මල මිනි පෙරෙතයන්ට පෙනෙන්නට....

Jun 23, 2016
1,044
136
0
Maharagama
මල මිනි පෙරෙතයන්ට පෙනෙන්නට....

දරුවෙක් අහිමි වීම යනු තමන් නැති වීම ම බව පැවසුවේ වෛද්ය මනෝරානි සරවනමුත්තු ය. 1990පෙබරවාරි 19 වැනිදා මොරටුව කොරළවැල්ල මූදු තීරයෙන් හමු වූ ඇයගේ පුතු රිච්ඩ් ද සොයිසා ගේ ප්රාණය සුන් මළසිරුරට පමණක් ලඝු නොවන එම ප්රකාශය සෑම මවකටම පියෙකුටම අදාල වන බවට සැක නැත.
2016 වසරේ මාර්තු 15 වැනිදා මීගමුව පළාත්බද මහාධිකරණයේදී සේයා සදෙව්මි දැරිය ඝාතනය කළ නඩුව අවසන් වන්නේ ඉලන්දාරි පේඩිගේ සමන් ජයලත් ගොනුකොට තිබූ සියලු චෝදනාවන්ට වරදකරු කරමිනි. නඩුව අවසානයේ මාධ්ය හමුවේ අදහස් දැක්වූ මියගිය සේයාගේ මව ඉල්ලා සිටියේ තව දුරටත් තම දියණියගේ ඡායාරූප පල කිරීමෙන් වළකින ලෙසය.

එක්තරා දවසක ගමන් කරමින් සිටි දුම්රිය හදිසියේ නවතාලීමට හේතුව කිමදැයි විමසන එවකට මහකණුමුල්ලේ වජිර හිමියන් හට අසන්නට ලැබෙන්නේ යුවතියක් එම දුම්රියට පැන සිය දිවි නසාගත් පුවතකි. ඒ ඇසූ උන්වහන්සේ පසුකලෙක මේ පද කීපය ඉතිරි කළේය.

පෙරුම් පුරාගෙන ආ සංසාරේ
පැතුමද සුණු විසුණුව වැටුණේ
කාටද රිදුණේ - කවුරුද හැඬුවේ
දුම්රිය මොහොතක් නතර වුණේ


මහකණුමුල්ලේ වජිර හිමියන් වේදනාව සහ සත්යය අකුරු කර එතැනින් නවතින්නේ ය. නමුත් එතැනින් නොනවතින , කුණු ලේ රසයම හඹා යන පිරිසක් ද වේ.

මිත්රවරුනි , ඔබ අප ජීවත් වන්නේ කීන බල්ලන් සේ ලේ මස් ඉවම සොයා ඇදී එන සමාජයකය. තම ආදරණීයයෙක් ගේ විපතේදී කඳුළු හෙළන්නට පළමුවෙන් මළසිරුර ආවරණය කිරීමට සිදුවන තරමට ඒ ලේ පිපාසාව ඉක්මවා ගොස් ඇත.
විල්වත්තේ නිශාදි බුද්ධිකා ගේ නිරුවත් මළ සිරුර දුටුවනම තම කමිසය උණා එයින් සිය ආදරණීය සොයුරියගේ දේහය වසා දමා වැළපුණ බාල සොහොයුරා ද තම ඉල්ලීම නොතකා කිරිකැටි දියණියගේ නිරුවත් මළ සිරුරේ ඡායාරූප ගන්නා මාධ්යවේදීන් වළක්වනු පිණිස ටී ෂර්ටය ගලවාළදරු සිරුර වසා දැමූ සේයා සදෙව්මි ගේ පියාණන් ද ආදරයෙන් සිහිපත් කරමි.

මුහුදට වැටුණු ලේන පැටවාගේ ජීවිතය බේරා ගැනීමට තම වලිගයෙන් මුහුද සිඳලන්නට තැත් කළ ලේන මවක් ගැන උගන්වන්නේ ජාතක කතාවලටය. කිසිවෙක් නොමළ ගෙයකින් අබ සොයන්නට අසමත් වන කිසාගෝතමී ගැන උගන්වන්නේ බුද්ධ ධර්මයට ය.තමාගේ ලේන පැටවා මුහුදට වැටෙන තෙක්ම , තමාගේ නිවෙසේ අබ කිසාගෝතමීට පලක් නොවන බව වටහා ගන්නා තෙක්ම ඔය සියලුම ඉගැන්වීම් තරුණ බෞද්ධ සංගමයෙන් පවත්වන දහම් පාසල් විභාග වලට විනා ජීවිතයට පලක් නොවනු ඇත.

