මහාචාර්ය මහාලිංගම්
මීට දසක හතරකට නැතිනම් පහකට පමණ පෙර යාන්ත්රි ක විද්යාfව පිළිබඳව ආචාර්ය උපාධිය ලබා පේරාදෙණිය විශ්වවිද්යා ලයේ ඉංජිනේරු පීඨයට අනුයුක්‌තව සේවය කළ අති දක්ෂඋ තරුණ ඉංජිනේරුවරයකුට ලෝකයේ සුප්රිකට, එංගලන්තයේ ඇව්රෝ ගුවන් යානා නිෂ්පාදන සමාගමෙන් කැඳවීමක් ලැබිණි. ලංකාවත් එක්‌සත් රාජධානියත් අතර වූ රාජ්යල තාන්ත්රියක සබඳතා හරහා සිදුවූ ඉතා ඉහළ මට්‌ටමේ කැඳවීමක් සේ, මේ පිළිබඳව, අපට සටහන් තැබිය හැක.
නිමිත්ත වූයේ ඒ කාලයේදී 'ඇව්රෝ' ගුවන්යානා නිෂ්පාදනය කරන සමාගම මුහුණදී තිබූ, දැවැන්ත ගැටලුවකට පිළියම් සෙවීමට අන් මඟක් නොමැති වූ කල, එම සමාගමේ බලධාරීහු ශ්රීට ලංකාව නමැති රම්යල දිවයිනේ ජීවත් වූ ප්රීඥවන්තයකුගේ පිළිසරණ සොයා යැමයි.
මේ ප්රවඥවන්තයා අන් කවරකු හෝ නොව දැනට, ජීවතුන් අතර සිටින වයෝවෘද්ධතම ඉංජිනේරු මහාචාර්යවරයා වන, පේරාදෙණිය විශ්වවිද්යාොලයේ ඉංජිනේරු පීඨයේ හිටපු මහාචාර්ය මහාලිංගම් මහතාය. මහනුවර මුල්ගම්පොල ප්ර දේශයේ ජීවිතයේ සැඳෑ සුවය විවේකීව ගත කරන මහාචාර්ය මහාලිංගම් මහතා එදා එක්‌සත් රාජධානියේ ඇව්රෝ සමාගම වෙත පියාඹා ගියේ ඔවුන් විසින් නිෂ්පාදනය කරනු ලබන ඇව්රෝ ජෙට් යානා ඇන්ජින්වල හටගෙන තිබූ යාන්ත්රිාක දොaෂයකට පිළියම් සෙවීමටය. ලෝකයේ විශිෂ්ටතම යාන්ත්රි ක ඉංජිනේරුවන්ගේ තියුණු පරීක්ෂානවට ලක්‌වූයේ නමුදු රෝග නිධානය සෙවීමට අපොහොසත් වූ ඇව්රෝ ජෙට් ඇංජිමේ එන දෙදරීම (VIBRATION) සොයා ගැනීමත්, ඊට ස්‌ථිර පිළියමක් යෙදීමත් එදා අපේ යාන්ත්රිඉක ඉංජිනේරු මහාචාර්ය මහාලිංගම් වෙත පැවරී තිබුණ අභියෝගයයි. සුද්දන් විසින් අතහරිනු ලැබ තිබූ මෙම දැවැන්ත අභියෝගය දැඩි ආත්ම විශ්වාසයකින් යුතුව භාර ගත් අපේ මහාචාර්යතුමා, අවසානයේදී ඇව්රෝ සමාගම ම, මවිත කරවමින් ඇව්රෝ ජෙට් ඇංජිමේ දෙදරීම නිට්‌ටාවටම සුවපත් කළේය.
ඇව්රෝ ජෙට් ඇංජින් නිෂ්පාදනය බෙහෙවින් ම අනතුරුදායක අඩියකට වැටී තිබූ අවස්‌ථාවක, මේ ප්රරඥා සම්පන්න ශ්රීට ලාංකික ඉංජිනේරුවරයා පෑ දක්ෂිතාව පිළිබඳව මහත් සේ පැහැදුණු එක්‌සත් රාජධානිය, අපගේ මහාචාර්යතුමාගෙන් අයෑද සිටියේ, එතුමා කැමැති ඕනෑම වරයක් ඉල්ලා සිටින ලෙසය. මේවා අතර, තම රටේ පුරවැසිකම, ඇව්රෝ සමාගමේ ඉහළම තනතුරක්, යාන වාහන ඇතුළු සියලු සැප සම්පත්ද එසේ යෝජනා කෙරිණ. එහෙත් අපගේ මේ ශ්රේහෂ්ඨ මහාචාර්යතුමා ඔවුන්ගෙන් ඉල්ලා සිටියේ, එකම එක දෙයකි. ඒ පේරාදෙණිය විශ්වවිද්යා ලයේ ඉංජිනේරු පීඨයේ ශිෂ්යත ප්රෙජාවගේ ප්රැයෝජනය පිණිස තමන් හට ඇව්රෝ ජෙට් ඇංජිමක් ලබා දෙන ලෙස. ඉල්ලීම එසැණින්ම ඉටු වූයේ ඉහළම ගෞරවයද සහිතවය. මෙම ලිපිය කියවන ඔබ, ඒ අභිමානනීය පේරාදෙණිය විශ්වවිද්යා ලයේ, ඉංජිනේරු පීඨයට ගොඩ වැදීමට කිසියම් අවස්‌ථාවක භාග්යකය ලද හොත්, ඉංජිනේරු පීඨයේ අති දැවැන්ත පෝටිකෝව තුළින්, එහි ආලින්දයට ගොඩ වූ විගසින්ම, ඔබේ නෙතු ගැටෙන්නේ එදා එංගලන්තයේ ඇව්රෝ සමාගමෙන් මහාචාර්ය මහාලිංගම් ට ලැබුණු එකී ජෙට් ඇංජිමයි. එහෙත් මේ යෝධ ජෙට් ඇංජිම පසුබිමේ ඇත්තේ සැබැවින්ම, වර්තමානයේ කිසිවකුට හෝ අදහාගත නොහැකි ආශ්චර්යවත් කතාවකි. ස්‌වාර්ථය ඉදිරියෙන්ද, මාතෘ භූමිය දෙවැනි හා තුන්වැනි ස්‌ථානයේ ද තබමින්, ඕනෑම අශිෂ්ට වැඩක්, රුපියල් ශත, ඩොලර්, පවුම්, යුරෝ වෙනුවෙන් ඉටුකිරීමට සැදී පැහැදී සිටින ඊනියා බුද්ධිමතුන් ගෙන් කිසිදු අඩුවක් නැති මේ යුගයේ මිනිසුන්ට සැබැවින්ම මේවා සුරංගනා කතා නොවේද? නැතිනම් ඔවුනට අනුව මහාචාර්ය මහාලිංගම් යනු පට්‌ට මෝඩයෙකි.
උපුටා ගැනීම - දිවයින online edition
ජයන්ත විජේසිංහ(මෙය සම්පුර්න ලිපිය නොවන අතර කොටසක් පමනි)