මස් මලුත් කන එක නවත්තනවා

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මං මේ නිකමට අහන්නෙ.. බෙහෙත් බොන එකත් නවත්තන්න ඕනෙද බං ? බෙහෙතක් ටෙස්ට් කරන්න සත්තු දහස් ගාණක් ජීවිත පූජා කරනවනෙ.. තව කී දාහක් පැයගණං පරීක්ෂණ වල විඳෝනව ඇද්ද.. බෙහෙත් බොන එකත් නවත්තලම දාන්න ඕනෙනෙ බං..

    අහ් එතකොට පරිසරය පිරිසිදු කිරීම ? පොල් කට්ටක මදුරුකීටයො මදුරු බිත්තර තියෙන වතුර පිරිල තියෙනව දැක්කොත් ඒක පෙරලීම පවක්නෙ බං.. ඩෙංගු වලට හෝයියා කියල අහක බලං යනවද ?

    ඕක නිගණ්ඨ දහම බං.. ඇවිදින්නෙත් බිම අතුගගා සත්තු පෑගෙනවට.. බොන්නෙ වතුර පෙරල පෙරල සත්තු පෙවෙයි කියල..

    එහෙම නෙමෙයි බන් පුලුවන් තරමින් හරි වැලකිලා ඉන්නවානම් හොඳයි. ඔය ප්‍රෂ්නේ එන නිසා තමයි බුදුන් වහන්සේත් මස්මාලු කන්න එපා කියලා විනය ශික්ෂාවක් පැනව්වේ නැත්තේ අර මම කලින් කිව්ව උදාගරන දෙක බැලුවොත් උඹට තේරෙයි නිවැරදි දේ..
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    නැකැත් රාල;16775989 said:
    දන්නවද ඔය දෙන්නටම මේ ගැන කථා කරනකොට දැනටත් පඨිඝ ඇති වෙලා ඇති.. ඒකත් පවක්..

    හිතමුකො මම පාටියකට යනවා එතන මස් කිලෝ 10ක් උයලා තියනවා දැන් ඔතන මස් මම කෑවත් නැතත් උයලා ඉවරයි. මම නොකා ඉඳලා ඉතුරු වුනොත් විසික්කරලා දායි. නැත්තන් කවුරුහරි බඩජාරි කමට අමාරුවෙන් හරි ගිලියි. ඉතින් ඒක කෑවා කියලා මම ප්‍රාන ඝාතයකට සම්භන්ධ වුනා කියලා මම හිතන්නේ නෑ..

    දැන් හිතමු අපේ ගේ ගාවට මස් වෙලෙන්දෙක් එනවා මම එයාගෙන් හැමදාම කුකුලෙක් ගන්නවා. හිතමුකො අපේ ගෙවල් ගාව පවුල් 10ක් හැමදාම මස් ගන්නවා (එක්කෙනාට එක්කෙනා දන්නේ නෑ කියලා හිතමු.) එහෙම වුනොත් අර මනුස්සයා අපි වෙනුවෙන් අනිවා කුකුල්ලු 10ක් මරනවා. ඉතින් මම නිසා ඒ මනුස්සයා අනිවා කුකුලෙක් ගේනවා.. මම ගන්නේ නැත්තන් මරන්නේ 9යි.. එහෙම වුනොත් ප්‍රාන ගාථ අකුසලයකට සම්බන්ධ නොවුනට නිකන් හරි මදි වගේ ගතියක් එනවා නේද? මරලා කුන ගේ ගාවට ගේන නිසා මම ගන්නවා වගේම, මම ගනියි කියන බලාපොරොත්තුවෙන් තමයි ඒ මිහා සතා මරන්නේ. හැබැයි බුද්ධ දේෂනාවට අනුව මම ප්‍රාන ගාථෞඅක් කරලා නෑ. නමුත් සදාචාරාත්මකව අපිට ඒක සාධාරනිය කරනය කරන්න පුලුවන්ද කියලා මම දන්නේ නෑ..

    මතක තියාගන්න මේ දහම අථක්කවචරයි. ඉතින් මිනිස්සු ලක්ෂ 10ක් මස් කෑම නැවැත්තුවොත් මම දන්න තරමට 20% විතර මැරෙන සත්තු බේරෙනවා. තනි පුද්ගලයෙක් මස් කන එක නැවැත්තුවට ලොකු වෙනසක්නෑ තමයි. හැබැයි මම නොකෑවට හැමෝම කනවනේ කියලා කෑවොත් කවදාවත් වෙනසක් වෙන්නේ නෑ.

