මහහෙවුනාව ගැන ඔබත් අපහැ දී සිටීනම්, මෙම සි&#34

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    'සසුන වනසන මරු සෙවනැලි සමඟින්​ දේවදත්තලාගේ පුනරාගමනය'

    පවිටු දෙව්දත් පරපුර ගෞතම බුදු සසුනට ආගන්තුකයින් නොවේ. බුදුරජාණන් වහන්සේ යනු කවුරුන් ද, බුදු දහම යනු කුමක් ද, බුදු සසුන යනු කුමක් ද යන්න මොවුන්ගේ ලාමක ප්‍රඥාවට න-ගෝචරය. යකඩයක උපදින මළ සහ බුදු සසුනක උපදින මොවුන් අතර ඇති වෙනස නොගිණිය හැකි තරම්‍ වේ. සත් වස් වියැති රාහුල, අධිමුත්ත, සෝපාකලා අමා නිවනින් සැනසෙද්දී දෙව්දත්, කෝකාලික, සුනක්ඛත්තලා මියෙන මොහොත තෙක්ම නිරයගාමී අකුසල් රැස් කරමින් බුදු සසුනට එරෙහිව තිදොර මෙහෙයවූහ. ඒ තෙවැදෑරුම් ප්‍රාතිහාර්‍යයන් සහිතව බුදුරජාණන් වහන්සේ ධර්ම චක්‍රය තුන්ලොව සිසාරා ප්‍රවර්ථනය කරමින් හුන් ගෞතම බුදු සසුනේ ස්වර්ණමය යුගය විය. ඒ දෙදහස් පන්සිය අනූනව වස් පුනරාවලෝකනය සමඟින්, උදාහිරු අවරෙහි සැඟව ගොස් ගෙවී යන දිනක් පසුකොට, අප මේ යාත්‍රා කරනුයේ ගෞතම බුද්ධ රාජ්‍යයේ හෙට දවස කරා ය.

    ශ්‍රී සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු කාලයාගේ ඇවෑමෙන් මේ දුගතිගාමී පරපුර අතිශය බලවත් වන්නට විය. කෙතරම් බලසම්පන්න වී ද යත් බුදුවරුන්ගේ දේශයෙන් බුදු සසුන අතුගා දමන්නටත්, බුදු වරුන්ගේ දහම් මාත්‍රයක් හෝ ඉතිරිකොට නොතබන්නටත් මේ යක්‍ෂයින් වගබලා ගත්හ. බුදුවරුන්ගේ දේශයෙන් වංශයේ උරුමයන් රැගෙන ශාක්‍යයන්ගේ හෙළ දේශය බලා ගෞතම බුදු සසුන සමුදුරු තරණයට නැව් නඟින්නේ මේ අතරතුරදී ය. සිහළ දේශය ගෞතම බුදු සසුනට පිදුම් වෙද්දී, හෙළ දෙරණ පුරා සදහම් සුවඳ විහිද පැතිරී යද්දී සදහම් යාත්‍රාව ලුහුබැඳ ආ දේවදත්තගේ මුණු මිණිබිරියෝ දහම් දිවයිනට රහසේ ගොඩබටහ. ඒ මොවුන්ගේ අධම න්‍යාය පත්‍රයේ පශ්චාත් භාගය සපුරා ගනිමින් ළාමක මනදොළ සංසිඳුවා ගැනීම උදෙසාම ය.

    එවකට ජාතියේ පැන් පොකුණ බඳු වූ අනුරාධපුර මහමෙව්නා මහා විහාරයට එරෙහිව මේ වසලයන් යාබද අභයගිරියේ කඳවුරු බඳින්නේ මේ දුෂ්ඨ චේතනා සමුදාය පෙරදැරිවය. මොවුන්ගේ පවිටු චේතනාවන් මුදුන්පත් වන්නේ ජාතියට සදහම් වැසි වැස්සවූ සුන්දර මහා විහාර භූමිය මුළුමනින්ම සමතලා කොට උඳු වැපිරීමෙන් අනතුරුවය. ලාංකීය සඟ පරපුරේ නිකාය භේදයේ ඇරඹුමද මේ සමඟම සනිටුහන් වන්නේය. එදා එසේ ඇරඹි ඒ අධර්මවාදී කුමන්ත්‍රණකාරීන්ගේ වැඩපිළිවෙල මේ දක්වාම අඩු වැඩි වශයෙන් ලාංකීය බොදු සමාජය තුළ අපට දක්නට ලැබේ. මේ බුදු සසුන වනසන්නේ සසුන තුළින්ම හට ගන්නා, බෞද්ධ යැයි කියාගන්නා ගිහි-පැවිදි පිළිලයන් විසින්ම බව භාග්‍යවතුන් වහන්සේ වරෙක වදාරණ ලදී. එය එසේම විනා අනෙකක් නම් නොවේ. එය අපගේ දෑස පනාපිට ඒ අයුරින්ම සිද්ධ වන්නේය.

