මහරජ ගැමුණු-ජයන්ත චන්ද්‍රසිරි (Full Book Download)

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මහරජ ගැමුණු-ජයන්ත චන්ද්‍රසිරි (Full Book Download)

    මට මේ පොත කියවන්න ලැබුනේ අහම්බෙන්. ඉරිදා දිවයින පත්තරේ කොටස් වශයෙන් ගිය මේ කතාව,ඒ වෙලාවේ කියවන්න තරම් ආසාවක් ආවේ නෑ. සමහර විට කොටස් වශයෙන් පලවුන නිසාම වෙන්නත් ඇති. ජයන්ත චන්ද්‍රසිරි මහත්තයා මේක, පොතක් විදිහට මුද්‍රණය කරලා එලියට දාපු වෙලාවේ ඒ book launching එකේදී ගුණදාස අමරසේකර මහත්තයයි, නලින් ද සිල්වා මහත්තයයි කරපු කතා දෙකක් මට වැරදිලා වගේ අහන්න ලැබුනා. මෑත කාලයේ පලවුන ශ්‍රේෂ්ඨතම කෘතියක් විදිහට ඔවුන් හදුන්වපු මේ පොත, නිකමට වගේ බලන්න මට හිතුනේ එතකොට. ඉරිදා දිවයිනේ මේ කතාව කොටස් වශයෙන් ගියා නේද කියල මතක් උනෙත් එතකොට. ඉතින් බොහොම අමාරුවන් ඒ කොටස් හොයාගෙන කියවන් යද්දී තමයි මට තේරුනේ ඒ කතාව 100% ක් ඇත්ත කියන එක. මං එක හුස්මට කියවල ඉවර කලේ. කොග්ගල නිලමේ පොතට පස්සේ, අපේ ඉතිහාසය ගැන මාර හැගීමක් එන විදිහට ලියල තියෙන එකම පොත කියල මං නම් හිතන්නේ. කියවන් යද්දී, ඇහැට කදුලු එන තරමට සංවේදී විදිහට මේ පොත ලියල තියෙන විදිහට නම්, ජයන්ත චන්ද්‍රසිරි මහත්තයට ගහන්න කෙනෙක් නෑ කියල මං විශ්වාස කරනවා. කොහොම හරි මේ පොත අරන් කියවන්න, මගේ ඉල්ලීම ඒකයි. විසිදුනු ප්‍රකාශකයෝ මේ පොත ගහන්නේ. මේක ගන්න විදිහක් නැති අයට මේ පොත කියවන්න මං link එක දානවා.

    http://www.mediafire.com/download/jnh8nn3ten7xeb5/Maharaja_Gamunu.pdf (2.1 mb)

     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මේ පොත ගැන නලින් ද සිල්වා මහතා කරන කතාව...

    මහරජ ගැමුණු 1





    මහරජ ගැමුණු 2


     
    • Like
    Reactions: NRTG

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    000201F9.gif
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    පොත download කරේ ගොඩ දවසකට කලින් . එත් කියවන්න ඉඩක් ලැබුනේ අද. මේ ලියන්නේ පොත කියවල ඉවර වෙලයි. මේ පොත එළකිරියේ ෂෙයාර් කරලා මේ අවස්තාව ලබල දුන්නට හුඟක් පින්. බොහොම කලාතුරකින් කියවන්න ලැබෙන පොතක්. මේ පොත ගැන වචනයක් ලියන්න ඕන. ඉඩක් ලැබුන ගමන් පොත ගැන වචනයක් ලියනවා. එහෙම නොකරොත් පොත ලියපු ජයන්ත චන්ද්‍රසිරි මහත්මයට කරන අගෞරවයක්.
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    පොත download කරේ ගොඩ දවසකට කලින් . එත් කියවන්න ඉඩක් ලැබුනේ අද. මේ ලියන්නේ පොත කියවල ඉවර වෙලයි. මේ පොත එළකිරියේ ෂෙයාර් කරලා මේ අවස්තාව ලබල දුන්නට හුඟක් පින්. බොහොම කලාතුරකින් කියවන්න ලැබෙන පොතක්. මේ පොත ගැන වචනයක් ලියන්න ඕන. ඉඩක් ලැබුන ගමන් පොත ගැන වචනයක් ලියනවා. එහෙම නොකරොත් පොත ලියපු ජයන්ත චන්ද්‍රසිරි මහත්මයට කරන අගෞරවයක්.


    මචන්, උබ මහරජ ගැමුණු film එක බලන්න යන්න ඇති කියල හිතනවා... මේ පොත කියවපු හැම කෙනෙක්ම film එක බලන්න යන්න ඇති කියල මට විශ්වාසයි... සමනල සන්ධ්වනියෙන් පස්සේ ජයන්ත මහත්තයා කරපු නියමම film එකක්...අනික නදීක ජයවර්ධන ගේ music එකත් මාරෙට ම වදිනවා...බලපු නැති අය ඉක්මනට ගිහින් බලන්න... Liberty වගේ හොද film hall එකකින් බැලුවොත් film එකේ නියම quality එක දැනෙයි කියල හිතනවා....:yes: