මහාචාර්යවරයා හා සිසුවිය අතර අනියම් සම්බන

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,017
    35,954
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මහාචාර්යවරයා හා සිසුවිය අතර අනියම් සම්බන

    රූපවාහිනී ආගමික වැඩසටහන්වලද ප්‍රකට නමක් දිනූ මහාචාර්යවරයෙකු හා සිසුවියක අතර ඇතිවූ පෙම්සබදතාවයක් සම්බන්ධයෙන් මෑතකදී පේරාදෙණිය විශ්ව විද්‍යාලය තුළ ආරංචියක් පැතිරිණි. ඒ සම්බන්ධයෙන් එම විශ්වවිද්‍යාලයේම වෙනත් ඇදුරෙකු සත්‍ය හෙළිකරමින් පුවත්පතකට විස්තරයක් සපයා තිබේ.මහාචාර්ය සාලිය කුලරත්න ඒ සම්බන්ධයෙන් පළ කර තිබෙන ලිපිය පහත පරිද්දෙනි.

    ‘එකී සිදුවීම දෙස ඇතැම් පිරිස්, අනම්‍ය හා ගතානුගතික ආධාරවාදී දැක්මකින් බැලූ අතර සමහරු මානුෂිකව එය සැලකූහ. ඒ කෙසේ වෙතත් ඒ සිද්ධිය බොහෝ සංවේදී ගැහැණුන් හට
    තම සංවේදීකම් වඩා වර්ධනය කර ගැනීමටත් අසංවේදීව ඊනියා උගත්කම් හිසේ තබාගෙන ජීවත්වන ඇතැම් ස්ත්‍රීන්ට තම තමන් දෙස නැවත හැරී බලන්නටත් ගැඹුරු ආදර්ශයක් ලබාගැනීමටත් මුල්වේ.
    ඔහු, මනා පෞරුෂයක් හා කඩවසම් පෙනුමක්ද තිබුණු මහාචාර්යවරයෙකි. අපි ඔහු 'රත්නායක' ලෙස හඳුන්වමු. මහාචාර්ය රත්නායක තම විෂය ක්‍ෂේත්‍රය මනාව ග්‍රහණය කරගෙන ඊට අදාල මූලධර්ම හොඳින් ප්‍රගුණ කළ විද්වතෙකි. තම විෂයට අදාලව බාහිර සමාජය තුළ නොයෙක් ක්‍ෂේත්‍ර ගවේෂණද කළ හෙතෙම, තම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට දක්ෂ අන්දමින් ඉගැන්වූ ඇදුරෙක්ද විය.

    එහෙත් මහාචාර්ය රත්නායකගේ බිරිඳ හාත්පසින් නවීන සමාජ කතිකා ඔලුවට ගෙන ඒ අනුව ජීවත් වූ කාන්තාවකි. ඇය ස්ත්‍රී විමුක්තිවාදය (Feminism) ගැන බලවත් ලෙස උනන්දු වූ කාන්තාවක වන අතර කාන්තාව යනු තවදුරටත් පිරිමියාගේ සුරතල් භාණ්ඩයක් නොවේ යැයි ප්‍රසිද්ධියේ කියා පෑවාය.

    අපේ ඉපැරණි සාහිත්‍යයේ සඳහන් වන යසෝධරා, පත්තිනි, සීතා වැනි කතුන් සැබැවින්ම අතීතය තුළ බොරුවට මවන ලද චරිත යැයි කී ඇය පිරිමින් හිටි අඩියේ ගිහි ජීවිතය දමා පිටව යද්දී ඔවුන් ගැන භක්තියෙන් හඬා වැළපෙමින් ඒ පිරිමින් උතුම් යැයි සලකමින් කටයුතු කළ ඒ කතුන් උපන්ගෙයි මෝඩයින් යැයිද කීවාය. පාළඟ නමැති සල්ලාලයා වෙසඟනක් සමඟ රමණය කරද්දී ඔහු උදෙසා කැපවූ පත්තිනිය තරම් අඥාණ, බුද්ධිහීන ගැහැනු පිළිබඳ ආදර්ශ මේ සමාජය මුළා කිරීමට සමත් යැයි අදහස් කියා පෑවාය. ගැහැනු හා පිරිමි සමාන බවද එකම වෙනස ලිංගික වෙනස පමණකැයි ද කී මහාචාර්ය රත්නායකගේ බිරිඳ තම සැමියා නිවසට පැමිණිවිට 'ඔයා තේ ඕන නම් කුස්සියට ගිහින් හදාගන්න' යි ඉතා සුහදව මතක් කළාය. ආහාර පිළියෙල කිරීමේ දී තම සැමියාද හරි හරියට ඊට සහාය කරගත්තාය. මහාචාර්යවරයාද මේ ජීවිතයට හුරුවීමෙන් 'ආ ඒකත් එහෙමද?' යනුවෙන් පෞද්ගලිකව සිත සනසාගෙන ජීවත්වීමට අදිටන් කර ගත්තේය. මේ අතර මහාචාර්ය රත්නායකගේ ජීවිත‍ය සුපුරුදු පිළිවෙල වෙනස් වන සිදුවීමක් අහල පහළක ක්‍රියාත්මක වෙමින් පැවතිණි.

