මාතෘකාව දැකලා මළ විකාරයි වගේද? සාමාන්‍යයෙන් අපි කන කෑම වලට අමතරව සමහර වෙලාවට අපිට අපිටම ආවේණික වෙච්ච අසාමාන්‍ය කෑම තියෙනවා නේද. අන්න ඒවා තමා මළ විකාර කෑම.
මේක කියවලා මට විකාරද කියල අහන්න එපා. මම හොඳටම දන්නවා ඔය හැමෝටම මේ වගේ තමන්ටම ආවේණික වෙච්ච කෑම ජාති එකක්වත් තියෙනවා කියලා.
ඔය පහලින් තියෙන්නෙ මගේ මළ විකාර කෑම සහ මම අහලා තියෙන මළ විකාර කෑම.
1. මම පුංචි කාලෙ ඉඳලම මාර ආසයි බටර් කේක් එක්ක ජෑම් කන්න. බටර් කේක් කෑල්ල මැද්දෙන් කපලා ජෑම් ගාලා කාලා තියෙද? මාර රහයි.
2. මම ආයෙ ආසම කෑමක් තමා පානුයි, කිතුල් පැණියි. කිතුල් පැණි නම් ශීතකරණයේ ටික වෙලාවක් තියලා ගත්තම තවත් රසයි.
3. ඊළඟට රොටී සහ හකුරු. උණු උණු රොටියක් එක්ක හොඳ කිතුල් හකුරු කෑල්ලක් තිබ්බා නම් කියල වැඩක් නෑ.
4. ටිකිරි මාරි වලට මාමයිට් ගාලා කාලා තියෙද? මේක නම් ඉස්සර පාඩම් කරන කාලෙ හොයාගත්ත එකක්. එච්චරම අවුලක් නෑ. කන්න පුලුවන්.
5. විස්කිරිඤ්ඤා එක්ක මාමයිට් අත්හදා බලල තියෙද. මේකත් හොයා ගත්තෙ ඒ ලෙවල් වලට පාඩම් කරන කාලෙ. දැන් උනත් පාඩම් කරන කට්ටියට නිදිමත යන්න මට නිර්දේශ කරන්න පුලුවන් විස්කිරිඤ්ඤා. අපි ඉස්සර ඕවට කියන්නෙ රිවිරැස මෙහෙයුම් කියලා. කටේ දාලා හපන කොට කට ඇතුලෙ යුද්ධයක් වගේනෙ. නිදිමත කොහෙ ගියාද නෑ. අන්තිමට බලද්දි ඒ ලෙවල් කරපු කාලෙ කාපු එකම විතරයි හරියට කරේ.
6. හොඳට ඉදිච්ච අලි පේර ගෙඩියක් දෙකට පලලා ඇටේ අයින් කරාම කෝප්පෙ වගේ තියෙනවනෙ. ඒකට කිතුල් පැණි දාලා හැන්දකින් කන්න මම මාර ආසයි. ඔහේ අපත වෙන වෙලාවට නම් කියාපු කෑම.
7. ඔය අලි පේර හූරලා කෝප්පෙකට දාලා කිරි පිටියි සීනියි දාලා හොඳට මිශ්‍ර කරලා කාලා බලන්න. කොලෙස්ට්‍රෝල්, අධි රුධිර පීඩනය, දියවැඩියාවට කියාපු බේත. අඩු කර ගන්න නෙමෙයි. ලෙඩ ටික වැඩි කරගන්න. ඒත් දෙයියනේ හිත හදාගෙන නොකා ඉන්නෙ කෝමද. පෙරේත කම ලොකුයිනෙ ඊට වැඩිය.
8. හවස් වෙලාවක හැදෙන බඩගින්නට පාන් ගෙඩියක් ඇරෙන්න කන්න දෙයක් ගේ පුරා හොයා ගන්න නැත්තන් කරන්න තියෙන්නෙ පොල් ටිකක් ගාගෙන පාන් එක්ක කන එක. රතු ළුණු ගෙඩියකුත් තිබ්බ නම් කියල වැඩක් නෑ.
9. ඉස්සර පුංචි කාලෙ සෙල්ලම් ගෙවල් දානකොටත් එක එක කෑම ජාති අත්හදා බලල තියෙනවා. නෙල්ලි බිලිං තියෙන්නෙ. බෙහෙත් නෙල්ලි නෙමෙයි නෙල්ලි බිලිං හොඳේ. ඒවා ගෙදර උයනකොට දාන සියඹලා එක්ක මාර රහයි. ගහෙන් කඩපු සියඹලා නෙමෙයි. උයන්න පදම් කරපු සියඹලා වෙන්න ඕනෙ.
මේවා මම කාලා තියෙන මළ විකාර කෑම. ඔය පහළින් තියෙන්නෙ මම අහලා තියෙන ඒ වගේ කෑම.
අපේ පන්තියෙ කෙල්ලෙක් හිටියා ඉදිච්ච කෙසෙල් පොඩි කරලා බත් එක්ක කන. අපෝ මට නම් ඒක අත්හදා බලන්න වත් හිතුණ නෑ.
මම අහලා තියෙනවා සමහරු දිවුල් කිරි බත් එක්ක කනව කියලා. ඒ වගේම මීකිරිත් බත් එක්ක කනවලු. මම නම් එහෙම කාලා නෑ.
විශ්වාස කරනවද අපේ කෙල්ලෙක් හිටියා ඒකි පොලොසුයි සීනියි කනවලු. ඒක නම් මළ විකාර කෑමක්ම තමා.
ඉතින් මතක් උනාද ඔයාලගෙ මළ විකාර කෑම ගැන. මතක් උනා නම් ලියලා යන්න අමතක කරන්න එපා හොඳේ.