    කන අය ඉන්න නිසයි ප්‍රාණඝාත කරන්නේ.කන්න අය නැත්තන් මොකටද සත්තු මරන්නේ.හොඳයි පාටියට මා එක්ක 10 ක් යනවා කියමු.10 ම නිර්මාංශ අය.එතකොට 10 දෙනෙක් මග ඇරලනේ මස් උයන්නේ.පාටියට කුකුලෝ 50 ක් මරණවනන් අපි 10 වෙනුවෙන් මැරෙන ගාන ඉතුරුයි නේද?
     
    • Like
    Reactions: wall-e

    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios

    උබ ප්‍රශ්න අහන්නේ ...කවදාවත් බුදු දහම ගැන ඉගෙන ගන්නවත් .......සත්ව හිංසනය වෙනුවෙන් වත් නෙමෙයි:rolleyes::rolleyes: ......

    මස් කන එක පව් පිං වලට අදාල නෑ කියමු ....:nerd:

    මම මස් කාල .....බෙහෙත් බිව්වොත් සත්තු 100 ක් මැරෙයි .....
    මම මස් නොකා බෙහෙත් බිව්වොත් සත්තු 99 ක් මැරෙයි ...
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    කන අය ඉන්න නිසයි ප්‍රාණඝාත කරන්නේ.කන්න අය නැත්තන් මොකටද සත්තු මරන්නේ.හොඳයි පාටියට මා එක්ක 10 ක් යනවා කියමු.10 ම නිර්මාංශ අය.එතකොට 10 දෙනෙක් මග ඇරලනේ මස් උයන්නේ.පාටියට කුකුලෝ 50 ක් මරණවනන් අපි 10 වෙනුවෙන් මැරෙන ගාන ඉතුරුයි නේද?

    එහෙම තර්ක කරන්න බෑ. සාමාන්‍යයෙන් ලන්කාවේ පාටියට වෙන වෙනම කෑම පැකට් දෙන්නේ නෑනේ පොදුවේ උයනවා මිසක්.. අනික හැමෝම නිර්මාන්ෂ බෝඩ් ගහගෙනත් නෑනේ. කවුරු හරි සකස් කරලා පිලිගැන්වුවොත් කන්න එපා කියලා බුදුන්වහන්සේවත් කියලා නෑනේ. ඔයා කියන එක මගේ දෙවෙනි උදාහරනෙ එක්ක නම් ගැලපෙනවා..අනික ඔහොම තර්ක කරනවනම් ඔයාට මේකප් දාන්න පර්ෆියුම් ගහන්නත් බෑ... මොකද ගොඩක් ඒවා ඇනිමල් ටෙස්ට් කරනවා තවමත්.
     
    Last edited:

    suti

    Active member
  • Mar 4, 2012
    198
    49
    28
    මමත් මස් මාලු කන්නේ නෑ.උපතින්ම වෙජිටේරියන්.බුදු සරණයි සහෝ

    මමත් එහෙමයි සහෝ.... බුදු සරණයි
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ප්‍රයෝගික නැහැ තමා.අපි සර්ව සම්පුර්ණ මිනිස්සු නෙමේ නේ බන්.අපිට පුළුවන් මට්ටමින් අපි වැළකිලා හිටියම හරි.චේතනාව තමා කර්මය.අපි බේත් ,කබා වර්ග ,සෙරෙප්පු, කාන්තා අත් බෑග්, සාමාන්‍ය බෑග්,වාහන වල සීට්, ගෙවල් වල තියන කුෂන් පුටු, පාපිසි, කබා වර්ග , සල්ලි දාන පර්ස් වගේ ඔය කියන ඒවා බොහෝදුරට මන් කියන්න නේ නෑ සම්පුර්ණයෙන් කියල බොහෝදුරට අපි ඒවා මොනවයින්ද හදන්නේ කියල දන් නැනේ බන්.අපි බේත් බොනකොට මොකකින්ද හදල තියෙන්නේ කියල දන්නවද නැනේ,එත් මස් කනකොට මේ මරපු සතෙක්ගේ මස් කියන හැගීම එන්නේ නැද්ද?කන්නේ මස් කියල වත් දන් නැතුවද කන්නේ?එතන චේතනාව අනික් තැන් වලට වඩා ප්‍රභල නැද්ද?මොකද්ද ඔයාගේ අදහස :)

    අර අවිහිංසාවාදය තමයි බං මම ප්‍රයෝගික නෑ කිවුවේ. මම කන්නේ මම දායක වුනේ නැති මරණයකට හිමි කම් කියන සතෙකුගේ මස් නම්, ඇයි මම උගේ මරණය ගැන වද වෙන්නේ? මට ප්‍රනඝතයක් වෙන්නේ නෑ නේ. මගේ අරමුණ කෑමක් ගැනීම පමණයි.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මෙතන බුදුහැමුදුරුවන්ට වැරදිච්ච තැන කියපන් බලන්න.දහම නිවැරදිව නොදැන ගොන්පාට් දාන්න එපා බන්.