- සහන් කසීර වික්රමසිංහ -
 

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    තරිනිගේ Depression එක වගේම ඔය මිනී පෙරේතකමත් බෙහෙත් නොගෙන එළකිරි පෝස්ට් එකකින් විතරක් හරියන්නේ නෑ
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    තිත්ත ඇත්ත.
    කාළකණ්නි ජඩ මාද්‍යවේදියෝ.
    උන්ගේ අම්මගේ මළමිනිය හරි විකුණන්න පුලුවන්නම් උන් ඒකත් කරනවා.ඒ තරම් පහත් ජාතියක්
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    උපකාර අවශ්‍යයි.
    ස්වාමීන්වහන්ස, පූජකතුමනී
    නෝනාවරුනි මහත්වරුනී
    බුකි වැසියනි
    පිටසක්වල ජීවීනි...
    මිනී වල පොටෝ වලට තව්සන් ත්‍රී තව්සන් ටෝක්ස් , කවිබණ විචාර ලියන්නන් වන එක්සත් පේස්බුක් මළමිනී ලයික් හිඟන්නා ඇඩ්මින් වරුන්ගේ සංගමය., සියදිවි නසාගන්නෙපා නංගී අම්මට ඔයා විතරයි බුකි ටෝක්ස් ලියන්නන්ගේ එකමුතුව.., පේස්බුක් මරණාධාර සමිතිය., අන්තර් සමාජජාල වාව් අයියා කොමෙන්ට් එනතුරු ලියන්නන්ගේ බලමණ්ඩලය.., මිනිය කොතනද ටෝක්ස් එතන ළමා සමාජය, සමස්ත ලංකා මිනී කවි ලියන්නන්ගේ සංස්ථාව.. මිනිය ඔබෙන් - ටෝක්ස් අපෙන් දායක සභාව ඇතුළු සමස්ථ ලංකා සමාජජාල මිනී ලියන්නන් හා බුකි මිනී ඡායාරූප ශිල්පීන්ගේ සංගමය සිය සාමාජිකයන්ගේ කුණු රසාස්වාදය වර්ධනය කිරීම උදෙසා ජාතික රෝහල් මෝචරිය , ජයරත්න මල්සාලාවේ එම්බාම් කාමරය නැරඹීමට අධ්‍යාපන චාරිකාවක් සූදානම් කර ඇත..
    මේ සඳහා ගමන් කිරීමට අසෝක් ලේලන්ඩ් බස් රතයක් අවස්ස කර ඇත..
    හැකි අය උපකාර කරන්න.
    ස්තුතියි
    සමස්ත ලංකා සමාජජාල මිනී ලියන්නන්ගේ සංගමය හා බුකි මිනී ඡායාරූප ශිල්පීන්ගේ සංගමය
    #අකලංකාරය
    - චමල් අකලංක පොල්වත්තගේ
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    අපේ රටේ මාධ‍ය සදාචාරයක් නැහැ. මාධ්‍ය කරවන්නෙ කලු සල්ලි මුදලාලිලයි, එස්ලෝන් බට කාරයොයි, කුඩ්ඩ්ඩොයි. උන්ට ප්‍රේම කීර්ති ද අල්විස් වගේ මිනිස්සු හදන්න උවමනාවක් නැහැ.
     

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    sahathika aththa:අපේ ගෝත්‍රික හරක් එක්ක කොහොමද බන් රටක් හදන්නේ
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    I do not think that we need such long explanation. It is deplorable to exhibit such scenes. I saw once an Enghlish news paper had a first page photograph of a brain and had a headline 'whether it is ..... so and so's ..brain'. This refers to some medical information of a controversial scene after a murderer had alleged that he was also critically injured. .... This is our media ethic. This news paper has also won numerous awards including some international awards for investigative journalism. After this I stopped reading this paper.
    We saw one TV channel giving publicity to self-immortalization (setting fire) ...This again a leading media organization who had won several awards for news ...
    So, what about social media. There are no rules, no ethics, no education(any body who tot a camera phone and internet access) can publish anything on internet on platforms such as facebook or blogs.
    I think that it is the bad precedent created by mainstream media that publishes any thing to get cheap publicity that started this . This is amplified by some politicians too. False and untruth is spread like wildfire and some insignificant issues are made huge issues while throwing major issues to way side.
    Social media is a dangerous tool in the hands of people who do not understand the value of it. It is a good tool in the hand of people who are concerned about others . Since it is open to all , we cannot stop such deplorable acts, so pick and choose, if we are on social media or stop using it altogether. I have tried the latter , but the advantages far outweigh such bad acts by a few. I do not think that we can eliminate these fully , but condemnation is all we can do.