මලේ_නුඹයි_විරුවා,,,
දිනය 2004 වසරේ සැප්තැම්බර් මස දොලොස්වැනිදාය.
ස්ථානය ත‍්‍රිකුණාමලය නව උසාවි සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවයි.
නැගෙනහිර කොටි බලය දළුලා වැඞී තිබිනි. කොටි ඊළමේ සිහින අගනගරය වුයේ ත‍්‍රිකුණාමලයයි. නගරයෙන් කොටසක පාලනය ශ‍්‍රී ලංකා රජය සතු වූ අතර වැඩි කොටස පාලනය වූයේ කොටි සංවිධානය මඟිනි.
අධිකරණ අමාත්‍යාංශයෙන් ඉදිකරන ලද නව උසාවි සකීර්ණය විවෘත කරන දින කොටි සංවිධානයෙන් නියෝගයක් නිකුත් කර තිබිනි. ඒ එදින උත්සවයට එසවිය යුත්තේ කොටි හිසක් පතරොම් කොපුවලින් වටකොට ඇති ලේ පැහැ පසුබිමක් සහිත කොටි කොඩිය බවටය.
මේ නියෝගයට එරෙහිව ශ‍්‍රී ලංකා ස්වෛරීත්ව සළකුණ වූ සිංහ කොඩිය ඔසවන්න තබා එවැන්නක් යෝජනා කරන්නටවත් ධෛර්ය ඇත්තෙක් අසලකවත් නොවීය. දෙමළ සහ මුස්ලිම් පක්‍ෂ නියෝජනය කරන ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ද පැමිණ කොටි නියෝගය ක‍්‍රියාවට නංවන්නට සැදී පැහැදී සිටියහ.
ලංකාවේ අගවිනිසූරු හා නීතිපති යන අධිකරණ කෙෂ්ත්‍රයේ ඉහළම නිල දරුවන් දෙදෙනා සහභාගි වූ මෙම ජාතික උත්සවය සංවිධානය කර තිබූණේද හින්දු සංස්කෘතික උත්සවයක අසිරි විදහාපාමිණි. තැන තැන රඹ තොරණ්ය. තැන තැන තැඹිළි වලු හා කෙසෙල් ගස්ය. සෑම තැනම පිරීතිරී පැවැතී ඇත්තේ හින්දු සංස්කෘතික උත්සවයක සැරසිලි හා මල්වැල්ය.
එහි ආරක්‍ෂාවට යොදවා සිටි ශ‍්‍රී ලංකා ආරක්‍ෂක අංශ සෙබළුන්ද තම හිසට ඉහලින් කොටි කොඩිය එසවෙන බව දැන සිටියද ලජ්ජා සහගත සාම ක‍්‍රියාවලියකින් පසු ඔවුන්ගේ කොදු බිඳී තිබිනි. හිස් බිමට බරවී තිබිනි.
කොඩිය එසවිය යුතු වේලාව වේගයෙන් ලංවිය.
ටොයෝටා ටවුන් ඒස් වර්ගයේ පරණ වෑන් රථයක් පැමිණියේ රියදුරා සහ තවත් එක් පුද්ගලයෙක් සමඟිනි.
සාමාන්‍ය සුදු කමිසයකින් සහ කළු කලිසමකින් සැරසුනු කෙසඟ සිරුරකින් යුතු කාල වර්ණ පුද්ගලයෙක් වාහනයෙන් බැස්සේය. ඔහු වට පිට බැලීය. දෙමළ ජාතික දිස්ත‍්‍රික් ලේකම්වරිය, පාර්ලිමේන්තු නියෝජිතයන් සමඟ සමව සිට කතා කලේය. පොලිස් නිළධාරීන් ඔහුට අචාර කලේය. සියල්ලෝම ඔහුට යම් සිද්ධියක කොටස් හොරෙන් මෙන් කීහ.
ගත වුයේ මොහොතකි. කෙටි දුරකතන ඇමතුමක් ගත් ඔහු කොටි කොඩිය අමුණා තිබූ ශ‍්‍රී ලංකා රාජ්‍යයේ නීතිය හා විධානය බල පැවැත්විය යුතු කොඩි කණුව යටට ගියේය.
‘මේ ශ‍්‍රී ලංකාවයි. ඊලම නොවේ.’ කිසිදු දෙගිඩියාවක් නැත. වට පිට බැලීමක් නැත. සිහින දෙමළ ඊළමේ ලේ පැහැ කොඩිය කැබලි වී පාමුල වැටිනි. තවත් සුළු මොහොතකින් තම රියදුරා විසින් ගෙන දුන් අභිමානවත් ශ‍්‍රී ලංකා සලකුණ, සිංහ කොඩිය කොඩි කණුවේ ගැට ගැසිණි.
පිරිස ඉහලට ගත් හුස්ම පිටකර ගත නොහී බලා සිටිති. මේ නහරකාරයා පැය 24ක් ගෙවෙන්නට මත්තෙන් කොටි පිස්තෝල කල්ලියේ ගොදුරක් නොවන්නේ යයි කිව හැක්කේ කාටද?
ගැටගසන ලද සිංහ කොඩිය ඔසවන්න තරම් ධෛර්ය සහිත මිනිසෙක් නොනිල කොටි අග නගරයේ නොවීය.
කොනැත සිටියත් මැරෙන්නේ එක් වරය. කාල වර්ණ කෙසඟ තරුණයා මහත් ගෞරව සම්පන්නව ත‍්‍රිකුණාමලය අහසේ සිංහ කොඩිය අඟලින් අඟල එසැවීය. කොටි කොඩිය එසැවීමට සුදානම් වූ තැන සිංහ කොඩිය එසැවූ ධෛර්යවන්තයා විනාඩි කිහිපයක් සීරුවෙන් හිඳ එයට ගෞරවයද පල කලේය. බිමට නැමී තිබූ ආරක්‍ෂක අංශ සෙබලූන්ගේ හිස් උස් විය.
(පොඩි කික් ආව නිසා පොස්ට් කලා බන්..)

හිමි සූමඟුල් වාරියපොල පෙර දවස
කළ විකුමන් සිහිකර සතුරු අබියස
පා අබිමන් නංවා දද විජය ගොස
කළ විකුමන් ගෝකනපූර බල මෙලෙස
– ගුණදාස අමරසේකර
කළ විකුමන් සිහිකර සතුරු අබියස
පා අබිමන් නංවා දද විජය ගොස
කළ විකුමන් ගෝකනපූර බල මෙලෙස
– ගුණදාස අමරසේකර