මහනුවරින් අදත් චීන ජාතිකයින් 18 අත්අඩංගුවට

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    වීසා නොමැතිව මෙරට රැඳී සිටි තවත් චීන ජාතිකයින් 18 දෙනෙකු අද මහනුවර අනිවත්ත ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගෙන සිටිය දී මහනුවර පොලීසියේ සංචාරක පොලිස් ඒකකය මගින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

    අත්අඩංගුවට ගත් චීන ජාතිකයින් අතරින් 16 දෙනෙකු සතුව වලංගු විදේශ ගමන් බලපත්‍රයක් නොතිබූ බව පොලීසිය පවසයි.
    සැකකරුවන් අතර කාන්තාවන් දෙදෙනෙකු ද සිටින අතර මොවුන් ද පරිගණක මූල්‍ය වංචා වලට සම්බන්ධ බවට පොලීසිය සැක කරයි.
    කුණ්ඩසාලේ ප්‍රදේශයේ දී චීන ජාතිකයින් 130 දෙනෙකු අත්අඩංගුවට ගැනීමත් සමඟ මෙම චීන ජාතිකයින් පිරිස ඔවුන් සතු ලැප්ටෛාප් පරිගණක ඇතුළු තාක්ෂණික උපකරණ සගවන්නට ඇතැයි පොලීසිය සැක කරයි.

    මහනුවර පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

    mechchara kalayak allala naththe ranil rajapakshalage power nisa wenna athi