    දේවදත්ත පරපුර ද කාලයාගේ ඇවෑමෙන් මොඩ් වී ඇත. අවාසනාවට එය ඍණාත්මකය. කොහොඹ ඇටයෙන් කවදානම් මිහිරි ඵලයක් ලබන්න ද? පිරිසිදු බුදු වදන් බොදු ජන සමාජය අතරට යාම මොවුනට ඉවසුම් නොහේ. බුදු දහමේ නාමයෙන් පැතිරෙන සම්ඵප්‍රලාපයන් වෙනුවෙන් හුරේ දමනා මොවුන් හට චතුරාර්‍ය සත්‍යය යනු නයාට අඳුකොළ වැනිය. පරම ගම්භීර වූ බුදු දහමේ මූලික හරය වන දුකින් මිදීමට එරෙහිව මේ සාතන්ගේ පුත්තු ලිප්ටන් වටරවුමේ පිකට් කිරීමට ද සූදානම් ය. බුදුරජාණන් වහන්සේ විසින් වදාරණ ලද අනිත්‍ය හෝ අසුභ භාවනාවන් මොවුන්ගේ තියරියට අනුව ඍණාත්මක චින්තනය යි. සර්ව අසුභවාදය යි. මේවා කිරීමෙන් කිසිදා සැපයක් ලැබිය නොහැක. (සිහි කැඳවීමයි: අප මේ කතිකා කරනුයේ සුවහසක් වූ ලාංකීය (අ)බෞද්ධ ගිහි-පැවිදි ප්‍රජාව පිළිබඳවයි.)

    මනුෂ්‍ය ගුණදම් මොවුන් කෙරෙන් ගිලිහී ගොස් ඇත්තේ නෙත් අදහනු බැරි විලසටය. ගෞතම බුදු සසුන වෙනුවෙන් සිදු කරන්නා වූ යමකුගේ අව්‍යාජ දායකත්වය මොවුනට සාදු කියා අනුමෝදන් විය නොහැක. ඒ දෙස බලනුයේ සැකයෙන්, කුහක කමින් පිරී ගත් සිතිනි. ලෝකෝත්තර සැප සොයා ගිහිගෙයින් නික්ම හුදෙක් අරහත් ධජයට මුවා වූවන්ගේ මේ පවිටු හැසිරීම ජාතිය අභිමුවේ පවතින ඛේදවාචකය මොනවාට කියාපාන්නකි. මොවුන් මේ එරෙහි වන්නේ පරම ලෝක සත්‍යයට බව මේ අසරණයිනට නොවැටහේ. මේ සියළු හීන වූ ව්‍යායාමයන් සසර දුකින් පීඩිත වූ ජනයාගේ විමුක්තියට එරෙහිව සිදුකෙරෙනා විරෝධතාවන්‍ පමණක්ම බව නොවැටහෙන මිනිසත් බව නොහඳුනන මේ අසත්පුරුෂ බාලයන් මෙවන් සත්‍ය වූ දහමක් කෙසේ නම් දිරවාගන්න ද? බල්ලා පිදුරු කන්නේ ද නැත​. කන ගොනාට දෙන්නේ ද නැත​. එය ඔවුන්ගේ මෙන්ම අන් අයගේ ද අවාසනාවය.

    වසර දහසක් පමණ පුරාවට මේ දම් දිවයිනේ සදහම් ඉඩෝරයක් පැවති බව අවදියෙන් හුන් දනහට නොරහසකි. ඉඳ හිට ඇද වට සිරිපොද වැස්සට ඉඩෝරයට එරෙහි වීමට තරම් ශක්තියක් නොවීය. කෙසේ නමුදු ඉඩෝරය නිමා කරමින් අමා දම් වැසි ඇද හැලෙනා යුගයක් මේ ධර්මද්වීපයේ උදා වී තිබේ. කාලයේ වැලිතලාවන්ගෙන් සැඟව ගත් සත්‍යයේ සුවඳ මල් දසතින් මෝදු වෙති. පොත් ගුල් තුළ හිරවී හුන් සද්ධර්ම පුස්ථකයෝ සැමට වැටහෙන සරළ බසින් කළඑලි බසිති. ලක්‍ෂ සංඛ්‍යාත පිනැතියෝ අවබෝධයෙන් යුතුව තිසරණ සරණ යති. අවබෝධයෙන් යුතුව පින් කරති. සසර කතරින් එතෙර වනු වස් දහමෙහි හැසිරෙති. සහසක් දුක් කම්-කටොළු, කරදර බාධා මැද දැවැන්ත මාරකයන් හමුවේ දිවි පරදුවෙන් මේ අකාලික දහම හෙට දවස වෙනුවෙන් සුරැකගත් අසහාය බුද්ධ පුත්‍රයන් වහන්සේලාට අපගේ නමස්කාරය වේවා...!

