මහජන මුදල් අවභාවිතයේ..

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    මහජන මුදල් අවභාවිතයේ..

    පසුගිය 06 වන බ්‍රහස්පතින්දා මම පාර්ලිමේන්තුවේ දී ආණ්ඩුවේ ලොක්කන්ගේ ගුවන් සවාරි පිලිබඳ මතු කළ ප්‍රශ්නයක් නිසා රටම උණුසුම් වුණා. එදා පාර්ලිමේන්තුවේ දී මේ ප්‍රශ්නය අහපු වෙලාවේ ආණ්ඩු පක්ෂයෙන් මට පුදුම බාධාවක් එල්ල වුණේ. බලන කොට හොර ගුවන් සවාරි ගිය ෆොන්සේකා ඇමතිතුමා ඇතුළු පිරිස තමයි මට ප්‍රශ්නය අහන්න බාධා කලේ. ඒ අවසරය පාවිච්චි කරලා වාචිකව පිළිතුරු ඉදිරිපත් කරන්න කියා මා ඉල්ලාතිබියදීත් රුවන් විජේවර්ධන ඇමතිතුමා ඒක සභා ගත කලා. ප්‍රශ්නය අහපු මටත් පිලිතුර ලැබුණේ පසුව දා. නමුත් එදාම ඒක අරගෙන රටට හෙලි කරන්න තරම් අපේ මාධ්‍යවේදින් දක්ෂ වුණා.

    මාධ්‍ය පල කලේ ඇමතිතුමා පාර්ලිමේන්තුවට ලබා දුන් පිලිතුර. ඒකෙන් කිසිම වරප්‍රසාද උල්ලංඝණය වීමක්නීතියක් කඩ වීමක් සිදුවී නෑ. පාර්ලිමේන්තුවේ වාචිකව ප්‍රකාශ කලත් සභා ගත කලත් ඒ පිලිතුරු දැන ගන්න ජනතාවට අයිතියක් තිබෙනවා. අද මාධ්‍යවේදින් බැනුම් අහන්නේ ඒ අයිතිය රැක දුන් නිසා. ඒ පිලිතුරේ වැරදි තොරතුරු අඩංගු නම් ඒකට අපට වග කියන්න බෑ. අපි නිවැරදිව ප්‍රශ්නය අහලා තිබෙනවා. ඒකට නිවැරදි පිලිතුර ලබා දීම ආණ්ඩුවේ වැඩක්.

    රටේ සංවාදයට භාජනය වුණේ ඇමතිවරුන් මුදල් නොගෙවා හෙලිකොප්ටර් සවාරි යෑම පිලිබඳයි. තවත් සමහර ඇමතිවරු අමාත්‍යංශ මුදල් ගෙවා ගිහින් තිබෙනවා. ඇත්තටම ඇමතිවරුන්ට අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා ප්‍රතිපාදන වෙන් කර නෑ. ආණ්ඩුවේ ප්‍රතිපත්තිය අනුව අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා ප්‍රතිපාදන තිබෙන්නේ ජනාධිපති, අගමැති, කතානායක සහ අගවිනිසුරු යන අයට පමණයි. මේ අය විපක්ෂයේ ඉන්න කාලයේ නම් ජනාධිපති හෙලිකොප්ටරෙන් යන එකත් විවේචනය කලා. නමුත් දැන් ආණ්ඩුවේ මුදලින් මේ අය උඩින් ගිහින්. මේකද සරල ජනාධිපතිගේ යහපාලන ආණ්ඩුව කියල අපිට අහන්නට වෙනවා.

    අගමැතිතුමා මම ප්‍රශ්නය ඇසීමට අදාල කරගත් මාස 16ට ලක්ෂ 181ක් වැය කරලා ගමන් 35ක් ගිහින්. රිෂාඩ් බදුර්දීන්, රවි කරුණානායක, ෆයිසර් මුස්තාෆා, එම් එල් එම් හිස්බුල්ලා, සාගර රත්නායක සහ වජිර අබේවර්ධන ඇමතිවරු මුදල් ගෙවා ගුවනින් ගිහින් තිබෙනවා. මේ සඳහා අමාත්‍යාංශ වලට මුදල් කොහෙන්ද කියන ප්‍රශ්නය අපි මතු කරනවා. පාර්ලිමේන්තුවේ අනුමතකල අය වැයේනම් අභ්‍යන්තර ගුවන් ගමන් සදහා කිසිදු ප්‍රතිපාදනයක් ඇමතිවරුන්ට වෙන් කර නැහැ. එහෙමනම් මෙහෙම නාස්ති කිරීමට මහජන මුදල් කොහෙන්ද යන ප්‍රශ්නයට අද ආණ්ඩුව උත්තර දෙන්න ඕන.