    ඔහු තම සිසු සිසුවියන් සමඟ ක්‍ෂේත්‍ර ගවේෂණ කරමින් ප්‍රායෝගිකව විෂය කරුණු හදාරමින් සිටියේය. එවන් විටෙක තේ වේලාවේ නො‍එසේනම් දිවා ආහාර පැයේ දී සිසුන් ගෙන ආ අතුරුපස හා ආහාර ඔවු'නොවුන් අතර බෙදා හදා ගනිද්දී මහාචාර්යවරයා ළඟපාත පිහිටි තේ කඩයකින් තේ බීවේය. සේවකයකුට හෝ ගම් වැසියකු කියා දහවල් කෑම පාර්සලයක් ගෙන්වාගෙන අනුභව කළේය. මේ තත්ත්වය දෙස ඇස දල්වාගෙන සිටි සිසුවියක් තම ගුරුවරයා වෙත එළඹ සිතට ධෛර්යය උපදවාගෙන ඒ ගැන ඇසුවාය.

    "ඇයි සර්; කෑම ගෙනාවේ නැද්ද?"

    "නෑ දුව.... එහෙම කෑම අරන් එන්න තරම් පරිසරයක් අපේ ගෙදර නැහැ" ඔහු කියත්ම හැඟුම්බරවූ සිසුවිය "අනේ සර් .. සර් මොකුත් හිතන්නෙ නැත්නම් මම සර්ට හැමදාම කෑම එකක් ගෙනත් දෙන්නම්" යි ප්‍රතිඥාවක් දුන්නාය.

    තමා කෙරේ මේ තරම් භක්තියක් දක්වන මේ හුරුබුහුටි තරුණිය ගැන මහාචාර්යවරයා තුළ ඇතිවූ පැහැදීම

    කෙමෙන් ඇල්මක් බවට පත්විය. සිසුවිය තුළ ද තම ගෞරවණීය ඇදුරුතුමා කෙරේ මඳින්'මද මෝරා එන ආදරයක් වැනි හැඟීමක් ඇති වීමට වැඩිකල් ගියේ නැත. දෙදෙනා පෙම්වතුන් බවට පත් වූයේ නොයෙක් කඩොලු කතා පිරිවරාගෙනය. මනැස් ඇතුළත පමණක් ‍මෝරා ආ ප්‍රේමය ශාරීරිකවත් ප්‍රකාශ වන්නට වූයේ නොදැනුවත්වමය. තරුණ සිසුවිය තම පෙම්වත් මහැදුරා සමඟ ගත කොට පැමිණෙන හැම විටකම ඇගේ ඇඳුමේ, පැළඳුමේ, මහුණේ දිස්වූයේ පෙම්වතකුගේ ආදරණීය තුරුළක සිටි අනුරාගී පෙම්වතියක තුළ ආවේනිකව දැකිය හැකි ලකුණුය. මේ පුවත මහාචාර්යවරයාගේ ස්ත්‍රී විමුක්තිවාදී බිරිඳට ආරංචිවූයේ නොවැළැක්විය හැකි ලෙසය. අවාසනාවකට මෙන් ඇය ස්ත්‍රී විමුක්තිය ගැන කථා කළද මේ සිද්ධියේ දී ඒ තරුණියට විමුක්තිය දීමට ඉදිරිපත් වූයේ නැත.

