මහනුවර නගරයේ පදික වෙළඳාම ජනවාරි 1 සිට තහනම් 🚫

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,439
    8,595
    113
    Kandy to be developed as a Virtual City under ‘Clean Sri Lanka’ project

    ලබන ජනවාරි මස 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි මහනුවර මහා නගර සභා බල ප්‍රදේශය තුළ සියලුම ආකාරයේ වීදි වෙළඳාම් සම්පූර්ණයෙන් තහනම් කිරීමට තීරණය කර ඇති බව මහනුවර නගරාධිපති චන්ද්‍රසිරි විජේනායක පවසයි.

    නගරයේ පිරිසිදුකම හා සුන්දරත්වය සුරැකීමත්, මහජනතාවට අවහිරයකින් තොරව නිදහසේ පදික වේදිකාවල ගමන් කිරීමට ඉඩ සැලසීමත් මෙම තීරණයේ ප්‍රධාන අරමුණ බව නගරාධිපතිවරයා සඳහන් කළේය. නාගරික කලාපය තුළ විධිමත් නියාමන රාමුවක් සකස් කරන ලෙස මහජනතාවගෙන් දිගුකාලීනව ලැබුණු ඉල්ලීම් ද මෙහිදී සැලකිල්ලට ගෙන තිබේ.

    මෙම තහනම නගර මධ්‍යයට පමණක් සීමා නොවී, මුළු මහනුවර මහ නගර සභා බල ප්‍රදේශයටම බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක කෙරේ.

    වෙළෙඳුන් ඉල්ලා සිටි තෙමසක සහන කාලය දෙසැම්බර් 31 වනදායින් අවසන් වන බැවින්, ජනවාරි පළමු වනදා සිට කිසිදු වෙනසකින් තොරව මෙම තීරණය දැඩිව ක්‍රියාත්මක කරන බව නගරාධිපතිවරයා අවධාරණය කර ඇත.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    පිටකොටුවෙත් මේ හිඟන්නෝ එලවලා දාන්න ඕනේ හරිනම්. නන්ද සීනි ගොන්ටාභයගේ කාලේ ඕකුන් අයින්කලා. උන්ට වෙලඳාම් කරන්න දුන්නු තැන වාහන ගාල් කරලා (බස් ස්ටෑන්ඩ් එක හදන නිසා දැන් එතන CTB බස් නතරකරලා තියෙන්නේ). නන්ද සීනි ගියාම අර උගේ කොනත් අරිකාල් ගෙරි හම්බයා අයෙත් ඕකුන් ගෙනැල්ලා දැම්මා පේව්මන්ට් වලට. සක්කිලි. මිනිස්සු පාරවල් වල යන්නේ. හිඟන්නෝ පේව්මන්ට් අරක් අරගෙන ඉන්නේ. 🤮 🤮 🤮
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,611
    8,864
    113
    කරනවානම් හොදයි, හැබැයි හෙන ගොඩක් ඉන්නවා මේකෙන් බ්ස්නස් කරලා හම්බ කරගන්න... එයාලට විකල්පයක් දීලා කරනම් හොදයි.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,915
    15,272
    113
    35
    Spain
    වැඩේ හොඳ වුනාට රස්සා දෙතුන්සීයක් නැතිවෙනවා, ඒවටත් පිළියමක් යොදල කරනවා නම් කමක් නෑ
     
    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,316
    1,019
    113
    හැබැයි මහින්ද මහත්තයා නම් නීති දාන්න කලින් වෙනම තැනක මාර්කට් එකක් දාලා දුන්නා 🤌

    වැඩේ හොඳ වුනාට රස්සා දෙතුන්සීයක් නැතිවෙනවා, ඒවටත් පිළියමක් යොදල කරනවා නම් කමක් නෑ
    දෙවැනි එකට උත්තරේ පලවෙනි එකේ තියෙනවා. ඕකුන්ට මුලින් ටොරිංටන් එක හදල දුන්න. පස්සේ රේල් පාරට එහාපැත්තෙ තව එකක් හදල දුන්න.වැව රවුමේ උන්ට ටෝම්ලින්සන් ද මොකද්ද එකක් හදල දුන්න. එතකොට උන් එකේ කඩ කුලියට දීල නැත්තම් පවුලේ වෙන එකෙක්ට දීල අයෙම පාරට බහිනවා.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,057
    113
    සේදවත්ත
    හරිනේ රට හදන්න කියලා ජන්දේ දීලා අපිට උන දේ. දැන් අපි කොහෙද බිස්නස් කරන්නේ. අපේ කරුමෙට අපිම ජන්දේ දීලා පත් කරගත්ත පව්කාර ආන්ඩු මේවා.

    අපිට හොද පාඩම් මේවා

    ඕක කරන්න බෑ !!

    දැන් අර බස් වල කෑලි වැඩේ මොකද ?
    වැඩ ටික ගානට යටින් යනවා ☝️
    ------ Post added on Dec 27, 2025 at 5:41 PM
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,475
    32,201
    113
    Kandy to be developed as a Virtual City under ‘Clean Sri Lanka’ project

    ලබන ජනවාරි මස 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි මහනුවර මහා නගර සභා බල ප්‍රදේශය තුළ සියලුම ආකාරයේ වීදි වෙළඳාම් සම්පූර්ණයෙන් තහනම් කිරීමට තීරණය කර ඇති බව මහනුවර නගරාධිපති චන්ද්‍රසිරි විජේනායක පවසයි.

    නගරයේ පිරිසිදුකම හා සුන්දරත්වය සුරැකීමත්, මහජනතාවට අවහිරයකින් තොරව නිදහසේ පදික වේදිකාවල ගමන් කිරීමට ඉඩ සැලසීමත් මෙම තීරණයේ ප්‍රධාන අරමුණ බව නගරාධිපතිවරයා සඳහන් කළේය. නාගරික කලාපය තුළ විධිමත් නියාමන රාමුවක් සකස් කරන ලෙස මහජනතාවගෙන් දිගුකාලීනව ලැබුණු ඉල්ලීම් ද මෙහිදී සැලකිල්ලට ගෙන තිබේ.

    මෙම තහනම නගර මධ්‍යයට පමණක් සීමා නොවී, මුළු මහනුවර මහ නගර සභා බල ප්‍රදේශයටම බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක කෙරේ.

    වෙළෙඳුන් ඉල්ලා සිටි තෙමසක සහන කාලය දෙසැම්බර් 31 වනදායින් අවසන් වන බැවින්, ජනවාරි පළමු වනදා සිට කිසිදු වෙනසකින් තොරව මෙම තීරණය දැඩිව ක්‍රියාත්මක කරන බව නගරාධිපතිවරයා අවධාරණය කර ඇත.
    Italy/France wage street cafe table epada?