




















dawalta kala nidaganinඔව් මචන් කතාව ඇත්ත.මම දන්න දෙතුන් දෙනෙකුටත් ඔය වැඩේ උනා.මටත් ටිකක් මහත් වෙන්න නං ඕන.ඒත් මමත් ඔය පෙති අනං මනං ගන්නෙ නෑ.ජිම් එකකට යන්න කියල කල්පනා කලේ.උබ කියන විදියට ඒක හරියන්නෙත් නෑ වගේ.
ඔව් මචන් කතාව ඇත්ත.මම දන්න දෙතුන් දෙනෙකුටත් ඔය වැඩේ උනා.මටත් ටිකක් මහත් වෙන්න නං ඕන.ඒත් මමත් ඔය පෙති අනං මනං ගන්නෙ නෑ.ජිම් එකකට යන්න කියල කල්පනා කලේ.උබ කියන විදියට ඒක හරියන්නෙත් නෑ වගේ.
එළකිරි කොල්ලෙක්;14227154 said:එකඟයි මචං
Supplement එකක් ගන්න අනිවාර්ය් කරලා නෑ ජිම් එකක.ඒ වුනාට තමන් Gymming කරද්දි වැය වෙන ශක්තිය ඉක්මනටම ලබා ගන්න තමයි Supplement එකක් දෙන්නෙ.ඕක නැවැත්තපු ගමන් ඇඟ බහිනවා කියන කතාව ඇත්තක් වෙන්න ඕන මචං.මොකද Gym එකේ දි හරියට නම් තමන් කෙට්ටු නම් දවසකට වේල් පහක්වත් බඩට යන්න ඕන.ඒ කිව්වෙ කට කපලා පිදුරුතලාගල කන්දෙ සයිස් එකට නෙමෙයි කන දේ කොටස් වශයෙන් ගන්න ඕන.
ඌරු පෙති ගැන නම් මම ගුණ අහලා නෑ.....සිරාවටම කියන්නෙ
ඒත් Professional Bodybuilding කරන්නෙ නැත්නම් Fitness සාමාන්‍ය විදියට තියන් ඉන්න ඕන නම් කරන්න ඕන හොඳම දේ දේශීය රතු නිවුඩු සහල්(නිවුඩ්ඩ හාල් ඇටේ රතු වෙන්න ඕන කියලා අගින් පොඩ්ඩක් තියෙන එව්ව නෙමෙයී)
අල වර්ග(අර්තාපල් නෙමෙයි බතල,ගහල,කිරි අලා ,කොස්), ඇට වර්ග(මුං ඇට කඩල කවුපි (රතු කවුපි සහ සුදු කවුපි දෙකම හොඳයී),ඒ වගේම පුළුවන් තරම් තමන්ගෙ ආහාර වේලකට එළවලු එකතු කර ගන්න.පළතුරු (ඒ කිව්වෙ ඇපල් නෙමෙයි ගෙඩියක් දැන් 60 යි නෙ කටු අනෝදා පලුවක්,වෙරලු ගෙඩි කිහිපයක්,පේර ගෙඩියක්...) ඒ වගේම තමයි වලට වැඩිය Soft Drinks යන්නෙපා එක්කො කල් කිරි එකක්,Natural Fruit juice එකක් ,ඇඹුල් දොඩම් වගේ තමයි හොඳ.
මීට අමතරව ප්‍රෝටීනමය ආහාර විදියට මස් මාලු නිර්දේෂ කරනවා instructor
මම Professonal bodybuilding කරපු එකෙක් නම් නෙමෙයි .ඒත් Bodybuilding වලදි 1st place දෙන්නෙ Food Habits වලට.අපි Bodybuilding නවත්තපු දවසක Supplement එකක් ගහන්නෙ නෑ නෙ.ඒ අවශ්‍යතාවක් නෑ.ඒත් Food habits Continue කරගන්න පුලුවන් නෙ.ඒකයි Professional bodybuilding කරන්නෙ නැති Fitness maintanance වලටම එන කට්ටියට Natural food habits වලින්ම Body building කරන එක හොඳ.
මේ මගේ අදහස
මට වඩා මේ ගැන දන්නා බොහෝමයක් එළකිරියේ සිටිත්