මස් මලුත් කන එක නවත්තනවා

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
වලියක්ද:rolleyes:

කෙනෙක්ට හිතෙනව නම් මස් කන එක පව් කියල තමන් කන නිසයි ඒ සතා මැරෙන්නෙ කියලා එහෙනම් නොකා ඉන්න එක හොදයි :) කොහොමත් ඔහොම හිතලා හරි මිනිස්සු මස් නොකැවොත් සත්තු මසට මරන එක නම් අඩු වෙනවා:dull: හැමදේම පොත් පත් වල තිබුන විදියටයි කෙනෙක් කිව්ව පලියටයී ඒ ගැනම හිතන්න යන්න එපා :dull:චේතනාව ලු නේ හැමදේටම මුල


මමත් මස් මාලු වලට එච්ච්ර කැමැත්තක් නැ ඒත් නොකනම කෙනෙක් නෙමෙයි හදලා තිබුනොත් කනවා නැත්නම් තියෙන දෙයක් එක්ක කනවා:cool:

දෙන්නගෙ සංවාදය දිගටම කරගෙන යන්න ඒකෙන් දෙන්නගෙ බුද්දියට යමක් එකතු වෙයි

ජයවේවා
11.gif

හපෝ වලියක් නෙවේ! :D බුද්ධ ධර්මය වරද්දාගෙන! කිසි ප්‍රස්නයක් නෑ! උඹත් ඕනේ නම් සහභාගී වෙයන්.. :lol:
 

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆

මම දාපු පැරණ thread ගැනද කියන්නේ:( .....ඉස්සර මම නෙමේ දැන් ඉන්නේ යාළු .....ආයේ ඒ වගේ දේවල් නොවන්න උපරිම වග බලා ගන්නවා .....මම නම් මෙච්චර වෙලා උබ එක්ක තර්ක කරේ නෑ ..........මෙච්චර වෙලා දුන්න වෙලාවට ස්තුති .......උබේ චේතනාවත් බුදු දහම ගැන හරියට කියල දෙන්න ....
ජය වේවා !

මම උඹේ පරණ threads දන්නෙත් නෑ බං. මම කියන්නේ මේක ගැන විතරයි.. :rolleyes:

හපෝ එහෙම කිසි අවුලක් නෑ. උඹ ඕනේ දෙයක් කියපන්.. මම නම් අත ගහන්නේ 100%ක් දන්නා දෙකට විතරයි.. මේක හරි චුටි ප්‍රස්නයක්. එකයි ටිකක් විස්තර කලේ! අනිවාර්යෙන්! දන්නා දෙයක් නං කියනවා.. :yes: :D
 
Last edited:

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
හපෝ වලියක් නෙවේ! :D බුද්ධ ධර්මය වරද්දාගෙන! කිසි ප්‍රස්නයක් නෑ! උඹත් ඕනේ නම් සහභාගී වෙයන්.. :lol:

එල එල එහෙනම් අවුලක් නැ:) මම බන කතා ගාත එහෙම හරියට දන්නෙ නැ බන් :dull:
බුදුන් වහන්සෙ දේශනා කරපු විදියට,ප්‍රතිපත්තිවලට අනුව ජීවත් වෙන්න උත්සහ කරනවා :)
 

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
ඔයා කියන විදිහට බැලුවොත් ජීවත් වෙන්න වෙන්නේ නෑ.සත්තු වැඩියෙන්ම මැරෙන්නේ ආහාර සඳහා ගන්න ප්‍රමාණෙද නැත්තන් ඔයා ඔය කහපාටින් දාලා තියෙන ඒවා වලට යොදාගන්න ප්‍රමාණෙද?අනික බුදුහාමුදුරුවෝ ඇතුලු හාමදුරුවෝ පිණ්ඩපාතෙන් ජීවත් වුනේ..මිනිස්සු පිලිගන්වන ඕනෙම දෙයක් තමන්ගේ පැවැත්ම වෙනුවෙන් ගන්න සිද්ධ වුනා. අපිට කන්න,පැවැත්ම රැකගන්න ඔනේ තරම් ක්‍රම තියෙද්දි අපේ රස්වින්දනය වෙනුවෙන් ජීවිත හානියක් වෙන එක ගැන මොකෝ කියන්නේ?අනික කව්දෝ කෙනෙක් එයාගේ උවමනාවට වුනත් සත්තු මරන්නේ කන්න කට්ටිය ඉන්න නිසානේ.කන්න කෙනෙක් නැත්තන් ,මිලදීගන්න කෙනෙක් නැත්තන් ඒක එයාගේ උවමනාව වෙන්නේ කොහොමද?කඩේ විකුනන්නෙත් ගන්න අය ඉන්න නිසා නේද?රහතන් වහන්සේ කෙනෙක් විතරයි ශරීරයේ පැවැත්ම පමණක් අරමුණු කරගෙන ආහාර ගන්නේ.ඔයා,මම ,අපි හැමෝම ඇස,දිව,මනස පිනවන්න ආහාර ගන්නේ.:)

මෙච්චරයි ඕකට නම් කියන්න තියෙන්නේ! "මැරෙන්න කලින් මේ ලෝකේ ඉන්න වැඩිම හරියක් සත්තුන්ට මම වග කියලා තම මැරෙන්නේ" කියලා හිතා ගත්ත මනුස්සයෙක් හැමදාම තුන් වේලටම මස්ම කකා හිටියත්, ප්‍රාණඝාතය සිද්දවෙන අන්න අර කරුණු 5 සම්පුර්ණ වුනේ නැත්තම්, පවක් වෙන්නෙම නෑ. මොකක් පිනවන්න කෑවත් ප්‍රතිපලේ එකයි. :D

අනික තව දෙයක්, සත්තු කියන්නේ තිරිසන් අපාය. උන් එහෙම ඉපදිලා ඉන්නේ, ජීවිතය ගත කරන්නේ, මැරෙන්නේ තමන් පෙර කරන ලද කර්මනුරුපව. සතෙක් මැරෙන්නේ ආයුෂ ඉවර වෙලාද, බෙල්ල කැපිලද කියන එක තීරණය කරන්නේ ඒ සතාගේ කර්මය. අපිට එක වෙනස් කරන්න බෑ කොච්චර නැටුවත්. ඉස්සර යුද්ධ වලදී එහෙම සතුරන්ගේ බෙල්ල කපපු සොල්දාදුවෝ දැන් හරක්, කුකුලෝ, එළුවෝ වෙලා ඉපදිලා බෙල්ල කැපෙනවා! දැන් අපිට පුලුවන්ද කර්මය (ස්වභාව ධර්මයාගේ නිතිය) වෙනස් කරන්න? සත්තු ඉස්සරත් මරුවා. දැනුත් මරනවා. හෙටත් මැරෙනවා. එක වෙන්නේ කර්මනුරුපව. එක නවත්වන්න කිසිම කෙනෙකුට බෑ. කිසිම අවිහිංසා වාදියෙකුට බෑ.
 

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆

එල එල එහෙනම් අවුලක් නැ:) මම බන කතා ගාත එහෙම හරියට දන්නෙ නැ බන් :dull:
බුදුන් වහන්සෙ දේශනා කරපු විදියට,ප්‍රතිපත්තිවලට අනුව ජීවත් වෙන්න උත්සහ කරනවා :)

අන්න එහෙම හොඳයි.. "බුදුන් වහන්සෙ දේශනා කරපු විදියට" තමයි අපි බෞද්ධයෝ නම් ඉන්න ඕනේ! නැතුව අපිට ඕන විදිහට නෙවේ නේ! :D
 

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මමත් දැනට අවුරුදු 6කට විතර කලින් සම්පූර්ණයෙන්ම නිරාමාංශ වුනා..
    ගොඩක් වටින වැඩක් මචන්
    පිං..
     
    • Like
    Reactions: wall-e

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,639
    5,779
    113
    KALUTHARA
    කන සතාගේ මරණයට සෘජුවම දායක වෙන්නම ඕනේ පවු පිරෙන්න. චේතනාවයි කර්මය.





    කෘමි නාශක ඉහලා, කෘමියෝ මරලා එළවලු වවන්නෙත් එළවලු කන්න කැමති අය ඉන්න නිසා නේ! එතකොට ඔය විදිහට එළවලු කෑවම ඒ කෘමීන්ගේ මරණයට වග කියන්න වෙන නිසා එළවලු කෑමත් පවක්ම වේවි නේද?.

