මහනුවර දුම්රිය මැදිරි 4ක් ගිනි
මහනුවරදී දුම්රිය මැදිරි 4ක් ගින්නකින් විනාශයි.
මහනුවර දුම්රිය ස්ථානයේ දුම්රිය අංගනයේ නවතා තිබූ දුම්රියක මැදිරි 04 ක් හදිසියේ ඇති වූ ගින්නකින් සම්පූර්ණයෙන් විනාශ වී තිබෙනවා. දුම්රිය ස්ථානයේ ප්රකාශකයකු හිරු ප්රවෘත්ති අංශයට කියා සිටියේ අද (22) පස්වරු 2.30 ට පමණ එක් මැඳිරියක ඇති වූ ගින්න තවත් මැඳිරි තුනකට පැතිරී ගිය බවයි. පසුව මහනුවර ගිනි නිවීම් ඒකකයේ නිලධාරීන් පැමිණ එය පාලනය කිරීමට පියවර ගෙන තිබෙනවා. කෙසේ වෙතත්, එම නිලධාරියා තවදුරටත් සඳහන් කළේ ගින්නෙන් කිසිවෙකුටත් හානි සිදුවී නොමැති බවයි. මේ අතර, දුම්රිය ධාවනයට ද ගින්න බධාවක් වී නොමැති බව ඔහු අවධාරණය කළා.
Watch Video :

Code:
http://www.hirunews.lk/sinhala/11923