මලියදේව හිමියන්
පාලි රසවාහිණී හා සද්ධර්මරත්නාවලිය අනුව වළගම්බා රජු කල බැමිණිටියාසාය පවතිද්දී චුළ පිණ්ඩපාතික තිස්ස තෙර විදර්ශනා වඩා රහත් වූ බව රසවාහිණී අම්බ අමාත්‍ය වස්තුව කියයි. වළගම්බා රජු වනගතව සිටියදී උදාවූ බැමිණිටියාසාය කල කොටගලවාසී මහානාග තෙර විදසුන් වඩා රහත් වූ බව පාලි රසවාහිණියේ ජයම්පතී වස්තුව කියයි.
දුටුගැමුණු රජු කල අපවත් වූ මලියදේව හිමියන් ලංකාවේ අන්තිම රහත් තෙරනම නොවේ. උන්වහන්සේ අපවත් වී තවත් අවුරුදු 550 – 600 පසුවත් ලංකාවේ රහත්හිමිවරුන් වැඩ සිට ඇත. අත්තනගළු වංශය කියන පළමු උපතිස්ස රජු කල විසූ හිමිනම හා ඉන්පසු පාහියන් හිමි කියන මහානාම රජු කල මහා විහාරයේ වැඩසිටි හිමි නම ලංකාවේ අන්තිම රහතන් වහන්සේලා විය හැකි ය.
ලංකාවේ අන්තිම රහත් හිමිනම දුටුගැමුණු රජුට කලකට පෙර වැඩ සිටි මලියදේව මහ රහතන් වහන්සේ යැයි පොදු ජනයා තුළ මෙන්ම බොහෝ උගතුන් තුළ ද විශ්වාසයක් ඇත. මේ විශ්වාසය අදහස කොතෙක්දුර තර්කානුකුල දැයි විමසීම මේ ලිපියේ පරමාර්ථයයි. පළමුවෙන්ම මලියදේව රහත් හිමියන් ජීවත්වුණු වකවානුව උන්වහන්සේගේ නමෙහි අර්ථය, ජීවන තොරතුරු කෙටියෙන් සළකා බැලීම සුදුසු ය. උන්වහන්සේ ගැන තොරතුරු කියන මූලාශ්‍ර කීපයකි. මහාවංසය, මහාවංස ටීකා, විශුද්ධිමග්ග, සීලවත්ථුප්‍රකරණය, සහස්සවත්ථුප්‍රකරණය, පාලි රසවාහිණී, විභංග අටුවා, මැදුම් සඟි අටුවාව, සඟ සරණ, සද්ධර්මාලංකාරය ඉන් කීපයකි. ඒ හැර උන්වහන්සේ ගැන ජනප්‍රවාද රැසකි. අංගුත්තර අටුවාවේ මහාදේවහිමි මලියදේවහිමි නමින් ද මහාවංශටීකාවේ මලය මහාදේව නමින් ද උන්වහන්සේ හැඳින්වෙන බව පොල්වත්තේ බුද්ධදත්ත හිමියන්ගේ “අටුවා පරීක්ෂණය” ග්‍රන්ථය කියයි. එහෙත් පසුකල පොල්වත්තේ බුද්ධදත්ත හිමි සංස්කරණය කළ සහස්ස වත්ථුප්‍රකරණය ප්රස්තාවනාවේ දී ලංකාවේ මලියදේව නමින් තෙරවරුන් දෙදෙනෙකු පිළිබඳ කියවෙයි. ආචාර්ය අදිකාරම් මහතාට අනුව මහාදේව, මලයදේව, මලියදේව, කාලදේවවාසී මහාමලිය, දේව යන නම් රැසකින් උන්වහන්සේ විවිධ මූලාශ්රවල හඳුන්වා ඇත. මහාවංශයේ සඳහන් මලියදේව හිමි හා විභංග අටුවා විශුද්ධිමග්ග සඳහන් කරන හිමි මලියදේව නමින් සිටි දෙදෙනා බව පොල්වත්තේ බුද්ධදත්ත හිමියන්ගේ අදහසයි. එහෙත් මූලාශ්‍ර ගණනාවක විවිධ නාමවලින් හඳුන්වා ඇත්තේ එකම හිමිනමක් බව සිතීම සාධාරණය.

&(මතු සම්බන්ධයි)
මොකද කලබලේ...ඉවසන්න.ලෝකයේ හැටි එහෙමයි.හොඳ දෙයක් කරලා ප්‍රශංසා ගන්න ලේසි නෑ.අනික ඒ ඒ විෂය ගැන දැනුම තියන අය අඩුයි.