    ඉඩෝරයට හසු වූ අසරණයාගේ ලේ උරා බොමින් ජීවත් වූ කලියුගයේ දේවදත්තලාට මේ පිබිදීම ඉවසුම් නොදෙන්නට විය. භාෂාවක් යනු අදහස් හුවමාරු කරගැනීමේ පහසුව තකා කලින් කලට සිදුවන විවිධ වෙනස් වීම් ඔස්සේ ඉදිරියට ඇදෙන එක් සන්නිවේදන මාධ්‍යයක් පමණි. අද පරිගණකයක් ඉදිරියේ ලියුමක් ටයිප් කර ගැනීමට හිඳගන්නා දරුවාට 'මේන් ෆ්‍රේම්' පරිගණකය කෞතුක වස්තුවකි. බොහෝ විට ඔහු හෝ ඇය ඒ පිළිබඳව නොදන්නවා ද විය හැක. අවැසි නම් ඔහුට ඒ පිළිබඳ වැඩිදුර අධ්‍යයනය කළ හැකිය. නමුත් එය අනිවාර්‍ය නොවේ. ඒ යටගියව නොදත් හෙයින් ඔහුට ලිපිය ටයිප් කරගැනීම තහනම් ද නොවේ. මෙම සිම්පල් යතාර්ථය තමන් භාවිතා කරන භාෂාව හා ගලපා ගැනීමට ඇතැම් ත්‍රිපිටකාගීෂ්වරලාට, අභිධර්මාගීෂ්වරලාට මෙන්ම බුදුන් සරණ යාම පසෙක තබා මේ ත්‍රිපිටක/අභිධර්මාගීෂ්වරලා සරණ ගිය ගිහි-පැවිදි පිරිසටද නොහැකිවීම කණගාටුවට කරුණකි. මොවුන් මේ අභියෝගයට ලක් කරන්නේ බුදුරජාණන් වහන්සේ පවා අනුදැන වදාළ, ධර්මය තමාගේ බසින්, සරළ බසින් ඉගෙනීමට ඇති හැකියාවයි. මොවුන්ගේ තියරියට අනුව වියත් සිංහල බැරිනම් ධර්මය තහනම් ය. සරළ සිංහලයට හැරවූ විට එය ධර්මය නොවේ. විවෘත වූ විට පමණක්ම බබළන ධර්මය සඟවා තැබීමට මීටත් වඩා කූට, නින්දිත උපක්‍රම කොයින් ද? ධර්මය සරළ බසින් කළඑලි බැසීමේදී හානි වී ඇති, විකෘති වී ඇති එකදු ධර්ම කරුණක් ගෙනහැර දැක්වීමට මේ බක පණ්ඩිතලා අසමත් ය. සියළු දෙනා කෙරෙහි කරුණාවෙන් අපි ඔවුන් හමුවේ එක් අභියෝගයක් ගෙනහැර තබන්නෙමු. නිරුවත වසා ගැනීමටත් ත්‍රිපිටකයම භාවිතා කරන විලි ලැජ්ජා නැති හොරිකඩයිනි, හැකිනම් පිරිසිදු පාළි ත්‍රිපිටකය සරළ සිංහලට නැගීමේදී හානි වූ හෝ විකෘති වූ එක් ධර්ම කරුණක් ගෙනහැර දක්වනු මැනවි… තමා ගුරු තන්හි තබා කටයුතු කළ, සසරින් එතෙර වීමට උදව් දෙන මේ උතුම් ධර්මයද පහුරක් ලෙස භාවිත කොට අතහැර දමා යාමට මිසක, කර තබාගෙන යාමට නොවන බව භාග්‍යවතුන් වහන්සේ වදාළහ. එහෙව් එකේ මේ අනිත්‍ය ලෝකෙ භාෂාවක් ගැන කවර කතා ද?

    ඵල ඇති රුකට නිරතුරු ගල් ගැසීමේ කලාව මේ දෙව්දත් පරපුර විසින් එදා සිට අද දක්වා මැනවින් සුරක්‍ෂිතව පරපුරෙන් පරපුරට උරුම කර දී ඇති අතර හෙට දවසේ ද මේ පරපුර මේ කලාවෙන්ම මනාව පෝෂණය වනු ඇත. කළින් සටහන් තැබූ මෙම පරපුරේ මුල් පුරුක් අදටත් අවිචියේ විඳවති. දිවිය පුරාවට රැස්කළ දෑ ඔවුහු රැගෙන ගියහ. ගෙවා දැමීමට ඇති කල්පයෙන් තවමත් ගෙවී ගොස් ඇත්තේ වසර 2600කට අඩු කාලයකි. අහෝ...!!!

