මහසෝන්_බළකාය ඇමති කෙනෙක්ගේ
මහනුවර දිගන, තෙල්දෙණිය ප්‍රදේශවල ඇති වූ ජාතිවාදී ගැටුම් පිටුපස සිටින මහසෝන් බළකායට කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන ආණ්ඩුවේ ප්‍රබල කැබිනට් අමාත්‍යවරයකුගේ උපදෙස් ලැබී තිබෙන බවට බුද්ධි අංශ මඟින් තමාට තොරතුරු අනාවරණය වී තිබෙන බව ඒකාබද්ධ විපක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි, ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මාධ්‍යයට පවසනවා.
මුද්‍රිත මාධ්‍ය වාර්තා කරන අන්දමට මහසෝන් බළකායේ අමිත් වීරසිංහ නමැත්තාට මේ කැබිනට් අමාත්‍යවරයා උපදෙස් ලබාදී තිබෙන බවත්, කැබිනට් අමාත්‍යවරයා සමඟ මේ පුද්ගලයා කටයුතු කර ඇති බවත් "මහසෝන් බළකාය" යන නාමයද ලබාදී තිබෙන්නේ මේ කැබිනට් අමාත්‍යවරයා විසින් බවත් වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.
මේ ගැන තවත් තොරතුරු ගවේෂණාත්මකවත් පොලිසිය මඟිනුත් තමා ලබා ගනිමින් සිටින බවත් එම සියලුම තොරතුරු ලබාගත් පසුව මේ කැබිනට් අමාත්‍යවරයාගේ නම හෙළිකරමින් සියලුම තොරතුරු රටට හෙළිකරන බවත් මන්ත්‍රීවරයා පවසා තිබුනා.
- ඉරිදා මවුබිම ඇසුරිනි -