    " ඕකි මගෙන් බේරිලා යන්නේ නෑ" යි ඇය පාරම් බෑවාය.

    මහාචාර්යවරයාගේ බිරිය අසරණ තරුණිය මුණ ගැසී ඇගේ කෙහෙවල්ලෙන් ඇද පහරදුන්නේ ස්ත්‍රී හිංසනය ගැන දෙසාබාන මුවින් අසභ්‍යවචනද පිටකරමිනි. මේ සියල්ල දෙස බලාසිටි මහාචාර්යවරයා සිය බිරිඳගේ මුහුණටම මතු දැක්වෙන ප්‍රකාශය කළේ තමාට අයත් පොත් පත් හා අනෙකුත් ද්‍රව්‍ය ඇසුරුම් කරන අතරේය.

    "ඔයා කීවා ගැණුයි; පිරිමියි සමානයි කියලා. ඒත් ඒ දෙවර්ගය වෙනස්. මේ ජීව ලෝකයේ ඒ දෙවර්ගය මවලා තියෙන්නේ උනුන්ට ආදරය කරන විදිහටයි. අන්න ඒ කාරණේදී ගැහැනිය තුළ ඇයට ආවේණික ශාරිරික විලාසයක්, ගතිගුණ සමුදායක් මැවෙනවා. පිරිමියා තුළත් එහෙමයි. එතනදී එකෙක් අනෙකාට හිංසා නොකර අහිංසක විදිහට එකි'නෙකා බැ‍ඳෙන්න ඕනෑ. තමන්ට ආවේනික තත්ත්වය කෘත්‍රිමව වෙනස් කරන්න හොඳ නෑ. මට හම්බ වුණු ගැණු ළමයාගෙන් මම නියම ස්ත්‍රිය දැක්කා. ඉතින් එයාට හිංසා කරන්න එපා! එයා එක්ක ජීවත් වෙන්න මට ඉඩ දෙන්න.
     

    Chira1

    Well-known member
  • May 30, 2017
    1,106
    379
    83
    මහාචාර්යවරයා අත්තනායක එම්. හේරත්ද?:confused:
     

    Spade VII

    Well-known member
  • Dec 6, 2013
    471
    251
    63
    sri lanka
    ඔය කියන මහාචාර්ය වරයා අපේ දේශනයකට සම්බන්ද කර ගන්න දවසක් ෆෝන් කරා ගෙදරට. ගැහැණු කෙනෙක් ගත්තේ. සර් ඉන්නවද කියල ඇහුවම එය දැන් වෙන පවුලක් එක්ක ඉන්නේ, කියල සැරෙන් කිව්වා.
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,785
    113
    හෙල බිමේ
    ඔය කියන මහාචාර්ය වරයා අපේ දේශනයකට සම්බන්ද කර ගන්න දවසක් ෆෝන් කරා ගෙදරට. ගැහැණු කෙනෙක් ගත්තේ. සර් ඉන්නවද කියල ඇහුවම එය දැන් වෙන පවුලක් එක්ක ඉන්නේ, කියල සැරෙන් කිව්වා.

    උඩ නම තියෙන එක්කෙනානේ..?
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ඔය කියන මහාචාර්ය වරයා අපේ දේශනයකට සම්බන්ද කර ගන්න දවසක් ෆෝන් කරා ගෙදරට. ගැහැණු කෙනෙක් ගත්තේ. සර් ඉන්නවද කියල ඇහුවම එය දැන් වෙන පවුලක් එක්ක ඉන්නේ, කියල සැරෙන් කිව්වා.

    :baffled::rofl:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඕකට වෙන්න ඇති මේක ලියල තියෙන්නේ

    Hanthana-Sihine-WD-Amaradeva-n-Umariya.jpg
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,017
    35,954
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඔය කියන මහාචාර්ය වරයා අපේ දේශනයකට සම්බන්ද කර ගන්න දවසක් ෆෝන් කරා ගෙදරට. ගැහැණු කෙනෙක් ගත්තේ. සර් ඉන්නවද කියල ඇහුවම එය දැන් වෙන පවුලක් එක්ක ඉන්නේ, කියල සැරෙන් කිව්වා.

    අම්මෝ යකෝ.. වික්ටර්ගෙ කට්ටිය...