    අප සරණ ගියේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණාන් වහන්සේ නමකි. බෝ මැඩ මුල හිඳ සත්‍යයේ බලයෙන් දස මර සේනා පැරදවූ මහා වීරයෙකි. තම මඟ හරස් කළා වූත්, පාවඩ උඩු වියන් බැන්දා වූත් සැමට එක සේ මෙත් සිත් පෙරදැරිව මහකරුණා ගුණය පැතිරවූ, අසාරම්භ වූ තිලොවග මුනිඳෙකි. ඒ අසංඛෝභ වූ ශාස්තෘන්වහන්සේගේ ළය මඬලින් උපන් ශ්‍රාවක දරුවන් වන අප අධර්මවාදීන්ගේ මේ උඩුබිරුම් හමුවේ කුමට නම් සසැළෙන්න ද?

    කර්මය දායාද කොටගත් සත්වයා යන තැනක එය රැගෙන යනු ඇත. එය ලෝ දහමයි. අප වටා නිරන්තරයෙන් සිදුවන මේ සිද්ධි දාමයන් ඔස්සේ ගැටෙමින් ගොස් රාග-ද්වේශ-මෝහ දියුණුව යන සේ තිදොර හැසිරවීම ආර්‍ය මඟ පිළිවෙත් පුරනා, දැහැමින් අවබෝධයෙන් තිසරණ සරණ ගිය කිසිවකුට තරම් නොවේ. පිය උරුමයෙන් බැහැරට වන් සිත මරු වසඟයට පිළිපන්නේ නිරායාසයෙනි. අප සසර පුරාවටම සිදුකළේ එයයි. සිත කෙළෙසාගෙන රෑ වැටුනු වලේ දවල් වැටෙන්නට කිසිදු ප්‍රඥාවන්තයෙක් කැමති නොවනු ඇත. මැනවින් හික්මවූ සිත් මඬලක විශ්මිත අසිරිය භාග්‍යවතුන් වහන්සේ අප වෙත ගෙනහැර දක්වන්නේ අප කෙරෙහි උපන් අපමණ අනුකම්පාවෙන්ම ය. සියළු සත හට පැතිරවිය හැකි මෙත් සිත අති ප්‍රබලය. මහානුභාව සම්පන්නය. මෙලොව-පරලොව සැප සලසන උත්තම ප්‍රතිපදාවකි. අකුසලයන් බැහැරකොට මෙත්-කරුණා-මුදිතා-උපේක්‍ෂා දී බඹ විහාරයෙන්‍ යුත් සිත් මඬලයන් මනු සුවඳ දසත විහිදුවනා සොඳුරු පියුමන් වැන්න. මේ හඬන-වැලපෙනා, බිඳෙන-සසැළෙනා ලෝකය තුළ සකළ සත වෙත මෙත් සිත් පෙරදැරිව වසනා සිත්මල් කෙතරම් සුන්දරද.... එවන් සිත්මල් යායක් මේ නොහිම් විශ්වය කෙතරම් සුවඳවත් කරනු ඇතිද.....

    ගෞතම බුද්ධ රාජ්‍යයේ තෙදැති අසිරිමත් ගුණ සුවඳ
    දැනේවා සියළු සතහට
    මහිමයෙන් අපමණ මෙත් සිතක...!

    'අපි ශාක්‍යයෝ'

    මෙහි දේවදත්ත නම් කිරිබත්ගොඩ විය
    සාධු !!!!!!!!! සාධු !!!!!!!!! සාධු !!!!!!!!!!!

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,148
    5,036
    113
    -In Darkness-
    මට ප්ලේස් එකයි දිනයයි මතක නෑ මචං
    ඒ වීඩියෝ එකයි කතාවයි එළකිරියේ ත්‍රෙඩ් එකක දාල තිබ්බ
    මම එක ඇහුව
    මචං දෙයක් බාගෙට අහලා ඒ ගැන කියන්න යන්න එපා. කවදාවත් කියලා නෑ ලෝක විනාසයක් ගැන. 2008 මැයි මාසේ තිබ්බ රුවන්වැලි මහා සෑ වන්දනාවෙදි ඒ ගැන කිව්වා. නමුත් ලෝක විනාශයක් ගැන නෙමෙයි, දුර්භික්ෂයක් බොහෝ දුරට එයි කියලා. ගොඩක් කට්ටිය ඒක ලෝක විනාශේ කියලා කියන්න ගත්තා. නමුත් ඇත්තටම අදහස් කරේ ඒක නෙමෙයි.

