මහනුවරට අලුත් මහපාරක් ඕනෙද?

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    මහනුවරට අලුත් මහපාරක් ඕනෙද?

    මෙය උපුටා ගැනීමක් වන අතර මගේ අදහසත් මෙම මාර්ගය විවුර්ත කල යුතු බවයි. පාලමක් දැමීම සම්බන්දව කැමැත්තක් නැත.

    //අංක A 26, මහනුවර - මහියංගණය ප්‍රධාන මාර්ගයේ, මහනුවර නගරයේ, ශ්‍රී දළදා මාලිගාව අසළින් වැටී තිබෙන කොටස, 1998 වර්ෂයේ සිට මේ දක්වා වසා දමා තිබෙනවා. මෙයට හේතුව වූයේ 1998 ජනවාරි මස 25 වැනි දින LTTE සංවිධානය විසින් ශ්‍රී දළදා මාළිගාව වෙත එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයයි. මෙම සිද්ධියෙන් පසු ආරක්ෂක පියවරක් වශයෙන්, මෙම මාර්ගය වසා දමන ලද අතර, අතිශයින් වැදගත් පුද්ගලයන්ට VVIP පමණක්, එම මාර්ගයෙන් දළදා මාලිගාවට පිවිසීමට අවසර ලැබුණා. සාමාන්‍ය ජනතාවට, අදටත් මේ කොටසේ, පයින් ගමන් කිරීමටවත් අවසර නැහැ.

    මෙම මාර්ගය වසා දැමීමෙන් පසු, මහනුවර නගරයේ එදා සිට අද දක්වා තිබෙන වාහන තදබදය ගැන, මහනුවර නගරය හරහා, එක වරක් හෝ වාහනයකින් ගමන් කළ අය දන්නවා ඇති. නමුත්, මහනුවර ප්‍රදේශවාසීන්, දිනපතා මේ වාහන තදබදය නිසා විඳින කරදර දුක් කම්කටොළු, මෙපමණයි කියා කියන්නට බැරිතරම්.

    මේ ඊයේ පෙරේදා, රූපවාහිණී ප්‍රවෘත්ති ප්‍රකාශයක සඳහන් වුණා, මෙම මාර්ගය නැවත විවෘත කරන්නට අදහසක් පහළවී තිබෙන බව. මෙහිදී, අස්ගිරි පාර්ශ්වයේ මහානායක, අති පූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත ස්වාමීන් වහන්සේ, මේ ගැන සිය විරෝධය පලකරනු, රූපවාහිනී ප්‍රවෘත්ති විකාශයක මා දුටුවා. උන්වහන්සේ ප්‍රකාශ කළේ, මෙම මාර්ගය යළි විවෘත කිරීම පිළිබඳව සාකච්ඡා කිරීමට, රාජ්‍ය නිළධාරීන් පිරිසක්, තමන් වහන්සේ හමුවීමට පැමිණි බවත්, නමුත් තමන් වහන්සේ ඒ ගැන විරුද්ධත්වය ප්‍රකාශ කළ බවත්, පාර විවෘත කරගන්නට දැඩිව උත්සාහ ගන්නේ, සාමාන්‍ය ජනතාව නොව, වාහන හිමියන් බවත්, උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කරන්නට යෙදුණා.

    මල්වතු මහ නාහිමියන්, මේ පාර යළි විවෘත කිරීම පිළිබඳව, විරුද්ධත්වයක් ප්‍රකාශ කර ඇති බවක් දැනගන්නට නැහැ.

    මේ පිළිබඳව මගේ හැඟීම් සහ, මා ඉදිරිපත් කරන විකල්ප යෝජනාව, පහත දක්වන අතර, ඒ පිළිබඳව ඔබගේ පුළුල් දායකත්වය බලාපොරොත්තු වෙනවා. මා ඉදිරිපත්කර තිබෙන්නේ, ඉතා දුර්වල යෝජනාවක් වන්නට පුළුවන්. මට වඩා මහනුවර නගරය ගැන දන්න, මා කොහොමවත් නොදන්නා, ඉංජිනේරු තාක්ෂණය ගැන දන්න අය, ඔබ අතර ඉන්න බව මා දන්නවා. ඉතින් මා ඔබෙන් කාරුණිකව ඉල්ලනවා, මේ පිළිබඳව මේ අඩවියේදී සංවාදයක යෙදෙන්නට. වඩාත් පුළුල් සහ ඵලදායී යෝජනා ඉදිරිපත් කරන්නට.