    ඒ වගේම ගුවන් හමුදාවට නොමිලේ ගුවන් සවාරි ලබා දීම පිලිබඳ ප්‍රතිපත්තියක් තිබෙන්න ඕනෑ. සමහර අමාත්‍යාංශ ලේකම්වරුන්ට නොමිලේ ගුවන් සවාරි ලබා දීලා. තවන් සමහර අයට ඒ අවස්ථාව නෑ. වරාය අධිකාරියට රූපවාහිනි සංස්ථාවට නොමිලේ ගුවන් සවාරි ලබා දීලා. මන්නාරමේ සුප්‍රකට බිෂොප්තුමා වන රායප්පු ජෝසෆ් බිෂොප්තුමාට නොමිලේ ගුවන් සවාරි. නමුත් එවැනි විවාධාත්මක චරිතයක් නොවන යාපනේ බිෂෝප්තුමාට ඒ අවස්ථාව ලබා දීලා නෑ.

    මහ බැංකු අධිපති යාල වනයට නිවාඩු ගත කරන්න යන්නෙත් හෙලිකොප්ටරයෙන් කියා මාධ්‍ය පල කරලා තිබුණා. මේ වාර්තාව අනුව පලමු මාස 16 තුල මහ බැංකුව ගුවන් සවාරි සඳහා ලක්ෂ 51ක් වැය කරලා තිබෙනවා. මේ නාස්ති කරන්නේ මහජන මුදල්. අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු වංචාවෙන් ඉපයූ ලාභයෙන් සිය පුතුට හෙළි කොප්ටරයක් අරන් දුන් බවට රාවයක් පැතිරී යනවා. ඒකත් මහජන මුදල්. මෙතනත් මහජන මුදල් සෘජුවම සිය සුඛ විරණය සදහා පාවිච්චි කර තිබෙනවා. ඒ නිසා ආණ්ඩුව ගුවන් ගමන් පිලිබඳ නිශ්චිත ප්‍රතිපත්තියක් හදා ගන්න ඕනෑ. එය රටට හෙළි කරන්න ඕනෑ. ඒ වගේ ම ආණ්ඩුවේ ලොකු ලොක්කන් මහජන මුදලින් අහසේ සැප ගැනීම නවත්තලා පොරොන්දු වූ සරල කම ක්‍රියාවෙන් පෙන්නන්නකියලා අපි ආණ්ඩුවට කියා සිටිනවා.
    – අරවින්ද අතුකෝරල

    http://**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A-%E0%B7%84%E0%B7%99%E0%B6%BD%E0%B7%92%E0%B6%9A%E0%B7%9C%E0%B6%B4%E0%B7%8A%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A-%E0%B6%9C%E0%B7%8F%E0%B6%BA%E0%B7%9A/
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මාස 16 ට ඇමතිවරුන්ට අභ්‍යන්තර ගුවන් ගමන් සදහා ලක්ෂ 181 ක්???
    ---- ගෙදරින් ගෙනාපු සල්ලිද??????
    මහබැංකුවේ හිටපු අදිපති ට අභ්‍යන්තර නිවාඩු ගමන් ගන්න මහ බැංතුවේ ලක්ෂ 51 ක්????
    ඌට දීපු දඩුවම හයිවේ එකේ උපදේශක තනතුරක්....
    මේවටද චන්දෙ ගන්න කලින් මුන් උතුර ලේ රහ වෙනකම් කූගුහුවෙ
    කුණු පණුවන් ගහල මැරියව්.....
     

    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    මාස 16 ට ඇමතිවරුන්ට අභ්‍යන්තර ගුවන් ගමන් සදහා ලක්ෂ 181 ක්???
    ---- ගෙදරින් ගෙනාපු සල්ලිද??????
    මහබැංකුවේ හිටපු අදිපති ට අභ්‍යන්තර නිවාඩු ගමන් ගන්න මහ බැංතුවේ ලක්ෂ 51 ක්????
    ඌට දීපු දඩුවම හයිවේ එකේ උපදේශක තනතුරක්....
    මේවටද චන්දෙ ගන්න කලින් මුන් උතුර ලේ රහ වෙනකම් කූගුහුවෙ
    කුණු පණුවන් ගහල මැරියව්.....
    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
     

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,321
    2,389
    113
    මාස 16 ට ඇමතිවරුන්ට අභ්‍යන්තර ගුවන් ගමන් සදහා ලක්ෂ 181 ක්???
    ---- ගෙදරින් ගෙනාපු සල්ලිද??????
    මහබැංකුවේ හිටපු අදිපති ට අභ්‍යන්තර නිවාඩු ගමන් ගන්න මහ බැංතුවේ ලක්ෂ 51 ක්????
    ඌට දීපු දඩුවම හයිවේ එකේ උපදේශක තනතුරක්....
    මේවටද චන්දෙ ගන්න කලින් මුන් උතුර ලේ රහ වෙනකම් කූගුහුවෙ
    කුණු පණුවන් ගහල මැරියව්.....

    :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes:
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ඕව ඉතින් අපිට නවත්තන්න පුළුවන් දේවල් නෙවෙයි......
    හැබැයි හෙලිකොප්ටර් පයිලට්ලට නම් පුළුවන් තමන්ගේ නමත් ඉතිහාසගත කරගෙන රටටත් ලොකු සේවයක් කරන්න ඔය ඇමති හුකන්නෙක් දෙන්නෙක් අරන් යනගමන් හෙලිකොප්ටරේ පිටින් බිමට පතබෑවුවනම්.......අර අෂ්රොෆ් පකයට වුනා වගේ.