    බොදුබලසේනාව කිරිබත්ගොඩ ගැන හොයල බලන්න ඕනි
    පොරගේ ගෝලය ඩමිත් කරිය වසම් නටපු නැටිල්ල දැක්කනේ
    ගෝලය එහෙම නම් ගුරා කොහොම ඇතිද
    මචං මෙතනත් උඹ වැරදියි. දමිත් කාරියවසම් කියන කෙනා කිරිබත්ගොඩ හාමුදුරුවෝ දේශනා කරපු දේවල් විකෘති කරලා කියපු එකෙක්. මොකද මචං දමිත් කාරියවසම් කියන්නේ කිරිබත්ගොඩ හාමුදුරුවෝ ගාවගෙන තමන්ගේ මත(දමිත්ගේ) ඉදිරිපත් කරපු එකෙක්. ඒක ඕන මැට්ටෙක්ට ඌ දාපු ත්‍රෙඩ් කියවද්දි තේරෙනවා. මොකද ඌ අර සෝවාන් වෙලා කියන කතා ගැන එහෙම කියද්දි හිනාත් යනවා. මොකද සෝවාන් වෙලා නම් එයාට තේරුම් ගන්න පුළුවන් දෙයක් සාමාන්‍යය කෙනෙක්ට තේරුම් ගන්නත් බෑ. තේරෙන්න කියලා දෙන්නත් බෑ. ඒක සද්ධර්මයේ හැටියක්. නමුත් එයා කියන්නේ වෙනම දෙයක්. මානසික හා කායික පිරිහීමත් එක්ක බලද්දි අද කිසිම කෙනෙක්ට පොඩි සූත්‍ර දේශනාවක් අහලා සෝවාන් වෙන්න බෑ. දමිත් කාරියවසම් කරපු දේවල් ගාවගෙන මචන් වෙන කෙනෙක්ට ගරහන එක වැරදියි නේද? මම ඒකයි කිව්වේ. දෙන්නගෙම දේවල් අහලා බලලා තීරණය කරපන්. සිද්ධිය දන්න කෙනෙක්ට තේරෙනවා උඹ කිසිම පදනමක් නැතිව ඒ දේවල් කියන්නේ කියලා.
     
    • Like
    Reactions: madura199

    Siyaathu

    Member
    May 21, 2010
    393
    31
    0
    මට ප්ලේස් එකයි දිනයයි මතක නෑ මචං
    ඒ වීඩියෝ එකයි කතාවයි එළකිරියේ ත්‍රෙඩ් එකක දාල තිබ්බ
    මම එක ඇහුව
    පුළුවන්නම් ඒකේ link එක දාපන්. උඹම දන්නව එහෙම එකක් නෑ කියල

    බොදුබලසේනාව කිරිබත්ගොඩ ගැන හොයල බලන්න ඕනි
    පොරගේ ගෝලය ඩමිත් කරිය වසම් නටපු නැටිල්ල දැක්කනේ
    ගෝලය එහෙම නම් ගුරා කොහොම ඇතිද
    මේ දෙවෙනි බොරුව. ඥාණානන්ද හාමුදුරුවො කවද්ද කොතනද කිවුවෙ දමිත් කාරියවසම් උන් වහන්සේගෙ ගෝලයෙක් කියල
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    මේ දෙවෙනි බොරුව. ඥාණානන්ද හාමුදුරුවො කවද්ද කොතනද කිවුවෙ දමිත් කාරියවසම් උන් වහන්සේගෙ ගෝලයෙක් කියල

    දමිත් කාරියවසම් මෙතන මහමෙව්ව්නාව ගාවාගන කුණුහරප දේශනා කරන කොට එයා මහමෙව්ව්නාවේ ගෝලයෙක් නෙවෙයි කියලා මහමෙව්ව්නා යන කවුරුවත් කිව්වද ?
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,148
    5,036
    113
    -In Darkness-

    දමිත් කාරියවසම් මෙතන මහමෙව්ව්නාව ගාවාගන කුණුහරප දේශනා කරන කොට එයා මහමෙව්ව්නාවේ ගෝලයෙක් නෙවෙයි කියලා මහමෙව්ව්නා යන කවුරුවත් කිව්වද ?

    මචං උඹ මාර කතාවක්නේ කියන්නේ. දැන් උඹ කොහෙ හරි පන්තියකට යනවා කියමුකෝ. එතකොට කියන්නේ ඒ සර්ගේ ගෝලයෙක් කියලානේ. ඒ වුනාට උඹ සර් උගන්නපුවා වෙනස් කරලා කිව්වම ඒක ඒ සර්ගේ ඉගැන්වීම නෙමෙයි නේද? අන්න ඒ වගේ තමා. මහමෙව්නාවට සම්බන්ධ ඕන කෙනෙක්ට කියන්න පුළුවන් මහමෙව්නාවේ ගෝලයෙක් කියලා. නමුත් ඒ ගෝලයා කියන දේවල් මහමෙව්නාවෙ කියපුවා කියලා කියන්න බෑනේ. දමිත් කියන කෙනා මහමෙව්නාවට සම්බන්ධ ඇති. නමුත් ඔහු මහමෙව්නාව සම්බන්ධ කරගෙන කියන දේවල් නම් අමු පිස්සු. ගොඩක් දේවල් වෙනස් කරලා කියන්නේ එයා.
     
    Siyaathu

    Member
    May 21, 2010
    393
    31
    0

    දමිත් කාරියවසම් මෙතන මහමෙව්ව්නාව ගාවාගන කුණුහරප දේශනා කරන කොට එයා මහමෙව්ව්නාවේ ගෝලයෙක් නෙවෙයි කියලා මහමෙව්ව්නා යන කවුරුවත් කිව්වද ?
    උඹ හිතන්නෙ හාමුදුරුවන්ට වෙන වැඩ නෑ කියලද? :D
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    උඹ හිතන්නෙ හාමුදුරුවන්ට වෙන වැඩ නෑ කියලද? :D

    මම කිව්වේ හාමුදුරුවෝ ගැන නෙවෙයි , මහමෙව්ව්නාවේ බන අහන වෙන කිසිම කෙනෙක් දමිත් මේ කියන්නේ බොරු කියලා හරි , මහමෙව්නාවේ දී මෙහෙම දෙයක් කියලා නෑ කියලා හරි දමියට කියලා තියනවද ?
    අද උනත් කාටද දමියා ගේ ත්රෙඅඩ් එකට ගිහින් " අපි මහමෙව්නාවේ බන අහලා තියනවා ඔය කියන්නේ බොරු එහෙදි ඔය වගේ කුණුහරප කියන්නේ නැ , අනෙකුත් හාමුදුරුවරුන්ට අපහාස කරන්නේ නැ " කියලා කියන්න පුළුවන්
     
    මම නිතර මහමෙවුනාවට යන කෙනෙක් නෙමේ. ඔය දමිත් ගැනත් වැඩි විස්තරයක් දන්නෙ නෑ.

    ඒත මහමෙවුනාවෙ ස්වාමින් වහන්සේ නමක් කිවුවොත් දමිත් ඥාණානන්ද හාමුදුරුවන්ගෙ ගෝලයෙක් කියල මම පිළිගන්නම්. ඒ නැතුව ඕන පිස්සෙකුට කියන්න පුළුවන් තමන් උන්වහන්සේගෙ ගෝලයෙක් කියල.

    මම ඥාණානන්ද හාමුදුරුවන්ගෙ බණ අහල තියනවා. ඒවලින් දේවල් ජීවිතේට අරගෙනත් තියනවා. මහමෙවුනාවෙන් වෙන්නෙ ශාසනික සේවයක් මිසක් හානියක් නෙමේ.
     
    • Like
    Reactions: madura199

    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    මචං දෙයක් බාගෙට අහලා ඒ ගැන කියන්න යන්න එපා. කවදාවත් කියලා නෑ ලෝක විනාසයක් ගැන. 2008 මැයි මාසේ තිබ්බ රුවන්වැලි මහා සෑ වන්දනාවෙදි ඒ ගැන කිව්වා. නමුත් ලෝක විනාශයක් ගැන නෙමෙයි, දුර්භික්ෂයක් බොහෝ දුරට එයි කියලා. ගොඩක් කට්ටිය ඒක ලෝක විනාශේ කියලා කියන්න ගත්තා. නමුත් ඇත්තටම අදහස් කරේ ඒක නෙමෙයි.