    බුදු හාමුදුරුවන්ට නෙමේ මචන් උඹට වැරදිලා තියෙන්නේ... :D "දහම නිවැරදිව නොදැන ගොන්පාට් දාන්න එපා බන්"! :D
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඒක හොඳයි මචං. අහිංසක සත්තුන්ගේ ජීවත්වීමේ අයිතිය උදුරගෙන ජීවත් වෙලා කරන කිසි දෙයක් අපිට හරියන්නේ නැහැ. නමුත් බුදු දහම හරියටම දන්නවා නම් සතෙකුගේ මස් කෑවයි කියලා පවක් සිද්ද වෙන්නේ නෑ. අපි සතාව පෙන්නලා මූව මරලා දෙන්න කියලා ඉල්ලුවොත් හෝ අපි මරලා කෑවොත් ඇරෙන්න. බුදුන් වහන්සේ මස් වළඳලා තියෙනවා ඒ ගෘහපතියෙක් උන් වහන්සේට ශ්‍රද්ධාවෙන් පිළිගන්වන දානයක් නිසා. අවසානෙදි ඔහු බුදුන් වහන්සේගෙන් අහනවා මම මාංශ දුන්නා කියලා මට පවක් සිද්ධ වෙනවාද ඔබ වහන්සේගේ ධර්මයට අනුව හිත කැමැත්තෙන් දෙන දෙයක් දුන්නම පින් සිදුවෙන කියලා කියලා තියෙන නිසා කියලා. බුදුන් වහන්සේත් එය අනුමත කරනවා. කැමතිනම් මනාප දායී සූත්‍රය කියවන්න ත්‍රිපිටකයේ. ඔබට ඒ ගැන දැනගන්න ලැබේවි.

    බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන විදිහ අනුව මරන් කෑවේ නැත්නම් හෝ පෙන්නලා මරන් කෑවේ නැත්නම් පවක් සිදුවෙන්නේ නෑ. ඒ වගේම නමුත් නොකෑයුතු මස් වර්ග 10 ක් ගැන කියලා තිබෙනවා. ඔහොම කරුණු ගොඩක් සැඟවිලා තිබෙනවා ගොඩක් අය ඕවා ගැන දන්නේ නෑ. නැත්නම් කියවන්න උවමනා නෑ. ඔබ ධර්මය ගැන පිපාසයකින් පෙලෙන්නෙක් නම් ආමගන්ධ සූත්‍රය, ජීවක සූත්‍රය, මහා සිහ නාද සූත්‍රය කියන සූත්‍ර දේශනා කියවා බලන්න.

    ඇත්තටම මන් ගැන කියනවනම් මමත් අහිංසක සතුන්ගේ මස් කන කෙනෙක් නෙමෙයි සහෝ. ඒ මරණාසන්න මොහොතේ ඒ සතුන්ගේ ඇඟේ දුවන ඇඩ්‍රිනලීන්, කෝටිසෝල් වගේ හෝමෝන මට්ටම් වැඩියි, ඒ වගේම උගේ හැම සෛලයකම තියෙන්නේ වෛරයක් හා තරහාවක් බං. අහිංසක සතෙකුගේ ජීවත් වීමේ අයිතිය උදුරගෙන කෑදර කමට ඒවා ගිලින්න උවමනා නැති නිසා මම ඕවා කන්නේ නෑ බං. නමුත් කියන්න ඕනේ දෙයක් තියෙනවා මම නොකෑවට කවදා හරි මම බැන්දොත් ගෑණු ළමයට නම් කවෝනවා අනිවා මොකද බබාලා හම්බුවෙන්න ඉද්දි ලේ මදි වෙනවා කියලා දොස්තර මහත්වරු කියලා තියෙන නිසා.

    ඔය ගැන ත්‍රෙඩ් එකක් දාන්න හිතන් ඉන්නේ ඒත් වෙලාවක් නෑ. පස්සේ අත ඇරලා දැම්මා බං. මොකද බුදුන් වහන්සේ මස් වැළඳුවා කියලා කිව්වම මේකේ ඉන්න ඒ ගැන හරියට දන්නේ නැති සර්ව ආගමික පූට්‍ටු කාරයොයි, හම්බයෝ සෙට් එකයි අවි අමෝරා ගන්න නිසා ඒක උන්ගේ වාසියට.