    එක කාරුණික ඉල්ලීමක් කරනවා. ඔබට අයිතිය තියනවා අස්ගිරි මහ නාහිමිගේ අදහසට විරුද්ධව අදහස් ඉදිරිපත් කරන්නට. නමුත්, අපහාසාත්මක අදහස් ඉදිරිපත් නොකරන ලෙස කාරුණිකව ඉල්ලනවා.

    මෙන්න මගේ හැඟීම්

    පුද්ගලයකු වාහනයක් ගන්නේ, කාර්ය බහුල ජීවිතයට සහනයක් ලබාගන්නයි. තමන්ගේ ගමන් බිමන්, ඉක්මනින් හා පහසුවෙන් කරගන්නයි. ඉතා අල්ප දෙනෙකෙකු පමණයි, මහන්තත්තකම පෙන්නන්න වාහනයක් ගන්නේ. ඒ නිසා, අස්ගිරි මහනායක හිමියන්ගේ ප්‍රකාශය සමග එකඟ වන්නට අපහසුයි.

    මටත් මගේ බිරිඳටත් දැන් ඉස්සර වගේ දිගු දුරක් පයින් ගමන් කරන්නට බැහැ. වන්දනාවක ගියත් ඒ පූජනීය ස්ථානයට හැකිතරම් ආසන්නය දක්වා වාහනයකින් යන්නට ඇත්නම් හොඳයි. ශ්‍රීපාදස්ථානය වැනි තැනකට නැවත කවදාවත් අප දෙදෙනාටම යන්නට බැරි බව, අප දෙදෙනාම දන්නවා. එවැනි මහළු, දුබල, ආබාධිත, අය සඳහා පූජනීය ස්ථාන වලට ඇතුළුවීමේ විශේෂ ක්‍රමවේද (එස්කැලේටර්, ඒ ස්ථානයෙන් ලබාගත හැකි විශේෂ වාහන, යටත්පිරිසෙයින් රෝදපුටු) සැකසීම ඉතා වැදගත්. මේ ගැන ආගමික කටයුතු අමාත්‍යංශයෙන්ම වැඩපිළිවෙලක් බලාපොරොත්තු වෙනවා.

    ශ්‍රී දළදා මාලිගාව වන්දනා කරන්නට, දිනකට කොපමණ බැතිමතුන් පිරිසක්, කුළියට ගත් වාහන වලින් එනවාද යන්න, අමුතුවෙන් කිවයුතු නැහැ. එසේ එන පිරිස් අතර, වැඩිහිටි, මහළු, දුබල, රෝගී, විශාල පිරිසක් ඉන්නවා. ළදරුවන් වඩාගත් මව්වරුන් මෙන්ම, ගර්භනී මාතාවන්ද ඉන්නවා. ඒ අය, තමන් පැමිණි වාහන ඈතින් නවතා, පයින් දළදා හාමුදුවන් වඳින්නට එන්නේ, වෙනත් කළහැකි දෙයක් නොමැතිකම නිසා විනා, කැමැත්තෙන් නොවෙයි. ඔවුන්ගෙන් විමසා බැලුවොත්, බහුතරයකගේ මතය වන්නේ මේ පාර විවෘත කර දෙන්නේ නම් කෘතඥ වන බවයි. සමහරවිට දළදා මාලිගා මළුව ගිනිගන්නවා වගේ දැඩි හිරු රශ්මියක් පතිත වෙනවා. නමුත් බොහෝ දෙනෙක්, ආගමික භක්තිය නිසා, තුවා කෑල්ලක්වත් ඔලුවේ දාගන්නේ නැතුව, පාවහන්ද නැතුව මළුවේ ගමන් කරනවා. මාලිගාව අසළට ත්‍රිරෝද රියකින්වත් යන්න පුලුවන්නම් හොඳයි. දළදා වහන්සේට එයින් අගෞරවයක් සිදුවේයැයි මා සිතන්නේ නැහැ.