    සත්ව තෙල් ගන්න සත්තු මරනවා - ඒ නිසා ඒ තෙල් පාවිච්චි කරලා හදන රුප ලාවන්‍ය බඩු, කෑම වර්ග, බෙහෙත් වර්ග, ෂැම්පු වර්ග, ඇඟේ ගාන තෙල් වර්ග, චිත්‍ර අඳින සායම් වර්ග වගේ දේවලුත් පාවිච්චි නොකර ඉන්න වෙයි.

    සම් ගන්න සත්තු මරනවා:
    1. ඒ නිසා සපත්තු, සෙරෙප්පු, කාන්තා අත් බෑග්, සාමාන්‍ය බෑග් වගේ දේවල් භාවිතයේදී සැලකිලිමත් වෙන්න වෙයි නේද?.

    2. වාහන වල සීට්, ගෙවල් වල තියන කුෂන් පුටු, පාපිසි, කබා වර්ග , සල්ලි දාන පර්ස් එක එහෙම පාවිච්චි කරන කොටත් පවු සිද්ද වෙන්න පුළුවන් නේද?.

    3. සංගීත භාණ්ඩ හදන්නත් ගන්නවනේ! බෙරයක් වත් ගහන්න වෙන්නේ නෑ පවු පිරෙන්න පුළුවන් නේද?

    පර්යේෂණ වලට සත්තු මරනවා - ඔය බෙහෙත් වර්ග හොයාගෙන ඒවා පරික්ෂා කිරීමේදී, ඒ බෙහෙත් හදන අමුද්‍රව්‍ය විදිහටත් සත්තුන්ට මැරෙන්න සිද්ද වෙනවා... ඒ නිසා බෙහෙත් බොන එකත් නවත් වන්න වෙන්නේ.. එහෙම ගත්තම බෙහෙත් බිවුවත් පවු පිරෙන්න පුළුවන් නේද?

    සමහර සිගරට් බොන, මත්පැන් ගන්න අය පවු කියලා අනුකම්පාවෙන් මස් නොකා ඉන්නවා.. ඒ අය දන්නේ නෑ ඒ සිගරට් ටෙස්ට් කරන්න කොච්චර සත්තු මැරෙනවද කියලා, ඒ ඇතැම් මත්පැන්/මත්ද්‍රව්‍ය හදන්න කොච්චර සත්තු මැරෙනවද කියලා...


    ඒ නිසා සහෝදරිය, මස් කන්නේ මස් කන්න කැමති අය. එළවලු කන්නේ එළවලු කන්න කැමති අය. එළවලු කෑවත්, මස් කෑවත් සත්තු මැරෙනවා. මරාගෙන කෑවොත් තමා ප්‍රාණඝාතය සිද්ද වෙන්නේ. මැරිච්ච මළකුණක් කෑවට නෙවේ. පව පැත්තක තියලා සත්ව අනුකම්පාව ගැන නම් ඔයා කියන්නේ, අපිට මම අර උඩින් කියලා තියන ඔක්කොම ඒවා නොකර ඉන්න තමා වෙන්නේ. අර අන්තිම කරුණ ඇරුනම අනිත් ඒවා නොකර හිටියොත් ඉතින් අපිටත් මැරෙන්න තමා වෙන්නේ... ඉතින් ඔයා කියන එක ප්‍රායෝගික මදි නේද? :D

    ප්‍රයෝගික නැහැ තමා.අපි සර්ව සම්පුර්ණ මිනිස්සු නෙමේ නේ බන්.අපිට පුළුවන් මට්ටමින් අපි වැළකිලා හිටියම හරි.චේතනාව තමා කර්මය.අපි බේත් ,කබා වර්ග ,සෙරෙප්පු, කාන්තා අත් බෑග්, සාමාන්‍ය බෑග්,වාහන වල සීට්, ගෙවල් වල තියන කුෂන් පුටු, පාපිසි, කබා වර්ග , සල්ලි දාන පර්ස් වගේ ඔය කියන ඒවා බොහෝදුරට මන් කියන්න නේ නෑ සම්පුර්ණයෙන් කියල බොහෝදුරට අපි ඒවා මොනවයින්ද හදන්නේ කියල දන් නැනේ බන්.අපි බේත් බොනකොට මොකකින්ද හදල තියෙන්නේ කියල දන්නවද නැනේ,එත් මස් කනකොට මේ මරපු සතෙක්ගේ මස් කියන හැගීම එන්නේ නැද්ද?කන්නේ මස් කියල වත් දන් නැතුවද කන්නේ?එතන චේතනාව අනික් තැන් වලට වඩා ප්‍රභල නැද්ද?මොකද්ද ඔයාගේ අදහස :)
     
    Sep 23, 2013
    188
    6
    0
    මළ කෙලියයි! බුද්ධ ධර්මය දේශනා කරපු බුදුහාමුදුරුවන්ටත් වැරදිලා නේද? :shocked: රහසින් පවු කරලා නේ! ඒ කියන්නේ අරහන් නෙවේ නේ!:shocked: දැන් මොකද කරන්නේ! ආගම වෙනස් කරන්න තමා වෙන්නේ! :no:

    දැන් ඉතින් කරන්න දෙයක් නෑ :no: උඹ සරණ යන්න තමා වෙන්නේ! :yes: යකෝ උඹ බුදු හාමුදුරුවන්ටත් වඩා බුද්ධ ධර්මය දන්නවා කියලා කලින් කියන්න එපැයි! එහෙනං මම කලින්ම උඹ සරණ යනවනේ! :yes:
    මෙතන බුදුහැමුදුරුවන්ට වැරදිච්ච තැන කියපන් බලන්න.දහම නිවැරදිව නොදැන ගොන්පාට් දාන්න එපා බන්.
     

    animation

    Well-known member
  • Aug 25, 2011
    15,964
    9,314
    113
    Microsoft
    ප්‍රයෝගික නැහැ තමා.අපි සර්ව සම්පුර්ණ මිනිස්සු නෙමේ නේ බන්.අපිට පුළුවන් මට්ටමින් අපි වැළකිලා හිටියම හරි.චේතනාව තමා කර්මය.අපි බේත් ,කබා වර්ග ,සෙරෙප්පු, කාන්තා අත් බෑග්, සාමාන්‍ය බෑග්,වාහන වල සීට්, ගෙවල් වල තියන කුෂන් පුටු, පාපිසි, කබා වර්ග , සල්ලි දාන පර්ස් වගේ ඔය කියන ඒවා බොහෝදුරට මන් කියන්න නේ නෑ සම්පුර්ණයෙන් කියල බොහෝදුරට අපි ඒවා මොනවයින්ද හදන්නේ කියල දන් නැනේ බන්.අපි බේත් බොනකොට මොකකින්ද හදල තියෙන්නේ කියල දන්නවද නැනේ,එත් මස් කනකොට මේ මරපු සතෙක්ගේ මස් කියන හැගීම එන්නේ නැද්ද?කන්නේ මස් කියල වත් දන් නැතුවද කන්නේ?එතන චේතනාව අනික් තැන් වලට වඩා ප්‍රභල නැද්ද?මොකද්ද ඔයාගේ අදහස :)

    11.gif
    11.gif
    11.gif
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඒක හොඳයි මචං. අහිංසක සත්තුන්ගේ ජීවත්වීමේ අයිතිය උදුරගෙන ජීවත් වෙලා කරන කිසි දෙයක් අපිට හරියන්නේ නැහැ. නමුත් බුදු දහම හරියටම දන්නවා නම් සතෙකුගේ මස් කෑවයි කියලා පවක් සිද්ද වෙන්නේ නෑ. අපි සතාව පෙන්නලා මූව මරලා දෙන්න කියලා ඉල්ලුවොත් හෝ අපි මරලා කෑවොත් ඇරෙන්න. බුදුන් වහන්සේ මස් වළඳලා තියෙනවා ඒ ගෘහපතියෙක් උන් වහන්සේට ශ්‍රද්ධාවෙන් පිළිගන්වන දානයක් නිසා. අවසානෙදි ඔහු බුදුන් වහන්සේගෙන් අහනවා මම මාංශ දුන්නා කියලා මට පවක් සිද්ධ වෙනවාද ඔබ වහන්සේගේ ධර්මයට අනුව හිත කැමැත්තෙන් දෙන දෙයක් දුන්නම පින් සිදුවෙන කියලා කියලා තියෙන නිසා කියලා. බුදුන් වහන්සේත් එය අනුමත කරනවා. කැමතිනම් මනාප දායී සූත්‍රය කියවන්න ත්‍රිපිටකයේ. ඔබට ඒ ගැන දැනගන්න ලැබේවි.

    බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන විදිහ අනුව මරන් කෑවේ නැත්නම් හෝ පෙන්නලා මරන් කෑවේ නැත්නම් පවක් සිදුවෙන්නේ නෑ. ඒ වගේම නමුත් නොකෑයුතු මස් වර්ග 10 ක් ගැන කියලා තිබෙනවා. ඔහොම කරුණු ගොඩක් සැඟවිලා තිබෙනවා ගොඩක් අය ඕවා ගැන දන්නේ නෑ. නැත්නම් කියවන්න උවමනා නෑ. ඔබ ධර්මය ගැන පිපාසයකින් පෙලෙන්නෙක් නම් ආමගන්ධ සූත්‍රය, ජීවක සූත්‍රය, මහා සිහ නාද සූත්‍රය කියන සූත්‍ර දේශනා කියවා බලන්න.

    ඇත්තටම මන් ගැන කියනවනම් මමත් අහිංසක සතුන්ගේ මස් කන කෙනෙක් නෙමෙයි සහෝ. ඒ මරණාසන්න මොහොතේ ඒ සතුන්ගේ ඇඟේ දුවන ඇඩ්‍රිනලීන්, කෝටිසෝල් වගේ හෝමෝන මට්ටම් වැඩියි, ඒ වගේම උගේ හැම සෛලයකම තියෙන්නේ වෛරයක් හා තරහාවක් බං. අහිංසක සතෙකුගේ ජීවත් වීමේ අයිතිය උදුරගෙන කෑදර කමට ඒවා ගිලින්න උවමනා නැති නිසා මම ඕවා කන්නේ නෑ බං. නමුත් කියන්න ඕනේ දෙයක් තියෙනවා මම නොකෑවට කවදා හරි මම බැන්දොත් ගෑණු ළමයට නම් කවෝනවා අනිවා මොකද බබාලා හම්බුවෙන්න ඉද්දි ලේ මදි වෙනවා කියලා දොස්තර මහත්වරු කියලා තියෙන නිසා.

    ඔය ගැන ත්‍රෙඩ් එකක් දාන්න හිතන් ඉන්නේ ඒත් වෙලාවක් නෑ. පස්සේ අත ඇරලා දැම්මා බං. මොකද බුදුන් වහන්සේ මස් වැළඳුවා කියලා කිව්වම මේකේ ඉන්න ඒ ගැන හරියට දන්නේ නැති සර්ව ආගමික පූට්‍ටු කාරයොයි, හම්බයෝ සෙට් එකයි අවි අමෝරා ගන්න නිසා ඒක උන්ගේ වාසියට.

    ඔබට තෙරුවන් සරණයි සහෝ.....!!!!!
     
    • Like
    Reactions: dath kimbula

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මස් මාලු කන්න කියලා බුද්ධ දේශනාවේ සඳහන් වෙලා තියේද?ප්‍රාණඝාතය පවක් කියලා දේශනා කලේ මිනිස්සු වැඩිපුරම ප්‍රාණඝාතය කලේ ආහාර පිණිස නිසා.මිනිස්සු නිකන් සත්තු මරන්නේ නැහැනේ.

    ඔවු. සුත්‍ර පිටකයෙයි, විනය පිටකයෙයි ඕන තරම් තියනවා.

    නෑ. එහෙම එකක් නෑ. කොහොමද එහෙම කියන්නේ? සත්තු/මිනිස්සු මරණ/මැරෙන ක්‍රම කොච්චර තියනවද?

    දන්නවද ඔය දෙන්නටම මේ ගැන කථා කරනකොට දැනටත් පඨිඝ ඇති වෙලා ඇති.. ඒකත් පවක්..

    හිතමුකො මම පාටියකට යනවා එතන මස් කිලෝ 10ක් උයලා තියනවා දැන් ඔතන මස් මම කෑවත් නැතත් උයලා ඉවරයි. මම නොකා ඉඳලා ඉතුරු වුනොත් විසික්කරලා දායි. නැත්තන් කවුරුහරි බඩජාරි කමට අමාරුවෙන් හරි ගිලියි. ඉතින් ඒක කෑවා කියලා මම ප්‍රාන ඝාතයකට සම්භන්ධ වුනා කියලා මම හිතන්නේ නෑ..