    ඔබට තෙරුවන් සරණයි සහෝ.....!!!!!

    :yes: ඔය තියෙන්නේ.. හොඳ උත්තරයක්...
    මේ බාන්ඩ්කෝ අනේ මේ ගොල්ලෝ කියන එවුවා! :oo:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    නැකැත් රාල;16775989 said:
    දන්නවද ඔය දෙන්නටම මේ ගැන කථා කරනකොට දැනටත් පඨිඝ ඇති වෙලා ඇති.. ඒකත් පවක්..

    හිතමුකො මම පාටියකට යනවා එතන මස් කිලෝ 10ක් උයලා තියනවා දැන් ඔතන මස් මම කෑවත් නැතත් උයලා ඉවරයි. මම නොකා ඉඳලා ඉතුරු වුනොත් විසික්කරලා දායි. නැත්තන් කවුරුහරි බඩජාරි කමට අමාරුවෙන් හරි ගිලියි. ඉතින් ඒක කෑවා කියලා මම ප්‍රාන ඝාතයකට සම්භන්ධ වුනා කියලා මම හිතන්නේ නෑ..

    දැන් හිතමු අපේ ගේ ගාවට මස් වෙලෙන්දෙක් එනවා මම එයාගෙන් හැමදාම කුකුලෙක් ගන්නවා. හිතමුකො අපේ ගෙවල් ගාව පවුල් 10ක් හැමදාම මස් ගන්නවා (එක්කෙනාට එක්කෙනා දන්නේ නෑ කියලා හිතමු.) එහෙම වුනොත් අර මනුස්සයා අපි වෙනුවෙන් අනිවා කුකුල්ලු 10ක් මරනවා. ඉතින් මම නිසා ඒ මනුස්සයා අනිවා කුකුලෙක් ගේනවා.. මම ගන්නේ නැත්තන් මරන්නේ 9යි.. එහෙම වුනොත් ප්‍රාන ගාථ අකුසලයකට සම්බන්ධ නොවුනට නිකන් හරි මදි වගේ ගතියක් එනවා නේද? මරලා කුන ගේ ගාවට ගේන නිසා මම ගන්නවා වගේම, මම ගනියි කියන බලාපොරොත්තුවෙන් තමයි ඒ මිහා සතා මරන්නේ. හැබැයි බුද්ධ දේෂනාවට අනුව මම ප්‍රාන ගාථෞඅක් කරලා නෑ. නමුත් සදාචාරාත්මකව අපිට ඒක සාධාරනිය කරනය කරන්න පුලුවන්ද කියලා මම දන්නේ නෑ..

    මතක තියාගන්න මේ දහම අථක්කවචරයි. ඉතින් මිනිස්සු ලක්ෂ 10ක් මස් කෑම නැවැත්තුවොත් මම දන්න තරමට 20% විතර මැරෙන සත්තු බේරෙනවා. තනි පුද්ගලයෙක් මස් කන එක නැවැත්තුවට ලොකු වෙනසක්නෑ තමයි. හැබැයි මම නොකෑවට හැමෝම කනවනේ කියලා කෑවොත් කවදාවත් වෙනසක් වෙන්නේ නෑ.

    අනේ නෑ මචන්... මට සාමාන්යෙන් එහෙම කේන්ති යන්නේ නෑ... :) මම එයා අහපු ප්‍රශ්න දෙකට කෙලින්ම උත්තර විතරක් දුන්නා විස්තර කරන්නේ නැතුව.. එච්චරයි...:nerd: හැබැයි ashmi ට නම් සැහෙන්න කේන්ති ගියපු බවක් තමයි පෙනෙන්නේ! :rofl: :D
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අනේ නෑ මචන්... මට සාමාන්යෙන් එහෙම කේන්ති යන්නේ නෑ... :) මම එයා අහපු ප්‍රශ්න දෙකට කෙලින්ම උත්තර විතරක් දුන්නා විස්තර කරන්නේ නැතුව.. එච්චරයි...:nerd: හැබැයි ashmi ට නම් සැහෙන්න කේන්ති ගියපු බවක් තමයි පෙනෙන්නේ! :rofl: :D

    :rofl::rofl:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මං මේ නිකමට අහන්නෙ.. බෙහෙත් බොන එකත් නවත්තන්න ඕනෙද බං ? බෙහෙතක් ටෙස්ට් කරන්න සත්තු දහස් ගාණක් ජීවිත පූජා කරනවනෙ.. තව කී දාහක් පැයගණං පරීක්ෂණ වල විඳෝනව ඇද්ද.. බෙහෙත් බොන එකත් නවත්තලම දාන්න ඕනෙනෙ බං..