    දිනපතා උදේ හවස, පාසල් දරුවන්, රැකියා සඳහා යන අයවලුන්, දහසකුත් එකක් අවශ්‍යතා සඳහා මහනුවර නගරයට යන එන්නන්, රෝහලට යන එන අය, මේ වාහන තදබදය නිසා විඳින කරදර, මෙහි ලියන්නට ගියොත්, ලිපි කීපයක් ලියන්නට වෙනවා. වාහන තදබදය නිසා, ජාතියක දියුණුව වෙනුවෙන් වැයකිරීමට ඇති කාලය අපතේ යාම, අනවශ්‍ය ඉන්ධන දහනය, (මහනුවර නගරයේ වායුව අතිශයින් දූෂිත බවට විශේෂඥ වාර්තාවක්, කලකට ඉහතදී පළවී තිබුණා) විකල්ප මාර්ග නොදන්නාකමින්, මහනුවර නගරය මගහැර යනු වෙනුවට, නගරය හරහාම යන්නට එන වාහන, අර වාහන තදබදයටම එක්වීම, අත්‍යවශ්‍ය ප්‍රවාහන සේවා ප්‍රමාදවීම, ආදී වශයෙන් ඇති කරුණු අපමණය. මෙයට තවත් කරුණු ගණනාවක් එකතු කරන්නට ඔබට හැකි බව මා දන්නවා.

    මෙන්න මගේ යෝජනාව

    ඉංග්‍රීසි භාෂාවේ කියමනක් තියනවා 'you can't have the Cake and eat the Cake' කියලා. ඒ කියන්නේ යම්කිසි දෙයක් ඉතා වටිනවා, හරිම අගෙයි කියමින්, හැඩරුව බලමින්, වර්ණනා කරමින්, ඉන්නට සහ, ජීවිතයේ ඉදිරි පැවැත්ම සඳහා, අවශ්‍යයෙන්ම පරිභෝජනය කළයුතු ඒ දේ, පරිභෝජනය නොකර, බල බලා ඉන්නටත් බැහැ, කියන එකයි. පැරණි පාර අරින්නට ඉඩ දෙන්නෙත් නැත්නම්, මහනුවර නගරයේ වාහන තදබදය, දිනපතා වර්ධනය වන්නක් විනා, අඩු වන්නක් නොවන නිසාත්, මහනුවර මහියංගණය මාර්ගය නැවත සම්බන්ධ කිරීමේ විකල්ප පියවරක්, නොපමාව ගන්නවා හැර, වෙනත් කුමක් කරන්නද?

    මටනම් හිතෙන්නේ කොන්ක්‍රීට් කණු මත දිවෙන පාරක්, බෝගම්බර වැවේ ඉදිකර, එමගින් මහනුවර මහියංගණය පාර යළි සම්බන්ධ කිරීම විනා වෙනත් විකල්පයක් නොමැති බවයි. ඔන්න මම සිතියමක් දක්වනවා පහළින්. සමහර අයට දැඩි කෝපයක් ඇතිවෙයි මෙය දැකලා. ඒ කියන්නේ, කේක් එක කන්නයි තියාගන්නයි දෙකම ඕනෙ කියන එකද කියලා, මා දන්නේ නැහැ. වාද කිරීමෙන් හෝ අපහාස කිරීමෙන් පළක් නැහැ. අපි සංවාද කරමු. මේ සිතියම මත ක්ලික් කර, විශාල කර බලන්න.

    my-proposal.png

    දැන් මේක දැකපු ගමන් එන විවේචන බොහොමයක් තිබෙන්න පුළුවන්.
    වැව ඉවරයි.

    නගරයේ ලස්සනම තැන ඉවරයි.

    දළදා හාමුදුරුවෝ ඉදිරිපිට වැවේ මාළු මරමින් මේ වැඩේ කරන්න වෙනවා.

    වැවේ ඓතිහාසික වටිනාකම දන්නේ නැතුවද මේ ඔලමොට්ටල යෝජනාව ගෙනාවේ.

    ආදී වශයෙන්. ඉතිං ඔන්න මම ආයෙත් කියනවා මට තේරෙන විදිහට. 'you can't have the Cake and eat the Cake' ඔන්න මම නවතිනවා. //

    Link:- http://wicharaka.blogspot.co.ke/2015/01/how-to-resolve-vehicle-congestion-in.html
     
    • Like
    Reactions: GuneBhai
    Jan 30, 2016
    224
    15
    0

    මෙහෙම කරනවනම් හොදයි බන්.හැබැයි මේත් එක්කම ටවුන් එකේ පාරවල් හැදුවෙ නැත්තන් හරි වෙන විකල්ප සිස්ටම් එකක් හැදුවේ නැත්තන් ඕකත් තාවකාලික පැලැස්තරයක් විතරයි.
    my-proposal.png
     
    kumu123

    Active member
  • Oct 26, 2007
    479
    27
    28
    cyber space
    I propose to build a tunnel starting just passed the president house and along the udawattha kalee upto leewella junction. that tunnel is 1.3 km long.
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    වැව් බැම්මට කෙල උනොත් නුවරට වෙන දේ හිතාගනින් :angry:
     
    • Like
    Reactions: Amila llll

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    Uba mark Karala thiyena Then deka nam mare maru... Queens eka lagin Kadanne kohomada Ban Bima idala adi 8k withara udin wewa thiyenne :P Ubata maligawata yanna ocharama amaru nam Natha Devalaya Pethen yanna... wahaneth ethaninma park karaganna puluwan... Wayasaka minissu a Pethen yanne Kisima auwakuth ne karawenneth ne...
     
    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    මහනුවර යනු ලංකාවේ දැනට පවතින නගර අතරින් සුන්දරම නගරයක් වන අතර එම අලංකාරයට ප්‍රධානම හේතුව වනුයේ නුවර වැව සහ නගරය ආශ්‍රිතව ඇති ස්භාවික පරිසරය වේ. කොළඹ හෝ තදාසන්න නාගරික වැසියන්ට අත්විදීමට නොහැකි මානසික තෘප්තියක් සහ නිදහස් වූ හැඟීමක් මහනුවර ආසන්නයේ සිටින වැසියන්ට සහ මහනුවරට යන එන සියලුම දෙනාට ලැබෙන්නේ නුවර වැව සහ ඒ වටා ඇති වලාකුල් බැම්මේ අසිරිය නිසාම බව අවිවාදයෙන් පිළිගත යුතු කරුණකි.

    කරුණු එසේ හෙයින් නගරයේ මාර්ග තදබදය සඳහා මෙහි යෝජනා වූ අදහස අගය කරන අතරම මාගේ පෞද්ගලික අදහසද මේ සමග ඉදිරිපත් කිරීමට කැමැත්තෙමි.

    එදා මෙදා තුර සිදු වූ සංවර්ධනයත් සමඟ ශ්‍රී ලංකාව අටුව කඩා පුටුව හැදීමේ සංවර්ධන ව්‍යාපෘති දහසකුත් ක්‍රියාත්මක කර ඇති අතර ඒ හේතුවෙන් අපට අහිමි වී ගිය ස්භාවික සම්පත් මෙන්ම වටිනාකම් බොහෝමය.නාගරිකරණයත් සමඟ තමන්ගේ පහසුව සඳහා පවතිනා වූ ඕනෑම දෙයක් සුනු විසුනු කිරීමේ පටු අදහස් සහිත බොහෝ ශ්‍රී ලාංකිකයන් ඔවුන්ගේ මුවින්ම පසු කලකදී පෙර තිබු සම්පත් පිලිබඳ සාතිශය සන්වේහය පල කරනු අප අසා ඇත්තෙමු.

    මහනුවර දළදා මාලිගාව අසල මාර්ගය වසා දැමීමේ ප්‍රධානම හේතුව දළදා මාලිගාවට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය මිස මාර්ග තදබදයක් ඇති කිරීමේ අරමුණකින් නොවේ.මේ වන විට ලංකාවේ ත්‍රස්තවාදයක් නොමැති වුවද එක වරක් වූ අලකලංචිය තවත් වරක් සිදුවීමේ අවධානම මඟ හරිම සඳහා එම මාර්ගය අදටත් වසා දමා ඇත.

    නමුත් මෙහිදී යෝජනා වූ පරිදි නුවර වැවට ඉහලින් මාර්ගයක් ඉදි කිරීමෙන් සිදුවන්නා වූ පාරසරික මෙන්ම සංස්කෘතික හානියද පිලිබඳ සලකා බැලිය යුතුය. ප්‍රතමයෙන්ම පාලමක් සහිත නුවර වැවක් ඔබට මවා ගැනීමට හැකිද?නුවර වැවේ පවතින ස්භාව අලංකාරයයට එයින් වන හානිය සුළුපටු නොවේ.එමෙන්ම බෞධ්‍යන්ගේ මුදුන්මල්කඩ බඳු දළදා මාලිගාවට ඉහලින් ඉදිවන මාර්ගයකට ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාව තුලින් විරෝධයක් මතු වීම කිසි සේත්ම වැළක්විය නොහැක.

    සුළු වෙලාවක පහසුව තකා මහනුවර පවතින අනන්‍යතාවය වන නුවර වැව හෝ වලාකුළු බැම්ම හෝ මාලිගාවට ඉහලින් මාර්ග සෑදීම ගැන සිතනවාට වඩා ඉහල යන වාහන ප්‍රමාණයට ප්‍රමාණවත් පරිදි මහනුවර නගරය මග හැර විකල්ප මාර්ගයක් ඉදි කිරීම මඟින් නගරය තුල ඇති තදබදය අවම කල හැකි බව මාගේ අදහසයි.

    එමෙන්ම වැවට උඩින් ඉදි කරන මාර්ගයෙන් ඉතිරි කරගන්නා වූ කාලයට වඩා ස්භාවික අලංකාරය සමඟ නුවර වැව රවුමේ ගමන් කිරීමෙන් ලබා ගන්නා වූ වින්දනය මා හට අපරිමිතව වටිනා බවද සඳහන් කිරීමට කැමැත්තෙමි.

    :):):)
     
    Last edited:
    • Like
    Reactions: Amila llll

    deepwater

    Well-known member
  • Aug 14, 2015
    865
    508
    93
    මහනුවර යනු ලංකාවේ දැනට පවතින නගර අතරින් සුන්දරම නගරයක් වන අතර එම අලංකාරයට ප්‍රධානම හේතුව වනුයේ නුවර වැව සහ නගරය ආශ්‍රිතව ඇති ස්භාවික පරිසරය වේ. කොළඹ හෝ තදාසන්න නාගරික වැසියන්ට අත්විදීමට නොහැකි මානසික තෘප්තියක් සහ නිදහස් වූ හැඟීමක් මහනුවර ආසන්නයේ සිටින වැසියන්ට සහ මහනුවරට යන එන සියලුම දෙනාට ලැබෙන්නේ නුවර වැව සහ ඒ වටා ඇති වලාකුල් බැම්මේ අසිරිය නිසාම බව අවිවාදයෙන් පිළිගත යුතු කරුණකි.

    කරුණු එසේ හෙයින් නගරයේ මාර්ග තදබදය සඳහා මෙහි යෝජනා වූ අදහස අගය කරන අතරම මාගේ පෞද්ගලික අදහසද මේ සමග ඉදිරිපත් කිරීමට කැමැත්තෙමි.

    එදා මෙදා තුර සිදු වූ සංවර්ධනයත් සමඟ ශ්‍රී ලංකාව අටුව කඩා පුටුව කැඩීමේ සංවර්ධන ව්‍යාපෘති දහසකුත් ක්‍රියාත්මක කර ඇති අතර ඒ හේතුවෙන් අපට අහිමි වී ගිය ස්භාවික සම්පත් මෙන්ම වටිනාකම් බොහෝමය.නාගරිකරණයත් සමඟ තමන්ගේ පහසුව සඳහා පවතිනා වූ ඕනෑම දෙයක් සුනු විසුනු කිරීමේ පටු අදහස් සහිත බොහෝ ශ්‍රී ලාංකිකයන් ඔවුන්ගේ මුවින්ම පසු කලකදී පෙර තිබු සම්පත් පිලිබඳ සාතිශය සන්වේහය පල කරනු අප අසා ඇත්තෙමු.

    100% agree
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,809
    6,365
    113
    I propose to build a tunnel starting just passed the president house and along the udawattha kalee upto leewella junction. that tunnel is 1.3 km long.

    oka kalin anduwa kale idan plan kara kara hityie

    traffic අඩු කරන්ට එක පියවරක් විදිහට තමයි හිර ගෙදර වෙන තැනකට අරන් ගියේ. රජයේ ආයතන ගොඩක් පල්ලේ කාලෙට අරන් යන්ටලු plan කරලා තියෙන්නේ

    වැව් බැම්මට කෙල උනොත් නුවරට වෙන දේ හිතාගනින් :angry:

    මහනුවර යනු ලංකාවේ දැනට පවතින නගර අතරින් සුන්දරම නගරයක් වන අතර එම අලංකාරයට ප්‍රධානම හේතුව වනුයේ නුවර වැව සහ නගරය ආශ්‍රිතව ඇති ස්භාවික පරිසරය වේ. කොළඹ හෝ තදාසන්න නාගරික වැසියන්ට අත්විදීමට නොහැකි මානසික තෘප්තියක් සහ නිදහස් වූ හැඟීමක් මහනුවර ආසන්නයේ සිටින වැසියන්ට සහ මහනුවරට යන එන සියලුම දෙනාට ලැබෙන්නේ නුවර වැව සහ ඒ වටා ඇති වලාකුල් බැම්මේ අසිරිය නිසාම බව අවිවාදයෙන් පිළිගත යුතු කරුණකි.

    කරුණු එසේ හෙයින් නගරයේ මාර්ග තදබදය සඳහා මෙහි යෝජනා වූ අදහස අගය කරන අතරම මාගේ පෞද්ගලික අදහසද මේ සමග ඉදිරිපත් කිරීමට කැමැත්තෙමි.

    එදා මෙදා තුර සිදු වූ සංවර්ධනයත් සමඟ ශ්‍රී ලංකාව අටුව කඩා පුටුව කැඩීමේ සංවර්ධන ව්‍යාපෘති දහසකුත් ක්‍රියාත්මක කර ඇති අතර ඒ හේතුවෙන් අපට අහිමි වී ගිය ස්භාවික සම්පත් මෙන්ම වටිනාකම් බොහෝමය.නාගරිකරණයත් සමඟ තමන්ගේ පහසුව සඳහා පවතිනා වූ ඕනෑම දෙයක් සුනු විසුනු කිරීමේ පටු අදහස් සහිත බොහෝ ශ්‍රී ලාංකිකයන් ඔවුන්ගේ මුවින්ම පසු කලකදී පෙර තිබු සම්පත් පිලිබඳ සාතිශය සන්වේහය පල කරනු අප අසා ඇත්තෙමු.

    මහනුවර දළදා මාලිගාව අසල මාර්ගය වසා දැමීමේ ප්‍රධානම හේතුව දළදා මාලිගාවට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය මිස මාර්ග තදබදයක් ඇති කිරීමේ අරමුණකින් නොවේ.මේ වන විට ලංකාවේ ත්‍රස්තවාදයක් නොමැති වුවද එක වරක් වූ අලකලංචිය තවත් වරක් සිදුවීමේ අවධානම මඟ හරිම සඳහා එම මාර්ගය අදටත් වසා දමා ඇත.

    නමුත් මෙහිදී යෝජනා වූ පරිදි නුවර වැවට ඉහලින් මාර්ගයක් ඉදි කිරීමෙන් සිදුවන්නා වූ පාරසරික මෙන්ම සංස්කෘතික හානියද පිලිබඳ සලකා බැලිය යුතුය. ප්‍රතමයෙන්ම පාලමක් සහිත නුවර වැවක් ඔබට මවා ගැනීමට හැකිද?නුවර වැවේ පවතින ස්භාව අලංකාරයයට එයින් වන හානිය සුළුපටු නොවේ.එමෙන්ම බෞධ්‍යන්ගේ මුදුන්මල්කඩ බඳු දළදා මාලිගාවට ඉහලින් ඉදිවන මාර්ගයකට ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාව තුලින් විරෝධයක් මතු වීම කිසි සේත්ම වැළක්විය නොහැක.

    සුළු වෙලාවක පහසුව තකා මහනුවර පවතින අනන්‍යතාවය වන නුවර වැව හෝ වලාකුළු බැම්ම හෝ මාලිගාවට ඉහලින් මාර්ග සෑදීම ගැන සිතනවාට වඩා ඉහල යන වාහන ප්‍රමාණයට ප්‍රමාණවත් පරිදි මහනුවර නගරය මග හැර විකල්ප මාර්ගයක් ඉදි කිරීම මඟින් නගරය තුල ඇති තදබදය අවම කල හැකි බව මාගේ අදහසයි.

    එමෙන්ම වැවට උඩින් ඉදි කරන මාර්ගයෙන් ඉතිරි කරගන්නා වූ කාලයට වඩා ස්භාවික අලංකාරය සමඟ නුවර වැව රවුමේ ගමන් කිරීමෙන් ලබා ගන්නා වූ වින්දනය මා හට අපරිමිතව වටිනා බවද සඳහන් කිරීමට කැමැත්තෙමි.

    :):):)

    :yes::yes::yes::yes:
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    නුවර විතරක් නෙවෙයි උදේටයි දවල්ටයි මහයියාවේ ඉදලා කටුගස්තොට පාළම පහු වෙනකම් පුදුම කට්ටක් කන්න වෙන්නේ බස් වෙල යන උදවියට.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔහොම නෙමේ මචන්,ගොඨාභය ඔකට සැලසුමක් සකස් කරා කන්දක් විදල (බහිරව කන්ඩ වගේ මතක) පාරක් හදන්ඩ අන්න ඒක හොයපල්ල ඒකයි හරියන ක්‍රමය,