස් දහයක්

සෑම විටම රෝගවලින් තොර පැල, බීජ හෝ වෙනත් වර්ධක කොටස් භාවිතා කරන්න.
හැකි හැම විටම රෝගවලට ඔරොත්තු දෙන ප්‍රභේද තෝරා ගන්න.
පිටතින් ගෙනෙනු ලබන පැල අවම වශයෙන් මාස 03 ක් පමණ යනතුරු වෙනම ස්ථානයක තබා එම පැලෑටි වල සෞඛ්‍ය ත්ත්වය පිළබදව අවධානයකින් සිටින්න.
පැල තවාන් අවට පිරිසිදු බවින් තොර හොද පරිසරයක් තබා ගන්න.‍
කෘමි හා මයිටා ගහනයන් පිළබදව දිනපතා පරීක්ෂා කරන්න.
වාතනය, ජලය සැපයීම, ආර්ද්‍රතාව පාලනය කරමින් රෝග මර්ධනය කරන්න.
ජලය හා පෝෂක ඌණතා ඇති නොවීමට වග බලාගන්න.
දිනාපතා පැලෑටි පරීක්ෂාවට භාජනය කරන්න.
අනවශ්‍ය පුද්ගලයින් නිතර පැළ තවානේ ගැවසීමට ඉඩ නොතබන්න.
රසායනික නාශක භාවිතය අවසාන ප්‍රතිකර්මයක් ලෙස පමණක් යොදා ගන්න
 
Niyamai machoo..good work
Tnxx..... :D
නියමයි... කෙල්ලොන්ට ගොඩක් වැදගත් වෙයි...
දැන් ඉන්න කෙල්ලො මල් පැලයක්වත් වවන්න දන්නෙ නෑනේ....
කෙල්ලො විතරක් නෙම්යි බන් කොල්ලොත් මේව කරනව, මල් අපනයනය කියන්නෙ සල්ලි තමා :)
GooD post machan
rep++
;)
Tnx...:)
 
asparagus-fern.jpg

මීවන (Ferns)

ලංකාවේ මීවන හා පර්ණාංග ප්‍රභේද විශාල සංඛ්‍යාවක් දක්නට ලැබුනද එයින් තෝරාගත් කිහිපයක් විසිතුරු පත්‍රික ශාක ලෙස වගාකරණු ලැබේ. මේවා තනි ශාක, පදුරු හෝ එල්ලන බදුන් ලෙස නිවාස අලංකරණය කිරීමට යොදා ගනී.
එල්ලන බදුන්
පදුරු
තනි ශාක
සාර්ථක වගාවක් සදහා
මද උණුසුම් දේශගුණික තත්ත්ව යෝග්‍යය.
විසිරුණු හිරුඑළිය සහිත සෙවණ ලබාදීම හා මාධ්‍යයේ තෙතමනය නිරතුරුව රැක ගැනීම වැදගත්වේ.
ජලය හොදින් බැසයන සේ මාධ්‍යය සකසාගන්න.
පරිසරයේ ආර්ද්‍රතාවය ඉහල මට්ටමක තිබිය යුතු අතර වියළි කාලවලදී සම්පූර්ණ පැලෑටියටම ඉසෙන සේ ජලය යොදන්න.

ප්‍රචාරණය සදහා

පත්‍රය යටි පැත්තේ සෑදෙන බීජාණු මගින් ප්‍රචාරණය වේ.
බීජාණු තෙත් වගා මාධ්‍යයට ඉස, වීදුරුවකින් වසා තබන්න.
ඇතැම් මීවන පදුරු වෙන් කිරීමෙන්ද ඇතැම් ඒවා ධාවක මගින්ද ප්‍රචාරණය කල හැක.
මාධ්‍යය
කොම්පෝස්ට් හා වැලි 1 : 1 මාධ්‍යය (බීජාණු තවාන් දැමීම සදහා)
කොළ පොහොර, කොහුබත් හා ගංගා වැලි 1 : 1 : 1 මාධ්‍යය (පැල හා වෙන්කල පදුරු සිටුවීම සදහා )මෙම මධ්‍යයන් සියුම්ව සකස් කරගන්න.

පොහොර

විටින් විට කාබනික පොහොර මාධ්‍යයට එක් කරන්න.

වගාවේදී මතුවන ගැටළු

නිසි ලෙස පෝෂණය නොලැබීම නිසා දුර්වල ශාක ඇතිවීම හා වර්ධනය බැලවීම සිදුවේ.
දැඩි උණුසම් කාළගුණයේදී පත්‍ර පාදස්ථයේ සිට කහපාට වීම ආරම්භ වී පසුව දුඹුරු පැහැයට හැරේ. විසුරුම් ජල සම්පාදනයෙන් මෙම ගැටළුව මගහරවා ගත හැක.
දැඩි හිරු රශ්මියට නිරාවරණය වීමේදී පත්‍ර ලා පැහැයට හැරීම හා තැන තැන වියලීම සිදු වේ. එය මගහරවා ගැනීම සදහා ශාක වලට සැපයෙන සෙවණ වැඩිකර ගන්න.
බහුල කෘමි හානි ලෙස පිටිමකුණාගේ හා කොරපොතු කෘමියාගේ යුෂ උරා බීම හදුනාගෙන ඇත.
නිතර පරීක්ෂාවෙන් සිට කෘමීන් සහිත කොටස් ඉවත් කරන්න.
තවදුරටත් කෘමි හානි පවතීනම් ඩයිසිනෝන් හෝ ඩයිමෙතොඒට් අඩංගු කෘමිනාශකයක් භාවිතා කරන්න.
ශාක වලට මනා ලෙස පෝෂණය ලබා දෙන්න.