    අහ් එතකොට පරිසරය පිරිසිදු කිරීම ? පොල් කට්ටක මදුරුකීටයො මදුරු බිත්තර තියෙන වතුර පිරිල තියෙනව දැක්කොත් ඒක පෙරලීම පවක්නෙ බං.. ඩෙංගු වලට හෝයියා කියල අහක බලං යනවද ?

    ඕක නිගණ්ඨ දහම බං.. ඇවිදින්නෙත් බිම අතුගගා සත්තු පෑගෙනවට.. බොන්නෙ වතුර පෙරල පෙරල සත්තු පෙවෙයි කියල..

    එකම තමයි මමත් මේ කිවුවේ.. :D.. අනේ මන්දා මෙයාලනන්! ;)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ශෙනක්,අශ්මි නංගි සහ නැනැක් රාළ,
    ඔබතුමාල/තුමීල මෙතන තවත් තර්ක කරන එකේ තේරුමක් නෑ මම හිතන්නේ. කෙනෙක් කැමති නම් මස් මාංශයෙන් වැළකෙන්න, පිනක් කරනවා කියල හිතල ඒක කරයි. කව කෙනෙක් ඒක බුදුන් වදාළ ධර්මයට අනුකූලයි කියනව නම් ඒක ඔහු ගේ විග්‍රහය. අපි කාටවත් බුදුන්වහන්සේ කිව්ව දේ විග්‍රහ කරන්න තරම් ඥාණයක් නෑ. අන්න ඒක අවබෝධ කර ගන්න.
    ඔබලා මේ කරන දේ සත් සිතින් වෙන්න පුළුවන්. නමුත් මතක තියා ගන්න මේකෙන් වෙන්නේ සිද්ධාර්ථ ගෞතම ශාක්‍ය මුනිද්‍රයාණෝ මිනීමස් අනුභව කළහයි කියලා කෙර තලන ගොං හපුටු රැළකට අවි ආයුධ සැපයීමක් වෙන්න පුළුවන්.....
    අපට පහර දෙන්නට සතුරන්ට අවි ආයුධ ලබා දීමේ පිළිවෙතින් දැන්වත් මිදෙන්න.......
    සියළු දෙනාට ම ඥානාලෝකය පහල වේවා!!!
     
    එසේය..:)
    නෑ බන් මම තර්ක කලේ නෑ බලහන්කො මගේ කමෙන්ට් එක කියවලා..:frown: :nerd: කියලා ඇත්තේ ඒක නිකන් සදාචාරාත්මක නෑ කියලා.. සිරාවටම මේක කවදාවත් තර්කයෙන් කිසිම පාර්ෂවයකට දිනන්න පුලුවන් මාතෘකාවක් නෙමෙයි. :)
    මීට වඩා ලේසියි බුදු දහම හා ජ්‍යොතිෂ කියලා තර්ක කරනවා..:lol::lol:
     
    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    මෙතනින් මේක නවත්තමු .....කාගෙවත් හිත් රිදීමක් වුන් නැතුව ඇති ...කිබුල් අයියා කියන දේත් ඇත්ත
     
    mahesh7890

    Member
    Mar 14, 2013
    1,590
    38
    0
    pannipitiya
    අසරන සතෙකු බලෙන් මරල කනවට වඩා එලවලු පමනක් ආහාරයට ගැනීම උතුම් ක්‍රියාවක්
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    එතකොට වස් කාලේ එක තැනක වාසය කරන්න කියලා නීතියක් ගෙනාවේ ඇයි?වැස්සට පොලොවෙන් මතුවෙන සත්තු මැරෙන නිසා නෙමෙයිද?ඒ නීතියත් ගෙනාවේ නිඝන්ඨයෝද?

    එහෙම නෙමෙයි බන් පුලුවන් තරමින් හරි වැලකිලා ඉන්නවානම් හොඳයි. ඔය ප්‍රෂ්නේ එන නිසා තමයි බුදුන් වහන්සේත් මස්මාලු කන්න එපා කියලා විනය ශික්ෂාවක් පැනව්වේ නැත්තේ අර මම කලින් කිව්ව උදාගරන දෙක බැලුවොත් උඹට තේරෙයි නිවැරදි දේ..

    උබ ප්‍රශ්න අහන්නේ ...කවදාවත් බුදු දහම ගැන ඉගෙන ගන්නවත් .......සත්ව හිංසනය වෙනුවෙන් වත් නෙමෙයි ......

    මස් කන එක පව් පිං වලට අදාල නෑ කියමු ....

    මම මස් කාල .....බෙහෙත් බිව්වොත් සත්තු 100 ක් මැරෙයි .....
    මම මස් නොකා බෙහෙත් බිව්වොත් සත්තු 99 ක් මැරෙයි ...

    එතකොට ඇයි බුදු හාමුදුරුවො වහින කාලෙට මිනිස්සුන්ට එලියට බහින්න එපා කියල කිව්වෙ නැත්තෙ ? බෙහෙත් බිබී මස් කෑවොත් 100 මැරිල සිද්ධ වෙන පවට වඩා බෙහෙත් විතරක් බීල කරගහන 99 දෙනාගෙ පව අඩුද ? එතකොට බුදුහාමුදුරුවො චේතනාව කර්මය වේ කියල වදාලෙ ඇයි ? එතකොට චේතනාව කර්මය වේ නම් වස් කාලෙ හාමුදුරුවො වඩිද්දි පෑගිලා මැරෙන සත්තුන්ගෙ කර්මය කොහෙත්ම කර්මයක් වෙන්න විදිහක් නෑ.. කිසිම චේතනාවක් නැතුව දන්නෙත් නැතුව වැරදීමකින් වුනු දෙයක්නෙ.. දකින්නෙත් නැතුව පෑගුණාම පව් කියල කියවෙන්නෙ නිගණ්ඨ දහමෙ.. ඒකයි උන් ඇවිදිද්දිත් බිම පිහ පිහ ඇවිදින්නෙ..උන්ට කර්මය චේතනාව නෙමේ.. කොහොම පෑගුණත් කරුමෙ.. ඉතිං උන් පිහ පිහ ඇවිදිනව.. දැන් බෞද්ධයො කරන්නෙත් ඒක නෙමේද ? මාලු හොද්ද කන එකාට මොකක්ද සතෙක්ව මරන්න ඇතිවෙන චේතනාව ? හුදෙක්ම රස තෘශ්ණාව විතරයි.. රස තෘශ්ණාව පවක් විදිහට දක්වල තියෙන්නෙ කොහෙද ? ඉතිං කොහොමද මස් මාළු කෑව කියල පවක් සිද්ධ වෙන්නෙ ?
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    කිසි කෙනෙක් මගෙත් එක්ක තරහ වෙන්න වුවමනා නš

    ශෙනක්,අශ්මි නංගි සහ නැනැක් රාළ,
    ඔබතුමාල/තුමීල මෙතන තවත් තර්ක කරන එකේ තේරුමක් නෑ මම හිතන්නේ. කෙනෙක් කැමති නම් මස් මාංශයෙන් වැළකෙන්න, පිනක් කරනවා කියල හිතල ඒක කරයි. කව කෙනෙක් ඒක බුදුන් වදාළ ධර්මයට අනුකූලයි කියනව නම් ඒක ඔහු ගේ විග්‍රහය. අපි කාටවත් බුදුන්වහන්සේ කිව්ව දේ විග්‍රහ කරන්න තරම් ඥාණයක් නෑ. අන්න ඒක අවබෝධ කර ගන්න.
    ඔබලා මේ කරන දේ සත් සිතින් වෙන්න පුළුවන්. නමුත් මතක තියා ගන්න මේකෙන් වෙන්නේ සිද්ධාර්ථ ගෞතම ශාක්‍ය මුනිද්‍රයාණෝ මිනීමස් අනුභව කළහයි කියලා කෙර තලන ගොං හපුටු රැළකට අවි ආයුධ සැපයීමක් වෙන්න පුළුවන්.....
    අපට පහර දෙන්නට සතුරන්ට අවි ආයුධ ලබා දීමේ පිළිවෙතින් දැන්වත් මිදෙන්න.......
    සියළු දෙනාට ම ඥානාලෝකය පහල වේවා!!!