    මචං මෙතනත් උඹ වැරදියි. දමිත් කාරියවසම් කියන කෙනා කිරිබත්ගොඩ හාමුදුරුවෝ දේශනා කරපු දේවල් විකෘති කරලා කියපු එකෙක්. මොකද මචං දමිත් කාරියවසම් කියන්නේ කිරිබත්ගොඩ හාමුදුරුවෝ ගාවගෙන තමන්ගේ මත(දමිත්ගේ) ඉදිරිපත් කරපු එකෙක්. ඒක ඕන මැට්ටෙක්ට ඌ දාපු ත්‍රෙඩ් කියවද්දි තේරෙනවා. මොකද ඌ අර සෝවාන් වෙලා කියන කතා ගැන එහෙම කියද්දි හිනාත් යනවා. මොකද සෝවාන් වෙලා නම් එයාට තේරුම් ගන්න පුළුවන් දෙයක් සාමාන්‍යය කෙනෙක්ට තේරුම් ගන්නත් බෑ. තේරෙන්න කියලා දෙන්නත් බෑ. ඒක සද්ධර්මයේ හැටියක්. නමුත් එයා කියන්නේ වෙනම දෙයක්. මානසික හා කායික පිරිහීමත් එක්ක බලද්දි අද කිසිම කෙනෙක්ට පොඩි සූත්‍ර දේශනාවක් අහලා සෝවාන් වෙන්න බෑ. දමිත් කාරියවසම් කරපු දේවල් ගාවගෙන මචන් වෙන කෙනෙක්ට ගරහන එක වැරදියි නේද? මම ඒකයි කිව්වේ. දෙන්නගෙම දේවල් අහලා බලලා තීරණය කරපන්. සිද්ධිය දන්න කෙනෙක්ට තේරෙනවා උඹ කිසිම පදනමක් නැතිව ඒ දේවල් කියන්නේ කියලා.

    එනවයි කියපු දුර්භික්ෂෙ ආවාද ?
     
    දෙරණ

    Member
    Mar 7, 2013
    69
    12
    0
    මේ ෆොරම් වල සිංහල නම අලවගෙන ගුනවත් ස්වාමින්වහන්සේලට නිගා දෙමින් අදහස් පලකරන අය ගැනත්න් හොද අවදානයෙන් ඉන්න...... එයාල බොහෝ දෙනෙක්
    ස්වාමින් වහන්සේලා සම්බන්දයෙන් විවිද මත සමාජගතකර බෙදීම් ඇති කර සංඝරත්නය කෙරෙහි අපැහදීම් ඇතිකර ඔබලාගේ කුසලයට හානි කරන්නට වෙර දරමින් සිටි.....එම කුමන්ත්රනයන්ට හසුනොවන්න......
    හැම විටම අපේ සිහළ මිතුරන් හිතන්න මේ අවලාද නගන්නෙ ශ්රාවක සංඝරත්නයට කියලා,මේ හානිකරන්නෙ ශ්රාවක සංඝරත්නයේ පදනමට කියල, ස්වාමින් වහන්සේ නමක් සම්බන්දයෙන් එහෙම ගැටලුවක් ඇතිනම් එම ස්වාමින් වහන්සේ හමුව හෝ,නිසි අචාරශීලි මගක් අනුගමනය කරන්න......
    වෙන කිසිම ආගමක යහලුවෝ එයාලගේ ආගමේ පුජකයන් විවේචනය නොකරයි, ඒත් සමහර වෙලාවට අපි අන්ය උපක්රමයන්ට හසුවෙලා නොදැනීම එවාට සහයවෙනවද කියලා සිහළ මිතුරන් හැමවිටම සිහියෙන් බලන්නකෝ.
    එලකිරි ෆොරමය තුල ශ්රාවක සංඝරත්නයෙ වටිනාකම සුරකිමු.....
     
    • Like
    Reactions: hdgpure

    msuneth

    Member
    Jul 7, 2008
    33
    2
    0
    Mayale
    සාදු ! සාදු !! සාදු !!!

    මහමෙවුනාව, මා හට නම් සොදුරු දායාදයක්මයි......සොදුරු සත්පුරුශ භූමියක්මයි.......භාග්‍යවතුන් වහන්සේගේ වචනය කියා දෙන කලණ මිතුරෙක්මයි......
     
    • Like
    Reactions: nal85

    nal85

    Member
    Mar 8, 2012
    242
    14
    0
    Gampaha
    සාදු ! සාදු !! සාදු !!!

    මහමෙවුනාව, මා හට නම් සොදුරු දායාදයක්මයි......සොදුරු සත්පුරුශ භූමියක්මයි.......භාග්‍යවතුන් වහන්සේගේ වචනය කියා දෙන කලණ මිතුරෙක්මයි......

    Sadu saadu rep++++
     
    nal85

    Member
    Mar 8, 2012
    242
    14
    0
    Gampaha
    ගෞතම බුදු සසුන ලොව බබළවන පිංබර මහහෙවුනාව ගැන ඔබත් අපහැ දී සිටීනම් (කවුරුන් හෝ ඔබව අපහදා ඇත්නමි) මෙම සිංහ නාදය අසත්වා!

    පලවන කොටස.... (01)
    මහමෙව්නාව ගැන ඔබත් අපහැ දී සිටීනම්..01

    දෙවන කොටස.... (02)
    මහමෙව්නාව ගැන ඔබත් අපහැ දී සිටීනම්..02

    සාදු.... සාදු.... සාදු....!!!

    තුන්වන කොටස.... (03)
    මහමෙව්නාව ගැන ඔබත් අපහැ දී සිටීනම්..03

    :yes:
    බුදු සරණයි !!!