    දැන් හිතමු අපේ ගේ ගාවට මස් වෙලෙන්දෙක් එනවා මම එයාගෙන් හැමදාම කුකුලෙක් ගන්නවා. හිතමුකො අපේ ගෙවල් ගාව පවුල් 10ක් හැමදාම මස් ගන්නවා (එක්කෙනාට එක්කෙනා දන්නේ නෑ කියලා හිතමු.) එහෙම වුනොත් අර මනුස්සයා අපි වෙනුවෙන් අනිවා කුකුල්ලු 10ක් මරනවා. ඉතින් මම නිසා ඒ මනුස්සයා අනිවා කුකුලෙක් ගේනවා.. මම ගන්නේ නැත්තන් මරන්නේ 9යි.. එහෙම වුනොත් ප්‍රාන ගාථ අකුසලයකට සම්බන්ධ නොවුනට නිකන් හරි මදි වගේ ගතියක් එනවා නේද? මරලා කුන ගේ ගාවට ගේන නිසා මම ගන්නවා වගේම, මම ගනියි කියන බලාපොරොත්තුවෙන් තමයි ඒ මිහා සතා මරන්නේ. හැබැයි බුද්ධ දේෂනාවට අනුව මම ප්‍රාන ගාථෞඅක් කරලා නෑ. නමුත් සදාචාරාත්මකව අපිට ඒක සාධාරනිය කරනය කරන්න පුලුවන්ද කියලා මම දන්නේ නෑ..


    මතක තියාගන්න මේ දහම අථක්කවචරයි. ඉතින් මිනිස්සු ලක්ෂ 10ක් මස් කෑම නැවැත්තුවොත් මම දන්න තරමට 20% විතර මැරෙන සත්තු බේරෙනවා. තනි පුද්ගලයෙක් මස් කන එක නැවැත්තුවට ලොකු වෙනසක්නෑ තමයි. හැබැයි මම නොකෑවට හැමෝම කනවනේ කියලා කෑවොත් කවදාවත් වෙනසක් වෙන්නේ නෑ.
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මං මේ නිකමට අහන්නෙ.. බෙහෙත් බොන එකත් නවත්තන්න ඕනෙද බං ? බෙහෙතක් ටෙස්ට් කරන්න සත්තු දහස් ගාණක් ජීවිත පූජා කරනවනෙ.. තව කී දාහක් පැයගණං පරීක්ෂණ වල විඳෝනව ඇද්ද.. බෙහෙත් බොන එකත් නවත්තලම දාන්න ඕනෙනෙ බං..

    අහ් එතකොට පරිසරය පිරිසිදු කිරීම ? පොල් කට්ටක මදුරුකීටයො මදුරු බිත්තර තියෙන වතුර පිරිල තියෙනව දැක්කොත් ඒක පෙරලීම පවක්නෙ බං.. ඩෙංගු වලට හෝයියා කියල අහක බලං යනවද ?

    ඕක නිගණ්ඨ දහම බං.. ඇවිදින්නෙත් බිම අතුගගා සත්තු පෑගෙනවට.. බොන්නෙ වතුර පෙරල පෙරල සත්තු පෙවෙයි කියල..
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මං මේ නිකමට අහන්නෙ.. බෙහෙත් බොන එකත් නවත්තන්න ඕනෙද බං ? බෙහෙතක් ටෙස්ට් කරන්න සත්තු දහස් ගාණක් ජීවිත පූජා කරනවනෙ.. තව කී දාහක් පැයගණං පරීක්ෂණ වල විඳෝනව ඇද්ද.. බෙහෙත් බොන එකත් නවත්තලම දාන්න ඕනෙනෙ බං..

    අහ් එතකොට පරිසරය පිරිසිදු කිරීම ? පොල් කට්ටක මදුරුකීටයො මදුරු බිත්තර තියෙන වතුර පිරිල තියෙනව දැක්කොත් ඒක පෙරලීම පවක්නෙ බං.. ඩෙංගු වලට හෝයියා කියල අහක බලං යනවද ?

    ඕක නිගණ්ඨ දහම බං.. ඇවිදින්නෙත් බිම අතුගගා සත්තු පෑගෙනවට.. බොන්නෙ වතුර පෙරල පෙරල සත්තු පෙවෙයි කියල..

    එතකොට වස් කාලේ එක තැනක වාසය කරන්න කියලා නීතියක් ගෙනාවේ ඇයි?වැස්සට පොලොවෙන් මතුවෙන සත්තු මැරෙන නිසා නෙමෙයිද?ඒ නීතියත් ගෙනාවේ නිඝන්ඨයෝද?