මහසොහොන් බලකාය

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මහසොහොන් බලකාය

    අපායේ රස දරාගත හැකි මහසොහොන් බලකාය


    දිගදුර විහිදුම් බලකාය හෙවත් මහසොහොන් බලකාය යනු ශ්‍රී ලාංකීය හමුදාව තුල සිටින අති ශුර , සටන්කාමී , විශේෂ බලකායන්ගෙන් හා කොමාන්ඩෝ බලකායන්ගෙන් පමණක් තෝරා ගත් දරුණු මෙහෙයුම සිදු කිරීමෙහි සමත් (black ops) බලකායකි.

    ශ්‍රී ලංකාව පුර දශක දෙකක් රට අගාදයට ගෙනගිය ශාපලත් යුද්දයකට මැදිවී තිබු යුගයක 1996 වර්ෂයේදී අර්බුදය නිමා කරනු වස් විශේෂ හමුදා බලකායක් ස්ථාපිත කරන ලදී.මෙම අතිශයින් රහසිගත වූ ඒකකය සතුරු ප්‍රදේශ තුලට අභිතව ගමන් කොට සතුරු මර්මස්ථාන විනාශ කරමින් , බුද්ධි තොරතුරු රැස් කරමින් ,වැදගත් ඉලක්ක සපුරා ගනිමින් දැවැන්ත මෙහෙයක් ඉටු කරන ලදී. අද දක්වා කිසිවෙකුටත් පටිගත කිරීමට ඉඩ නොලද මෙම බලකාය යුද්දයේ අවසානය දක්වාම රහසක් ලෙස තබා ගන්නට රජය කටයුතු කළේය. History නාලිකාවේ කුතුහලය “Curiosity” වැඩසටහන මගින් මෙම අභීත සේනාංකයේ ඇතුලත විමසා බලමින් ඔබ නොදුටු sri ලාංකීය දිගු දුර විහිදුම් බලකායේ ත්‍රාසජනක වික්‍රමාන්විත හා පුහුණු ක්‍රියාවලිය ලොවට ගෙනහැර පායි . මේ සියල්ලම සති තුනක් පුරා දිවෙනි ඉතා කටුක ශාරීරික හා මානසික වැඩ රාශියකින් අරම්බ වන අතර එමගින් සෙබළුන් ඔවුන්ගේ කායික හා මානසික ශක්තීන්ගේ අත්‍යන්ත සීමාවන් වලට ගෙනා යන අතර අවසානයේ විශිෂ්ටයන් පමණක් ඉතිරි වේ .
    Special-Forces-Series-1-Screen14.jpg

    Special-Forces-Series-1-Screen9.jpg


    LRRP පාඨමාලාව ලොව දැනට පවතින අතිශය කටුකතම යුද හමුදා පාඨමාලාවකි. මෙහිදී විශේෂ ලක්ෂණය නම් මෙම සියලුම අයදුම් කරුවන් දැනටමත් යුද හමුදාවේ, විශේෂ බලකායේ සේවය කරන සොල්දාදුවන් වීමයි. එහිදී මෙම ස්වෙච්චා අයදුම් කරුවන්ට සාමාන්‍ය විශේෂ බලකා භටයෙකුට පවා මුහුණ දිය නොහැකි අතිශය කටුක වධ සහ ක්‍රියාකාරකම් වලින් සමන්විත පරීක්‍ෂණ වටයකට සති තුනක් මුහුණ දීමට සිදුවේ. එම සති තුනක “අපායේ රස” දරාගත හැකි ශාරීරිකව සහ මානසිකව අතිශය ශක්තිමත් විශිෂ්ටයන්ගේනුත් අති විශිෂ්ට දරාගැනීමේ හැකියාව උපරිම වශයෙන් ඇති භටයන් පමණක් සති තුනක පරීක්ෂණ වටය සාර්ථකව නිම කරන අතර එම පිරිස පමණක් සය මසක ඇති විශේෂ පුහුණුවීම් වලට යොමු කර “මහසොහොන්” බලකායට එක්කරගනු ලබනවා. සාමාන්‍යයෙන් 60% පමණ මෙම පළමු වටයෙන්ම අසමත් වෙනවා.




    TORRENT
    https://rarbg.to/download.php?id=l6...Lanka.LRP.720p.HDTV.x264.AAC.MVGroup.org.mp4-[rarbg.com].torrent