    සාදු සාදු සාදු
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ලොකු ස්වාමින් වහන්සේ ඇතුළු බුද්ධ ශාසනයේ පැවිදිවූ උතුමන් වහන්සේ නමක් වශයෙන් මහමෙවුනාවේ දහම ඉදිරියට ගෙනයන මොනයම් පවිද්දෙකුටද ගෞරව කිරීමට හේතුව නම් ඒ බුදුන් ප්‍රමුක සැරියුත් මුගලන් පරපුරෙන් පවත එන්නාවූ බුද්ධ ශ්‍රාවකයකු වීමයි.

    තමුන්ට තේරුම් ගන්න බැරි උන පලියට අභිධර්මය බුද්ධ දේශනාවක් නෙවෙයි කියල ත්‍රිපිටකය දෙපිටකය කරපු උන්දලාටනම් කවදාවත් සියලු බෞද්ධ ජනතාව දිනාගන්න ලැබෙන්නේ නැහැ. හරි වැරැද්ද තේරුම් ගන්න බැරි මෝඩ මිනිස්සු මේ මුලාව පස්සේ වැටුනට බුදු දහම හරියට තේරුම් ගත්තු නියම බෞද්ධයෝ සියල්ලම දන්නවා මහමෙවුනාවේ දහම වැරදියි කියල .

    අනෙක් කාරනාව තමයි සම්බුද්ද්ධ රාජමාලිගාව කියන මාලිගාවේ හදපු පිළිම වලින් බුදුන් ප්‍රමුක ශ්‍රාවකයින්ට කරපු අපහාසය.

    බුදුරජානන් වහන්සේ දේශනා කරේ බුද්ද දර්ශනය ප්‍රඥඥාවන්තයින්ට පමණයි කියල. මහමෙවුනාවේ දායකයින්ට තේරුම් නොයන එකම කාරනාව තමයි ධර්ම සංවේගයට පමිනුනාට නිවන් යන්න බැරි බව.
     
    Luckyherald 5

    Member
    Oct 23, 2013
    1,192
    139
    0
    දෙරණ;14623270 said:
    මේ ෆොරම් වල සිංහල නම අලවගෙන ගුනවත් ස්වාමින්වහන්සේලට නිගා දෙමින් අදහස් පලකරන අය ගැනත්න් හොද අවදානයෙන් ඉන්න...... එයාල බොහෝ දෙනෙක්
    ස්වාමින් වහන්සේලා සම්බන්දයෙන් විවිද මත සමාජගතකර බෙදීම් ඇති කර සංඝරත්නය කෙරෙහි අපැහදීම් ඇතිකර ඔබලාගේ කුසලයට හානි කරන්නට වෙර දරමින් සිටි.....එම කුමන්ත්රනයන්ට හසුනොවන්න......
    හැම විටම අපේ සිහළ මිතුරන් හිතන්න මේ අවලාද නගන්නෙ ශ්රාවක සංඝරත්නයට කියලා,මේ හානිකරන්නෙ ශ්රාවක සංඝරත්නයේ පදනමට කියල, ස්වාමින් වහන්සේ නමක් සම්බන්දයෙන් එහෙම ගැටලුවක් ඇතිනම් එම ස්වාමින් වහන්සේ හමුව හෝ,නිසි අචාරශීලි මගක් අනුගමනය කරන්න......
    වෙන කිසිම ආගමක යහලුවෝ එයාලගේ ආගමේ පුජකයන් විවේචනය නොකරයි, ඒත් සමහර වෙලාවට අපි අන්ය උපක්රමයන්ට හසුවෙලා නොදැනීම එවාට සහයවෙනවද කියලා සිහළ මිතුරන් හැමවිටම සිහියෙන් බලන්නකෝ.
    එලකිරි ෆොරමය තුල ශ්රාවක සංඝරත්නයෙ වටිනාකම සුරකිමු.....

    well said "දෙරණ ".......
    ස්වාමීන් වහන්සේලා ගේ ගැටළුවක් තියනවනම් directly ඒ සම්බන්දව කතා කල නම් හරි....මොකද නිකරුනේ චීවර ධාරි නමකට තැන තැන බැනලා පව් පුරවා ගත යුතු නෑ...උන් වහන්සේ දේශනා කරන දේ 100% වැරදි කියලා දන්නෙ නැතුව.....
    එහෙමනම් හොඳම දේ මේ සම්බන්දව හොයල බලලා,වැරද්දක් තියනවා නම් හෝ වැරද්දක් වෙනවා කියලා දන්නවා නම් ඉහල තැන වලට දන්වන එක කියලය් මට හිතෙන්නේ......
    :nerd: