මස් කෑ ගසක් හමුවෙයි

JA- SHA

Member
Oct 2, 2011
929
86
0
මස් කෑ ගසක් හමුවෙයි

[URL="http://http://iforce.co.nz/i/4brcjqhy.gtp.jpg"][URL="http://http://iforce.co.nz/i/2fej1oiu.gb3.jpg"][URL="http://http://iforce.co.nz/i/2nu3iluu.lkg.jpg"][URL="http://iforce.co.nz/i/d0u344oi.nv2.jpg"]http://iforce.co.nz/i/bx4yfwgo.fn5.jpg[/URL][/URL][/URL][/URL]
අදින් වසර ලක්ෂ 400ට පෙර රුසියාවේ තිබූ මාංශ භක්ෂක ශාකයක පොසිලයක් හමුවූ පර්යේෂකයේ පවසයි. මේ ශාකයේ පොසිල අනුව පෙනී යන්නේ එය කහ වර්ණයෙන් යුතු ඒක සෛලීය කේෂර සහිත ශාකයක් බවයි.
බෝල්ටික් මුහුදේ පතලක් කැණීමේදි හමුවි තිබේ. මේ ශාකය දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් වලට වයඹ දිගින් හමුවූ රොඩිඩුලා ශාකයට සමාන බව විශ්වාස කෙරේ.
රොඩිඩුලා ශාකය මගින් කුඩා සහ විශාල කෘමින් අල්ලා ගනු ලබන්නේ එහි පත්‍රවල ඇති ග්‍රන්ථි හෝ ග්‍රාහිකාව මගින් නිපදවනු ලබන ඇලෙන සුළු මැලියම් මගිනි. රුසියානු පැලෑටියද විවිධ ප්‍රමාණයන්ගෙන් යුත් ග්‍රාහිකා මගින් අල්ලා ගන්නා ලද කෘමින් මුලින් සෙවෙල වැනි ද්‍රව්‍යයක ගිල්වයි. ඉන්පසු දිරවීමට අවශ්‍ය එන්සයිම නිදහස් කිරීමට සිදුවේ.
පත්‍රයේ මතුපිට පිහිටි මෙකී ග්‍රාහිකා සහ පත්‍රෙය් ඇති ග්‍රන්ථි මගින් අල්ලා ගන්නා ගොදුරේ ඇති පෝෂ්‍ය කොටස් උරා ගනී.
ජාතික විද්‍යා ඇකඩමියේ දත්ත විශ්ලේෂණයෙන් පසු පර්යේෂකයන් විශ්වාස කරණු ලබන්නේ සොයාගත් පොසිල වසර ලක්ෂ 350 සිට 470 දක්වා කාලයකට පෙර පැවති ඉයුසින් යුගයට අයත් ශාක කොටස් බවයි.
ජර්මනියේ ගොටින්ජෙන් විශ්ව විද්‍යාලයේ ආචාර්ය ඊවා මාරියා සැඩොව්ස්කි පවසන්නේ මේ පොසිලය මාංශ භක්ෂක ශාකයක් පොසිල ලෙස දක්නට ලැබුණු මුල්ම අවස්ථාව පිළිබිඹු කරණ බවයි.
 
Last edited:

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    d0u344oi.nv2.jpg