    මම නම් සහෝ කතා කලේ, බුදු දහම කෙනෙක් විකුර්ති කරනවා දැක්කොත් ඊට විරුද්දව කතා කරන එක ඕනෑම බෞද්ධයෙකුගේ තියන යුතුකමක් නිසයි.. මොකද මම මේවා බය නැතුව කියන්නේ මම ඇත්ත කතා කරන නිසා. "බුදු රජාණන් වහන්සේ මස් වැළඳුවා!" ඒක කාටවත් බොරු කරන්න බෑ නේ! එක ත්‍රිපිටකයේ ලියවිලානේ තියෙන්නේ! ඉතින් කොහොමද බොරු කියන්නේ? ප්‍රශ්නේ අන්න ඒක මේ ගොඩක් අය දන්නේ නෑ. බුද්ධ ධර්මය විකුර්ති කරන්න, වෙනස් කරන්න, අතින් කෑලි දාන්න අපිට අයිතියක් නෑ. කාටවත් එහෙම කරන්න බුදු රජාණන් වහන්සේ ඉතුරු කරලා පිරිනිවන් පෑවෙත් නෑ. සියලුම ධර්ම කාරනා ඇතුළුව, අමතර කාරණාත් සහිතව (ඔය විශ්වය ගැන සඳහන් දේවල්) සම්පුර්ණ වශයෙන් දේශනා කරලයි පිරිනිවන් පාලා තියෙන්නේ. බෞද්ධයෝ වන අපි අන්න ඒක තේරුම් ගන්න ඕනේ. අපිට අවබෝධ කරගෙන දේශනා කරන්න තරම් දෙයක් බුදු රජාණන් වහන්සේ ඉතිරි නොකළ බව අපි තේරුම් ගන්නයි ඕනේ.

    මස් කෑම පවු නම් බුදු රජාණන් වහන්සේම ඒක දේශනා කරනවනේ. මස් කෑම පාපයක් වෙන්නේ කොහොමද කියලත් වෙනම දේශනා කරලා තියෙන්නේ. පාපයක් නොවන විදිහට මස් කන්නේ කොහොමද කියලත් දේශනා කරලා තියෙන්නේ. ඒවා කියවන ඕනෑම කෙනෙකුට ඒක වෙන්නේ කොහොමද කියලා අවබෝධ වෙනවා. එකට ඉතින් ඒවා කියවලා තියෙන්නේ ඕනේ නේ! නැතුව කියන්නේ කොහොමද? දැන් කාලේ වගේ තාක්ෂනය දියුණු නොවුනට ඒ කාලේ සමාජයේත් මේවගේමයි. මේ අඩුපාඩු ඒ කලෙත් තිබ්බා. මේ වගේ හිතන මිනිස්සු ඒ කලෙත් හිටියා. "භික්ෂු සංඝයා නිර්මාංශික විය යුතුයි" කියන දෙවුදත් ප්‍රසිද්දියේ බුදු රජාණන් වහන්සේගෙන් කල ඉල්ලීම් පහෙන් තුන්වැන්න බුදුරජාණන් වහන්සේ එකහෙලාම ප්ප්‍රතික්ෂේප කළා. බුදු රජාණන් වහන්සේ මස් වලඳපු නිසා තමයි, නිඝන්ට නාථ පුත්‍රට තමන්ගේ පරම අවිහිංසාවාදී දහම වියාප්ත කර ගන්න පහසු උනේ. එහෙම කියලා බුදු රජාණන් වහන්සේත් තමන්ගේ දහමට මිනිස්සු අද්දවා ගැනීමේ පටු චේතනාවක් තියන කෙනෙක් වගේ "නුඹලාත් මස් මාංශයෙන් වැළකෙන්න" කියලා දේශනා කලාද? බුදු කෙනෙකුට එහෙම කරන්න ඕනෙද? බුදු කෙනෙක් දේශනා කරන්නේ සත්‍ය පමණයි. බුදු කෙනෙක්ගේ ධර්මය විවේචනය කරන්න බුදු කෙනෙකුටවත් බෑ. මොකද සෑම බුදු කෙනෙක්ම සමානයි. සමාන වන්නේ තවත් බුදු කෙනෙකුට පමණයි. උන්වහන්සේලාගේ ධර්මයත් සමානයි. එක බුදු කෙනෙක් නොකියපු "ධර්ම කරුණක්" තව බුදු කෙනෙක් කියන්නෙ නෑ කවදාවත්.ඉතින් බුදු කෙනෙකුටවත් නැති ආකාරයේ පුදුමාකාර බුද්ධියක්, විශ්ලේෂණාත්මක හැකියාවක් තමා මේකේ ඉන්න අයට තියෙන්නේ. මට විස්වාස කොරන්ටත් බෑ.

    මස්මාංශ අනුභවය, වක්‍රාකාරයෙන් හෝ ප්‍රාණඝාතයට සම්බන්ධ වෙනවනම්, එක දැන් ඉන්න මිනිස්සුන්ටයි, හාමුදුරු වරුන්ටයි හොයාගන්න බුදුරජාණන් වහන්සේ ඉතුරු කරන්නේ නෑ, උන්වහන්සේම දේශනා කරනවා. එහෙම දේශනා නොකළේ, එහෙම එකක් නැති නිසා. තමන් මරන්නෙත් නැතුව, වෙනකෙකු ලවා මරවන්නෙත් නැතුව, කාට හෝ මරන්න අනුබල දෙන්නෙත් නැතුව මැරිච්ච සතෙකුගේ "ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය" අනුභවය කැපයි කියලා උන්වහන්සේ බොහොම පැහැදිලිව දේශනා කරලා තියෙන්නේ. එකේ තියන සත්‍යතාව වෙනත් සුත්‍ර දේශනා කියවන කෙනාට ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ වෙනවා. ධර්මය කියවන්නේ නැතුව විකාර කරන්න, අහන්න, හිතන්න යාමෙන් තමා ඔය වෙලා තියෙන්නේ. "මස් කෑම පාපයක්" කියන එක සීලබ්බත පරාමාස වලට අයිති දෙයක්. බුදු රජාණන් වහන්සේ දේශනා නොකළ දෙයක් සීලයක් වශයෙන් සමදම්ව වාසය කිරීමෙන් ඔය බෞද්ධයෝ කියාගන්න අයට මරණෙන් මත්තේ නිරයේ උපත්තිය ලබන්න අවස්තාව උදා වෙනවා.. ඉතින් ඒ අයට ඕනේ එහෙමනම් මට කිසි ප්‍රශ්නයක් නෑ. හැබැයි තව කෙනෙක් තමුන් එක්ක නිරයේ ඇදගෙන යන්න එපා ඔය මනස්ගාත අනිත් මිනිස්සුන්ගේ ඔලු වලට දාලා. මේ මිනිස්සු තමුන් නිරයේ යන්න පාර කපා ගන්නවා විතරක් නෙවේ අනිත් මිනිස්සුන්ටත් ධර්මයේ නාමයෙන් අධර්මය සම්මාදම් කරවලා බරපතල පාපකර්ම රැස් කරගන්නවා.

    අනික මචන් බුදු රජාණන් වහන්සේ තවත් මිනිහෙකුට උන්වහන්සේට ඇඟිල්ල දික් කරලා හිනා වෙන්න, චෝදනා කරන්න, අඩු පාඩු පෙන්නන්න ජිවත් වුන පුද්ගලයෙක් නෙවේ. කල්ප කෝටි ගානක් පෙරුම් පුරලා ඒවා උප්පත්තියෙන්ම පිහිටපු දේවල්. ඉතින් අපි තව එකෙක් වරද්දාගෙන පිස්සු නටයි කියලා බයෙන් කරුණු කාරණා හංගන්න කිසිම හේතුවක් නෑ. බුදු රජාණන් වහන්සේ දේශනා කරලා තියන දෙයක් මම ඕනෑම තැනක බය නැතුව කියනවා. කවුරු හරි ධර්මය වැරැද්ද ගන්නවානම් ඒක එයාගේ වැරැද්ද! අපේ නෙවේ. මොකද "මාගේ ධර්මය බුද්ධිමතුන්ට පමණයි." බුදු රජාණන් වහන්සේම අන්න එහෙමයි දේශනා කරලා තියෙන්නේ. ඉතින් බුද්ධ ධර්මය නිවැරදිව විශ්ලේෂණය කරලා තේරුම් ගන්න තරම් තමන්ගේ බුද්ධි මට්ටම ප්‍රමාණවත් මදි නම් ඒක ඒ අදාල කෙනාගේ වැරැද්ද. නැතුව ඒ ගැන කියන කෙනාගේ නෙවේ.

    කොහොමත් මචන් මම බුද්ධ ධර්මය විකුර්ති කරලා, බුදු රජාණන් වහන්සේට අපහාස කරන්න ඉඩදෙන්නේ නෑ කොහොමත්. කියන්න දෙයක් තියනවනම් මම කෙලින්ම කියනවා. තරහින් නෙවේ.සුහදව. තරහ වෙන එක එක අහන කෙනාගේ වැඩක්. අපහාස කරන්නේ බුද්ධ ධර්මයට නම්, බුදුරජාණන් වහන්සේට නම් මම අනිවාර්යෙන් ඇඟිල්ල දික්කරලා කියන්න තියන දේ කියනවා. මම ඒ කියන්නේ කාටද කියන එක මට යන්තමින් වුවද වැදගත් නෑ. ඒ නිසා කිසි කෙනෙක් මගෙත් එක්ක තරහ වෙන්න වුවමනා නෑ.
     
    Last edited: