මහරගම ජනතාවටත් වඩා සියලුම බයියන් මේ දවස්වල සර් කියන්න කියපු එක සාදාරණීකරනය කරන්න වෙහෙසෙන හැටි දැක්කාම වහල් කම ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ. සර් කියන එක අපිට මදි කමක් නෙමෙයි. අැත්ත. අැමරිකාවේ එංගලන්තේ ගිය එකෙක් නම් දන්නවා අපි කඩේකට ගියත් පොලිස්සියෙන් වාහනයක් අැල්ලුවත් බැන්කුවකට ගියත් හැම මිනිහාම අපිට කතා කරන්නේ සර් කියලා. අනික් පැත්තට අපි රිප්ලයි කරන්නෙත් සර් කියලා. ඒක වැරැදි නෑ. අනිකාට ගරු කිරීමක්. නමුත් ඒ අැමරිකාවේ.
භාෂාවක් විකාෂනය සමග වෙනස් වෙනවා.භාවිතාව අනුව වෙනස් වෙනවා. අපි ලංකාවේ බස් කොන්දොස්තරට, මුදලාලිට සර් කියන්නෑ. ගොඩක් අය දන්නේ නෑ අපේ රටේදී සර් කියන්නේ විශේෂ ගරු කිරීමකට කියලා. ඒ වගේම අැමරිකාවේ මිනිස්සු සර් කියන්න කියලා බෝඩ් ගහන්නේ නෑ.
ඔය කියන මහරගම ගොයියා අපි නොදන්න කෙනෙකුත් නෙමෙයි. මිනිහාගේ සමාජ පසුබිම විතරක් නෙමෙයි මහරගම බයිසිකලයෙන් අාපු හැමෝගෙම සමාජ පසුබිම හොයලා බැලුවා නම් තේරෙයි මොකද මහරගමට වුනේ කියලා.
මහරගම කියන්නේ අවුරුදු 30-40 කට සැලැකිය යුතු දියුනුවක් නොවුනු බස් නැවතුම්පොලක් වත් නැති. හරි හමන් යන්න පුලුවන් ටොයිලට් එකක් නැති වෙලාවට කුණු ගෙනියන්නැති. අවුරුදු මාසෙට, වෙසක් එකට දෙසැම්බරේට සති දෙක තුන පාරේ කුණු ගද ගහන. අතුරු පාරවල් තියෙනවා වෙලාවට වරිපනම් කොලේ නම් එනවා. කුණු ලොරියක් ජීවිතේට ගිහින් නෑ. වැඩිය අවශ්‍ය නෑ, නමට තියෙන නගරසභා පුස්ථකාලේ අැතුලේම දශක ගානක් තිස්සේ මහ කුණු ගොඩක්. ගද ගහනවා පලාතම. කොටින්ම කිසිම සංවර්ධනයක් නැති නගරයක්. යන්තම් තටමලා පොල විතරක් හැදුවා අවුුරුදු 30කට. කවුරුත් දන්නවා පෞද්ගලික වියාපාර සීඝ්රයෙන් වර්ධනය වුනා වගේම ඉතාම සීග්‍රයෙන් ජනාකීර්ණ වුන නගරයක් පහුගිය අවුරුදු 10ට ඉඩම් මිල 5000%කින් මහරගම ඉහල ගිහින් තියෙනවා. ලංකාවම මහරගම කියුවාම දන්න තැනක්. ප්‍රධාන හේතු දෙකයි. පළවැන්න මහරගම අපේක්ෂා රෝහල නැත්තම් කවුරුත් දන්න පිලිකා රෝහල. දෙවැන්න ලංකාවේ ලොකුම රෙදිපිලි වෙලදපල පමුණුව. නමුත් පමුනුවේ මිනිස්සු පාරවල් දිගේ. රේල් පාරවල් දිගේ රෙදි විකිනුවාට නගරසභාවෙන් මොනවාද ඒ මිනිස්සුන්ට දුන්නේ කියලා තාම කවුරුවත් දන්නෑ. මහරගම කියන්නේ මහා කුණු ගොඩක්. මහරගමට පාන්දර 2 ඉදන් දුර බැහැර මිනිස්සු රැස් වෙනවා ගමේ පොළට රෙදි ගිනියන්න. රෝහලට එයිට එහා. මේ මිනිස්සුන්ට නගරසබාවෙන් මොනවාද කරේ? කියන්න ගියොත් ඉවරයක් නෑ.
දශක ගාණක් මහරගම නගර සභාව ගෙනිච්චේ එක පවුලක බලයට. නමුත් කිසිම සංවර්ධනයක් නෑ. මහරගම මිනිස්සු බහුතරය උපතින් මන්දබුද්ධිකද මම දන්නෑ. මේ පවුලට විපක්ශය සමග තරගයක් තිබුනේ නෑ. විපක්ශය මිලදීගන්නත් මේ පවුලට නගරසභාවෙන් අාපු ධන උල්පත අඩුවක් තිබුනේ නෑ. මෙයාලාට ගැටුම තිබුනේ පක්ශය අැතුලේ මිනිස්සු සමග. මේ නගරසභාවට උගත් බුද්ධිමත් වෘත්තිකයන් ඒ පක්ශෙන්ම අාවේ නැතුව නෙමෙයි. ඒ මිනිස්සුන්ට ඡන්ද කාලෙට වගේම අනික් වෙලාවලත් ප්‍රසිද්ධියේ මැරබලය පෙන්වමින් මේ අම්මන්ඩි හැසිරුණ හැටි මහරගම මිනිස්සු දන්නැතිනම් මුන් අැත්තටම මන්ද බුද්ධික විය යුතුය. මළමිනියෙනුත් කප්පම් ගත් මේ පවුල සාටකේ සෙවනේ තාම හොල්මන් කරමින් සිටියි.
තමුන්ට වඩා උගත් බුද්ධිමත් පිරිසක් නගරසභාවට අාවොත් තමුන්ට කෙලවෙන බව දන්න අම්මන්ඩි තමයි මේ පිරිස තෝරගත්තේ නාමයෝජනා දෙන්න. මහරගම නගරසභාවට පත්කරගෙන අැති සයිකලේ පිරිසගේ සමාජ වටපිටාව බැලුවාම කාටත් තේරෙයි සාටකේට වහල් කමට ඉල්ලං නාගෙන අැත්තේ කවුද කියා. පොලිස් පොතේ අපරාධ චෝදනා ලිය නොවිච්ච එකෙක් මේ ලිස්ට් එකේ නැති බව වගකීමෙන් කියතෑකි.
අපි සර් කියලා නෙමෙයි මුන්ට "යස් මයි ලෝඩ්" කියා අැමතිය යුතුයි. "අපි සර් කියන්නම් උඹලාට මොකද?" මීට තමුන්ගේ යටිතල පහසුකම් ටික වත් නොසිතා සියල්ල කැපකර මඩ ගොහොරු උඩින් අපේම කරපිටින් නගරසභාවට සර් ලා ගෙන ගිය මහරගම වහල්ලුන්.





