මහණෙනි, දානයෙහි අනුසස් පස්දෙනෙක් වෙති. කවර පසක් ද යත්:

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    දානයෙහි ආනිසංස...

    මහණෙනි, දානයෙහි අනුසස් පස්දෙනෙක් වෙති. කවර පසක් ද යත්:

    ◾බොහෝ දෙනාට ප්‍රිය මනාප වෙයි.
    ◾ශාන්තවූ සත් පුරුෂයෝ මොහු ඇසුරු කරති.
    ◾යහපත්වූ ගුණ ඝෝෂාව පැන නඟියි.
    ◾ගෘහස්ත ධර්මයෙන් පහ නොවූයේ වෙයි හෙවත් නොකඩවූ පඤ්ච ශීලය ඇත්තේ වෙයි.
    ◾ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති දිව්‍ය ලෝකයෙහි උපදියි. මහණෙනි, මේ වනාහි දානයෙහි අනුසස් පස වෙත්ය” යි වදාළ සේක.

    ,සත්පුරුෂ ධර්‍මය අනුව යන දෙන තැනැත්තේ ප්‍රිය වෙයි. සංයත බ්‍රහ්මචාරී ශාන්ත සත්පුරුෂයෝ ඔහු ඇසුරු කරති.

    උන්වහන්සේලා ඔහුට සියලු දුක් දුරලන්නා වූ යම් ධර්‍මයක් දේශනා කෙරෙත්ද, හෙතෙම මෙලොව ඒ ධර්‍මය දැන, ආශ්‍රව රහිතවූයේ පිරිනිවේය” යි වදාළ සේක.

    (අංගුත්තර නිකාය - දානානිසංස සූත්‍රය.)
     
    • Like
    Reactions: kinkon